සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඇන්ටන් ජූඩ් යනු ශ්‍රී ලංකාවේ සිටි, ජනප්‍රිය චිත්‍රපටි, ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකි.

ඇන්ටන් ජූඩ්

  • මුල් පිටුව
  • ඇන්ටන් ජූඩ්

ඇන්ටන් ජූඩ් යනු ශ්‍රී ලංකාවේ සිටි, ජනප්‍රිය චිත්‍රපටි, ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකි.

ඇන්ටන් ජූඩ්
Anton Jude
උපත
ඇන්ටන් ජූඩ් ගෝමස්

නොවැම්බර් 28, 1960(1960-11-28)
වලව්වත්ත, රත්මලාන, ශ්‍රී ලංකාව
මරණයමාර්තු 19, 2012(2012-03-19) (වයස 51)
රාගම රෝහල, උතුරු කොළඹ ශ්‍රී ලංකාව
අධ්‍යාපනයගල්කිස්ස ශාන්ත අන්තෝනි විද්‍යාලය
වෘත්තියsචිත්‍රපටි, ටෙලි හා වේදිකා නාට්‍ය රංගන ශිල්පී
Spouseමානෙල් විජේසේකර
මව්පියන්ක්ලැරන්ස් ගෝමස් (පියා)

පටුන

මුල් අවදිය

1960 වසරේ නොවැම්බර් 28 වැනිදා රත්මලානේදී උපත ලැබූ ජූඩ් මහතා දරුවන් හතර දෙනෙකුගෙන් යුත් ඔහුගේ පවුලේ වැඩිමහල් දරුවා විය. ඔහු ගල්කිස්ස ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් සිය අධ්‍යාපන කටයුතු නිමවන ලදී.

වෘත්තිය දිවිය

1978 වසරේදී Sashi Quintes ගේ සුදු හත්තක් වේදිකා නාට්‍යයේ රඟමින් සිය රංගන දිවිය ඇරඹූ ජූඩ් මහතා, ඉන්පසුව දිගටම රංගන ක්ෂේත්‍රයේ රැඳෙමින් විවිධ කලා නිර්මාණ සඳහා සිය දායකත්වය ලබා දුන්නේය. බහුබූතයෝ, රන්කෙවිට, නුඹ නාඩන් අපට පිස්සු, සිකුරු හතේ, රෝස කැලේ, එතුමයි මෙතුමයි ඔහු විසින් රංගන දායකත්වය ලබා දුන් චිත්‍රපට කිහිපයක් වේ.

ඔහු විසින් රඟපෑ ටෙලිනාට්‍ය ලෙස පුංචි රාළ, සබඳ පබිලිස්, සකිසඳ එලියස් යන ඒවා හැඳින්විය හැක. ඔහු විසින් ගායනා කල ගීතයක් වූ ‘ආයිස් අම්මා ගුණ්ඩූ (උන පුරුකේ බලු වලිගේ) එකල ප්‍රේක්ෂක ජනයා අතර අතිශය ජනප්‍රිය විය.

මරණය

2012 මාර්තු 19 වන දින සවස, ඇතිවූ හදිසි තත්වයක් හේතුවෙන් රාත්‍රී 11.20 පමණ ජූඩ් මහතාව රාගම මහරෝහල වෙත රැගෙන ගියත්, රෝහලට ඇතුලත් කරන විට ඔහු මියගොස් සිටි බව සඳහන් වෙයි. මිය යන විට ඔහු සුනිල් අරුණසිරිගේ වීරයා නම් චිත්‍රපටිය සඳහා කැළණියේ තිබූ රූගත කිරීම් වලට සහභාගීව සිටි බව පැවසේ.

ඔහුගේ අවමංගළ්‍ය කටයුතු 2012 මාර්තු 22 වන දින, කොළඹ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකරන ලදී.

රංගනයන්

චිත්‍රපට

  • නාන කාමරේ
  • රන්කෙවිට
  • නුඹ නාඩන් අපට පිස්සු
  • [[වන් ෂොටී
  • සිකුරු හතේ
  • රෝස කැලේ
  • එතුමයි මෙතුමයි
  • ලීඩර්
  • මගෝ ඩිගෝ ඩයි
  • සුපර් සික්ස්
  • ජීවිතේ ලස්සනයි
  • බහුබූතයෝ

වේදිකා නාට්‍ය

  • මී පුරවැසියෝ
  • සුදු හත්තක්
  • සාරංගා නැවෙන් ඇවිත්

ටෙලිනාට්‍ය

  • තරු පිරි අහස
  • රන් සමනලයෝ
  • සකිසඳ සුවාරිස්
  • සබඳ පබ්ලිස්
  • සුන්දර චන්දරේ

ආශ්‍රිත

  1. "ඇන්ටන් ජූඩ් පාසස් එවේ". Adaderana.lk. 2012-03-20. සම්ප්‍රවේශය 2013-01-30.
  2. "පොපියුලර් ඇක්ටර් ඇන්ටන් ජූඩ් ඩයිස් | බ්‍රීකිං නිව්ස්". Dailymirror.lk. 2012-03-20. සම්ප්‍රවේශය 2013-01-30.
  3. "සිලෝන් ටුඩේ | ඇන්ටන් ජූඩ් පාසස් එවේ". Ceylontoday.lk. 2012-03-20. සම්ප්‍රවේශය 2013-01-30.
  4. "ශ්‍රී ලංකා නිව්ස් | ඔන්ලයින් එඩිෂන් ඔෆ් ඩේලි නිව්ස්- ලේක්හවුස් නිව්ස්පේපර්ස්". Dailynews.lk. 2012-03-21. සම්ප්‍රවේශය 2013-01-30.
  5. "ඩේලි ලංකාදීප ඊ-පේපර්". Epaper.lankadeepa.lk. සම්ප්‍රවේශය 2013-01-30.
  6. "ඇන්ටන් ජූඩ් අ ග්‍රේට් ලොස්ට් ටු ආර්ට්ස් ඇන්ඩ් සිනෙමා". Sundaytimes.lk. සම්ප්‍රවේශය 2013-01-30.
  7. සංරක්ෂිත පිටපත, http://www.nation.lk/edition/breaking-news/item/4084-popular-artist-anton-jude-passes-away.html, ප්‍රතිෂ්ඨාපනය 2014-04-22 
  8. "අ ට්‍රිබියුට් ටු ඇන්ටන් ජූඩ් | ලංකා හෙල්ප් මැගසින්". Magazine.lankahelp.com. 2012-03-23. සම්ප්‍රවේශය 2013-01-30.
  9. "ලාස්ට් ජර්නි ඔෆ් ඇන්ටන් ජූඩ් | ඒෂියන් මිරර්". Asianmirror.lk. 2012-03-22. සම්ප්‍රවේශය 2013-01-30.
  10. "පොපියුලර් ඇක්ටර් ඇන්ටන් ජූඩ් නෝ මෝර් | ද සන්ඩේ ලීඩර්". Thesundayleader.lk. 2012-03-20. සම්ප්‍රවේශය 2013-01-30.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 20, 2026

    බටහිර විද්‍යාව

  • අප්‍රේල් 05, 2026

    මහා පිපිරුම

  • අප්‍රේල් 06, 2026

    යශෝධා විමලධර්ම

  • අප්‍රේල් 05, 2026

    මුඨසීව රජ

  • අප්‍රේල් 20, 2026

    අභ්‍යවකාශ තරඟය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට