සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අයිතිකාරත්වය කොටස් ලෙස කොටස් හුවමාරුවක ගනුදෙනු කල හැකි ලෙස මහජනයා වෙත නිකුත් කර ඇති නීතිගත සංස්ථාවක් පොදු සමාගමක් හෙවත් ජනතා සමාගමක් ලෙස හඳුන්වයි. සමහර රටවල නෛත

පොදු සමාගම

  • මුල් පිටුව
  • පොදු සමාගම

අයිතිකාරත්වය කොටස් ලෙස කොටස් හුවමාරුවක ගනුදෙනු කල හැකි ලෙස මහජනයා වෙත නිකුත් කර ඇති නීතිගත සංස්ථාවක් පොදු සමාගමක් හෙවත් ජනතා සමාගමක් ලෙස හඳුන්වයි. සමහර රටවල නෛතිකව සමාගමක විශාලත්වය අධිකරණය මගින් තීරණය කරන අගයට වඩා වැඩිවූ විට අනිවාර්යයෙන් කොටස් හුවමාරුවට ලියාපදිංචි කිරීම සිදුකල යුතුය.

පටුන

පොදු සමාගමක කොටස්

සාමාන්‍ය භාවිතාවේදී පොදු සමාගමක අයිතිකාරත්වය විශාල පිරිසක් අතර බෙදීයයි, පුද්ගලික සමාගමක අයිතිකාරත්වය එහි හවුල්කරුවන්ට සීමාවේ. නමුත් පොදු සමාගමක් යනු අයිතිකරුවන් විශාල සංඛ්‍යාවක් සිටින සමාගමක් යන අර්ථදැක්වීම සාවද්‍යය.

ව්‍යාපාරයක් පොදු සමාගමක් කිරීමේ වාසි

පොදු සමාගමක් ප්‍රග්ධනය සපයාගැනීම කොටස් හෝ බැඳුම්කර විකිණීම මගින් සිදුවේ. පෞද්ගලික සමාගමට විශාල ප්‍රාග්ධන අවශ්‍යතාවයක් පැන නැගුන විට මේසා විශාල ප්‍රාග්ධනයක් ඉපැයීම අපහසු කරුණකි. කොටස් හෝ බැඳුම්කර වලින් ලැබෙන ලාභය ලාභාංෂ ලෙස කොටස් හිමිකරුවන්ට ලබාදීම සිදුකරයි. මෙය සමාගමට හා සමාගමේ කොටස් මිලදී ගන්නා පාර්ශවයන්ට වාසි සහගත තත්වයක් ලෙස දැක්විය හැකිය.

පොදු සමාගමක අවාසි

බොහෝ කොටස් හුවමාරු විසින් එ්වාගේ ලියාපදිංචි වී ඇති පොදුසමාගමල විනිවිදභාවය සුරකිනු වස් කලින් කලට විගණනයන් සිදුකරනු ලබයි. මේ සඳහා රට තුල ප්‍රසිද්ධ විගණන සමාගම් දායක කරගනී. එම විගණන සමාගම් ව්‍යාපාරයේ මුල්‍ය දත්ත විගණනය කරනු ලබන අතර එම වාර්තා කොටස්කරුවන්ට ලබාදීමට පොදුසමාගම් නෛතිකව බැඳී පවතී. මේ සඳහා සැලකිය යුතු වියදමක් දැරීමට සිදුවන අතර තරඟකාරී සමාගම් වලට අදාල සමාගමේ දත්ත සෘජුව ලබාගැනීමේ හැකියාවද පවතී. මෙයට වාරෂිකව හා කාර්තුකට වරක් ව්‍යාපාරය නිකුත් කරන වාර්තාද ඇතුලත් වේ.

සාමාන්‍ය නැඹුරුව

කොලඹ කොටස් වෙලඳපොල තුල පොදු සමාගමක් ලෙස කටයුතු ආරම්භ කිරීම සඳහා මහජන කොටස් නිකුතුවක් ලෙස ලියාපදිංචි විය යුතුය. ඉන්පසුව පොදු සමාගමේ කොටස් මිලදී ගැනීම හා විකිණීම ආරම්භ වේ. මෙහිදි මූලිකව තැරැව්කාර සමාගම් විසින් කොටස් මිලට ගන්නා අතර (Primary Market) පසුව තැරැව්කාර සමාගම් විසින් කොටස්කරුවන් වෙත කොටස් විකිණීම සිදුවේ (Secondary Market).

ගනුදෙනුව හා ආගණනය

පොදු සමාගමක කොටස් කොටස් හුවමාරුව තුල ගනුදෙනු කිරීමේදී ව්‍යාපාරයේ ප්‍රමාණය වැදගත් කරුණක් වේ. එහිදී ප්‍රමාණය යනුවෙන් හැඳින්වෙන්නේ ව්‍යාපාරයේ වෙලඳපොල ප්‍රාග්ධනායනය (Market Cap) වේ. මෙය සමාගමේ හුවමාරු වන කොටස් ගණන කොටස් මිලෙන් ගුණ කිරීමෙන් ලබාගනී. නමුත් මෙය සාධාරණ වෙලඳපොල තක්සේරුව (Fair Market Value) ලෙස වරද්දා ගත යුතු නොවේ. වෙලඳපොල ප්‍රාග්ධනායනය මූලිකව කොටස් ගනුදෙනු වන ප්‍රමාණය මත රඳා පවතී.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 11, 2026

    ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය

  • අප්‍රේල් 12, 2026

    ඌරා ළිඳ

  • අප්‍රේල් 18, 2026

    ඇකඩමි සම්මානය

  • අප්‍රේල් 21, 2026

    නාරා ප්‍රාන්තය

  • අප්‍රේල් 08, 2026

    රවී කරුණානායක

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට