සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වළගම්බා හෙවත් වට්ඨ ගාමිණී අභය(වළගම්බාහු) ක්‍රි.පු. 103 සිට 77 දක්වා අනුරාධපුරය අග නගරය කර රාජ්‍ය කර වු සිංහල රජ කෙනෙකි. එතුමා රාජ්‍යයත්වයට පත් වි මාස 5 කට පසු ක

වළගම්බා රජ

  • මුල් පිටුව
  • වළගම්බා රජ

වළගම්බා හෙවත් වට්ඨ ගාමිණී අභය(වළගම්බාහු) ක්‍රි.පු. 103 සිට 77 දක්වා අනුරාධපුරය අග නගරය කර රාජ්‍ය කර වු සිංහල රජ කෙනෙකි. එතුමා රාජ්‍යයත්වයට පත් වි මාස 5 කට පසු කැරළි හා දකුණු ඉන්දිය ආක්‍රමණ හමුවේ පරාජයට පත් වි සිහසුන අහිමිවිය. නමුත් වසර 14 කට පසු ආක්‍රමණිකයන් පරාජය කර නැවත සිහසුන ලබාගැනිමට එතුමාට හැකි විය.

වළගම්බා රජ
ශ්‍රී ලංකාවේ රජ
රාජ්‍ය සමයක්‍රි.පු. 103, ක්‍රි.පු. 89 සිට ක්‍රි.පු. 77
පූර්වප්‍රාප්තිකයාමහාරට්ඨක
අනුප්‍රාප්තිකයාමහකුලි මහතිස්ස
වල්ලභයාඅනුලාදේවිය
සෝමාදේවිය
සම්පූර්ණ නාමය
වට්ඨගාමිණී අභය
පියාසද්ධාතිස්ස රජු

මාතලේ අළුවිහාරයේදි මුල්වරට ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරිම එතුමාගේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුවු මහඟු ක්‍රියාවලියකි(මේ සදහා ප්‍රාදේශීය පාලකයෙක් සහය වූ බව සදහන් වෙතත් වළගම්බා අනුග්‍රහය දැක්වූබවක් මහා වංශයේ නොදැක්වේ). ඒමෙන්ම විශාල වෙහෙර විහාර කරවිමටද එතුමා කටයුතු යොදන ලදි. ඒයින් අභයගිරි විහාරය හා ස්ථූපය, රන්ගිරි දඹුළු රජමහා විහාරය ප්‍රධාන තැනක් ගනී.සද්ධාතිස්ස රජු දුටුගැමුණු රජුගේ සහෝදරයා වේ. ඔහුට පුතුන් සිව් දෙනෙකු සිටියේය. එම පුතුන් පිළිවෙළින් ලජ්ජිතිස්ස, ථුලත්තන,ඛල්ලාඨනාග හා වට්ට ගාමිණී අභය (වළගම්බා) විය. සද්ධාතිස්ස රජු ක්‍රි.පූ.137 සිට 119 දක්වා වසර 18ක් රාජ්‍ය පාලනය කළේය. ඔහුගෙන් පසු ථුලත්තන රජු දින 40ක්, ලජ්ජිතිස්ස රජු වසර 10ක් බැගින් පාලනය කිරීමෙන් පසු ඛල්ලාඨනාග රජුට රජකම හිමිවිය.

පටුන

වට්ට ගාමිණී අභය රජු " වළගම්බා " නමින් රජ වීම

ඛල්ලාඨනාග රජුගේන් පසුව රජකම හිමිවිය යුත්තේ වළගම්බා රජුට වුවද මහාරට්ඨ නැමැති සෙනෙවි කෙනෙකු විසින් ඛල්ලාඨනාග රජු මරා රාජ්‍ය පැහැර ගන්නා ලදි.

දින කිහිපයක් තුළ තම සොහොයුරා මැරූ පලිය ගත් වට්ඨ ගාමිණී අභය කුමරු මහාරට්ඨ සෙනෙවි මරා දමා වළගම් අභා හෙවත් වළගම්බා නමින් ක්‍රි.පූ. 103 දී පළමු වරට රජකමට පත් විය.

වළගම්බා රජුගේ අගමෙහෙසිය වූයේ සෝමා දේවියයි. පුතා මහානාග කුමාරයා වේ. සොමදෙවිය සිහි විමට වලගම්බා රජු විසින් සොමවතිය නිර්මාණය කරන ලදි.

සිහසුනට පත් වීම

වළගම්බා රජු , සද්ධාතිස්ස රජුගේ හතර වෙනි පුතුයි. එතුමාගේ වැඩිමහල් සහෝදයන් වු ථුලත්තන , ලජ්ජිතිස්ස ( ලැමිණිතිස් ) , ඛල්ලාඨනාග යන රජවරුන් මෙතුමාට කලින් රාජ්‍යයත්වය දැරීය. ඛල්ලාඨනාග රජු මරා දමා මහාරක්කත නම් රජුගේ සෙනවියා සිහසුන පැහැරගෙන තිබුණි. වළගම්බා රජු සිහසුනට පත්වූයේ මහාරක්කත ඝාතනය කිරීමෙනි.

කැරළි හා ආක්‍රමණ

වළගම්බා රජු සිහසුනට පත්වන විට රටතුළ පැවතියේ ව්‍යාකූල දේශපාලන වතාවරණකි.රජුගේ පළමු රාජ්‍ය වර්ශය තුල රෝහණයේ නකුල ග්‍රාමයේ ථිය හෙවත් තිස්ස නම් බ්‍රහ්මණ වංශිකයකු සිහසුන පතා කැරැල්ලක් ඇතිකොට තිබේ.එම කාලයේදීම පංච ද්‍රවිඩ ආක්‍රමණය හෙවත් සප්ත ද්‍රවිඩ ආක්‍රමණය සිදුවිය.ද්‍රවිඩ ආක්‍රමණිකයන් හත් දෙනකුගේ නායකත්වයෙන් යුතු හත්දහසක සේනාවක් ලක්දිව ආක්‍රමණය කර තිබේ.මොවුන් වළගම්බා පරාජය කොට අනුරාධපුරයේ බලය අල්ලාගෙන තිබේ.

සත් ද්‍රවිඩ ආක්‍රමණය සහ තීය බ්‍රාහ්මණයාගේ කැරැල්ල

වළගම්බා රජු රාජ්‍යත්වයට පත්වී මාස 5ක පමණ කාලයක් ගතවූ පසු තිස්ස හෙවත් තීය නම් බ්‍රාහ්මණයෙකු විසින් රජුට එරෙහිව රුහුණු ප්‍රදේශයේ නකුල ග්‍රාමයේ කැරැල්ලක් ඇති කොට විශාල ව්‍යසනයක් සිදු කරන ලදි.

පැරණි ඉතිහාස ග්‍රන්ථවලට අනුව ඒ වන විටත් තීය බ්‍රාහ්මණයා විසින් වසර 16ක් ලංකාවේ රුහුණු ප්‍රදේශය පාලනයට නතු කරගෙන තිබුණි.

සත්ද්‍රවිඩ ආක්‍රමණය

තීය බ්‍රාහ්මණයාගේ කැරැල්ල අතරතුර ලංකාව ආක්‍රමණය කළ සත්ද්‍රවිඩයින්ගෙන් රජුට මහත් හිරිහැරයක් විය.රජු තීය බ්‍රාහ්මණයට සත් ද්‍රවිඩයින් පරාජය කළහොත් තම රාජ්‍යය ඔහුට දෙන බවට පවසා සිටියේය.රජුගේ සැලසුම වූයේ තීය බ්‍රාහ්මණයා මගින් සත් ද්‍රවිඩයින් පරාජය කොට ඉන්පසු තමා විසින් තීය බ්‍රාහ්මණයා මරා රජකම ගැනීමයි.( ඒ වන විට සත් ද්‍රවිඩයින් සහ ඔවුන්ගේ සත් දහසක හමුදාව පරාජය කිරීමට තරම් යුධ ශක්තියක් නොතිබූ බව රජුගේ මෙම උපායෙන් අපට පැහැදිලි වේ.) නමුත් රජුගේ උපාය අසාර්ථක වන්නේ සත් ද්‍රවිඩයින් විසින් තීය බ්‍රාහ්මණයා මරා තමාවද සිරගත කර රජකම අයිති කර ගැනීමට රජරට ප්‍රදේශයට පැමිණෙන බව රජුට දැනගැනීමට ලැබීමත් සමඟය.

වළගම්බා රජුගේ පසුබැසීම

මේ අනුව රජු ඇතුළු පිරිස අනුරාධපුරය අතහැර කන්ද උඩරටට පලා යද්දී පණ්ඩුකාභය රජු තැනවූ උතුරු දොරටුව අසල ආරාමයේ සිටි ජෛන ආගමික පූජකයකු වන ගිරි නම් නිඝණ්ඨයා රජු දැක "මහා කළු සිංහලයා පලා යනවා" යයි කෑ ගැසීය. එකෙනෙහිම රජු මෙසේ සිතුවේ ය. "මගේ රාජ්‍ය මට නැවත ලැබුණොත් මෙතැන විහාරයක් කරමි" අදිටන් කර ගත්තේ ය.

පස්සෙන් පන්නා ගෙන එන දෙමළ හමුදාවෙන් බේරීම පිණිස වළගම්බා රජු, එවකට ගැබ්බරව සිටි අනුලා බිසව, සෝමා දේවිය, මහානාග කුමරු, මහාචූලි මහාතිස්ස කුමරු හා රථය පදවන්නා යන සියළු පිරිස මලය දේශයට හෙවත් කන්ද උඩරටට පලා යන්නට විය.

රථයේ පිරිස වැඩි නිසා රථය සෙමෙන් ගමන් ගන්නට විය. මහාචූලි මහාතිස්ස කුමරු හා මහානාග කුමරු ආරක්ෂා කළ යුතුය. ගැබ්බරව සිටි අනුලා බිසව රථයෙන් බැස්සවිය නොහැක. සෝමා දේවිය බැස්සවීමට ද රජුට නොහැකිය. දෙමළ හමුදාව ලග ලගම එයි. රජු ව්‍යාකූලත්වයට පත් විය.

ඒ බව වටහා ගත් සෝමා දේවිය රථයෙන් බැසීමට ඉදිරිපත් විය. සෝමා දේවිය රථයෙන් බැස්සා ය. රථය වේගයෙන් ගමන් කරන්නට විය. සොළී හමුදාවේ සත් ද්‍රවිඩයින්ගෙන් එක් අයෙක් සෝමා දේවියද තවත් අයෙක් පාත්‍රා ධාතුවද රැගෙන යළි ඉන්දියාවට ගියෝ ය.

ඉන් පසු නැවත සත් ද්‍රවිඩ ආක්‍රමණිකයන්ගෙන් ඉතිරි වී සිටින පස් දෙනා වන වූ පූලහත්ථ, බාහිය, පනයමාර, පිලියමාර හා දාඨික වළගම්බා රජුගේ පළා යාමෙන් පසු හිස් වූ රජකම සඳහා එකිනෙකා මරා ගනිමින් පිළිවෙළින් වසර 14කුත් මාස 7ක් මෙරට පාලනය කළෝය.

නැවත සේනා සංවිධානය කිරීම

වළගම්බා රජු ඇතුළු පිරිස නිරුපද්‍රිතව වෙස්සගිරි විහාරය අසල ඇති වනයට ඇතුළු විය. [ වෙස්සගිරි පුදබිම තවම නියමාකාරයෙන් හදුනා ගෙන නොමැති අතර රැස්වෙහෙර පුදබිම එම ස්ථානය වන්නට පුළුවනැයි කියා අනුමාන කරයි. ] එහිදී කුපික්කල තිස්ස තෙරුන් වහන්සේ වළගම්බා රජුට හමුවූ අතර උන්වහන්සේ විසින් පිණ්ඩපාතයෙන් රජු ඇතුළු පිරිසට ආහාර ලබා දෙන ලදි. එතැනින් පලාගොස් සල්ගල අසල මාතුවේලංග නැමැති ස්ථානයේ තනසීව නම් ජන ප්‍රධානියකුගේ නිවසේ සැඟවී සිටියේ ය. කුපික්කල තිස්ස තෙරුන් වහන්සේ එතැනටද පැමිණ රජුට උපස්ථාන කළේය.

වළගම්බා රජුගේ අනුලා බිසවත් තනසීව නම් ජන ප්‍රධානියාගේ බිරිඳත් අතර දිනක් ගැටුමක් ඇතිවිය. අනුලා බිසව ඒ අවස්ථාවේදී තමා රජ බිසවක් බව අමතක නොකළා ය. මේ බැව් රජුට දැන ගැනීමට ලැබුණි. එම අවස්ථාවේදී එම ස්ථානයට රජු පැමිණි අතර එම සුළු ගැටුම දුරදිග යාමෙන් වළගම්බා රජුට 14 වසරක් සේවය කළ තනසීව නම් ජන ප්‍රධානියා රජු විසින් මරා දමන ලදි.

ඉන්පසු රජු ලෙන් විහාරවල සැඟවී සිටිමින් සේනා සංවිධානය කළේය. රජු ඉතාමත් උත්සාහයෙන් සේනා සංවිධානය කරන අතරතුරේ රජු සිටි ලෙනේ එක් කොනක මකුළුවකු දැළක් වියනු රජු දුටුවේ ය. මකුළුවා කීප වතාවක් ම අසාර්ථක විය. නමුත් අවසානයේ ඌ සාර්ථක විය. එම දර්ශනයෙන් ප්‍රබෝධමත් වූ රජු වඩාත් මැනවින් සේනා සංවිධානය කරන්නට විය.

== පූජ්‍ය එල්ලාවල මෙධානන්ද හිමියන් විසින් රචිත වලගම්බා මහරජ්ජුරුවෝ ග්‍රන්ථය වලගම්බා රජතුමා සැගවී සිට සේනා රැස්කර ස්ථාන ගැන පුරාවිද්‍යා සාධක සමග සදහන් කර තිබීම මේ සම්බන්දව සමීක්ෂණ කරන අයට පරිශීලනය කරන්න වටිනා ග්‍රන්ථයකී. මෙධානන්ද හිමියන් සදහන් කරන අන්දමට මහා මෙහෙවරක් කරන ලද දුටුගැමුණු වැනි මහාරාජයකු ආසන්නයේ සිටීම නිසා, එතුමාට ද මුහුණ දීමට සිදු වූ බලවත් බාධකවලට ද වඩා කටුක තත්වයකට මුහුණ දී ජයග්‍රහණය කරා ජාතිය මෙහෙය වූ වලගම්බා රජුගේ ආලෝකය වංසකථාවලට වැටෙන්නට ඇත්තේ අල්ප වශයෙන් බව පෙනේ. එහෙත් මේ යුගයේ පැවති ජාතික උවදුරු ගැන සලකන විට ඒවාට දිරිමත්ව මුහුණ දී රට, ජාතිය, බුදුසසුන ගලවා ගැනීමේ දී වලගම්බා රජු ඉටුකල මෙහෙවර කිසිසේත් සුලුකොට සැලකිය හැකි නොවේ. ඒ නිසා ම ජාතික වීරයෙකු වශයෙන් අප වලගම්බා මහරජ්ජුරුවන් "ඉතිහාසය නමැති සිංහාසනයේ හිදවිය යුතු වෙයි.

තීය බමුණා ඇතිකල කැරැල්ල:- වලබම්බා රජතුමා සිහසුන භාරගන්නා අවස්ථාවේ තීය කියා බමුණෙක් කැරැල්ලක් මෙහෙයවලා වලගම්බා රජුට දන්වා යවා ඇත්තේ සිහසුන තමන්ට පැවරුවේ නැත්නම් ආක්‍රමණය කරන බවයි. ඇත්තෙන්ම මේ කැරැල්ල පැනනැගුනේ මාගමෙන් හෝ දීඝවාපියෙන් නොව නකුල නගරයෙන්. ඒකට කණ්ණිකා කියල ප්‍රදේශයක් කියනවා. එල්ලාවල මේධානන්ද හිමියන් සදහන් කරන අන්දමට වැල්ලවායට සැතපුම් අටක් උතුරින් පිහිටි මිද්දෙනිය කියාත් කියනවා.

මොනරාගලට නුදුරින් දැනට නක්කල නමින් ගමක් තියෙනවා බුත්තල _මොනරාගල පාරේ හුලංදාව හන්දියෙන් බිබිල දෙසට සැතපුමක් දුරින් තමයි ඒ ගම තිබ්බේ.

මේ අනුව බ්‍රාහ්මනයන් මේ ප්‍රදේශයේ වාසය කරල තියෙනවා. මේ තීය බමුණා වලගම්බා රජතුමාට රාජ්‍ය දෙන්න කියල අභියෝග කලා කියන්නේ හොද සේනාවක් ඉදල තියෙනවා මෙයාට. ඔය පැතිවල ( මොනරාගල, බුත්තල, බිබිලේ ) තාමත් බමුණන්ගේ අක්මුල් ඇති. අඩු වශයෙන් ජනප්‍රවාද, ගැමි වහරේ කතා එහෙම තිබෙන්නට පුළුවන්.

1818 විමුක්ති අරගලේ සිංහල වීරයෙක් වන නකල්ලේ රාල. මේ වර්තමානයෙයේ නක්කල කියන්නේ පැරණි නකුල නගරය වෙන්න පුලුවන්.

බුදුදහමට මහත් සේවාවක් කල මේ ශ්‍රේෂ්ඨ රජතුමා ගැන වැඩියමක් ලියා නැත්තේ. මහාවිහාරවාසී සහ අභයගිරියවාසීන් අතර තිබුනු ආරවුල මත මහාවංසය ලියූ මහාවිහාරවාසී මහානාම හිමියන් අභයගිරිය සෑදූ වලගම්බා රජතුමා ගැන වැඩියමක් ලියා නැත. ==

  • Kings & Rulers of Sri Lanka
  • Codrington's Short History of Ceylon
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    අන්තර්ජාල ප්‍රොටෝකෝලය

  • මාර්තු 10, 2026

    බෙංගාල බොක්ක

  • අප්‍රේල් 01, 2026

    ලිංගික අප්‍රාණිකත්වය

  • අප්‍රේල් 04, 2026

    රුහුණු රාජධානිය

  • අප්‍රේල් 03, 2026

    දියවඩන නිලමේ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට