සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

{{Infobox person | name = | image = | alt = | caption = | birth_name = | birth_date = | birth_place = | death_date = | death_place = | nationality = | other_nam

හේමසිරි ප්‍රනාන්දු

විකිපීඩියා වෙතින්

Blank template with basic parameters

සැකිලි ලූපය අනාවරණය කෙරිණි: සැකිල්ල:Infobox person

{{Infobox person | name = | image = | alt = | caption = | birth_name = | birth_date =  | birth_place = | death_date =  | death_place = | nationality = | other_names = | occupation = | years_active = | known_for = | notable_works = }} 

හේමසිරි ප්‍රනාන්දු (ඉංග්‍රීසි: Hemasiri Fernando) යනු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා, ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා

ජීවන සටහන්

ඔහු හිටපු අග‍්‍රාමත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායකගේ ලේකම් වරයාද විය. මීට අමතරව ඔහු සභාපති ගුවන් තොටුපල හා ගුවන් ගමන් සේවා තනතුරද, සභාපති ශ්‍රී ලංකා ටෙලිකොම් ලිමිටඩ්, මහජන බැංකුවේ සභාපතිවරයා, සභාපති ජාතික ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකාවහි තනතුරද හොබවා ඇත.

හේමසිරි ප්‍රනාන්දු කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

වරදකරු බවට තීන්දු කිරීම

2026 ජූලි 31 දින, කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය (Trial-at-Bar) බහුතර තීරණයකින් හේමසිරි ප්‍රනාන්දු පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් ලැබී තිබූ පූර්ව බුද්ධි තොරතුරු අනුව කටයුතු කිරීමට අසමත් වීම හේතුවෙන් සාපරාධී නොසැලකිල්ල (criminal negligence) සහ නිල රාජකාරිය පැහැර හැරීම (dereliction of official duty) ඇතුළු චෝදනාවලට වරදකරු බවට තීන්දු කළේය. ඉදිරි ප්‍රහාරයක් සිදුවීමට නියමිත බවට පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වැළැක්වීමට අවශ්‍ය සුදුසු පියවර ගැනීමට ඔහු අසමත් වූ බව අධිකරණය තීරණය කළ අතර, ඒ අනුව ඔහුට මරණ දඬුවම නියම කරන ලදී.විනිසුරුවරුන් වන ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර බහුතර මතය දැරූ අතර, විනිසුරු විරාජ් වීරසූරිය විරුද්ධ මතයක් ප්‍රකාශ කරමින් ඔහු නිදොස් කොට නිදහස් කළ යුතු බවට අදහස් කළේය.

හේමසිරි ප්‍රනාන්දුට, එවකට හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර සමඟ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු අනුව ක්‍රියා කිරීමට අසමත් වූ බවට චෝදනා යටතේ එක්ව අධිචෝදනා ගොනු කර තිබුණි. 2022 පෙබරවාරි මාසයේදී පෙර පැවති ත්‍රිපුද්ගල මහාධිකරණයක් විත්තිකරුවන්ට සිය ආරක්ෂාව ඉදිරිපත් කිරීමට පවා කැඳවීමකින් තොරව දෙදෙනාම නිදොස් කොට නිදහස් කළේය. එහෙත් නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම නිදහස් කිරීම නීතියට පටහැනි බව තීරණය කර එය අවලංගු කළ අතර, නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යන ලෙස නියෝග කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස 2026 ජූලි මස 31 වන දින ප්‍රනාන්දු වරදකරු බවට තීන්දු කර ඔහුට මරණ දඬුවම නියම කරන ලදී.මෙසේ හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වරයෙකුට මරණ දඬුවම හිමි වූයේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ය.ඊට අමතරව එක් වරදකට වසර 12 බැගින් වසර 6504 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ එක් වරදකට රු.5000 බැගින් රුපියල් ලක්ෂ 27 ක දඩයක් ද නියම කරණු ලැබීය.

ආශ්‍රිත


ඉහළට