සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අතිපූජ්‍ය මාපලගම විපුලසාර හිමියන් (1925 මාර්තු 3 – 2000 ඔක්තෝබර් 28) බෞද්ධ භික්‍ෂුවකි, කලාකරුවකු වශයෙන් ලද සුවිශේෂ ගෞරවය වූයේ ශ්‍රී ලංකාවේ ජන රජ ලාංඡනය නිර්මාණය

මාපලගම විපුලසාර

  • මුල් පිටුව
  • මාපලගම විපුලසාර

අතිපූජ්‍ය මාපලගම විපුලසාර හිමියන් (1925 මාර්තු 3 – 2000 ඔක්තෝබර් 28) බෞද්ධ භික්‍ෂුවකි, කලාකරුවකු වශයෙන් ලද සුවිශේෂ ගෞරවය වූයේ ශ්‍රී ලංකාවේ ජන රජ ලාංඡනය නිර්මාණය කිරීමට අවස්ථාව ලැබීම යි. මෙය රටක කලාකරුවකුට ලැබෙන පරම භාග්‍යයකි. ඉතා අර්ථපූර්ණ ව නිමවන ලද එය ශ්‍රී ලංකාවේ අනන්‍යතාව, ප්‍රෞඩත්වය මැනැවින් විදහා දක්වයි.

ආචාර්ය නිශ්ශංක විජයරත්න මහතා සමග ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය නිර්මාණය කළ අතිපූජ්‍ය මාපලගම විපුලසාර හිමියන්

පටුන

පූර්ව අවධිය හා අධ්‍යාපනය

ශ්‍රී ලංකාවේ නිදහස් අරගලයේ හා භාෂා ශාස්ත්‍ර අධ්‍යාපනයේ මූලස්ථානයක් ලෙස සැලකෙන රත්මලානේ පරමධම්ම චේතිය පිරිවෙනින් පැවිදි උපසම්පදාව ලබා පසු කාලීනව එහි අධිපතිත්වය ඉසිලීමට තරම් වාසනාවත් වූ මාපලගම විපුලසාර හිමියෝ, අගලවත්ත ප්‍රතිරාජ පිරිවෙනින් හා මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙනින් ශාසනික වත් පිළිවෙත් හා ධර්‍ම විනය ශබ්ද ශාස්ත්‍ර පිළිබඳ ප්‍රවීණත්වය ලබා ගත්හ. උපතින්ම උරුම කරගෙන ආ හැකියාවන් රැසක් විපුලසාර හිමියන් සතුව පැවතියේය. මෙම හැකියාවන් මැනවින් නිරීක්‍ෂණය කළ මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා ඒ කුසලතා වර්ධනය කර ගැනීමට හා ඒ කුසලතාවන්ගෙන් රටට සේවාවක් ලබාදීමේ අරමුණ ඇතිව රජයේ කලායතනයේ අධිපති ජේ.ඩී.ඒ. පෙරේරා මහතාට විපුලසාර හිමියන් හඳුන්වා දුන්නේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් වසර තුනක් මුළුල්ලේ රජයේ කලායතනයේ අධ්‍යාපනය ලැබූ විපුලසාර හිමියෝ කලාකරුවකු ලෙස සමාජයේ ඉහළ පිළිගැනීමට ලක්වූහ.

රාජ්‍ය ලාංඡනය නිර්මාණය

 
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය

එවක රාජ්‍ය ලාංඡනය හා ශ්‍රී ලංකා ජාතික ධජය නිර්මාණ කමිටුවේ සභාපතිවරයා වූ ආචාර්ය නිශ්ශංක විජයරත්න මහතාගේ මගපෙන්වීම මත 1972 වර්ෂයේදී මාපලගම විපුලසාර හිමි විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනය නිර්මාණය කරන ලදී. එසේම ජාතික කලා පෙමුණ සදහා විපුලසාර හමියන් 1950 දශකයේ දී නිර්මාණය කළ ලාංචනය වර්තමාන රාජ්‍ය ලාංඡනයට බෙහෙවින් සමාන හෙයින් ද රාජ්‍ය ලාංඡනය උන් වහන්සේ ගේ ම නිර්මාණයක් බව ස්ථිර වේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයේ නිර්මාණකරු

කලාකරුවකු වශයෙන් ලද සුවිශේෂ ගෞරවය වූයේ ශ්‍රී ලංකාවේ ජන රජ ලාංඡනය නිර්මාණය කිරීමට අවස්ථාව ලැබීම යි. මෙය රටක කලාකරුවකුට ලැබෙන පරම භාග්‍යයකි. ඉතා අර්ථපූර්ණ ව නිමවන ලද එය ශ්‍රී ලංකාවේ අනන්‍යතාව, ප්‍රෞඩත්වය මැනැවින් විදහා දක්වයි.

ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනයේ නිර්මාණකරු පූජ්‍ය මාපලගම විපුලසාර මහා නාහිමියන්ය

කලාශූරී ගෞරව නාමය

1984 වසරේදී රජය මගින් කලාශූරී ගෞරව නාමය විපුලසාර හිමියන් වෙත පිරිනැමීය.

අපවත්වීම

2000 ඔක්තෝබර් මස 28 දින අපවත් වන විට උන්වහන්සේ 75 හැවිරිදි වියේ පසු විය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 27, 2026

    මුල් ළමාවියේ සංවර්ධනය

  • අප්‍රේල් 06, 2026

    Catholic Church

  • අප්‍රේල් 03, 2026

    සාකච්ඡාව:මාර්ටින් වික්‍රමසිංහ

  • අප්‍රේල් 21, 2026

    සරත් කොතලාවල

  • අප්‍රේල් 09, 2026

    වර්ග සංහාරය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට