සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රංගනට වයස අවුරුදු 26 කි. ඔහුගේ එකම බලාපොරොත්තුව ගායකයකු වීමයි. දෙවැන්න මෝටර් සයිකලයක් මිළයට ගැනීමයි. ඔහු ජීවත් වනුයේ අම්මා සමඟය. අම්මා සුළු වෙළඳාමකින් ජීවත් වෙය

මෝටර් බයිසිකල්

  • මුල් පිටුව
  • මෝටර් බයිසිකල්
මෝටර් බයිසිකල්
අධ්‍යක්‍ෂණයශමීර රංගන නාඔටුන්න
රචනයශමීර රංගන නාඔටුන්න
නිශ්පාදනයසුරංග ජයසූරිය
සිනෙමාරූපණයවිශ්වජිත් කරුණාරත්න
සංස්කරණයතිස්ස සුරේන්ද්‍ර
සංගීතයඅජිත් කුමාරසිරි
නිකුත්වූ දිනය
  • අගෝස්තු 26, 2016 (2016-08-26)

කතාව

රංගනට වයස අවුරුදු 26 කි. ඔහුගේ එකම බලාපොරොත්තුව ගායකයකු වීමයි. දෙවැන්න මෝටර් සයිකලයක් මිළයට ගැනීමයි. ඔහු ජීවත් වනුයේ අම්මා සමඟය. අම්මා සුළු වෙළඳාමකින් ජීවත් වෙයි. රංගන ජීවත් වනුයේ සමාජ ශාලාවක ගිටාර් වාදනය කරමිනි. අම්මා උපයන සුළු මුදල ඔවුනගේ ජීවිකාව යන්තම් ගැට ගසා ගන්නට ප්‍රමාණවත්ය. අලුත් මෝටර් බයිසිකලයක නැඟී සිය පෙම්වතිය සමඟ ගමන් බිමන් යාම ඔහුගේ එකම සිහිනයයි. ඔහුගේ සංගීත කණ්ඩායම අසල්වැසියන්ට මහත් කරදරයකි. එහි පුහුණුව සිදු වනුයේ බාධා මධ්‍යයේය.

මෝටර් බයිසිකලයක් පිළිබඳ සිහිනය සැබෑ කර ගැනීමට රංගන සිය මවගේ රන්මාලය උකස් කිරිමට ඇයට පෙරැත්ත කරයි. අම්මා අකමැත්තෙන් වුවද ඒ සඳහා කැමැත්ත පළ කරන්නේ සිය පුතාගේ සිතැඟි ඉටුකර ගැනීම සඳහාය. මෝටර් බයිසිකලය නගරයේ ව්‍යාජ ලෙස මෝටර් සයිකල් අලෙවි කරන ස්ථානයකින් ගත් එකක් වීම ඔහුගේ ජීවිතය වඩාත් අවුලකට පත් කිරීමට හේතු වනු ඇතැයි ඔහු අපේක්ෂා නොකළේය. ඔහු සිය පෙම්වතිය සමඟ මෙම සයිකලයේ නැඟී සැරි සරන්නට පටන් ගනී.

රංගනය

  • දසුන් පතිරණ - රංගන
  • සමනලී ෆොන්සේකා - ටානියා
  • වීණා ජයකොඩි - රංගනගේ මව
  • මහේන්ද්‍ර පෙරේරා - මංජු
  • කුමාර තිරිමාදුර - ත්‍රිරෝද රථ රියදුරා
  • කළණ ගුණසේකර - ජිම්මා
  • නෙතලි නානායක්කාර - භට්ටාගේ මව

නිෂ්පාදනය

කලා අධ්‍යක්ෂණය – රංගන සේනානායක ශබ්ද පරිපාලනය – අරුණ ප්‍රියන්ත කළුආරච්චි වේෂ නිරූපණය – ප්‍රියන්ත එස්. වන්නිනායක සහය අධ්‍යක්ෂණය – දමින්ද ඩී. මඩවල නිෂ්පාදන කළමනාකරණය – දිපාල් ගුණරත්න

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    චෙක් ජනරජය

  • අප්‍රේල් 09, 2026

    ලූෂන් බුලත්සිංහල

  • අප්‍රේල් 29, 2026

    සුගලා දේවිය

  • අප්‍රේල් 12, 2026

    වලිසිංහ හරිශ්චන්ද්‍ර

  • මාර්තු 19, 2026

    අර්ජුන රණතුංග

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට