| මෙම ලිපිය ක්‍රිස්තියානි ආගම පිළිබඳ ලිපි මාලාවක කොටසකි | |
| කිතු දහමේ ඉතිහාසය | |
| ශුද්ධවූ ත්‍රීත්වය | |
| බයිබලය | |
| දේව ධර්ම ශාස්ත්‍රය | |
| ක්‍රිස්තියානි සභාව | |
නව ගිවිසුම බයිබලයේ දෙවන කොටසයි. අලුත් ගිවිසුම යනුවෙන් ද හඳුන්වයි.
(ඊට පළමු වන කොටස හෙබ්රව් බයිබලයයි.) පැරණි ගිවිසුම. මෙය ග්‍රීක ගිවිසුම. ග්‍රීක ශුද්ධ වූ ලියවිලි යනුවෙන් ද හඳුන්වයි. මෙය ග්‍රීක ශුද්ධ ලියවිලි ලෙස ද හැඳින්වේ. (මෙය ග්‍රික භාෂාවෙන් පරිවර්තනය කරන ලද්දකි.) මෙහි මුල් ආකෘතිය ලියනු ලැබුවේ ක්‍රි.ව. 45 පසු හා ක්‍රි.ව. 1540 පෙර සිටි කතෘවරුන් විසිනි. (Koine Greek භාෂාවෙනි.) එහි ග්‍රන්ථ 27 ක් සියවස් ගණනක් පුරා ම ඒකරාශි කොට තනි ග්‍රන්ථයක් බවට පත් කෙරිණි. නව ගිවිසුම, නූතන බටහිර සංස්කෘතිය හැඩගැස්වීමට බොහෝ සෙයින් ඉවහල් වේ. බහුතරයකගේ නිකායන් මෙම ග්‍රන්ථ 27 (ජේසුස් ක්‍රිස්තුගේ පුජක ධුරය සම්බන්ධ කරගත් සිදුවීම් / කතාන්තර සතර, එනම් ශුබාරංචියයි.) සමග එකඟ වේ. මෙහි සටහන් කර ඇති ග්‍රන්ථ නිශ්චිත පිළිවෙකට තිබිය යුතු යැ යි කියා සැලකිල්ලට නො ගැනේ. ජේසුස් වහන්සේ Aramiaia භාෂාවෙන් කථා කළ ද නව ගිවිසුම ලියා තිබුණේ ග්‍රීක භාෂාවෙනි. අලුත් ගිවිසුම - නිර්මාණය කළ දිනයන්
නිර්මාණය කළ යුගය
සම්ප්‍රදායට අනුව, පාවුළුගේ ලියවිලි ශුද්ධ ලියවිල්ලේ පෙරමුණ ගත්තේය. එහි අවසානයට පත් වූයේ ජෝහාන්ගේ ලියවිලිය. (renaeus of Lyons) ඉරේනියස් පැවැසූ අන්දමට මතෙව් හා මාක් ගේ ශුභාරංචි ලියැවුණේ පේදුරු හා පාවුළු රෝමයේ දේශනා කරන කාලයේය. ලුක් ශුභාරංචිය ද එම කාලයේම හෝ ඊට ටික කලකට පසුව ලියැවුණු බව ඔහු පැවසුවේය.
නව ගිවිසුමේ ඇති ශුද්ධ ලියවිලිවල දිනගත කිරීම් සම්බන්ධයෙන් බොහෝ වියත්තු එකඟත්වය පළ කළ හ. ඒ අනුව ශුභාරංචියේ මාක්ව 65 ට පෙර ද 75 ට පසු ද දින ගත කර තිබේ. මතෙව්ව දින ගත කර ඇත්තේ 70 – 85 අතර දීය. ලුක්ව 80- 95 අතර දින ගත කර ඇත. නව ගිවිසුමේ මුල් ග්‍රන්ථය වන්නේ පාවුළුගේ සන්දේශය වන පළමු තෙසලෝනිවරුන්ය. සංස්කෘතික ලේඛකයන් නො වූවන්ගේ සන්දේශ 70 -150 ත් අතර දින ගත කෙරේ.
1830 දී ජර්මානු වියතුන් විසින් මෙම ග්‍රන්ථ 3 වන සියවසටත් පසුව දිනගත කර තිබේ. නමුත් අලුත් ගිවිසුමේ පිටපත් හා අසම්පූර්ණ කොටස් අවසාන වශයෙන් දින ගත කිරීමේ දී විවිධ හේතු නිසා ප්‍රශ්න නැගේ. ඊට අමතරව අලුත් ගිවිසුමේ ග්‍රන්ථ 27 ක් අතුරින්, 10 ක් කොරින්ත් සභාවේ ලියවිලි මඟින් උපුටා දක්වන අතර, ඉන් 16 ක් ෆිලිප්පි සභාවේ ලියවිලි මඟින් උපුටා දැක්වේ. ඒ අනුව අලුත් ගිවිසුමේ සමහර ග්‍රන්ථ පළමු දළ සටහන් වේ. ඉතිරි ග්‍රන්ථ ඊට පසු කාලයේ දී Clement හෝ Polycarp මඟින් සම්පූර්ණ කළ බවට නිශ්චිත කළ හැකි වේ.
නව ගිවිසුම - ආධිපත්‍යය
විවිධ අවබෝධතා හා නිසි ආධිපත්‍යවලින් එකිනෙකට වෙනස් වුවත් සියලුම ක්‍රිස්තියානුවෝ නව ගිවිසුමට ගෞරවය දක්වති. නව ගිවිසුමේ ආධිපත්‍ය අදහස්, දේවානුභාව මතයන් මත තීරණය වේ. යම් පුද්ගලයකු බයිබලය හා සම්බන්ධ ධර්මය (Inerrancy) පිළිගන්නා තරමට ම, දෙවියන් වහන්සේගේ චරිතය පිළිබඳව එම කෙනාගේ දේවානුභාවය ඉමහත්ය. මෙම පදයන්හි අර්ථය පැහැදිලි කිරීමට අපහසු බැවින් මේවා අවුල් සහගත විය හැකිය. නමුත් මෙම පද මෙලෙස තේරුම් ගත හැකිය.
- Infallibility - නොවරදිනසුලු බව, ධර්මය සම්බන්ධයෙන් බයිබලය ඒකාන්තයෙන් ම නිවැරදි වීම.
- Inerrancy - කරුණු අවධාරණයන් අනුව බයිබලය ඒකාන්තයෙන් ම නිවැරදි වීම.
- Authoritativeness - සදාචාරය සම්බන්ධ ප්‍රශ්නවල දී බයිබලය ඒකාන්තයෙන් ම නිවැරදි වීම.
ආචාර්ය පීටර් ස්ටෝනර් වැනි ක්‍රිස්තියානු වියත්තු බයිබලයේ දිවැසියාව දැක, බයිබලයේ දේවානුභාවය සම්බන්ධයෙන් තර්ක කළ හ. මෙ ලෙස තර්ක කිරීමට හේතු වූයේ බයිබලය විශ්වාස කළ හැකි බව පෙන්වීමට යි. බටහිර දේශය හාස්කම් පිළිබඳ සාක්ෂි මෙයට විරුද්ධව උපයෝගි කරගති. හාස්කම් ගැන විශ්වාසයක් නොමැති බටහිර ජනතාව විසින් (David hume) ඩේවිඩ් හුම්ගේ තර්ක හෝ (Deism) ඩෙයිසම් ගේ තර්ක ඉදිරිපත් කරනු ලැබේ.
මෙම සියලුම මතයන්ට අදාළ අදහස්, බයිබලයේ අඩංගු විවිධ ග්‍රන්ථ (ඉතිහාසය, කාව්‍ය) වලින් නිවැරදි ලෙස පහදා දෙනු ලැබෙයි.
