සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

භෞතික විද්‍යාවෙහි, රක්ත විස්ථාපනයක් යනු, විද්‍යුත්චුම්භක විකිරණයන්ගේ ( ආලෝකය වැනි) තරංග ආයාමයෙහි වැඩිවීමක් හෝ, සමතුල්‍ය ලෙසින්, සංඛ්‍යාතයෙහි අඩුවීමකි. විරුද්ධකා

රක්ත විස්ථාපනය

  • මුල් පිටුව
  • රක්ත විස්ථාපනය

භෞතික විද්‍යාවෙහි, රක්ත විස්ථාපනයක් යනු, විද්‍යුත්චුම්භක විකිරණයන්ගේ ( ආලෝකය වැනි) තරංග ආයාමයෙහි වැඩිවීමක් හෝ, සමතුල්‍ය ලෙසින්, සංඛ්‍යාතයෙහි අඩුවීමකි. විරුද්ධකාරී වෙනස්වීම, තරංග ආයාමයෙහි අඩුවීමක් හෝ සංඛ්‍යාතයෙහි සහ ශක්තියෙහි වැඩිවීමක් හැඳින්වෙන්නේ, නීල විස්ථාපනයක් ලෙසිනි.

ඈත චක්‍රාවාටයන්හි සුපිරි තාරීයපොකුරක දෘශ්‍ය වර්ණාවලියෙහි අවශෝෂණ රේඛා (දකුණ), සහ සූර්යයාගේ දෘශ්‍ය වර්ණාවලියෙහි අවශෝෂණ රේඛා (වම) අතර සංසන්දනයක්. ඊතල දක්වන්නේ රක්ත විස්ථාපනයයි. රතු දෙසට සහ ඉන් ඔබ්බට තරංග ආයාමයන් වැඩිවෙති (සංඛ්‍යාතයන් අඩුවෙති).

රක්ත විස්ථාපනයෙහි ආකාර තුනක් තාරකා විද්‍යාවෙහි සහ විශ්ව න්‍යාය විද්‍යාවෙහි සිදුවෙයි: විකිරණ ප්‍රභවයන්ගේ සාපේක්ෂ චලනය නිසා සිදුවන ඩොප්ලර් රක්ත විස්ථාපනය, ගුරුත්වාකර්ෂණ විභවයන්ගෙන් විකිරණ මිදීමෙහිදී සිදුවන ගුරුත්වාකර්ෂණ රක්ත විස්ථාපනය සහ, විශ්වය ප්‍රසාරණය වීම නිසාවෙන් සිදුවන විශ්ව න්‍යාය විද්‍යාත්මක රක්ත විස්ථාපනය යන ලෙසින් වෙති. තාරකා විද්‍යාවෙහිදී, රක්ත විස්ථාපනයෙහි අගය බොහෝවිට දැක්වෙන්නේ, තරංග ආයාමයෙහි භාගික වෙනස්වීමට අනුරූපවන්නාවූ z අක්ෂරය මගින් (රක්ත විස්ථාපනය සඳහා ධන අගයක් සහ, නීල විස්ථාපනය සඳහා සෘණ අගයක්) සහ, තරංග ආයාම අනුපාතයට අනුරූප 1 + z (රක්ත විස්ථාපනය සඳහා 1 ට වැඩි අගයක් සහ නීල විස්ථාපනය සඳහා 1 ට අඩු අගයක් ගන්නා) මගින් වෙයි. විශ්වයෙහි විශාල පරිමාණයෙහි ආකෘතිය පිළිබඳ අධ්‍යයනය සඳහා වැදගත් මෙවලමක් ලෙසින් ස්වයංක්‍රීය තාරකා විද්‍යාත්මක රක්ත විස්ථාපන සමික්ෂණ භාවිතා වෙති. රක්ත විස්ථාපනය සහ නීල විස්ථාපනය, පෝටෝන ශක්තියට සහ, ප්ලෑන්ක් නියමය ඔස්සේ, අනුරූප කෘෂ්ණ වස්තු උෂ්ණත්වයකට ආශ්‍රිත කල හැක.

ප්‍රබල රක්ත විස්ථාපනයන්ට නිදසුන් වශයෙන් ගැමා කිරණයක් එක්ස් කිරණයක් ලෙසින් ප්‍රත්‍යක්ෂ වීම හෝ, මුලදී දෘශ්‍ය ආලෝකය පසුව රේඩියෝ තරංග ලෙසින් ප්‍රත්‍යක්ෂ වීම හෝ දැක්විය හැකිය. බිග් බැං වෙතින් මුලදී නිකුත්වී ඇති 3000 කෙල්වින් (K) විකිරණය, පසුව 3 K අන්තරීක්ෂ ක්ෂුද්‍රතරංග පසුබිම පමණ තෙක් පහලට රක්ත විස්ථාපනය වී ඇත. තාරකා විද්‍යාත්මක වස්තූන්ගේ වර්ණාවලීක්ෂ නිරීක්ෂණයන් තුලදී දුර්බෝධ රක්ත විස්ථාපන දක්නට ලැබෙන අතර, ඩොප්ලර් රේඩාර් සහ රේඩාර් තුවක්කු වැනි භෞමික තාක්ෂණයන් තුලදීද භාවිතා වෙති.

ආලෝකයෙහි වේගයෙන් ගමන්ගන්නා ගුරුත්වාකර්ෂණ තරංගයන්ද, මෙවන් රක්ත විස්ථාපන සංසිද්ධියන්ට පාත්‍ර වෙති.

සංකල්පය

 
හබල් අධි ගැඹුරු ක්ෂේත්‍රයෙහි පිහිටි උච්ච-රක්ත විස්ථාපන චක්‍රවාට වියහැක්කන්, 2012

දුරේක්ෂයක් සහ වර්ණාවලීමානයක් භාවිතයෙන්, තරු ආලෝකයෙහි තීව්‍රතාවය සංඛ්‍යාතය හා සමගින් වෙනස්වීම මැනිය හැකිය. මෙයින් ලබාගන්නා වර්ණාවලීය සහ, තාරකාවන් තුල තිබෙන බවට උපකල්පිත හයිඩ්‍රජන් වැනි උණුසුම් වායුන් සම්බන්ධයෙන් පෘථිවියෙහි පරීක්ෂණාගාරයක් තුලදී ලබාගත් වර්ණාවලීයක් සංසන්දනය කල හැක.

ආශ්‍රිත

  1. ඩිං, කියැංහැං (අගෝස්තු 2021). "ඩිටැක්ටබිලිටි ඔෆ් ප්‍රයිමෝර්ඩියල් බ්ලැක් හෝල් බයිනරීස් ඇට් හයි රෙඩ්ෂිෆ්ට්". ෆිසිකල් රිවිව් ඩී. 104 (4) 043527. id. 043527. arXiv:2011.13643. Bibcode:2021PhRvD.104d3527D. doi:10.1103/PhysRevD.104.043527.
  2. "හබල් සෙන්සස් ෆයින්ඩ්ස් ගැලැක්සීස් ඇට් රෙඩ්ෂිෆ්ට්ස් 9 ටු 12". ESA/හබල් ප්‍රෙස් රිලීස්. https://esahubble.org/news/heic1219/. 
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 14, 2026

    පළමුවන ලෝක යුද්ධය

  • අප්‍රේල් 12, 2026

    කළු මරණය

  • අප්‍රේල් 09, 2026

    ඉසුරු ලිනක්ස්

  • අප්‍රේල් 08, 2026

    එදා හෙළදිව

  • අප්‍රේල් 06, 2026

    ලංකාවේ අග්‍රාණ්ඩුකාර

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට