අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන්, (ඉංග්‍රීසි: Roshan Ranasinghe; උපත 24 ඔක්තෝබර් 1975) හෙවත් රොෂාන් රණසිංහ, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු මෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි. ඒ මහතා 2022 මැයි මස 23 වැනිදා සිට 2023 නොවැම්බර් මස 27 වැනිදා දක්වා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සහ වාරිමාර්ග අමාත්‍ය ලෙස කටයුතු කළේය. ඔහු 2010 සිට 2024 දක්වා අඛණ්ඩව පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය.
ගරු රොෂාන් රණසිංහ | |
|---|---|
| ரோஷன் ரணசிங்க Roshan Ranasinghe | |
| මව්බිම ජනතා පක්ෂයේ සභාපති | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 2 ඔක්තොම්බර් 2024 | |
| උප සභාපති | චන්න ජයසුමන |
| පක්ෂ නායකයා | දිලිත් ජයවීර |
| පූර්වප්‍රාප්තිකයා | තනතුර පිහිටුවා ඇත |
| ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය | |
| තනතුර දරමින් 23 මැයි 2022 – 27 නොවැම්බර් 2023 | |
| ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |
| අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ දිනේෂ් ගුණවර්ධන |
| පූර්වප්‍රාප්තිකයා | තේනුක විදානගමගේ |
| අනුප්‍රාප්තිකයා | හරීන් ප්‍රනාන්දු |
| වාරිමාර්ග අමාත්‍ය | |
| තනතුර දරමින් 23 මැයි 2022 – 27 නොවැම්බර් 2023 | |
| ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |
| අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ දිනේෂ් ගුණවර්ධන |
| පූර්වප්‍රාප්තිකයා | ජානක වක්කුඹුර |
| අනුප්‍රාප්තිකයා | පවිත්‍රා වන්නිආරච්චි |
| පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී | |
| තනතුර දරමින් 22 අප්‍රේල් 2010 – 24 සැප්තැම්බර් 2024 | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 24 ඔක්තෝබර් 1975 ශ්‍රී ලංකාව |
| දේශපාලන පක්ෂය | මව්බිම ජනතා පක්ෂය |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | සර්වජන බලය (2024 - වර්ථමානය) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (2018 - 2024) ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය (2020 - 2022) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (2018ට පෙර) |
| රැකියාව | ව්‍යාපාරිකයා |
රොෂාන් රණසිංහ මහතා 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර ඡන්ද 4,205ක් ලබා ගෙන දිවයිනේ 30 වැනි ස්ථානයට පත්විය.
2024 ඔක්තෝබර් 2 වැනිදා ඔහු මව්බිම ජනතා පක්ෂයට එක්විය. ඒ අවස්ථාවේදී මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර ඔහුව එම පක්ෂයේ සභාපති ලෙස පත් කළේය.