සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සත්මහල් ප්‍රාසාදය ශ්‍රී ලංකාවේ පොළොන්නරුව පෞරාණික නගරය තුල දළදා මළුවෙහි ගල් පොත ආසන්නයේ ඉදි කොට ඇති මීටර 9ක් පමණ උස් වූ පැරණි ඉදිකිරීමක් වේ. සාම්ප්‍රදායිකව සත්ම

සත්මහල් ප්‍රාසාදය

  • මුල් පිටුව
  • සත්මහල් ප්‍රාසාදය

සත්මහල් ප්‍රාසාදය ශ්‍රී ලංකාවේ පොළොන්නරුව පෞරාණික නගරය තුල දළදා මළුවෙහි ගල් පොත ආසන්නයේ ඉදි කොට ඇති මීටර 9ක් පමණ උස් වූ පැරණි ඉදිකිරීමක් වේ. සාම්ප්‍රදායිකව සත්මහල් ප්‍රාසාදය ලෙස හැඳින්වූවද මෙහි පැරණි නාමය හෝ අනෙකුත් විස්තර අවිනිශ්චිත වේ. මහා පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1153-1186), විසින් පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදයක් කරවූ බවට මහාවංශයේ සඳහන්ව ඇතත්, මෙම ගොඩනැගිල්ල එය බැව් විශ්වාස කිරීම අපහසු බැව් පැවසෙයි.

සත්මහල් ප්‍රාසාදය

ඉහළට නැගෙන විට පියවරෙන් පියවර කුඩාවන සේ චතුරස්‍රාකාර හැඩයෙන් මහල් හතක් වන සේ ඉදිකොට ඇති මෙම ඉදිකිරීම මෙරට විරල ඝණයේ සතූපයක් විය හැකි බව විශ්වාස කෙරේ. සත්මහල් ප්‍රාසාදය හැරුණු විට මෙම විශේෂිත ආකාරයේ ඉදිකිරීම් ත්‍රිත්වයක් අනුරාධපුර අභයගිරි විහාරයේ හා නඛා වෙහෙරහීදී දැකගත හැකිවේ. තායිලන්තයේ ලම්න්හ වාත් කුකුත් විහාරයේ ස්තූපයටද මෙය සමානකමක් දක්වයි. අග්නිදිග ආසියාතික රටවල වාස්තු ලක්ෂණ මෙම ගොඩනැගිල්ලෙහි දැකගත හැකි වේ.

මේවාද බලන්න

  • නඛා වෙහෙර
  • ප්‍රසාද ස්තූපය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 29, 2026

    වින්ඩෝස් Me

  • අප්‍රේල් 21, 2026

    Proprietary software

  • මැයි 25, 2026

    නන්දදාස කෝදාගොඩ

  • මාර්තු 13, 2026

    ආදිවාසීන්

  • අප්‍රේල් 03, 2026

    විජය කුමරු

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට