සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අභයගිරි විහාරය යනු ලක්දිව (වත්මන් ශ්‍රී ලංකාවේ) අනුරාධපුරයේ පිහිටා තිබූ මහායාන, ථෙරවාද සහ වජ්‍රයාන බුදුදහමේ ප්‍රධාන ආරාම සහ අධ්‍යාපන භූමියකි. වර්ථමානයේ එය ලෝකයේ

අභයගිරි විහාරය

  • මුල් පිටුව
  • අභයගිරි විහාරය

අභයගිරි විහාරය යනු ලක්දිව (වත්මන් ශ්‍රී ලංකාවේ) අනුරාධපුරයේ පිහිටා තිබූ මහායාන, ථෙරවාද සහ වජ්‍රයාන බුදුදහමේ ප්‍රධාන ආරාම සහ අධ්‍යාපන භූමියකි. වර්ථමානයේ එය ලෝකයේ වඩාත්ම පුළුල් නටබුන් වලින් එකක් වන අතර ජාතියේ වඩාත්ම පූජනීය බෞද්ධ වන්දනා නගරවලින් එකකි. ඓතිහාසික වශයෙන්, එය විශිෂ්ට ආරාම මධ්‍යස්ථානයක් මෙන්ම, රන්වන් පැහැයෙන් යුත් ලෝකඩ හෝ පිළිස්සුණු මැටි උළු වලින් සෙවිලි කරන ලද විශිෂ්ට ආරාම සහිත රාජකීය අගනුවරකි.

අනුරාධපුරයේ ප්‍රතිසංස්කරණය කරන ලද අභයගිරි දාගැබ (ස්ථූපය)
සමාධි බුදු පිළිමය, කුට්ටම් පොකුණ (නිවුන් පොකුණ) සහ සඳකඩපහණ සහිත අභයගිරිය ආරාම භූමිය

පටුන

ඉතිහාසය

ද්‍රවිඩ ආක්‍රමණ නිසා වළගම්බා රජු පලා යන විට අභයගිරිය පිහිටි ස්ථානයේ සිටි ගිරි නම් නිගණ්ඨයා මහාකළු සිංහලයා පලා යයි යනුවෙන් අපහාස කළ බවත්, නැවත රාජ්‍ය ලබා ගත් විට රජතුමා නිගණ්ඨ දේවාලය කඩා දමා අභයගිරිය සාදා තමාට බැරි කාලයේදි උපකාර වු කුපික්කල මහාතිස්ස හිමියන්ට පුජා කළබවත් තමාගේත් නිගණ්ඨයාගේත් නම් එක් කොට එය අභයගිරි විහාර‍ය යනුවෙන් නම් කළ බවත් මහා වංශයේ සඳහන් වේ. පුරාණයේ උස් බිම් හා පර්වත ආශ්‍රිතව ඉදි කළ විහාරගිරි යන්නෙන් අවසන් කර ඇත. මේඝගිරි, චේතියගිරි, මුහුන්දගිරි, වෙස්සගිරි ආදියේත් ගිරි නිගණ්ඨයන් නොසිටි හෙයින් අභයගිරි යනු අභය රජතුමා උස් බිමක සෑදු විහාරය නිසා නම් වු බව පෙනේ. පස්වැනි සියවස වන විට මෙහි භික්ෂුන් 5000 ක් වැඩසිටි බව අභයගිරි විහාරයේ වැඩසිටි චීන ජාතික පාහියන් හිමියන් සඳහන් කරයි. එසේම හතරවැනි සියවසේදි කිත්සිරිමෙවන් රජ දවස මෙරට ගෙන ආ දළදා වහන්සේගේ භාරකරත්වය හිමි වුයේද අභයගිරියේ පැරණිතම භික්ෂූ කණ්ඩායම වු උත්තර මුලය‍ටයි. අනුරාධපුර යුගයේදි දළදා පෙරහැර පැවතුනේද ඇතුළු නුවර සිට අභයගිරියටයි. ලංකා‍රාමය මෙහි භික්ෂුණි ආරාමයක් විය. වයඹදිග ප්‍රදේශයේ තපෝවනයක් ද විය. 1017 සොළි ආක්‍රමණ නිසා අඩපණ වු අභයගිරිය 1215 මාඝගේ ආක්‍රමණය නිසා වල්වැදි ගියේය.

අභයගිරි විහාරයේ අංග

වන්දනීය ස්ථාන

අභයගිරි දාගැබ

ප්‍රධාන ලිපිය: අභයගිරි දාගැබ
 
අභයගිරි ස්තූපය

මෙය අභයගිරි උත්තර මහා චෛත්‍ය නමින්ද හඳුන්වනු ලබයි.වළගම්බා රජතුමා විසින් මෙම ස්තූපය ඉදිකර ඇත.බුදුන් වහන්සේ සිරිලකට වැඩම කළ පසු සිරිපාදය තැබු ස්ථානයක ස්තූපය ඉදිකර ඇති බවට විශ්වාසයක් වු බව ක්‍රි.ව.411-113 පාහියන් හිමියෝ පවසති. පසු කාලීන ග්‍රන්ථයක් වන සද්ධර්මරත්නාකරයහි සඳහන් වන පරිදි මෙහි සර්වඥධාතු තැන්පත් කළ වෘෂභ‍යෙකුගේ හැඩයෙන් යුතු කරඬුවක් නිදන් කර ඇත.

අභයගිරියේ කුඩා දාගැබ්

අභයගිරි භූමියේ තවත් ස්තූප කීපයක් දක්නට ඇත. ජනවහරේ ඉඳිකටු සෑය නමින් හැඳින්වෙන ප්‍රාසාද ස්තූපය කුඩා ගල්පර්වතයක් මැදි කොට ඉදිකරන ලද්දකි. මෙය පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදය නම් සතූපය හා සමානය. ඇත් පොකුණට බටහිරින් වේදිකාවක් මත තවත් ස්තූපයක් හමු වී ඇත. ඒ හැර තවත් කුඩා ස්තූප දෙකක නටඹුන් හමු වී ති‍බේ.

බෝධි ඝරය සහ සමාධි බුදු පිළිමය

ප්‍රධාන ලිපිය: සමාධි බුදු පිළිමය - අනුරාධපුර

මෙය පිහිටා ඇත්තේද අභයගිරි විහාරයේ පැරණි බෝධිඝරයකයි. ගුප්ත ශෛලියට නිමවා ඇති මෙහි පාද වීරාසන ඉරියව්වෙන්ද දෑත් සමාධි මුද්‍රාවෙන්ද දක්නට ඇත. පිළිමයට පිටුපසින් බෝරුක පිහිටි ආවාටය දක්න‍ට ලැබේ. මෙය ක්‍රි.ව.3-4 කාලයට අයත් වේ. පුරාණයේ මෙය වර්ණ ගන්වා තිබු බවට සළකුණු තවමත් දක්නට ඇත. නේත්‍ර කුහර වල වටිනා ගල් අල්ලා තිබුණි.

භික්‍ෂුන් පරිහරනය කල ස්ථාන

රත්න ප්‍රසාදය

මෙය අභයගිරි විහාරයේ පොහොය ගෙයයි. මෙහි වීදුරු වර්ණ ආලේපිත උළු සෙවිලි කර ඇත.මෙය පස් මහල් ප්‍රාසාදයක් වේ. දැනට දක්නට ලැබෙන නටබුන් ක්‍රි.ව.7-8 සියවසට අයත් යැයි සැළකේ. ලංකාවේ දක්න‍ට ලැබෙන කලාත්මක මුරගල රත්න ප්‍රාසාදය අසල දක්නට ලැබේ. මෙ‍ම මුරගල මුදුනේ මකර තොරණක් ද මකරාගේ මුවින් පිටවන ස්ත්‍රි පුරුෂ යුවලක් ද වේ. එ‍යින් ලෞකික සැපය විනාශයට හේතු වන බව එක් අදහසකි.

ඇත් පොකුණ

භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතා සඳහා මෙම පොකුණ ඉදිකර ඇත. දිග පළල දළ වශයෙන් මීටර් 160*35 කි. ක්‍රි.ව.3-4 සියවස් වලට අයත් වේ. වර්තමානයේ ඇත්පොකුණ නමින් හැඳින් වුවත් බෝධිවංස ගැටපදය අනුව එය හැඳින් වු පැරණි නාමය මාස්පොත පොකුණ විය. ඉහළින් ඇති පෙරමියන් කුලම වැවෙන් හෝ බුන්කුලම වැවෙන් ජලය ගෙන ආ උමං ජලමාර්ග දෙකක් උතුරු පැත්තෙන් ඇත. දකුණු පැත්තෙන්ද මෙයට ජලය ගෙන ආ උමං මාර්ග දක්නට ඇත.

කුට්ටම් පොකුණ

 
කුට්ට්ම්පොකුණ

යුගලයක් වශයෙන් පොකුණු දෙකක් ඇති හෙයින් කුට්ටම් පොකුණ නම් වේ. අභයගිරි විහාරයේ වු මුල හතරින් කපාරාමුලයේ භින්ෂුන්ගේ ජල පහසුව සඳහා කරවන ලද්දකි. පොකුණු දෙකෙහි දිග පළල දළ වශයෙන් මීටර් 40*16 සහ 28*17 වේ.පළමුවන අග්බෝ රජුගේ කළ නිර්මාණයක් ලෙස සැලකේ.පොකුණට එන ජලය කීපවරක් පෙරි එන සේ ගලින් නිම වු බිසෝ කොටුවක් දැකිය හැකිය.ජලය අපවිත්‍ර වු විට පිට කිරිමට කුහරයක් ද දැකිය හැකිය.

සුදස්සන පඨානඝරය

පාංශුකූලික භික්ෂුන් වැඩ හිඳි පඨානඝරය රත්නප්‍රාසාදය පසු කර යන විට වයඹ දෙසින් හමුවේ. මෙය වලගම්බා යුගයට පෙර සිට පැවති බවට සාක්‍ෂි හමු වි තිබේ.

සුවිශේෂී කලා නිරිමාණ

අභයගිරි සඳකඩපහණ

 
සඳකඩපහණ

අනුරාධපුරයේ සුප්‍රසිද්ධ සඳකඩපහණ පිහිටා ඇත්තේ අභයගිරි විහාරයේය. මහාචාර්ය පරණවිතාන මහතා සඳකඩපහණේ කැටයම් විස්තර කිරිම සඳහා තෝරා ගත්තේ මේ සඳකඩපහණයි. මීට නුදුරින් රත්නප්‍රාසාදයට පිටු පසින් එවැනිම කලාත්මක සඳකඩපහණක් ඇත. පරණවිතාන මහතාගේ අදහසට අනුව සඳකඩපහණේ කැටයමෙන් දැක්වෙන්නේ සංසාර චක්‍රයයි.

  • පලාපෙති මොස්තරය-ලෝකය ගිනිගත් බව දැක්වෙන ගිනි දැල්ය.
  • සිව්පාවන්-ජාති,ජරා,ව්‍යාධි,මරණ
  • ලියවැල-තෘෂ්ණාව
  • හංසයින්-සංසාරයෙන් මිදිමට තැත් කරන ජනතාව
  • පද්මය-නුවණ

මේ පිළිවෙළට කැටයම් නොමැති සඳකඩපහණක්ද ඇත.

අභයගිරි අවලෝකිතේශ්වර බොධිසතත්‍ව පිළිමය

 
Bronze statue of Avalokiteśvara Bodhisattva. Sri Lanka, ca. ක්‍රි.ව. 750

මුලාශ්‍ර

  • මහාචාර්ය කුලතුංග ටී.ජී. ,(2003), "අටමස්ථානය හා වෙනත් පැරණි ස්ථාන", තරංජි ප්‍රින්ට්ස්, මහරගම.

පාහියන් භික්ෂුවට අනුව අභයගිරි විහාරය ගැන සඳහන් කරන එතුමාගේ විස්තරය වෙනත් කිසිදු විදේශිය හෝ දේශිය වාර්තාවක සඳහන් නොවන අපුර්ව එකකි. අභයගිරි විහාර භූමිය තුළ වටිනා මැණික් ඔබ්බන ලද රන් රිදි කැටයම් කළ අලංකාර බුද්ධ මන්දිරයක් විය. එහි හරිත වර්ණ මමන්තිකා විශේෂයකින් සාදවන ලද අඩි 20ක් පමණ වු උස්වූ බුදු පිළිමයකි. පිළිමයේ කාන්තිය දසත විහිදුවයි. බුදු පිළිමයේ දකුණතෙහි මහනර්ඝ මුතුඇටයක් විය.පාහියන් තුමා සඳහන් කරන මේ මාලිගය තවමත් හඳුනාගෙන නැත. අභයගිරි ස්ථුපය ගැන සඳහන් කරන් එතුම එය ඉදිකර ඇත්තේ බුදුන් වහන්සේ සිරිලකට වැඩම කළ අවස්ථාවකදි පිහිටවු සිරිපතුලක් මත බව පවසයි.එය එතුමා අසා දැනගත් කථාවකි. අභයගිරිය ස්ථුපය අඩි 400 ක් උස්වු බව පවසයි.එසේම අභයගිරි මුලසුන අයත් බෝධිය දඹදිව බුද්ධගයාවේ ශ්‍රි මහා බෝධියේ බිජයක් ලෙස වැඩමවා රෝපනය කරන ලද්දක් බව සඳහන් කර ඇත. පාහියන් හිමි අභයහිරියේ අවුරුදු 2ක් වාසය කර තිබෙනවා. දළදා වහන්සේ ලංකාවට පලමුවෙන්ම හේමමාලා දන්ත කුමරු විසින් වැඩම කල විට මාලිගාවක් සාදා තැන්පත් කර ඇත්තේ ද අභයගිරියේ. මේ ගොඩනැගිල්ල තවමත් සොයාගෙන නොමැති බවයි පැවසෙන්නේ. පාහියන් හිමි කියන අන්දමට ඒ සමයේ අභයගිරියේ භික්ෂූණ් 5000 ක් වාසය කල අතර මහාවිහාරයේ භික්ෂූණ් 3000ක් වාසය කර ඇත.

Ref: English Translation~Travels of Fah-Hian and Sung-Yun, Buddhist pilgrims from China to India (400 A.D. 518 A.D. - Samuel Beal

Sinhala translation by G A Nalani(ෆාජියන් හිමිගේ අසිරිමත් වන්දනාව)

  • සඳකඩපහණ
  • මහා විහාරය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    මුටසීව රජ

  • මාර්තු 27, 2026

    පාසල්

  • මාර්තු 22, 2026

    නුවරඑළිය

  • මාර්තු 22, 2026

    චන්ද්‍රයා

  • අප්‍රේල් 03, 2026

    Ethnic group

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට