සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

2024 වසරෙහි ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය (ඉංග්‍රීසි: 2024 Sri Lankan Presidential Election, දෙමළ: இலங்கை அரசுத் தலைவர் தேர்தல், 2024) යනු, ශ්‍රී ලංකාවේ නවවන ජනාධිප

ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 2024

  • මුල් පිටුව
  • ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 2024

2024 වසරෙහි ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය (ඉංග්‍රීසි: 2024 Sri Lankan Presidential Election, දෙමළ: இலங்கை அரசுத் தலைவர் தேர்தல், 2024) යනු, ශ්‍රී ලංකාවේ නවවන ජනාධිපතිවරණය විය. මෙම ඡන්ද විමසීමෙන් වසර 5ක ධුර කාලයක් සඳහා ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගනු ඇත. 2024 අගෝස්තු 15 වන දින නාමයෝජනා භාර ගත් අතර මෙම ඡන්ද විමසීම 2024 සැප්තැම්බර් 21 දින පැවැත්විණි.

ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 2024
ශ්‍රී ලංකා
← 2022 21 සැප්තැම්බර් 2024 2029 →
ලියාපදිංචි ඡන්දදායකයින්17,140,354
ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය79.46%(▼4.26 pp)
 
අපේත්ෂකයා අනුර කුමාර දිසානායක සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ
පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ සමගි ජන බලවේගය ස්වාධීන
සන්ධානය ජාතික ජන බලවේගය සමගි ජන සන්ධානය එක්සත් ජාතික පක්ෂය
ජනප්‍රිය ඡන්ද 5,634,915 4,363,035 2,299,767
ප්‍රතිශතය 42.31% 32.76% 17.27%

මැතිවරණ කොට්ඨාසයන්හි ජයග්‍රාහකයෝ
  –අනුර කුමාර දිසානායක   –සජිත් ප්‍රේමදාස

ජනාධිපතිවරයා මැතිවරණයට පෙර

රනිල් වික්‍රමසිංහ
එක්සත් ජාතික පක්ෂය

මැතිවරණයෙන් පසු තනතුරධාරී

අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගය

තනතුරධාරී වූ රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසු ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූ පළමු බලයේ සිටින ජනාධිපතිවරයා ඔහු වීම විශේෂත්වයකි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, හිටපු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ යන මහත්වරු ද මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙති.

පටුන

පසුබිම

දිවයිනේ අවසන් වරට පැවති සෘජු ජනාධිපතිවරණය වූයේ 2019 වසරේදී. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ සජිත් ප්‍රේමදාස මහතා පරාජය කරමින් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකිවුණි.

2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදය සහ ජන අරගලයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි වගන්තියට ප්‍රකාරව, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉතිරි ධුර කාලය සඳහා පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමකදී, එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස 2022 ජූලි 21 වැනි දින වැඩි ඡන්ද ප්‍රමාණයකින් තේරී පත් විය.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි වගන්තියට අනුව, "ජනාධිපති ධුරයට එසේ අනුප්‍රාප්ත වන යම් තැනැත්තකු, ධුරය හිස් කරන ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් ඉතිරි කාලය තුළ පමණක් ධුරය දැරිය යුත්තේ ය". ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධූර කාලය 2024 නොවැම්බර් 17 වැනිදායින් කල්ඉකුත් වීමට නියමිතය.

මැතිවරණයට පෙර

මැතිවරණයට පෙර ප්‍රතිඵල

ශ්‍රී ලාංකික මෑත මැතිවරණ ප්‍රතිඵල
මැතිවරණ දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
(ශ්‍රී.ලං.නි.පො.ස.)
සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂය අනෙකුත්
ඡන්ද % ඡන්ද % ඡන්ද % ඡන්ද % ඡන්ද % ඡන්ද %
2019 ජනාධිපතිවරණය 6,924,255 52.25% - - 418,553 3.16% - - 5,564,239 41.99% 345,452 2.35%
2020 පාර්ලිමේන්තු මැතිවරණය 6,853,690 59.09% 2,771,980 23.90% 445,958 3.84% 327,168 2.82% 249,435 2.15% 950,698 8.20%

සිතියම්

මැතිවරණ ප්‍රතිඵල සිතියම
2019 ජනාධිපතිවරණය 2020 පාර්ලිමේන්තු මැතිවරණය
   
වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් එක් එක් මැතිවරණ දිස්ත්‍රික්කයට හෝ නගර සභාවට පත්වූ සාමාජිකයෝ
■ ශ්‍රීලංනිපොසය ■ සජබය ■ දෙජාසය ■ එජාපය ■ ශ්‍රීලංනිපය ■ ඊජප්‍රපය ■ වෙනත් පක්ෂ

මැතිවරණ ක්‍රමය

ක්ෂණික-අපධාව ඡන්ද ක්‍රමයක් ප්‍රකාර, ශ්‍රී ලාංකික ජනාධිපති තෝරා පත් කර ගනු ලැබේ. ඡන්දදායකයන් විසින් අපේක්ෂකයන් තිදෙනෙකු දක්වා ශ්‍රේණිගත කල හැකි අතර, ඡන්දය ප්‍රකාශ කිරීමේ පළමු වටයෙහිදී කිසිම අපේක්ෂකයෙකු විසින් බහුතරයක් ලබා නොගතහොත්, ජයග්‍රාහකයා තේරීම සඳහා, පළමු මනාපිත අපේක්ෂකයා ඉවත් කල ඡන්ද පත්‍රිකාවන්හී දෙවන හා තෙවන මනාප භාවිතා කෙරෙයි.

අපේක්ෂකයින්

අගෝස්තු 15 වැනිදා නාමයෝජනා භාරගැනීම අවසන් වන විට මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 39 දෙනෙකු පිළිගෙන තිබුණි. මෙය ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයක් සඳහා මෙතෙක් වාර්තා වූ වැඩිම සංඛ්‍යාවෙකි. ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ මොහොමඩ් ඉලියාස් ජනාධිපතිවරණයට පෙර අභාවප්‍රාප්ත විය. කෙසේ වෙතත් ජනාධිපතිවරණයට අපේක්ෂකයන් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වුවද කිසිදු කාන්තාවක් ඉදිරිපත් නොවීම විශේෂත්වයකි.

ප්‍රධාන අපේක්ෂකයින්

අපේක්ෂකයා තනතුර ලකුණ සහාය දැක්වීම් සටහන් මූලාශ්‍ර
 
රනිල් වික්‍රමසිංහ (76)
ස්වාධීන
වත්මන් ශ්‍රී ලංකා ජනාධිපති (2022 සිට)
එක්සත් ජාතික පක්ෂයේ නායකයා (1994 සිට)
හිටපු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය (1993–1994, 2001–2004, 2015–2018, 2018-2019, 2022)
ගෑස් සිලින්ඩරය
  • එක්සත් ජාතික පක්ෂය
  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්වූ සාමාජිකයින්
  • ලංකා කම්කරු කොංග්‍රසය
  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව (තථ්‍යව)
  • ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
  • මහජන එක්සත් පෙරමුණ‍
  • නව ලංකා නිදහස් පක්ෂය
  • දෙමළ මහජන විමුක්ති කොටි පක්ෂය
  • 2024 ජූලි 26 වැනිදා ඉදිරිපත් කළේය.
  • 1999 සහ 2005 ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූ අයෙකි.
  • මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය 2024 අගෝස්තු 29 වැනිදා එළිදැක්වීය.
 
සජිත් ප්‍රේමදාස (59)
සමගි ජන බලවේගය
වත්මන් විපක්ෂ නායක (2019 සිට)
සමගි ජන බලවේගයේ නායකයා (2020 සිට)
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
දුරකථනය
  • සමගි ජන බලවේගය
  • සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය
  • නිදහස ජනතා සභාව
  • මානුෂිය ජනතා සන්ධානය
  • ඉලංගෙයි තමිළ් අරසු කච්චි
  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (දයාසිරිගේ පාර්ශවය)
  • ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
  • දෙමළ ප්‍රගතිශීලී සන්ධානය
  • එක්සත් ජනතා නිදහස් සන්ධානය
  • එක්සත් ජනරජ පෙරමුණ
  • කඳුරට ජනතා පෙරමුණ
  • 2023 මැයි 16 වැනිදා ඉදිරිපත් කළේය.
  • හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා
  • 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අයෙකි.
  • මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය 2024 අගෝස්තු 29 වැනිදා එළිදැක්වීය.
 
අනුර කුමාර දිසානායක (57)
ජාතික ජන බලවේගය
හිටපු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක (2015–2018)
ජාතික ජන බලවේගයේ නායකයා (2015 සිට)
ජනතා විමුක්ති පෙරමුණේ නායකයා (2014 සිට)
හිටපු කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය (2004-2005)
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
මාලිමාව
  • ජනතා විමුක්ති පෙරමුණ
  • 2023 අගෝස්තු 29 වැනිදා ඉදිරිපත් කළේය
  • 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අයෙකි.
  • මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය 2024 අගෝස්තු 26 වැනිදා එළිදැක්වීය.
 
ෆීල්ඩ් මාර්ෂල්
සරත් ෆොන්සේකා (75)
ස්වාධීන
5 වන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා (2009)
හිටපු ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය (2016–2018), හිටපු වනජීවී සහ තිරසාර සංවර්ධන අමාත්‍ය (2018)
18 වන ශ්‍රී ලංකා යුධ හමුදාපති (2005–2009)
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
ලන්තෑරුම
  • 2024 ජූලි 25 වැනිදා ඉදිරිපත් කළේය
  • 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අයෙකි.
 
විජයදාස රාජපක්ෂ (66)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
හිටපු අධිකරණ අමාත්‍ය (2022–2024)
හිටපු බුද්ධ ශාසන අමාත්‍ය (2015–2017), හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය (2018), හිටපු අධ්‍යාපන අමාත්‍ය (2018)
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
මෝටර් රථය
  • 2024 ජූලි 25 වැනිදා ඉදිරිපත් කළේය
  • මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය 2024 සැප්තැම්බර් 5 වැනිදා එළිදැක්වීය.
 
නාමල් රාජපක්ෂ (39)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
හිටපු යෞවන හා ක්‍රීඩා අමාත්‍ය (2020–2022)
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
මල් පොහොට්ටුව
  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
  • 2024 අගෝස්තු 7 වැනිදා ඉදිරිපත් කළේය.
  • හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා
  • හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඥාති පුත්‍රයා
  • මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය 2024 සැප්තැම්බර් 2 වැනිදා එළිදැක්වීය.

සුළු අපේක්ෂකයින්

ඉහත සඳහන් කළ අපේක්ෂකයින් 6 දෙනා හැර සෙසු අපේක්ෂකයින් 33 දෙනෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටිති.

අපේක්ෂකයා පක්ෂය ලකුණු සටහන්
සිරිපාල අමරසිංහ ස්වාධීන ටයරය ගම්පහ සඳහා ජවිපෙ/එජනිස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී. 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අයෙකි.
චමින්ද අනුරුද්ධ ස්වාධීන අශ්ව ලාඩම
පී. අරියනේත්‍රන් ස්වාධීන හක් ගෙඩිය මඩකලපුව දිස්ත්‍රික් ඉතඅක/දෙජාස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී.ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ, දෙමළ ඊළාම් මහජන විමුක්ති සංවිධානය, දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය, දෙමළ ජාතික පක්ෂය සහ දෙමළ ජනතා සන්ධානය ඔහුට සහය පළ කළේය.
දිසානායක මුදියන්සේලාගේ බණ්ඩාරනායක ස්වාධීන මේස පංකාව
සරත් බණ්ඩාරනායක ජාතික සංවර්ධන පෙරමුණ පොල් ගෙඩිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනඥයෙකි.
නුවන් බෝපගේ සමාජවාදී ජනතා සංසදය කුඩය අරගල ක්‍රියාකාරිකයකි.පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස්වාදී-ලෙනින්වාදී පක්ෂය ඔහුට සහාය පළ කළේය.
අක්මීමන දයාරතන හිමි ස්වාධීන කළුලෑල්ල කොළඹ සඳහා ජාහෙඋ/එජනිස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී.
මහින්ද දේවගේ ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය බැලූනය
ඕෂල හේරත් අභිනව නිවහල් පෙරමුණ කැටය අභිනව නිවහල් පෙරමුණේ නායක.කොළඹ දිස්ත්‍රික්කයට තරඟ වැදුණු එජාපයේ හිටපු අපේක්ෂකකි.
මොහොමඩ් ඉල්යාස් ස්වාධීන එන්නත් සිරින්ජය යාපනය සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී.2010, 2015 සහ 2019 ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූ අයෙකි. 2010දී සරත් ෆොන්සේකාට සහාය පළ කළේය. 2024 අගෝස්තු 22 වැනිදා අභාවප්‍රාප්ත විය.
අබුබකර් මුහම්මදු ඉන්ෆාස් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය පත්‍ර යුගලය
සිඩ්නි ජයරත්න ස්වාධීන කොස් ගෙඩිය පොළොන්නරුව සඳහා එජාප/එයජාපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී.
සිරිතුංග ජයසූරිය එක්සත් සමාජවාදී පක්ෂය ත්‍රිරෝද රථය 2005,2010, 2015 සහ 2019 ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූ අයෙකි.
දිලිත් ජයවීර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය තරුව මව්බිම ජනතා පක්ෂයේ නායක. සර්වජන බලය ඔහුට සහාය පළ කළේය. මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය 2024 අගෝස්තු 31 වැනිදා එළිදැක්වීය.
සරත් කීර්තිරත්න ස්වාධීන පාපන්දුව හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකි. ගම්පහ සඳහා ශ්‍රීලංනිප/පොඑපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී.2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අයෙකි.
කේ.ආර්. ක්‍රිෂාන් අරුණළු ජනතා පෙරමුණ ජල කරාමය
ආනන්ද කුලරත්න ස්වාධීන පදක්කම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි. හම්බන්තොට සඳහා එජාප/එජාපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී.
ඒ.එස්.පී. ලියනගේ ශ්‍රී ලංකා කම්කරු පක්ෂය කැන්ගරු 2010, 2015 සහ 2019 ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූ අයෙකි.
සරත් මනමේන්ද්‍ර නව සිංහල උරුමය දුන්න සහ ඊතලය 2010, 2015 සහ 2019 ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූ අයෙකි. 2015දී ඔහු මහින්ද රාජපක්ෂට සහාය පළ කළේය.
වික්ටර් ඇන්තනි පෙරේරා ස්වාධීන මෝටර් බයිසිකලය පුත්තලම සඳහා ශ්‍රීලංනිප/එජනිස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී.
කේ.කේ පියදාස ස්වාධීන කැල්කියුලේටරය නුවරඑළිය සඳහා එජාප/එයජාපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී.
එම්.එම්.ප්‍රේමසිරි ස්වාධීන කණ්නාඩි කට්ටලය මාතර සඳහා ජවිපෙ/එජනිස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී.
නාමල් රාජපක්ෂ සමබිම පක්ෂය ලියුම් කවරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ හෝ රාජපක්ෂ පවුලේ කොටසක් සමඟ පටලවා නොගත යුතුය.
රොෂාන් රණසිංහ ස්වාධීන ක්‍රිකට් පිත්ත හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි. පොළොන්නරුව සඳහා ශ්‍රීලංපොපෙ/ශ්‍රීලංනිපොස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී.
ජනක රත්නායක එක්සත් ලංකා පොදුජන පක්ෂය කෝප්පය මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති.
බත්තරමුල්ලේ සීලරතන හිමි ජනසෙත පෙරමුණ ට්‍රැක්ටරය 2010, 2015 සහ 2019 ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූ අයෙකි.
ලලිත් ද සිල්වා එක්සත් ජාතික නිදහස් පෙරමුණ කෙසෙල් ඇවරිය
සුරංජීව අනෝජ් ද සිල්වා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ රාජාලියා
එම්. තිලකරාජා ස්වාධීන කුරුළු පිහාටුව නුවරඑළිය සඳහා ජාකසං/එයජාපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී.
කීර්ති වික්‍රමරත්න අපේ ජනබල පක්ෂය කොඩිය ලංකා සමසමාජ පක්ෂය ඔහුට සහාය පළ කළේය. මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය 2024 අගෝස්තු 27 වැනිදා එළිදැක්වීය.
ප්‍රියන්ත වික්‍රමසිංහ නව සම සමාජ පක්ෂය මේසය
පානි විජේසිරිවර්ධන සමාජවාදී සමානතා පක්ෂය කතුර 2015 සහ 2019 ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූ අයෙකි.
අජන්තා ද සොයිසා රුහුණු ජනතා පක්ෂය අන්නාසි ගෙඩිය ජාතික ලැයිස්තුව සඳහා ශ්‍රීලංනිප/පොඑපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී.2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අයෙකි. එහිදී ඔහු සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කළේය.

ප්‍රතිඵල

ජාතික

අපේක්ෂකයාපක්ෂයපළමු මනාපයමුළු ඡන්ද
ඡන්ද%ඡන්ද%
අනුර කුමාර දිසානායකජාතික ජන බලවේගය5,634,91542.315,740,17955.89
සජිත් ප්‍රේමදාසසමගි ජන බලවේගය4,363,03532.764,530,90244.11
රනිල් වික්‍රමසිංහස්වාධීන2,299,76717.27
නාමල් රාජපක්ෂශ්‍රී ලංකා පොදුජන පෙරමුණ342,7812.57
පී. අරියනේත්‍රන්ස්වාධීන226,3431.70
දිලිත් ජයවීරශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය122,3960.92
කේ. කේ. පියදාසස්වාධීන47,5430.36
ඩී. එම්. බණ්ඩාරනායකස්වාධීන30,6600.23
සරත් ෆොන්සේකාස්වාධීන22,4070.17
විජයදාස රාජපක්ෂජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ21,3060.16
චමින්ද අනුරුද්ධස්වාධීන15,4110.12
සරත් කීර්තිරත්නස්වාධීන15,1870.11
කේ.ආර්. ක්‍රිෂාන්අරුණළු ජනතා පෙරමුණ13,5950.10
සුරංජීව අනෝජ් ද සිල්වාප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ12,8980.10
ප්‍රියන්ත වික්‍රමසිංහනව සම සමාජ පක්ෂය12,7600.10
නාමල් රාජපක්ෂසමබිම පක්ෂය12,7000.10
අක්මීමන දයාරතන හිමිස්වාධීන11,5360.09
නුවන් බෝපගේසමාජවාදී ජනතා සංසදය11,1910.08
අජන්තා ද සොයිසාරුහුණු ජනතා පක්ෂය10,5480.08
වික්ටර් ඇන්තනි පෙරේරාස්වාධීන10,3740.08
සිරිපාල අමරසිංහස්වාධීන9,0350.07
සිරිතුංග ජයසූරියඑක්සත් සමාජවාදී පක්ෂය8,9540.07
බත්තරමුල්ලේ සීලරතන හිමිජනසෙත පෙරමුණ6,8390.05
අබුබකර් මුහම්මදු ඉන්ෆාස්එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය6,5310.05
පේමසිරි මානගේස්වාධීන5,8220.04
මහින්ද දේවගේශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය5,3380.04
කීර්ති වික්‍රමරත්නඅපේ ජන බලය පක්ෂය4,6760.04
පානි විජේසිරිවර්ධනසමාජවාදී සමානතා පක්ෂය4,4100.03
ඕෂල හේරත්නව නිදහස් පෙරමුණ4,2530.03
රොෂාන් රණසිංහස්වාධීන4,2050.03
සරත් බණ්ඩාරනායකජාතික සංවර්ධන පෙරමුණ4,0700.03
ආනන්ද කුලරත්නස්වාධීන4,0130.03
ලලිත් ද සිල්වාUnited National Freedom Front3,0040.02
සිඩ්නි ජයරත්නස්වාධීන2,7990.02
ජනක රත්නායකeඑක්සත් ලංකා පොදුජන පක්ෂය2,4050.02
එම්. තිලකරාජාස්වාධීන2,1380.02
සරත් මනමේන්ද්‍රනව සිංහල උරුමය1,9110.01
ඒ.එස්.පී. ලියනගේශ්‍රී ලංකා කම්කරු පක්ෂය1,8600.01
Total13,319,616100.0010,271,081100.00
වලංගු ඡන්ද13,319,61697.8010,271,08175.41
වලංගු නොවන/හිස් ඡන්ද300,3002.203,348,83524.59
මුළු ඡන්ද13,619,916100.0013,619,916100.00
ලියාපදිංචි ඡන්ද දායකයින්/ප්‍රතිශතය17,140,35479.4617,140,35479.46
මූලාශ්‍ර: Election Commission of Sri Lanka

දිස්ත්‍රික්ක

පළමු වටය

අනුර කුමාර දිසානායක මහතා දිනූ දිස්ත්‍රික්ක
සජිත් ප්‍රේමදාස මහතා දිනූ දිස්ත්‍රික්ක
2024 ශ්‍රී ලාංකික ජනාධිපතිවරණයේ සාරාංශය
මැතිවරණ
දිස්ත්‍රික්කය
පළාත දිසානායක ප්‍රේමදාස වික්‍රමසිංහ වෙනත් වලංගු
ඡන්ද
අවලංගු
ඡන්ද
සමස්ත
ඡන්ද
ලියාපදිංචි
ඡන්දදායකයින්
ප්‍රකාශ කිරීම
ඡන්ද % ඡන්ද % ඡන්ද % ඡන්ද %
අනුරාධපුරය උතුරු මැද 285,944 47.37% 202,289 33.51% 82,152 13.61% 33,301 3.17% 603,686 9,782 613,468 741,862 82.69%
බදුල්ල ඌව 197,283 34.68% 219,674 38.61% 115,138 20.34% 36,829 3.13% 568,924 15,519 584,443 705,772 82.81%
මඩකලපුව නැගෙනහිර 38,832 12.19% 139,110 43.66% 91,132 28.60% 49,574 12.63% 318,648 8,876 327,524 449,686 72.83%
කොළඹ බස්නාහිර 629,963 47.21% 342,108 25.64% 281,436 21.09% 80,883 4.31% 1,334,390 31,796 1,366,186 1,765,351 77.39%
ගාල්ල දකුණු 366,721 51.45% 189,555 26.59% 107,336 15.06% 49,208 6.90% 712,820 12,541 725,361 903,163 80.31%
ගම්පහ බස්නාහිර 809,410 55.50% 349,550 23.97% 216,028 14.81% 83,401 4.05% 1,458,389 29,381 1,487,770 1,881,129 79.09%
හම්බන්තොට දකුණු 221,913 51.96% 131,503 30.79% 33,217 7.78% 40,429 9.47% 427,062 6,443 433,505 520,940 83.22%
යාපනය උතුරු 27,086 7.29% 121,177 32.60% 84,558 22.75% 138,867 37.36% 371,688 25,353 397,041 593,187 66.93%
කළුතර බස්නාහිර 387,764 47.43% 236,307 28.91% 143,285 17.53% 50,162 4.10% 817,518 16,243 833,761 1,024,244 81.40%
මහනුවර මධ්‍යම 394,534 42.26% 323,998 34.71% 162,707 17.43% 52,277 3.13% 933,516 24,153 957,669 1,191,399 80.38%
කෑගල්ල සබරගමුව 247,179 43.39% 185,930 32.64% 106,510 18.70% 30,060 2.94% 569,679 11,878 581,557 709,622 81.95%
කුරුණෑගල වයඹ 544,763 48.20% 368,290 32.58% 146,520 12.96% 70,720 4.17% 1,130,293 19,337 1,149,630 1,417,226 81.12%
මාතලේ මධ්‍යම 140,544 41.37% 121,803 35.85% 53,829 15.84% 23,558 3.96% 339,734 7,921 347,655 429,991 80.85%
මාතර දකුණු 287,662 52.46% 147,462 26.89% 79,249 14.45% 33,956 4.12% 548,329 9,687 558,016 686,175 81.32%
මොනරාගල ඌව 140,269 41.86% 134,238 40.06% 35,728 10.66% 24,847 4.60% 335,082 6,671 341,753 399,166 85.62%
නුවරඑළිය මධ්‍යම 105,057 22.17% 201,814 42.58% 138,619 29.25% 28,445 2.72% 473,935 14,643 488,578 605,292 80.72%
පොළොන්නරුව උතුරු මැද 130,880 46.12% 100,730 35.49% 36,908 13.00% 15,283 5.39% 283,801 4,962 288,763 351,302 82.19%
පුත්තලම වයඹ 207,134 44.06% 173,382 36.88% 60,719 12.92% 28,860 3.55% 470,095 8,279 478,374 663,673 72.08%
රත්නපුර සබරගමුව 291,708 39.32% 257,721 34.74% 145,038 19.55% 47,433 3.88% 741,900 15,070 756,970 923,736 81.95%
ත්‍රිකුණාමලය නැගෙනහිර 49,886 20.83% 120,588 50.36% 40,496 16.91% 28,491 11.90% 239,461 5,821 245,282 315,925 77.64%
දිගාමඩුල්ල නැගෙනහිර 108,971 25.74% 200,384 47.33% 86,589 20.45% 27,453 4.22% 423,397 6,563 429,960 555,432 77.41%
වන්නි උතුරු 21,412 9.86% 95,422 43.92% 52,573 24.20% 47,862 22.02% 217,269 9,381 226,650 306,081 74.05%
සමස්ත 5,634,915 42.31% 4,363,035 32.76% 2,299,767 17.27% 1,021,899 7.66% 13,319,616 300,300 13,619,916 17,140,354 79.46%

සිතියම්

  •  
    මැතිවරණ කොට්ඨාසයන්හි ජයග්‍රාහකයෝ
  •  
    මැතිවරණ දිස්ත්‍රික්කවල ජයග්‍රාහකයෝ

ආශ්‍රිත ලිපි

  • ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2024
  • ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය, 2024
  • ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ
  • ශ්‍රී ලංකාවේ ජනාධිපති
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 27, 2026

    ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය

  • මාර්තු 13, 2026

    ගුණදාස අමරසේකර

  • අප්‍රේල් 04, 2026

    ජෝ බයිඩන්

  • මාර්තු 22, 2026

    ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2024

  • අප්‍රේල් 04, 2026

    Viral pneumonia

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට