සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ශ්‍රී විද්‍යාව (සංස්කෘත: श्रीविद्या) යනු ත්‍රිපුර සුන්දරී දේවිය ප්‍රමුඛ කොට පවතින අර්ධ තාන්ත්‍රික හින්දු උපාසන පද්ධතියකි. පුළුල් සාහිත්‍යයක් සහිත මෙම විද්‍යාව ත

ශ්‍රී විද්‍යාව

  • මුල් පිටුව
  • ශ්‍රී විද්‍යාව

ශ්‍රී විද්‍යාව (සංස්කෘත: श्रीविद्या) යනු ත්‍රිපුර සුන්දරී දේවිය ප්‍රමුඛ කොට පවතින අර්ධ තාන්ත්‍රික හින්දු උපාසන පද්ධතියකි. පුළුල් සාහිත්‍යයක් සහිත මෙම විද්‍යාව තුළ බෞතික සහ ආධ්‍යාත්මික සමෘද්ධිය යන අංශ දෙක කෙරෙහිම අවධානය යොමු කෙරේ. ප්‍රධාන වශයෙන් ශක්තී ධර්මය තුළ දී දේවීය උත්තරීතර වන අතර ඇයගේ සත්තාව සමස්ථ විශ්වය ඉක්මවා යයි. ශ්‍රී විද්‍යාව සාධනා කිරීමේ මූලික පරමාර්ථය වන්නේ මනුෂ්‍යයා තුල පවතින ඇයගේ ශක්තිය අවබෝධ කරගනිමින් එය අවධි කිරීමයි. ඇයව අවබෝධ කරගැනිමේ මෙම දැනුම් පද්ධතිය ගුරුවරයාගේ සිට ඔහුගේ ශිෂ්‍යයාට ශික්ෂා මාර්ගයෙන් ලබා දෙනු ලැබේ. ශ්‍රී විද්‍යාවේ සමහර ආකාර ආදි ශංකරගේ අද්වෛත දර්ශනයට පටහැනි වුවද, ඉන්දියාවේ සමහර ප්‍රදේශවල, එය ආදි ශංකරට පෙර පැවති අද්වෛත ධර්මයන්ගෙන් ආරම්භ වූ බව විශ්වාස කෙරේ.

ශ්‍රී යන්ත්‍රයේ ත්‍රිමාන හැඩය වන මේරු චක්‍රය

ත්‍රිපුර සුන්දරී දේවිය වන්දනා කරනු ලබන්නේ ත්‍රිකෝණ නවයකින් සමන්විත අද්භූත මණ්ඩලයක් වන ශ්‍රී යන්ත්‍ර මණ්ඩලය ඔස්සේය. මේරු චක්‍රය යනු පාෂාණ ස්ඵටික හෝ ලෝහ වලින් සාදා ඇති මෙහි ත්‍රිමාන ආකාරයකි. මන්ත්‍ර දෙවියන්ගේ, ගුරුගේ සහ ආරම්භයේ එකමුතුව හෝ ශබ්ද අක්ෂරය හෙළි කරන බව විශ්වාස කෙරේ. ආධුනිකයන්ට දෙන පළමු මන්ත්‍රය බාල ත්‍රිපුර සුන්දරී මන්ත්‍රයයි. මෙහිදී දෙවඟන කුඩා දරුවෙකු ලෙස දර්ශනය වේ. මීළඟ මට්ටමේ මන්ත්‍රය වන්නේ අකුරු පහළොවකින් යුත් පංචදශී හෙවත් පංචදශාක්‍ෂරී මන්ත්‍රයයි. උසස්ම මන්ත්‍රය වන්නේ අකුරු දහසයකින් යුත් ෂෝඩසි හෝ ෂෝඩශාක්‍ෂරී මන්ත්‍රයයි.

ප්‍රධාන ග්‍රන්ථයන්

  • ත්‍රිපුරා රහස්‍ය
  • සෞන්දර්යය ලහරී
  • ලලිතොපාඛ්‍යාන
  • ප්‍රපංචසාර
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 29, 2026

    අටමස්ථානය

  • අප්‍රේල් 04, 2026

    Hebrew language

  • මාර්තු 31, 2026

    පටිච්චසමුප්පාදය

  • අප්‍රේල් 05, 2026

    බඹරු ඇවිත්

  • අප්‍රේල් 04, 2026

    විශිෂ්ට පරිමාව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට