සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

බටහිර චාලුක්‍ය අධිරාජ්‍යය විසින් 10වන සිට 12වන සියවස දක්වා බටහිර ඩෙකෑනය සහ දකුණු ඉන්දියාව පාලනය කරන ලදී. මෙම කන්නඩිග රාජවංශය ඇතැම්විටෙක කල්‍යාණි චාලුක්‍ය ලෙස ද

බටහිර චාලුක්‍යයෝ

  • මුල් පිටුව
  • බටහිර චාලුක්‍යයෝ

බටහිර චාලුක්‍ය අධිරාජ්‍යය විසින් 10වන සිට 12වන සියවස දක්වා බටහිර ඩෙකෑනය සහ දකුණු ඉන්දියාව පාලනය කරන ලදී. මෙම කන්නඩිග රාජවංශය ඇතැම්විටෙක කල්‍යාණි චාලුක්‍ය ලෙස ද (කර්ණාටක ප්‍රාන්තයේ වර්තමාන බිදාර් දිස්ත්‍රික්කයේ බාසවකල්‍යාණ් හි පිහිටි එහි රාජ්‍ය අගනුවර වූ කල්‍යාණි අනුව) නැතහොත්, පසුකාලීන චාලුක්‍ය (6වන සියවසේ බදාමියෙහි චාලුක්‍ය රාජවංශයට මෙහි ඇති සම්බන්ධතාව අනුව) ලෙස ද හඳුන්වනු ලැබේ. මෙම රාජවංශය, මෙම නාමයම ඇති වෙනත් රාජවංශයක් වන එහි සමකාලීන වෙංගියෙගි නැගෙනහිර චාලුක්‍යයන්ගෙන් වෙන්කර දැක්වීම උදෙසා බටහිර චාලුක්‍යයන් ලෙස හඳුන්වනු ලබයි. ම්. මෙම රාජවංශයේ පිබිදීමට පෙර, මාන්‍යඛේටයෙහි රාෂ්ට්‍රකූට අධිරාජ්‍යය විසින් සියවස් දෙකකට අධික කාලයක් ඩෙකෑනයේ සහ මධ්‍යම ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ පාලනය ගෙනයන ලදී. 973දී, රාෂ්ට්‍රකූට අධිරාජ්‍යයේ වූ වියවුල් සහගත තත්ත්වය සමඟ, මාල්වා හි පරමාර රාජවංශයේ පාලකයා විසින් එහි අගනුවර ආක්‍රමණය කළ අවස්ථාවේ, රාෂ්ට්‍රකූටයෙහි යටත් රාජ්‍යයක් වූ බීජපූර් හි දෙවන තෛලපා විසින් සිය ප්‍රධානීන් පරාජය කොට මාන්‍යඛේටයේ සිය අගනුවර පිහිටුවී ය. මෙම රාජවංශය මඳ කලෙකින්ම බලවත් වූ අතර, පළමුවන සෝමේශ්වර රජ යටතේ එය අධිරාජ්‍යයක් තෙක් වර්ධනය වූ අතර, එහි අගනගරය කල්‍යාණිය වෙත ගෙනයන ලදී.

බටහිර චාලුක්‍ය අධිරාජ්‍යය
973–1189
බටහිර චාලුක්‍ය අධිරාජ්‍යයේ ව්‍යාප්තිය, ක්‍රි.ව. 1121
බටහිර චාලුක්‍ය අධිරාජ්‍යයේ ව්‍යාප්තිය, ක්‍රි.ව. 1121
තත්ත්වයඅධිරාජ්‍යය
(973 තෙක් රාෂ්ට්‍රකූටයට යටත්ව)
අගනුවරමාන්‍යඛේට, බාසවකල්‍යාණ්
පොදු භාෂා(ව)කන්නඩ, සංස්කෘත
ආගම
හින්දු ආගම
බුද්ධාගම
ජෛන ආගම
රජයරාජාණ්ඩුව
රජ 
• 957 – 997
තෛලපා II
• 1184 – 1189
සෝමේශ්වර IV
ඉතිහාසය 
• ආදිතම වාර්තා
957
• Established
973
• අහෝසි කළේ
1189
Preceded by
Succeeded by
රාෂ්ට්‍රකූට ‍රාජවංශය
හොයිසාල අධිරාජ්‍යය
කාකතීය රාජවංශය
ස්‍යුන (යාදව) රාජවංශය

මේවාත් බලන්න

  • Balligavi
  • චෝළ රාජවංශය
  • කුලෝතුංග චෝළ I
  • රාෂ්ට්‍රකූටයෝ
  • වික්‍රමාදිත්‍ය VI
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    රා (පානය)

  • අප්‍රේල් 12, 2026

    නිහාල් අබේසිංහ

  • අප්‍රේල් 04, 2026

    චාල්ස් ඩාවින්

  • මාර්තු 22, 2026

    ජල චක්‍රය

  • අප්‍රේල් 06, 2026

    ඩෙකෑන් සානුව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට