සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

නාන පොකුණු සඳහා පුරාණ ශ්‍රී ලංකාවේ පෙන්විය හැකි එක් උදාහරණයක් නම් කුට්ටම් පොකුණයි. මෙය අනුරාධපුර යුගයේ ක්‍රි.ව. 569-571 පළමු වැනි අග්ගබෝධි රජු විසින් කරන ලද්දකි

කුට්ටම් පොකුණ

  • මුල් පිටුව
  • කුට්ටම් පොකුණ

නාන පොකුණු සඳහා පුරාණ ශ්‍රී ලංකාවේ පෙන්විය හැකි එක් උදාහරණයක් නම් කුට්ටම් පොකුණයි. මෙය අනුරාධපුර යුගයේ ක්‍රි.ව. 569-571 පළමු වැනි අග්ගබෝධි රජු විසින් කරන ලද්දකි. මෙය සිංහලයන්ගේ වාරි ඉංජිනේරු ශිල්පයේ ද, වාස්තු විද්‍යාත්මක ක්‍රමවල ද සුවිශේෂී අග්‍ර ඵලයක් ලෙස සළකනු ලැබේ.

කුට්ටම් පොකුණ
කුට්ටම් පොකුණ
පිහිටීමඅනුරාධපුරය
ඛණ්ඩාංක8°22′16″N 80°24′04″E / 8.371°N 80.401°E / 8.371; 80.401
නිර්මාණය වූ කාලයඅනුරාධපුර යුගය
පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක
කුට්ටම් පොකුණ is located in ශ්‍රී ලංකාව
කුට්ටම් පොකුණ
ශ්‍රී ලංකාව තුළ කුට්ටම් පොකුණ හි පිහිටීම

විශාලත්වය

පොකුණ පිහිටි උද්‍යානය සැළසුම් කර තිබෙන්නේ අඩි 18½ ක් පමණ දිග බිම් තීරුවකිනි. විශාලතම පොකුණ දිග අඩි 132 ක් සහ පළල 51 කි. කුඩා පොකුණ අඩි 91 ක් සහ පළල 51 කි. ගැඹුර ලොකු සහ කුඩා දෙක්හි පිළිවෙලින් අඩි 18 ක් සහ 14 කි.

ගොඩනැගීම

 
කුට්ටම් පොකුණ

කුට්ටම් පොකුණුවල මතු පිට යටට, සහ පැතිවලට යොදා ඇත්තේ කැපූ ගල් පුවරුය. පොකුණු දෙකේම දෙපැත්තේ පියගැට පෙළවල් දකින්නට ඇත. ඒවා සමෘද්ධිය විදහා දක්වන පුන්කළස්වලින් සහ ලියවැල්වලින් අලංකෘතය. ඉවුරු සකස්කර තිබුනේ භික්ෂූන් වහන්සේලාට ඒවායේ හිඳගෙන කුමක් හෝ භාජනයක් ගෙන දිය නෑමට හැකි වනු පිණිසයි. පෙකුණට ජලය පැමිණියේ ද පිට වූයේ ද භූගත නල මාර්ගයක් මගිනි. පොකුණට ජලය ඇතුළු වන විට එය පෙරීමට උපක්‍රම යොදා තිබුණි. ආචාර්ය සෙනරත් පරණවිතානයන් මෙම පොකුණු යුගල සංරක්ෂණයට මහත් සේ වෙහෙස මහන්සි විය. මෙහිදී පොකුණ පතුලේ තිබී කුඩා මත්ස්‍යයින්, හක් ගෙඩියක්, කකුළුවෙක් සහ නාට්‍යාංගනාවකගේද පිළි රූ සොයා ගනු ලැබිණි.

මේවාද බලන්න

  • ඇත් පොකුණ
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 04, 2026

    නීල්ස් බෝර්

  • අප්‍රේල් 05, 2026

    අක්ෂර ක්‍රම

  • මාර්තු 23, 2026

    ඇරිස්ටෝටල්

  • අප්‍රේල් 05, 2026

    ලන්දේසි බස

  • අප්‍රේල් 14, 2026

    මහනුවර රාජාවලිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට