සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සිකුරු හතේ යනු 2007 වර්ශයේ තිරගත කරන ලද සිංහල විනෝදාත්මක චිත්‍රපටියකි. මෙය ගිරිරාජ් කෞශල්‍ය විසින් අධ්‍යක්ශණය කරන ලද අතර මෙහි ප්‍රධාන චරිතය වන මංගල ජය කපු මහතාග

සිකුරු හතේ

  • මුල් පිටුව
  • සිකුරු හතේ

සිකුරු හතේ යනු 2007 වර්ශයේ තිරගත කරන ලද සිංහල විනෝදාත්මක චිත්‍රපටියකි. මෙය ගිරිරාජ් කෞශල්‍ය විසින් අධ්‍යක්ශණය කරන ලද අතර මෙහි ප්‍රධාන චරිතය වන මංගල ජය කපු මහතාගේ චරිතය විජය නන්දසිරි විසින් නිරූපණය කරයි.

සිකුරු හතේ
අධ්‍යක්‍ෂණයගිරිරාජ් කෞෂල්‍ය
රචනයගිරිරාජ් කෞශල්‍ය
තිර රචනයගිරිරාජ් කෞශල්‍ය
කතාවස්තුවගිරිරාජ් කෞශල්‍ය
නිශ්පාදනයනිව් ඉම්පීරියල් ටෝකීස් (හාන්ස් ඇන්ටන් වැන්ටරෙක්ස්)
සිනෙමාරූපණයරුවන් කොස්තා
සංස්කරණයරවීන්ද්‍ර ගුරුගේ
අජිත් රාමනායක
සංගීතයතරුපති මුණසිංහ
නිෂ්පාදන
company
දි වීඩියෝ ටීම්
නිකුත්වූ දිනය
  • අගෝස්තු 16, 2007 (2007-08-16)

කතාව

මංගල ජය යනු කපු මහතෙකි. ඔහු මූලිකත්වය ගෙන කරන ලද විවාහයන් බොහෝමයක් අසාර්ථක වී ඇත. මංගල ජය බීමතට ඇබ්බැහි වූවෙකි. ඔහුගේ බිරිඳ නිතරම ඔහුට බැන වදියි. විවාහ වන වයසේ සිටින ඔහුගේ දියණියටද සහකරුවෙක් තාම නැත. මේ පිලිබඳව ඔහුගේ බිරිඳ විමසන විට ඔහු නිතරම ඒකිගේ සිකුරු හතේ යැයි පවසයි. දිනක් මොහු විසින් විවාහ කිරීමට නියමිත යුවතියකගේ කොල්ලා ඇතුලු පිරිසක් පැමිණ මොහුට තර්ජනය කිරීමට යාමේදි පොලිස් නිලධාරියෙකු මොහුව බේරාගැනේ. මංගල ජය ට පොලිස් නිලධාරියාට කෑම බීම අරන් දීමට සිදුවෙයි. පොලිස් නිලධාරියා මංගල ජයට තම පොලිස් ලොක්කාගේ දියණියට කටයුත්තක් සිදු කරදීමේ වැඩේ බාර දෙයි. මංගල ජය මේ සඳහා තමන්ට කලින් හමුව තිබූ පොහොසත් පවුලක තරුණයෙක් මේ සඳහා යෝජනා කරයි. දෙපිරිසම වැඩේට කැමතිවෙයි. මෙම තරුණයා බලාපොරොත්තු වන්නේ ශීලාචාර අහිංසක ගැහැණු ළමයෙකි. නමුත් පොලිස් ලොක්කාගේ දි‍යණිය තරමක් සංකර තරුණයකි. මංගල ජය මේ බව තරුණයාට වසන් කරයි.

නමුත් තරුණයා දිනක් නාන තටායක අශීලාචාර ලෙස හැසිරෙන මෙම තරුණය දැක තමන්ව රැවටුවේ ඇයිදැයි අසයි. ඇය පවසන්නේ තමන් කිසිත් නොදන්නා බවත් මංගල ජය මේවා සැලසුම් කල බවත්ය. තරුණයා තුවක්කුවක් රැගෙන මංගල ජය ගේ නිවසට පැමිණ ඔහුට බැන වදියි. මංගල ජය සැඟවී සිටින අතර ඔහුගේ දියණිය පැමිණ තරුණයා ව අස්වසා ලයි. තරුණයා සංසුන් වී අවසානයේ කපු මහතාගේ දියණිය විවාහ කරගැනීමට කැමති බව පවසයි.

රංගනය

  • විජය නන්දසිරි
  • අයිරාංගනි සේරසිංහ
  • ටෝණී රණසිංහ
  • වීණා ජයකොඩි
  • සුසිලා කෝට්ටගෙ
  • සුරාජ් මාපා
  • අනර්කලී ආකර්ෂා
  • රොඩ්නි වර්ණකුල
  • හිමාලි සයුරංගි
  • ඇන්ටන් ජූඩ්
  • ප්‍රියන්ත සෙනෙවිරත්න
  • හේමන්ත ඊරියගම
  • බන්දුල විජේවීර
  • ගිරිරාජ් කෞෂල්‍ය
  • ලාල් කුලරත්න
  • සරත් කොතලාවල
  • ඉන්දික පර්ඩිනැන්ඩු
  • කුමාර තිරිමාදුර
  • ආනන්ද අතුකෝරල
  • ලක්ෂ්මී දමයන්ති
  • නිල්මිණි තෙන්නකෝන්
  • උපතිස්ස බාලසූරිය
  • ජීවන් හඳුන්නෙත්ති
  • මිහිර සිරිතිලක
  • වසන්ත විට්ටච්චි
  • විපුල විතානගමගේ
  • කුමාර ලියනගේ

ගීතයන්

  • ගීත ප්‍රබන්ධය - බණ්ඩාර ඇහැලියගොඩ, කැළුම් ශ්‍රීමාල්, ගිරිරාජ් කෞශල්ය
  1. නිලට නිලේ නිල් කැටේට - කසුන් කල්හාර, උරේෂා රවිහාරි
  2. සමන්මලී මගේ මලී - රොඩ්නි වර්ණකුල
  3. ඉරහඳ දෙපසේ නම් - සුනිල් පෙරේරා, බන්දුල විජේවීර
  • ගී තනු නිර්මාණ - රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ, තරුපති මුණසිංහ
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 09, 2026

    සිංහල දිනදසුන

  • අප්‍රේල් 04, 2026

    Luxembourgish language

  • අප්‍රේල් 03, 2026

    අභය රජ

  • අප්‍රේල් 08, 2026

    බ්‍රහ්මජාල සූත්‍රය

  • අප්‍රේල් 08, 2026

    විලයන එන්තැල්පිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට