සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක (1899 ජනවාරි 8 – 1959 සැප්තැම්බර් 26) යනු ශ්‍රි ලංකාවේ සිව්වන අග්‍රාමාත්‍යවරයාය. ඔහු 1956 සිට 1959 දී බෞද්ධ භික්ෂු වේෂධාරිය

සොලමන් බණ්ඩාරනායක

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
ගරු
එස්.ඩබලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක
எஸ்.டபிள்யூ.ஆர்.டி. பண்டாரநாயக்க
S.W.R.D. Bandaranaike
ලංකාවෙහි 4වන අග්‍රාමාත්‍යවරයා
තනතුර දරමින්
12 අප්‍රේල් 1956  26 සැප්තැම්බර් 1959
රාජ්‍ය නායකයාදෙවන එලිසබෙත් මහරැජිණ
අග්‍රාණ්ඩුකාරහර්වල්ඩ් රැම්ස්බොටම්
ඔලිවර් ගුණතිලක
පූර්වප්‍රාප්තිකයාජෝන් කොතලාවල
අනුප්‍රාප්තිකයාවිජයානන්ද දහනායක
2 වන විපක්ෂ නායක
තනතුර දරමින්
9 ජූනි 1952  18 පෙබරවාරි 1956
අග්‍රාමාත්‍යවරයාඩඩ්ලි සේනානායක
පූර්වප්‍රාප්තිකයාඑන්. එම්. පෙරේරා
අනුප්‍රාප්තිකයාඑන්. එම්. පෙරේරා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා
තනතුර දරමින්
2 සැප්තැම්බර් 1951  26 සැප්තැම්බර් 1959
පූර්වප්‍රාප්තිකයානව තනතුර
අනුප්‍රාප්තිකයාසී.පී. ද සිල්වා
සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍ය
තනතුර දරමින්
26 සැප්තැම්බර් 1947  12 ජූලි 1951
අග්‍රාමාත්‍යවරයාඩී.එස්. සේනානායක
පූර්වප්‍රාප්තිකයානව තනතුර
අනුප්‍රාප්තිකයාඩඩ්ලි සේනානායක
සභානායක
තනතුර දරමින්
26 සැප්තැම්බර් 1947  12 ජූලි 1951d
අග්‍රාමාත්‍යවරයාඩී.එස්. සේනානායක
පූර්වප්‍රාප්තිකයාඩී.එස්. සේනානායක
අනුප්‍රාප්තිකයාජෝන් කොතලාවල
අත්තනගල්ල සඳහා නියෝජිත මන්ත්‍රී මණ්ඩල මන්ත්‍රී
තනතුර දරමින්
14 ඔක්තෝබර් 1947  26 සැප්තැම්බර් 1959
පූර්වප්‍රාප්තිකයානව ආසනය
අනුප්‍රාප්තිකයාජේම්ස් ඔබේසේකර
පුද්ගලික තොරතුරු
උපත8 ජනවාරි 1899(1899-01-08)
කොළඹ, බස්නාහිර පළාත, බ්‍රිතාන්‍ය ලංකාව
(දැන් ශ්‍රී ලංකාව)
විපත26 සැප්තැම්බර් 1959 (වයස 60)
කොළඹ, ලංකා ඩොමීනියන් රාජ්‍යය
(දැන් ශ්‍රී ලංකාව)
මරණයට හේතුවඝාතනය
ජාතිකත්වයලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා නිදහස් පක්ෂය (1951–1959)
එක්සත් ජාතික පක්ෂය (1946–1951)
කලත්‍රයාසිරිමාවෝ බණ්ඩාරනායක
ළමයිසුනේත්‍රා බණ්ඩාරනායක
චන්ද්‍රිකා බණ්ඩාරනායක
අනුර බණ්ඩාරනායක
උගත් ශාස්ත්‍රාලය
රැකියාවදේශපාලනඥ
වෘත්තියඅධිනීතීඥ
වෙබ් අඩවියනිල වෙබ් අඩවිය

සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක (1899 ජනවාරි 8 – 1959 සැප්තැම්බර් 26) යනු ශ්‍රි ලංකාවේ සිව්වන අග්‍රාමාත්‍යවරයාය. ඔහු 1956 සිට 1959 දී බෞද්ධ භික්ෂු වේෂධාරියෙකු විසින් ඝාතනය කරන තෙක් අග්‍රාමාත්‍ය ධූරයේ සේවය කළේය.

මුල් දිවිය

බණ්ඩාරනායක කොළඹ සිංහල ක්‍රිස්තියානි පවුලක උපන්නෙකි. ඔහුගේ පියා වුයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමයේ මුදලි තනතුරකින් පිදුම් ලද සර් සොලමන් ඩයස් බණ්ඩාරනායකය. සොලමන් බණ්ඩාරනායක පසු කලෙක දේශපාලනයට පිවිසීමේ අරමුණ ඇතිව බෞද්ධයකු බවට පත්වුයේ ය. ද්ව්තියික අධ්‍යාපනය ශාන්ත තෝමස් විදුහලෙන් ලබාගත් ඔහු වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ එංගලන්තයේ කෙම්බ්‍රිජ් සරසවියෙනි 1915 කෙම්බ්‍රිජ් සීනියර් විභාගය ඉහලින් සමත් වූ මෙතුමා 1919 දී ඔක්ස්ෆර්ඞ් සරසවියට ඇතුලත් විය

දේශපාලන දිවිය

ඔහු ලාංකීක දේශපාලන ක්ෂේත‍්‍රයට පිවිසුණේ 1926 දීය. ඒ එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂයකු ලෙස කොළඹ නගර සභාවට තරඟ වදිමිනි. 1951 දී එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වයෙන් ඉවත්ව ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවා ගත්තේය. 1956 පැවති මහ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කරන ලද බණ්ඩාරනායක ශ්‍රි ලංකාවේ අග‍්‍රාමාත්‍ය පදවියට පත්වුයේය.

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනු ලැබුවේ ඉන් අනතුරුවය. 1950 වකවානුවේ සිංහල සහ දෙමල යන භාෂා දෙකම රාජ්‍ය භෂාවන් ලෙස භාවිතා කිරීමේ කතිකාවන් පැවතුණද පසුව මැතිවරණ ජයග‍්‍රහණය උදෙසා එය ‘ සිංහල පමණක් ’ යන්න දක්වා වෙනස් කරනු ලැබීය.

විදේශ ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් ඔහු දැක්වු උදාසීන බව හමුවේ ශ්‍රි ලංකාවට ආර්ථික අර්බුද රැසකටද මුහුණ දීමට සිදු විය.

ඝාතනය

1959 දී තල්දුවේ සෝමරාම නම් චීවරධාරියකු අතින් සොලමන් බණ්ඩාරනායක ඝාතනයට ලක්වු අතර ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ බිරිඳ සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂ නායකත්වයට පත්වුවාය.

මෙය ද බලන්න

  • ශ්‍රී ලංකාවේ දේශපාලන පවුල්

f

මූලාශ‍්‍ර

  1. "S.W.R.D.Bandaranaike,or Solomon West Ridgeway Dias Bandaranaike (Prime Minister of Sri Lanka)". Britannica Online.
  2. "Bandaranaike, Solomon West Ridgeway Dias". History.Com.
  3. "Solomon West Ridgeway Dias Bandaranaike". Encarta.MSN.
ඉහළට