සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

පරිගණක ආධාරයෙන් විවිධ චිත්‍ර නිර්මාණ සකස් කර ගැනීම සදහා භාවිත කරන මෘදුකාංග කාණ්ඩය චිත්‍රක මෘදුකාංග වශයෙන් හඳුන්වයි. මෙහිදී අපට ප්‍රභේද ගණනාවක් හමු වෙයි. මෙම කාණ

චිත්‍රක මාදුකාංග

  • මුල් පිටුව
  • චිත්‍රක මාදුකාංග

පරිගණක ආධාරයෙන් විවිධ චිත්‍ර නිර්මාණ සකස් කර ගැනීම සදහා භාවිත කරන මෘදුකාංග කාණ්ඩය චිත්‍රක මෘදුකාංග වශයෙන් හඳුන්වයි. මෙහිදී අපට ප්‍රභේද ගණනාවක් හමු වෙයි. මෙම කාණ්ඩ කිරීම සිදු වන්නේ එම නිර්මාණය කරන චිත්‍රක සඳහා භාවිත කරන ක්‍රමවෙදයන් ඔස්සේයි. බහුමාධ්‍යය මෘදුකාංග, රූප සංස්කරණ මෘදුකාංග, රාස්ටර් සහ වෙක්ටර් මෘදුකාංග ආදී වශයෙන් ප්‍රභේද පවතී.

Inkscape, Gimp, Scribus, Dia Diagram Editor මෘදුකාංග ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ඔස්සේ ඔබට පෙර නිමියෙන්ම ලබා දෙන අතර නැතිනම් අන්තර් ජාලය ඔස්සේ භාගත කර ගැනීමට ද හැකියාව පවති.

Scribus 1.3 ලිනක්ස් මින්ට් (Linux Mint) මත
Adobe Acrobat 7.0 Professional වයින් මාදුකාංගය භාවිතාකර ඕපන් මැන්ඩ්‍රීවා ලිනක්ස් (OpenMandriva Linux) මත

පටුන

මෘදුකාංග

Inkscape

වෙක්ටර් කාණ්ඩයේ මෘදුකාංගයක් වන මෙමගින් පොත් කවර, පෝස්ටර් වැනි විශාල ප්‍රමාණයේ චිත්‍ර නිර්මාණය කර ගැනීම සඳහා භාවිත කල හැකි මෘදුකාංගයකි. මෙම මෘදුකාංගය Microsoft Windows, Apple Mac OS X හා Linux මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක.

Gimp

ඡායාරූප සංස්කරණය කිරීම සඳහා භාවිත කෙරෙන රාස්ටර් වර්ගයේ මෘදුකාංගයකි. Microsoft Windows, Apple Mac OS X හා Linux මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක.

Scribus

පිටු ගණනාවක් ඇති පොත් සඟරා ආදියෙහි ඇතුලු පිටු සකස් කර ගැනීම සඳහා භාවිත කළ හැකි මෘදුකාංගයකි. මෙම මෘදුකාංගය Microsoft Windows, Apple Mac OS X, BSD, OS/2, UNIX හා Linux මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක.

MyPaint

නිදහස් රේඛාවන් භාවිතයෙන් චිත්‍ර ඇදීම සදහා බාවිත කල හැකි මාදුකාංගයකි. මෙම මෘදුකාංගය Microsoft Windows, Apple Mac OS X හා Linux මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක.

වෙනත්

SmartDraw, Microsoft Visio, StarUML, Dia Diagram Editor, Algorithm Flowchart Editor (AFCE), Pencil, Umbrello, Draw.io, Diagramo වැනි මෘදුකාංග Flowcharts, Network Diagrams, Mind Maps, Project Charts, UML රූප සටහන් ආදිය ඇදීම සඳහා භාවිත කළ හැක.

මීට අමතරව Master PDF Editor, PDFedit, Adobe Reader 9, PDF-XChange Viewer, Foxit Reader, Okular හා Adobe Acrobat Professional, PDF ලිපි සැකසීම, නැරබීම සදහා භාවිතා කල හැක. මේවායින් බොහොමයක් Microsoft Windows, Apple Mac OS X, Android/Linux හා Linux මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක.

තවද චිත්‍ර නිර්මාණය සැකසීමට බහුලව භාවිතා වන Adobe Creative Suite, Apple Mac OS X හා Microsoft Windows මෙහෙයුම් පද්ධති සදහා සහයෝගය දක්වන අතර, CorelDRAW Graphics Suite, Microsoft Windows මෙහෙයුම් පද්ධතිය සදහා සහයෝගය දක්වයි. Adobe Creative Suite හා CorelDRAW Graphics Suite, Linux මත PlayOnLinux හා Wine භාවිතා කර පිහිටුවා ක්‍රියාත්මක කල හැක.

මෙයද බලන්න

  • සජීවීකරණ මෘදුකාංග
  • බහුමාධ්‍ය මෘදුකාංග
  • ඉසුරු ලිනක්ස්

අඩවියෙන් බැහැර පිටු

  • ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට සමාන, ආදේශ Microsoft Windows මෙහෙයුම් පද්ධති මෘදුකාංග
  • ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට සමාන, ආදේශ Microsoft Windows මෙහෙයුම් පද්ධති මෘදුකාංග
  • ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට සමාන, ආදේශ Microsoft Windows මෙහෙයුම් පද්ධති මෘදුකාංග
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 08, 2026

    ස්කන්ධ ක්‍රමාංකය

  • අප්‍රේල් 08, 2026

    යුක්ලීඩ් ජ්‍යාමිතිය

  • අප්‍රේල් 07, 2026

    ස්වර්ණා මල්ලවආරච්චි

  • අප්‍රේල් 11, 2026

    රාජපක්ෂ පවුල

  • අප්‍රේල් 04, 2026

    පළමුවැනි රාජසිංහ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට