පිළිකා යනු සිරුරේ සෛලවල ඇතිවන රෝගී තත්වයකි. විවිධාකාරයේ සෛල සිරුරේ පවතින අතර,එබැවින් විවිධාකාරයේ පිළිකා එම සෛලවලින් හටගනී. සියලුම පිළිකාවලට පොදු ලක්ෂණය නම් එම පිළිකා සෛල අසාමාන්‍ය වීමත්,පාලනයකින් තොරව ගුණනය වීම්ත් යන කරුනුය. කෙසේනමුත් විවිධ පිළිකා අතර විශාල වෙනස්කම් පවතී.
| පිළිකා (Cancer) | |
|---|---|
| වෙනත් නම් | Malignant tumor, malignant neoplasm |
![]() | |
| A coronal CT scan showing a malignant mesothelioma Legend: → tumor ←, ✱ central pleural effusion, 1 & 3 lungs, 2 spine, 4 ribs, 5 aorta, 6 spleen, 7 & 8 kidneys, 9 liver | |
| උච්චාරණය |
|
| විශේෂතාව | Oncology |
| රෝග ලක්‍ෂණ | Lump, abnormal bleeding, prolonged cough, unexplained weight loss, change in bowel movements |
| අවදානම් සාධක | Tobacco, obesity, poor diet, lack of physical activity, excessive alcohol, certain infections |
| ප්‍රතිකාර | Radiation therapy, surgery, chemotherapy, and targeted therapy. |
| Prognosis | Average five year survival 66% (USA) |
| සංඛ්‍යාතය | 90.5 million (2015) |
| මරණ | 8.8 million (2015) |



ඉතා දීර්ඝ ඉතිහාසයක් පවතින මෙය පැරණිම අතිත ශිෂ්ඨාචාරය වු ඊජිප්තුවෙ මමිහි අස්ථිවල හා සමේ පිළිකා ඇති ව් තිබු බවට සාක්‍ෂි පවති. නමුත් මෙම මමී දහස් ගණනක් පරීක්ෂා කළද මෙම රෝගය සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇත්තේ කීපයක් පමණි. ඉන් මෙම රෝගය පැරණි මුතුන් මිත්තන් ට බහුලව නොවැළදුණු බව පැහැදිලිය. නමුත් අද දවසේ මෙම රෝගය ව්‍යාප්තව පවතින රටක් රාඡ්‍යයක් නොමැති තරම්ය. මෙම රෝගය ලෝකයේ ඕනෑම රටක ඕනෑම ජන වර්ගයකට ඕනෑම වයස් කාණ්ඩයක මීනිසුන්ට වැළදෙනවා වගේම ගෘහාශ්‍රිත කොටි, වලස්, ගෝන,මුව ආදී සතුන් අතරත් සමහර ගහ කොළවලද මෙම ලක්ෂණ දක්නට ලැබේ.
ලෝකය පුරාම ඉතාමත් ශිඝ්‍රයෙන් ව්‍යාප්තව වෙමින් පවතින පිළිකා රෝගය දැනටමත් බොහෝ දෙනෙකුට මරණයේ දොරටු විවර කර හමාරය. වාර්ෂිකව මිලියන 10ක් පමණ අළුතින් රෝගීන් බවට පත්වන නිසාත් ඉන් මිලියන 06කට වැඩි ප්‍රමාණයක් මිය යන නිසාත් පිළිකා කළින් හදුනා ගැනීම වැදගත්ය. සිරුරේ ඇතිවන සෑම ගෙඩියක්ම පිළිකාවක් නොවේ. නමුත් ඒ පිළිබඳව වෛද්‍ය පරීක්‍ෂණ මගින් තීරණය කරගැනීම වැදගත්ය. දේශිය වෛද්‍ය ක්‍රමයට අනුව පිළිකා රෝගය හදුන්වන්නේ,ගඩු, බන්ධන, ඇට පලා ගෙඩි, සුව කළ නොහැකි වණ ලෙසය. පිළිකා සෛල හටගන්නේ අපේ ශරීරයේ ඇති සාමාන්‍ය සෛල වලින්මය.අපේ ශෛල න්‍යෂ්ටියේ වර්ණදේහ නම් වු ජාන කොටස් විශේෂයක් ඇත. ඒය සඇත්තේ ඩී.එන්.ඒ. වලිනි. ඩී.එන්.ඒ මගින් සෛල බෙදෙන විට ඩී.එන්.ඒ දෙගුණ වී දෙකට බෙදේ. පිළිකාව හට ගැනීමට හේතුවන කරුණු නිසා සාමාන්‍ය ජාන සෑදී ඇති ඩී.එන්.ඒ විකෘති වී එම ජානය පිළිකා ජානයක් බවට පත්වේ. සෛල බෙදීම අනවශ්‍ය ලෙස සිදුවීම පිළිකාවට හේතුවය. මෙම රෝගය ඇතිවීම සදහා පුද්ගල චර්යාවද යම් ආකාරයකට බලපෑම් කරනු ලබයි.
පිළිකා ඇතිවීම සදහා බලපාන හේතුන්
- අධික දුම්කොළ භාවිතය
- අධික මත්ද්‍රවය භාවිතය
- රැකියා ආශ්‍රිත හේතුන් (ආකර/ලී කුඩු/ඇස්බැස්ටස්/ඩයි)
- පරිසර දූෂණය ආශ්‍රිත හේතුන් (වායු/ජලය/පස)
- ආහාර රටාවේ වෙනස්කම් (ක්‍ෂණික හා කෘත්‍රිම ආහාර)
- ඖෂධවල බලපෑම
- විකිරණ
- දීර්ග කාලීන ආසාදන
- ප්‍රතිශක්ති ඌණතා
- ප්‍රවේණිගත තත්වයන්
පිළිකා වර්ධනය සහ ව්‍යාප්තවීම
ස්ථානික වර්ධනය (local spread) සහ ආසන්නයේ ඇති පටක විනාශ කිරීම
පිළිකා ඉක්මනින් ගුණනයවේ. කෙසේ නමුත් පිළිකාවල අළුතින් හටගන්නා සහ ගුණනය වන සෛල වලට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂණය සඳහා රුධිර සැපයුමක් අවශ්‍යවේ. කෙටියෙන්ම කියතොත් පිළිකාවකට අවශ්‍ය රුධිර සැපයුම නොලැබී ගියහොත්, එය අල්පෙනති හිසක තුඩකට වඩා තරම්වත් විශාල නොම්වේ. පිළිකා සෛල මගින් ස්‍රාවය කරනු ලබන රසායන ද්‍රව්‍ය දැනටමත් පවත්නා රුධිර නාළ උත්තේජනය කර කුඩා රුධිර නාළිකා පිළිකාවන් වටා වර්ධනය කරවයි. මෙම හැකියාව රුධිර වාහිනී ජනකතාවය ලෙස හැඳින්වේ. පිළිකා සෛල සාමන්‍ය සෛල තල්ලුකර, ඒවා අතරට යාමට හැකියාවක් ඇත. එබැවින් ඒවා බෙදීම සහ ගුණනයවීම සිදුකර අවට ඇති සාමන්‍ය සෛල හා පටක ආක්‍රමණයකර ඒවා විනාශකිරීම සිදුකරයි.
වසානාළ සහ වසා ගැටිතිවලට ව්‍යාප්තවීම
සමහර පිළිකා සෛල ආසන්නයේ ඇති වසා නාළවලට ගමන් කරයි. (ශරීරය තුල වසා නාළ ජාලයකින් සමන්විත වන අතර එම වසා නාළ සිරුරේ ඇති සෛල වටකරමින් සහ නහවමින් පවතින “වසා” නම් වූ තරලය බැසයාමට සලස්වයි) . මෙම වසා නාල , තමන් සතුවූ වසා තරලය, වසා ගැටිති (Lymph nodes) තුලට බැස යාමට සලස්වයි. මෙම වසා ගැටිති සමහරවිට වසා ග්‍රන්ථි (lymph glands) ලෙස නම්වේ.ශරීරය පුරාම වසා ගැටිති විශාල ප්‍රමාණයක් විහිදපවතී. වසා නාල තුලට එන පිළිකා සෛල වසා ගැටිත්තක් තුලටවිත් හිරවීයයි. කෙසේ නමුත් එසේ හිරවන පිළිකා සෛල ගුණනයවී විශාල පිළිකාවක් බවට පත්වේ. පිළිකාවක් අසළ ඇති වසා ග්‍රන්ථි විශාල වී ඒවා තුල පිළිකා සහිත සෛල අන්තර්ගතවන්නේ එම හේතූන් නිසාය.
ශරීරයේ අනෙකුත් ප්‍රදේශවලට පැතිරයාම
සමහර පිළිකාසෛල ආසන්නයේ ඇති කුඩා රුධිර වාහිනී හෙවත් රුධිර කේෂනාළිකාවලට ගමන් කරයි.ඒවා එවිට රුධිර දහර ඔස්සේ සිරුරේ අන්කුත් කොටස්වලට ගමන්කරයි. එම සෛල එවිට ගුණනය වී ද්ව්තීයික අර්බුද (secondary tumour)බවට ශරීරයේ තැන් කිහිපයකදී පත්වීමට ලක්වේ. එවිට මෙම ද්ව්තීයික අර්බුද වර්ධනයවී ආසන්නයේ ඇති පටක ආක්‍රමණයකර, විනාශකර නැවතනැවතත් පැතිරයයි.
පිළිකා වර්ග
පිළිකා වර්ග 100කට වඩා පවතී. ඒවා එලෙස වර්ග කර ඇත්තේ කුමන වර්ගයේ සෛලයකින් පිළිකාව ඇරඹෙන්නේද යන්න පදනම් කරගෙනය. උදාහරණ වශයෙන් පියයුරු සෛලයක්, පෙනහළු සෛලයක්,ආදිය...
- සාමාන්‍යයෙන් එක් එක් පිළිකාවන් පහත දැක්වෙන කාණ්ඩ 3කින් එකකට අයත්වේ.
කාසිනෝමාවන් (carcinomas)
කාසිනෝමාවන් (carcinomas) යනු ශරීරය මතුපිට හෝ ග්‍රන්ථි ආස්තරනය කරනු ලබන සෛලවලින් හටගන්නා පිළිකාවන්ය.උදාහරණ- සම සහ ආන්ත්‍රය ,මුඛය ,ගැබ්ගෙල ,ශ්වසන මාර්ගය ආස්තරණය කරන සෛල යනාදිය..
සාකෝමාවන් (sarcomas)
සාකෝමාවන් (sarcomas)යනු අස්ථි හා මාංශ පේෂි වැනි සම්බන්ධක පටකවලින් හටගන්නා පිළිකාවන්ය. උදාහරණ-ඔස්ට්යෝසාකෝමා (osteasarcoma)යනු අස්ථිවලින් හටගන්නා පිළිකාවන්ය.
ලියුකේමියාව (leakeumia)
ලියුකේමියාව (leakeumia) (රුධිරයෙහි සුදු රුධිරානු අධිකවීමේ රෝගය ) සහ ලිම්ෆෝමාව (lymphoma) ( වසා ගැටිතිවල මාත්සරික අර්බුදය ) යනු පිළිවෙලින් ඇටමිදුළු සහ වසා ගැටිතිවලින් හටගන්නා පිළිකාවන්ය. වඩාත්ම බහුලව දක්නට ලැබෙන පිළිකාවන් වනුයේ : පියයුරු, පුරස්ථ ග්‍රන්ථිය,අන්ත්‍රය සහ සම ආශ්‍රිත පිළිකාවන්ය.
පිළිකා හදුනාගැනීම
විශේෂයෙන්ම මෙම රෝගය බටහිර රටවලට ව්‍යාප්ත වීම වැඩි වශයෙන් දක්නට ලැබේ. වර්තමානයෙහි මෙම රෝගයෙහි සීඝ්‍ර වර්ධනයට ප්‍රධාන හේතුවක් ලෙස කිසිදු පාලනයකින් තොරව කෘතිම රසායනික පොහොර යොදා සකස් කළ ආහාර භාවිතය, අධික මේදය සහිත ආහාර (විශේෂයෙන්ම සත්ත්ව මේදය),වඩා පවිත්‍ර හා පිරිසැකසුම් කළ ආහාර (නිවුඩ්ඩ ඉවත් කළ සහල්,රළු කොටස් ඉවත් කළ සිනි) කල් තබා ගැනීමේ අරමුණින් විවිධ ලුණු වර්ග, එක් කල ආහාර එනම් නයිට්‍රයිට හා නයිට්‍රේට, විවිධ කෘතිම වර්ණක, රසකාරක හා උත්තේජක යෙදු ආහාර,ආහාර කර්මාන්තයේ භාවිත කරන වෙනත් කෘතිම රසායනික ද්‍රව්‍ය යෙදු ආහාර, දිලිර හා වෙනත් ක්‍ෂුද්‍ර ජීවින් අඩංගු ආහාර, කෘමිනාශක හා වෙනත් විවිධ කෘෂි රසායනික ඇති ආහාර භාවිතය මේ සදහා හේතුවී ඇති බව දැන් සොයා ගෙන ඇත. පිළිකාව අද අසන්නට ලැබෙන රෝග අතුරින් ප්‍රධාන වුවකි. පිළිකා යන වචනය පවා ඇසීමට බෝහෝ දෙනෙකු බිය වෙති. මිනිසුන් එය දකින්නේ රෝගය වැලඳිමෙන් මරණය නියත බව හා වේදනාකාරී අංගවිකල වෙන විකෘති රෝගගයක් ලෙසයි.නමුත් ඇත්තටම බොහෝ දෙනෙක් මෙම රෝගයට ගොදුරු වන්නේ නොසැලකිලිමත් බව සහ නොදැනුවත් නම නිසාය.මේ සදහා නියමිත කාලයේදී ප්‍රතිකාර කරන්නේ නම් සාර්ථන ප්‍රතිඵල ලබා ගත හැන.බොහෝමයක් පිළිකා සහමුලින්ම සුව කළ හැක. නමුත් මේ පිලිබඳ මිනිසුන්ට ඇති දැනුම අවම වීම නිසා රෝගයෙන් මිය යන ප්‍රමාණය වැඩිවී ඇත. මෙනිසා මෙය කල් තියා හදුනා ගැනීම වැදගත්ය. ඇතැම් පිළිකා වර්ග බොහෝ කාලයක් ශරීරය තුළ තිබී හදිසියේම ශිඝ්‍රයෙන් ව්‍යාප්තව රෝග ලක්‍ෂණ පෙන්නුම් කරයි. අතට අසුවන තරමේ සෙ.මී.01 ක පමණවු ඉතා කුඩා පියයුරු පිළිකාවක් පවා මිලියන 500ක පමණ පිළිකා සෛල ඇති බව සොො ගෙන ඇත. එම සෛල මගින් ආසන්න පටක වගේම දුරස්ථ ස්ථානවල පටක පවා නතු කරගෙන පිළිකාවේ ද්විතික අවස්ථාන් ඇති කරයි. ඒ නිසා ප්‍රතිකාර හැකි තරම් ඉක්මන් කිරීම වැදගත්ය. ප්‍රතිකාර කර කළ හැකි පිළිකාවක් වුණත් කල් ගත වුණොත් අසාධ්‍ය තත්වයට පත් විය හැක
- කල් අල්ලා පවතින කැස්සක් හෝ කට හඬ වෙනස් වීමක
- සුව නොවන තුවාලයක්
- ගැටයක ලපයක හෝ ඉන්නෙකුගේ හදිසි වෙනස් වීමක් හෝ සීඝ්‍ර වර්ධනයක්
- පියයුරුවල හෝ අන් තැනක ගැටයක් හෝ ඝන වීමක්
- යෝනි මාර්ගයේ අකුමවත් ලේ වහනයක් හෝ ස්‍රාව වහනයක්
- මළ හෝ මුත්‍රා පහ කිරීමේ පුරුදු වල වෙනසක් හෝ මළ සමග ලේ පහවීමක්
- කල් අල්ලා පවතින අජීරණ තත්වයක් හෝ ගිලීමේ අපහසුවක් වැනි කරුනක් ඇති වුවෙහාත් ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්ය.
එක් එක් පුද්ගලයාට අනුව පිළිකාවක් විවිධාකාර වේ.පිළිකා සදහා ප්‍රතිකාර කිරීමේදී එහි අවස්ථා හදුනා ගැනීම ඉතාමත් වැදගත්.පිළිකාවේ සියුම් කොටස් කපා පරික්‍ෂා කිරීමෙන් හ පිළිකා සෛල පැතීරීයන පටක(ඇටමිදුඵ)පරික්‍ෂා කිරීමෙන් හෝ පිළිකා ග්‍රන්ථි කපා පරික්‍ෂා කිරීමෙන් ප්‍රතිකාර සදහා පදනම සකසා ගත හැක.
- පිළිකාවක් කලින් හදුනා ගැනීම සදහා
- කිරණ ජායා රූප ක්‍රම (x-Ray/Barium Enema/Mammography)
- ස්කෑන් ක්‍රම(MRI/ CT/ US Scanning)
- ශරීරෙයේ අභ්‍යන්තර අවයවයන්හි කුඩා කොටස් පිටතට ගෙන පරීක්‍ෂා කිරීම(endoscopy/ Colonoscopy)
- ද්‍රව තරල පිටතට ගෙන පරීක්‍ෂා කිරීම(Bone Marrow Biopsy FNAC) වැනි පරීක්‍ෂණ මගින් පිළිකා කල් තබා හදුනා ගත හැක.
මීට අමතරව,
- දුම්කොළ,දුම්වැටි හා අධික මත් පැන් භාවිතය අවම කිරීම
- පළිබෝධනාශක,රසකාරක,වර්ණකාරක හා කෘතිම දෑ රහිත ස්වාභාවික එළවළු සහ පළතුරු ආහාරයට එක්කර ගැනීම
- ප්‍රමාණවත් ව්‍යායාම සහ ක්‍රියාශීලි ජීවන රටාවක් අනුගමනය කිරීම
- සැහැල්ලු මනසකකින් දිවි ගෙවීම
- නිවැරදි ලිංගික චර්යා අනුගමනය
- අවුරුදු 35 ඉක්මවු කාන්තාවන් පැප් පරීක්‍ෂණය සදහා යොමු විම
- ස්යං මුඛ සහ පියයුරු පරීක්ෂා කර ගැනීම
පිළිකා අනතුරු සංඟ පිළිබද නිතර අවධානයෙන් සිටීම සහ ඒවැනි විටක වෛද්‍ය උපෙෙදස් ගැනිම වැනි පුරුදු මගින් පිළිකා රෝගය පමණක් නොව මරු වන හෘද රෝග,දියවැඩියාව වැනි රෝග ද වලක්වාගත හැක.
පිළිකාවක් යනු සිරුරෙහි ඇති සෛල කාණ්ඩයක ඇතිවන රෝගී තත්ත්වයකි. මෙහිදි එම අදාල සෛල කාණ්ඩය එහි සාමාන්‍ය විභේදන සීමාවෙන් ඔබ්බට පාලනයකින් තොරව වර්ධනයක් පෙන්නුම් කරන අතර එම සෛල අවට ඇති පටක වෙතට ආක්‍රමණශීලි ලෙස ව්‍යාප්ත වීමෙන් ඒවා විනාශ කරන අතරම සිරුරෙහි වෙනත් ස්ථාන වෙත වසා පද්ධතිය හෝ රුධිරය මගින් පිළිකා සෛල ව්‍යාප්ත කෙරේ. ඉහත කී ලක්ෂණ තුන මගින් පිළිකාවක් පිළිකාවක් නොවන වර්ධනයකින් වෙන්කර ගත හැකිය. පිළිකාවක් නොවන වර්ධනයක් එයට සීමා වන අතර අවට ඇති පටක වෙත ආක්‍රමණශීලි නොවන අතර සිරුරේ වෙනත් ස්ථාන වෙත එම සෛල ගමන් කිරීමක් සිදු නොවේ. බොහෝ පිළිකා අවස්ථා වලදී ගෙඩියක් වැනි වර්ධනයක් පෙන්නුම් කරන අතර ලියුකේමියාව වැනි පිළිකාවන්හිදී එසේ වීමක් සිදු නොවේ.
පිළිකාවන් සියළුම වයස් කාණ්ඩ වලට ඇති විය හැකිය. නූපන් කළලයකට පවා පිළිකාවක් ඇති විය හැකි නමුත් වයස් ගත වීමත් සමගම පිළිකා ඇති වීමේ අවධානම හා බහුලතාවය ඉහළ යයි. පිළිකාවන් මගින් සියලුම මරණ වලින් සියයට 13 කට වග කියනු ලැබේ. ඇමරිකානු පිළිකා සංගමය මගින් කළ අධ්‍යයනයකට අනුව වසර 2007 දී ෙලාව පුරා පිළිකා නිසා සිදු වු මරණ සංඛ්‍යාව මිලියන 7.6 කි. මිනිසුන්ට හැරුණු කළ සතුන්ට හා ශාක වලටද විවිධ වර්ගයේ පිළිකාවන් ඇතිවිය හැකිය.
ආසන්න වශයෙන් සියළුම පිළිකාවන් ඇති වනුයේ වෙනස් වු සෛල වල න්‍යෂ්ටික ද්‍රව්‍යයන් හි ඇති වන අසාමානතාවයන් නිසාය. මෙම අසාමාන්‍යතා ඇති වීමට හේතු වනුයේ සිගරට් දුම, විකිරණ, රසායනික ද්‍රව්‍ය හෝ රෝග කාරක වැනි පිළිකා කාරකයන්ය. වෙනත් පිළිකා ඇති කිරීම වේගවත් කරන ජාන වල අසාමාන්‍යතා ඩී.එන්.ඒ වල බෙදීමේදී අහඹු ලෙස උරුම වන අතර ඒවා උපතේදී සියලුම සෛල තුළ දක්නට ලැබේ. පිලිකා කාරක සහ ජානමය ද්‍රව්‍ය අතර ඇති වන සංකිර්ණ අන්තර් ප්‍රතික්‍රියා මගින් ඇතැම් පුද්ගලයින් පමණක් එම පිළිකා කාරක වලට නිරාවරණය වීමෙන් අහිතකර බලපෑම් වලට ලක්වන්නේ කුමන හේතුවක් නිසාද යන වග විස්තර කරයි. ඩී.එන්.ඒ. මෙතිල්කරණය සහ ක්ෂුද්‍ර ආර්.එන්.ඒ. යන පිළිකා ඇති කිරීමට තුඩු දෙන ජාන විද්‍යාවේ නවතම සොයාගැනීම් වැදගත් සංකල්පයක් ලෙස ඉහළ වටිනාකමක් ගනී.
පිළිකාවල දක්නට ලැබෙන ජාන විකෘතිතා ප්‍රධාන ජාන වර්ග දෙකකට අයත්වේ. පිළිකා ඇති කිරීමට උපකාරීවන පිළිකා ජාන (Oncogenes) පිළිකා සෛල තුළ බොහෝ විට ක්‍රියාකාරීව පවතී. මෙමගින් එම අදාල සෛල වෙත වේගවත් වර්ධනය සහ විභේදනය ඇති කිරීම, ස්වාභාවිකව සිදුවන සෛල මරණයට එරෙහි ආරක්ෂාවක් ලබාදීම, සාමාන්‍ය පටක සීමාවන් වෙත රැදිසිටීමේ හැකියාව අවම කිරීම සහ විවිධ සෛල වටපිටාවන් කරෙහි ප්‍රශස්ථ ලෙස ස්ථාපිත වීමට හැකියාව ලබාදීම යන නව ගුණාංගයන් ලබාදී ඇත. අනෙක් ජාන වර්ගය වන පිළිකා මර්ධන ජානය මෙකී සෛල තුළ අක්‍රීයව පවතී. එමගින් එම සෛල වල සාමාන්‍ය ක්‍රියාකාරිත්වය අහිමි වේ. උදා- නිවැරදි ඩී.එන්.ඒ. විභේදනය, සෛල චක්‍රයෙහි පාලනය, අනෙක් සෛල හා පටක කෙරෙහි එම සෛල වල සකස් වීම සහ ප්‍රතිශක්ති කරණ පද්ධතියේ ආරක්ෂිත සෛල සමග ඇති වන ප්‍රතික්‍රියා.
"කාසිනෝමා ඉන් සිටු" (carcinoma in situ) හෙවත් “එකතැන්හි පිළිකාව පැවතීම”
අසාමාන්‍ය පිළිකා සෛල ඒවා උපන් මුල් ස්ථානයට පමණක් සීමාවීම යන මූලික අවස්ථාව “කාසිනෝමා ඉන් සිටු” ලෙස හැඳින්වේ. මෙම පිළිකා අව්ධියේදී පිළිකාව වර්ධනය නොවී, පිළිකා සෛල සිරුරේ අනෙකුත් ප්‍රදේවලට පැතිර නොගොස්, පිළිකාව උපන් තැනම පවතී. මෙලෙස බොහෝ පිළිකා නියමාකාර පිළිකාවක් බවට වර්ධනයවී පැතිරායමට පෙර මාස ගණන් හෝ වසර ගණන් මෙම අක්‍රිය , නිද්‍රා අවස්ථාව (dormant stage) පසුකරයි. මෙයට හේතුව නම් “කාසිනෝමා ඉන් සිටු” නම් අවධියේදී එයට සාමාන්‍ය ලෙස නව රුධිර වාහිනී සෑදීම උත්තේජනයකළ නොහැකිවීමයි. මෙසේ එවාට අළුත් රුධිර වාහිනී සෑදීම උත්තේජනය කළ නොහැකිවුවහොත් ,පිළිකාව වර්ධනය හෝ ව්‍යාප්තිය සිදු නොවේ.“කාසිනෝමා ඉන් සිටු” හි ඇති සෛල එකක් හෝ කිහිපයක් කාලයත් සමග වෙනස් වීමකට ලක් වනබවට පරිකල්පනයක් පවතී. (සමහර ජාන වෙනස් වීමමගින්).
එවිට මෙමගින් එම සෛලවලට අළුත් රුධිර වාහිනී සෑදීම සඳහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය ස්‍රාවය කළ හැකිවේ. එවිට පිළිකාව ඉහත සඳහන් කළ ආකාරයට වර්ධනයවීම් සහ පැතිරයාම සිදුවේ.“කාසිනෝමා ඉන් සිටු” අවස්ථාවේ අන්තර්ගතවන්නේ ඉතා ස්වල්ප සෛල ප්‍රමාණයක් වන බැවින්, එය ස්කෑන් මගින් හෝ එක්ස් කිරණ මගින් අනාවරණය කළනොහැකි ලෙස ඉතා කුඩා වේ.
කෙසේ නමුත් සමහර පරීක්ෂණ මගින් “කාසිනෝමා ඉන් සිටු” හඳුනාගත හැකිය. උදාහරණ ලෙස ගැබ්ගෙල සෛල ගෙන, අන්වීක්ෂය මගින් බලා කරනු ලබන පරීක්ෂණය (pap smear) මගින් ගැබ්ගෙල පිළිකාවලට අදාළ “කාසිනෝමා ඉන් සිටු”නම් අවස්ථාව හඳුනාගත හැකිය. මෙම අවස්ථාවේදී විශේෂිත ප්‍රථිකාර මගින් මෙම සෛල විනාශකර පිළිකා ඇතිවීම වළක්වාගත හැකිය. සමහර අවස්ථාවල්දී ශරීරයේ පටක විශ්ලේෂණ පරීක්ෂාව (Biopsy)මගින් අදාළ ශරීර කොටසින් ඉතා කුඩා කැබැල්ලක් ලබාගෙන “කාසිනෝමා ඉන් සිටු” අවස්ථාව හඳුනාගත හැකිය.
ප්‍රතිකාර
පිළිකාවක් සාමාන්‍යයෙන් වර්ගීකරණය කරනු ලබන්නේ එම පිළිකා සෛල හටගත් පටකයට අදාලවය. එසේත් නැත්නම් එය වඩාත්ම සමීප සම්බන්ධතාවයක් දක්වන සාමාන්‍ය සෛල වල නමිනි. එනම් පිලිවෙලින් සෛල පහිටා ඇති ස්ථානය සහ පටක විද්‍යාවට අනුකූලවය. පිළිකාවක් ඇති බවට මුලිකම ඉගිය අදාල රෝග ලක්ෂණ හෝ විකිරණ වේදී ප්‍රතිරූපණ ක්‍රමයක අසාමාන්‍යතාවයක් වුවද ඒ සදහා නිශ්චිත රෝග නිර්ණයක් සදහා ව්‍යාධිවේදියෙකු විසින් ලබාගන්නා පටක කොටසක් පටක විද්‍යානුකූල පරීක්ෂණයකට භාජනය කිරීම අත්‍යවශ්‍යවේ. බොහෝ පිළිකා සදහා ප්‍රතිකාර කළ හැකි අතර එක් එක් පිළිකාවේ වර්ගය , පිහිටා ඇති ස්ථානය සහ පිළිකායව් වර්ගීකරණය අනුව ඇතැම් ඒවා සදහා පුර්ණ සුවය ලබාදිය හැකිය. වරක් රෝග නිර්ණය කළ පසුව පිළිකාවක් සදහා ප්‍රතිකාර කරනු ලබන්නේ සැත්කම්, රසායනික චිකිත්සාව සහ විකිරණ චිකිත්සාව යන අංගයන් හි සංකලනයක් ලෙසය. පිළිකාවන් සම්බන්ධ සමීක්ෂණ වැඩි දියුණු වීමත් සමගම විවිධ වර්ගයේ පිළිකාවන් සදහා ලබාදෙන ප්‍රතිකාර වර්ග වඩාත් සුවිශේෂ වී ඇත. ජාන විකෘතිතා ඇති පිළිකා සෛල මත පමණක් ඉලක්ක කරගනිමින් ප්‍රතිකාර ලබාදෙන ඖෂධ වල වර්ධනයේ කැපී පෙනෙන දියුණුවක් ඇති වීමත් සමගම එමගින් සාමාන්‍ය සෛල කෙරෙහි සිදුවන හානිය අවම කෙරේ. පිළිකා රෝගියෙකුගේ රෝගය සුව කිරීමට ඇති හැකියාව පිළිකාවේ වර්ගය එය කොතෙක් දුරට වර්ධනය වී ඇත්ද යන්න මත බලපායි. තවද එක් එක් පුද්ගලයන් සදහා නිශ්චිත ප්‍රතිකාර ක්‍රම නිර්ණය කිරීම සහ රෝගයෙහි තත්වය පිළිබද අවබෝධයක් ලබාගැනීම සදහා පටක විද්‍යාත්මක වර්ගීකරණය සහ පිළිකා සදහා විශේෂිත අණුක සලකුණු උපකාරීවේ.
මෙම අඩවි බලන්න
- Cancer