සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ආර්සිනෝයි III ෆිලොපේටර් (පුරාතන ග්‍රීක: Ἀρσινόη ἡ Φιλοπάτωρ; අර්ථය "පියාට ආදරය කරන ආර්සිනෝයි", ක්‍රි.පූ. 246/245 – 204) යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ විසූ රැජි

ඊජිප්තුවේ තෙවන ආර්සිනෝයි

  • මුල් පිටුව
  • ඊජිප්තුවේ තෙවන ආර්සිනෝයි

ආර්සිනෝයි III ෆිලොපේටර් (පුරාතන ග්‍රීක: Ἀρσινόη ἡ Φιλοπάτωρ; අර්ථය "පියාට ආදරය කරන ආර්සිනෝයි", ක්‍රි.පූ. 246/245 – 204) යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ විසූ රැජිනකි (ක්‍රි.පූ. 220 – 204). ඇය IIIවන ටොලමි සහ IIවන බෙරෙනිස්ගේ දියණිය වූවා ය.

ආර්සිනෝයි III තියා ෆිලොපේටර්
ඊජිප්තුවේ රැජින
උපතක්‍රි.පූ. 246–245 පමණ
මරණයක්‍රි.පූ. 204
වල්ලභයාටොලමි IV
දරුවන්ටොලමි V එපිෆේනස්
සම්පූර්ණ නාමය
ආර්සිනෝයි III තියා ‍ෆිලොපේටර්
රාජවංශයටොලමයික
පියා‍ටොලමි III
මවබෙරෙනිස් II

ක්‍රි.පූ. 220 ඔක්තෝබර් මස අග සිට නොවැම්බර් මුල දක්වා කාලය තුළ ඇයව ඇගේ සොයුරා වූ IVවන ටොලමි හට විවාහ කර දී තිබේ. ඇය රාජ්‍ය පාලනය සඳහා ක්‍රියාකාරීව දායක වූ අතර, අවම වශයෙන් බලවත් අමාත්‍ය සොසිබියස් පවා ඇයට ඉඩ දී තිබේ. ක්‍රි.පූ. 217 රැෆියා සටනේ දී මහා ඇන්ටියෝකස් සමග යුධ වැදීමට ඇය විසින් පාබල සහ අශ්වා‍රෝහක හමුදා මෙහෙයවා තිබේ. ඇය Vවන ටොලමිගේ මව වූවා ය. ක්‍රි.පූ. 204 ග්‍රීෂ්ම ඍතුවේ දී මාලිග ක්‍රමන්ත්‍රණයකින් ඇයව ඝාතනය කෙරුණේ ඇගේ සැමියාගේ මරණින් මඳ කලකට පසුවයි. ඉරටොස්තීනිස් විසින් රචනා කරන ලද ආර්සිනෝයි නැමැති අත්පිටපත මෙම රැජින පිළිබඳ මතක සටහනක් ලෙස සැලකේ. පුරාතන විද්වතුන් රැසක් මේ පිළිබඳ සඳහන් කොට තිබුණ ද, වර්තමානයේ එය දක්නට නැත.

පෙළපත

ඊජිප්තුවේ IIIවන ආර්සිනෝයිහි පවුල
16. ලේගස්
8. ටොලමි I සෝටර්, ඊජිප්තුවේ පාරාවෝ
17. මැසිඩෝනියාවේ ආර්සිනෝයි
4. ටොලමි II ෆිලඩෙල්ෆස්, ඊජිප්තුවේ පාරාවෝ
18. මැසිඩෝනියාවේ මේගස් (=26)
9. ඊජිප්තුවේ Iවන බෙරෙනිස් (=13)
19. මැසිඩෝනියාවේ ඇන්‍ටිගෝන් (කැසැන්ඩර්ගේ දියණිය) (=27)
2. ටොලමි III යුවර්ජිටිස්, ඊජිප්තුවේ පාරාවෝ
20. පෙලාහි ඇගතොක්ලිස්
10. ලිසිමේකස්, ත්‍රේස්, සුළු ආසියාව සහ මැසිඩෝනියාවේ රජ
21. ආර්සිනෝයි
5. ආර්සිනෝයි I
22. ඇන්ටිපේටර්, මැසිඩෝනියාවේ අනුරාජයා
11. මැසිඩෝනියාවේ නිෂීයා
1. ආර්සිනෝයි III තියා ෆිලොපේටර්, ඊජිප්තුවේ රැජින'
24. ඇමින්ටස්
12. ෆිලිප්
6. මේගස්, සයිරෙනයිකාහි රජ
26. මැසිඩෝනියාවේ මේගස් (=18)
13. ඊජිප්තුවේ Iවන බෙරෙනිස් (=9)
27. මැසිඩෝනියාවේ ඇන්‍ටිගෝන් (කැසැන්ඩර්ගේ දියණිය) (=19)
3. ඊජිප්තුවේ IIවන බෙරෙනිස්
28. සෙලියුකස් I නිකේටර්, සෙලියුකිඩ් අධිරාජ්‍යයේ බැසිලියස්
14. ඇන්ටියෝකස් I සෝටර්, සෙලියුකිඩ් අධිරාජ්‍යයේ බැසිලියස්
29. ඇපාමා (ස්පිටමේනස්ගේ දියණිය)
7. ඇපාමා II
30. ඩිමෙට්‍රියස් I, මැසිඩෝනියාවේ රජ
15. සිරියාවේ ස්ට්‍රැටොනිස්
31. මැසිඩෝනියාවේ ෆිලා (22ගේ දියණිය)
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    සිදත් සඟරාව

  • මාර්තු 15, 2026

    එස්‌. මහින්ද හිමි

  • අප්‍රේල් 09, 2026

    යුදෙව් විරෝධවාදය

  • අප්‍රේල් 03, 2026

    සාකච්ඡාව:සිංහල අකුරු

  • අප්‍රේල් 22, 2026

    මහරජ ගැමුණු

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට