සරත් කොතලාවල (උපත 1957 අගෝස්තු 09) යනු ශ්‍රී ලාංකේය සිනමාවේ නළුවෙක්, අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකයෙක් සහ තිර රචකයෙකි. ඔහු, කුමාර තිරිමාදුර සමඟින්, තන්හා රතී රඟා චිත්‍රපටිය සඳහා 2014 වසරේ දෙරණ ලක්ස් චිත්‍රපට සම්මාන උලෙළේ හොඳම තිර රචනයට හිමි සම්මානය දිනා ගත්තේ ය.
සරත් කොතලාවල Sarath Kothalawala | |
|---|---|
| උපත | 1957 අගෝස්තු 9 (වයස 67) මොරටුවැල්ල |
| වෘත්තියs | නළුවා, අධ්‍යක්ෂක, නිෂ්පාදක, තිර නාටක රචකයා |
| සක්‍රීය වසර | 1991-වර්තමාන |
| Spouse | පුෂ්පා සමන්මලී |
| දරුවන් |
|
| Awards | හොඳම නළුවා හොඳම තිර රචකයා |
පෞද්ගලික ජීවිතය
ඔහුගේ පියා ව්‍යාපාරිකයෙකු වූ අතර මව රබර් වත්තක රබර් එකතු කරන්නියක් ලෙස සේවය කළා ය. ඔහු විවාහ වී සිටින්නේ පුෂ්පා සමන්මලී සමඟ වන අතර ඔවුන්ට ඉසුරි සංදීපනී යන එක් දියණියක් සහ ඉසුරු මනුෂ පුතෙක් සිටී.
වෘත්තීය
කොතලාවල මුලින්ම පෙනී සිටියේ ජයලාල් රෝහණ අධ්‍යක්ෂණය කළ දිරිය කඩැල්ල වීදි නාට්‍යයේය. නාට්‍යයේ රඟපාන අතරතුර ඔහුට ඔහුගේ ගුරුවරයා වූ ෂෙල්ටන් පයාගල මුණගැසුණු අතර ඔහු පැවසූ පරිදි වේදිකා නාට්‍ය සහ අනෙකුත් නාට්‍ය කටයුතු සඳහා ඔහුව යොමු කළේය. නාට්‍ය ක්ෂේත්‍රයේ පැති අධ්‍යයනය කිරීමට ඔහුට වසර 15ක් ගත විය.
කොතලාවල වේදිකා නාට්‍ය 80කට පමණ රංගනයෙන් දායක වී ඇති අතර එහිදී වේදිකා නාට්‍ය රැසක් අධ්‍යක්ෂණය කර ඇත. ඔහුගේ ජනප්‍රියම වේදිකා නාට්‍ය අතර සූකරයක් සමඟ, නරි බුරති 1, 2,ගබ්බර මිනිත්තුවගුටිකමට නියමයිමැන්ඩෙලා මැන්ඩෙලා,එක සක්කුවේ, කෝ කුක්කෝ, ජයසිරිට පිස්සු සහ චරිතය හොරු අරන්.
කොතලාවල සිය සිනමා ජීවිතය ආරම්භ කළේ 1998 දී ලින්ටන් සේමගේ අධ්‍යක්ෂණය කළ පාදඩය චිත්‍රපටියෙනි. ඒ හරහා ඔහු බොහෝ නාට්‍යමය චරිත නිරූපණය කළේය. රංගනයට අමතරව ඔහු තන්හා රතී රඟා චිත්‍රපටයේ තිර රචකයා ද විය. මෙම චිත්‍රපටයේ භූමිකාව විචාරකයින්ගේ ඉහළ පැසසුමට ලක් වූ අතර වාණිජමය වශයෙන් ද සාර්ථක විය. ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණය නිවුස් පේපර් හරහා කුමාර තිරිමාදුර සමඟ සම අධ්‍යක්ෂණය 2020 ජුනි 29 දින නිකුත් විය.
රංගනයන්
- 2002 - මගේ වම් අත
- 2004 - සුමේධා
- 2007 - සිකුරු හතේ
- 2008 - රෝස කැලේ
- 2009 - ඩාන්සින් ස්ටාර්
- 2010 - ටිකිරි සුවඳ
- 2011 - සිංහාවලෝකණය
- 2011 - ගාමනි
- 2014 - කෝ මාර්ක් නෝ මාර්ක්
- 2014 - තණ්හා රතී රඟා
- 2018 - කොළඹ සන්නිය
- 2025 - කාසි වාසි
- 2025 - සාරි ගප්පි
- 2025 - වාලම්පුරි හෙවත් හීනහතහමාරක්
- 2025 - එළඳ බ්‍රා
- TDB - කුණා
- TDB - ෆාදර් ( චිත්‍රපටය )
- TDB - චන්දරේගේ වයිෆ්
ටෙලිනාට්‍යය
- අලු බදුන
- අහස් ගංගා
- ඉතින් ඊට පස්සේ
- කුටුකුටු මාමා
- ගග ලග ගෙදර
- පිත්තල කොන්ඩෑරුම
- මිණි මහිම
- මුහුදු මනාලි
- රන්තලිය වලව්ව
- සඳ දියවර
- සිහිනි