සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මොණරාගල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ ඌව පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි ප්‍රමාණය 5,639 වර්ග කිලෝ මීටර (6.070×1010 sq ft) ක් වන අතර

මොණරාගල දිස්ත්‍රික්කය

  • මුල් පිටුව
  • මොණරාගල දිස්ත්‍රික්කය

මොණරාගල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ ඌව පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි ප්‍රමාණය 5,639 වර්ග කිලෝ මීටර (6.070×1010 sq ft) ක් වන අතර සම්පූර්ණ ජනගහණය 2012 වන විට[update] 448,194 ක් විය. මොණරාගල දිස්ත්‍රික්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 කින් සමන්විත වේ.

මොණරාගල දිස්ත්‍රික්කය
පරිපාලන දිස්ත්‍රික්කය
මොණරාගල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
මොණරාගල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
ඛණ්ඩාංක: 6°40′N 81°20′E / 6.667°N 81.333°E / 6.667; 81.333
රට ශ්‍රී ලංකාව
පළාතඌව පළාත
විශාලතම නගරයමොණරාගල
සරිය
 • මුළු5,639 කිමී2 (2,177 සතරැස් සැත)
 • භූමිය5,508 කිමී2 (2,127 සතරැස් සැත)
 • ජලය131 කිමී2 (51 සතරැස් සැත)
ජනගහණය(2012)
 • මුළු448,194
 • ඝණත්වයBad rounding here79/කිමී2 (Bad rounding here210/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)
ISO 3166 කේතයLK-82

මොණරාගල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25න් දෙවන විශාලතම දිස්ත්‍රික්කයය වේ. වර්ග ප්‍රමාණය 5,636 km2 (2,176 sq mi)කි. මෙහි අගනගරය වනුයේ මොණරාගල නගරයයි. සෙසු ප්‍රධාන නගර ලෙස කතරගම, වැල්ලවාය, බුත්තල, තණමල්විල, බඩල්කුඹුර, සියඹලාණ්ඩුව, බිබිල, සෙවනගල දැක්විය හැකිය.

අමතර තොරතුරු

  • මොණරාගල දිස්ත්‍රික්කයේ ඇති ප්‍රධාන ජලාශ කිහිපයක් ලෙස සේනානායක සමුද්‍රය, මුතුකණ්ඩිය ජලාශය, වෙහෙරගල ජලාශය, හදපානාගල ජලාශය හා උඩවලව ජලාශය ආදිය දැක්විය හැකිය. මෙම දිස්ත්‍රික්කය හරහා ගලා බස්නා ගංඟා ලෙස මැණික් ගඟ, හුලංදා ඔය, ගල් ඔය, හැඩ ඔය, කුඹුකන් ඔය හා කිරිඳි ඔය දැක්විය හැකිය. මෙම දිස්ත්‍රික්කයේ ඇති ජාතික වනෝද්‍යාන ලෙස යාල ජාතික වනෝද්‍යානය, ගල් ඔය ජාතික වනෝද්‍යානය හා උඩවලව ජාතික වනෝද්‍යානය දැක්විය හැකිය. මෙම ජාතික වනෝද්‍යාන ඇතුලුව තවත් බොහෝ සංචාරක කලාප වලට මොණරාගල දිස්ත්‍රික්කය නිවහන සපයයි.
  • කතරගම පූජා නගරය - මෙය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන පූජා භූමියකි. ලොව ඇති අතලොස්සක් වූ සර්ව ආගමික මධ්‍යස්ථාන අතරින් එකකි. මෙම පූජා භූමිය තුල කතරගම මහා දේවාලය, කිරි වෙහෙර ආදී ඓතිහාසික වටිනාකමක් සහිත ස්ථාන පිහිටා ඇත. මෙය මූලිකවම ලාංකික බෞද්ධයන්ගෙ හා ලාංකික දමිළ, දකුණු ඉන්දියානු දමිළ ජනතාවගේ පූජා භූමිකකි. මේ ආශ්‍රිතව ඇති සෙල්ල කතරගම හා වැඩහිටි කන්දද තවත් වැදගත් ස්ථාන කිහිපයක් වේ. එමෙන්ම කතරගම මහ දේවාලයේ පෙරහැරද මෙහි වූ තවත් විශේෂත්වයකි.
  • මරගල කදු පන්තිය - මෙය මොණරාගල නගරයට පිටුපසින් අභිමානවත්ව නැගී සිටින කදු පංතියකි. මරගල කදු වැටිය 25km2 භූමියක් පුරා විසිරී පවතින අතර 10km දිගකින් යුක්ත වේ.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 25, 2026

    ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන

  • මාර්තු 12, 2026

    දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය

  • අප්‍රේල් 05, 2026

    හඩ්සන් සිල්වා

  • මාර්තු 31, 2026

    දියවැඩියාව

  • අප්‍රේල් 05, 2026

    එඩ්වින් විජයරත්න

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට