සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

බොහෝ සමාගම් දේශීය නීතිය යටතේ ලියාපදිංචි කරන අතර ඒවා කොටස් නිකුත් කරන හා කොටස් නිකුත් නොකරන සමාගම් ලෙස වෙන් වෙන්ව දැක්විය හැක. කොටස් නිකුත් කරන සමාගම් තමන්ට අවශ්

නීතිගත සංස්ථා

  • මුල් පිටුව
  • නීතිගත සංස්ථා

බොහෝ සමාගම් දේශීය නීතිය යටතේ ලියාපදිංචි කරන අතර ඒවා කොටස් නිකුත් කරන හා කොටස් නිකුත් නොකරන සමාගම් ලෙස වෙන් වෙන්ව දැක්විය හැක. කොටස් නිකුත් කරන සමාගම් තමන්ට අවශ්‍ය ප්‍රාග්ධනය උපයා ගැනීම සඳහා කොටස් විකුණන අතර ඒවා සාමාන්‍යයෙන් ලාභ අරමුණු කරගත් සමාගම් වේ. කොටස් නිකුත් නොකරන සමාගම් වල කොටස්හිමියන් නොමැති නමුත් ඒවායේ සාමාජිකයන්ට ඇතැම්විට ඡන්ද අයිතිය තිබිය හැක.

ඇතැම් අධිකරණ බල ප්‍රදේශ (උදාහරණ ලෙස Washington) කොටස් නිකුත් කරන හා කොටස් නිකුත්‍ නොකරන සමාගම් වෙනුවට ලාභ අරමුණු කරගත් හා ලාභ අරමුණු කර නොගත් සමාගම් ලෙස සමාගම් වර්ග කර ඇත.

පටුන

හිමිකාරීත්වය සහ පාලනය

සැදුම

ඓතිහාසිකව සංස්ථා නිර්මාණය වී ඇත්තේ රජය මගින් නිකුත් කල අධිකාරි පත්‍රයන් මගිනි. අද වන විට සංස්ථා සාමාන්‍යයෙන් රජයේ, පළාතේ හෝ ජාතික ආණ්ඩුවේ ලියාපදිංචි වනු ලැබේ. මෙම ලියාපදිංචිවීමෙන් අනතුරුව ඒවා රජය මගින් පනවන ලද නීති මගින් විධිමත් ලෙසට පාලනය වන ආයතනයක් බවට පත්වේ. වගකීම් සීමිත ව්‍යාපාරයක් ලෙසට සංස්ථාව උපකල්පනය කිරීමට, ලියාපදිංචිය ප්‍රධාන පූර්ව අවශ්‍යතායයක් වේ. මෙම ලියාපදිංචි කිරීමේ කාර්යයේදී සංස්ථාවේ සහ ලියාපදිංචි නියෝජිතවරයෙකුගේ (ක්‍රියාවලිය තුළ නෛතිකමය සේවාවක් ලබාගැනීමට හැකියාවක් ඇති බවට නම් කරන ලද සමාගමක් හෝ පුද්ගලයෙක්) ප්‍රධාන ලිපිනය නම් කිරීම අත්‍යාවශ්‍ය වේ. එසේම මෙම ලියාපදිංචි කිරීමේ කාර්යයේදී, සමහර විට නියෝජිතවරයෙක් හෝ ගොනු කරන ලද නීතිමය හෝ බලඅධිකාරයක් මත පදනම්වන සංස්ථාවේ වෙනත් නෛතික නියෝජිතවරයෙක් නම්කිරීම අත්‍යාවශ්‍ය වේ. සාමාන්‍යයෙන් සංස්ථාවක් ආණ්ඩුවත් සමගින් සංස්ථාවේ පවතින සාමාන්‍ය ස්වභාවය, නිකුත් කිරීමට බලයලත් කොටස් පරීම මාණය සහ අධ්ය‍ක්ෂකවරුන්ගේ නම් සහ ලිපිනයන් ඇතුළත් ව්‍යවස්ථාවලියක් ගොනු කරනු ලැබේ. එම ව්‍යවස්ථාවලිය අනුමත වන විට, සංස්ථාවේ අධ්‍යක්ෂවරු රැස්වී රැස්වීම් ක්‍රියා පටිපාටිය, නිලධාරී තනතුරු වැනි සංස්ථාවේ අභ්‍යන්තර කටයුතු පාලනය කරන අතුරු නීති නිර්මාණය කරනු ලබයි. සංස්ථාවක් මෙහෙයවන නෛතික වූ බලඅධිකාරිමය නීතිය මගින් එහි අභ්‍යන්තර කටයුතු වැඩි ප්‍රමාණයක් මෙන්ම එහි මූල්‍යයද විධිමත් ලෙසට පාලනය වෙයි. තමන්ගේ මව් රාජ්‍යයෙන් පිටත යම් සංස්ථාවක් මෙහෙයවන්නේ නම් එය අදාළ රාජ්‍යයේ ”විදේශ සංස්ථාවක්” ලෙසට ලියාපදිංචි විය යුතු අතර මීට මුළුමනින්ම සහ නිතරම සත්කාරක රටේ රැකියා, අපරාධ, කොන්ත්‍රාත්, සිවිල් ක්‍රියාකාරකම් වැනි අංශවලට අදාළ වන නීතිරීතිවලට යටත්ව ක්‍රියා කල යුතුය.

නම් කිරීම පොදුවේ සලකන විට සංස්ථාවලට නිශ්චිත නමක් තිබේ. ඓතිහාසික තොරතුරු දෙස බලද්දී, සමහර සංස්ථා නම් කර තිබෙන්නේ ඒවායේ සාමාජිකත්වය ලබාගත් පසුවයි. නිදසුනක් ලෙසට ”ද පරටත සිඩන්ට් ඇන්ඞ් ෆෙලෝස් ඔෆ් හාවඞ් කොලේජ්” නම් සංස්ථාව පෙන්වා දිය හැකිය. අද වන විට වඩාත් නෛතිකමය තත්වයක් තුලින් ලබාගත් නිශ්චිත නමක් සංස්ථාවලට තිබේ. නමුත් එය, ඔවුන්ගේ සාමාජිකත්වය ලබාගැනීම සඳහා යොමු කරවීමක් අවශ්යා නොවේ. විශේෂයෙන් කැනඩාව තුළ මේ හැකියාව දක්නට ලැබේ. එහි බොහෝ ප්‍රමාණයක් කුඩා කැනේඩියානු සමාගම්වලට නමක් ඇත්තේ ම නැත. ඔවුන් ඒ වෙනුවට භාවිතා කරන්නේ ”පලාත් අලෙවි බදු ගෙවීමේදී” එක් එක් සංස්ථාවලට ලබාදෙන ලියාපදිංචි අංකයයි. හුදෙක්ම එකිනෙක සංස්ථා වෙන් වෙන්ව හඳුනාගැනීමට ඔවුන් භාවිත කරන්නේ ඒ එකිනෙකට අදාල ඉහතින් සඳහන් කළ අංකය වේ. (නිදසුනක් ලෙසට- ”12345678 ඔන්ටාරියෝ ලිමිටඞ්”) බොහෝ රටවල සංස්ථාපිත නම් තුළ ”සංස්ථාව” නම් පදය ඇතුළත්ව තිබේ. නොඑසේනම් සංස්ථාපිත තත්ත්වයෙන් යුත් ආයතන හැඳින්වීම සඳහා භාවිත කරන කෙටි යෙදුමක් ඒ නම්වල අඩංගු වේ. නෛතිකමය හෝ වෙනත් බලඅධිකාරිමය සාධක සහ භාෂාවට අනුව මෙම යෙදුම් වෙනස් වේ. සමහර නීතිමය හෝ වෙනත් බලඅධිකාරීන් තුළ ඒවා අනිවාර්ය වේ. නමුත් සමහර ඒවා තුළදී එය අනිවාර්ය නොවේ (භාවිත කරන නම් හෝ කෙටියෙදුම්). ඒවායේ භාවිතයන් නිර්මාණාත්මක දැක්මක් හරහා වගකීම් සීමිත ආයතන සමග ගණුදෙනු කිරීමට සිදුවන සියලූම අයට දැනුම් දෙනු ලැබේ. එය සිදුවන්නේ එම ආයතන පිහිටුවන ලද පුද්ගලයන් වෙත එය නැවත ළඟා නොවන බවට දැනුවත්භාවය තුලය. සමහර නෛතික හෝ වෙනත් බලඅධිකාරීන් සංස්ථාපිත තත්ත්වය හැඟවීම සඳහා ”සමාගම්” යන වචනය පමණක් භාවිත කිරීමට ඉඩ නොදේ. එයට හේතුව වන්නේ සමහර විට ”සමාගම” යන වචනය තුළ හවුල් ව්යා පාරයක් හෝ කේවල ස්වාමි ව්‍යාපාරයක් සඳහන් කිරීමටද හැකි බැවිනි. එලෙසම පෞරාණිකව සලකද්දී අනවශ්‍ය ලෙස එකතුවුණු පුද්ගල කණ්ඩායමක් හැඳින්වීමටද එම වචනය භාවිත කළ හැකිය. (නිදසුනක් ලෙසට, තානායමක රෑඳී සිටින අය)

ලාභ අරමුණු කරගත් හා ලාභ අරමුණු කර නොගත් සමාගම්

නූතන ආර්ථික ක්‍රමය තුල සමාගම් යහපාලනයේ සම්ප්‍රදායන් පොදුවේ විවිධ ව්‍යාපාර හා ලාභ අරමුණු කර නොගත් ක්‍රියාකාරකම්ද දක්නට ලැබේ. මෙම ව්‍යවස්ථාවන් සැකසූවන්ව පාලනය කරන නීතීන් බොහෝවිට වෙනස් වුවද ලාභ උපදවන ව්‍යාපාර සඳහා බලපාන නීති බොහෝ විට උසාවි මඟින් අර්ථ දක්වනු ලබන විට ලාභ ඉපදවන ව්‍යාපාර වලට මූලධර්ම අදාල කරන විට අධිකරණයක් විසින් ලාභ උපදවන හා ලාභ නූපදවන ව්‍යාපාර ව්‍යුහයක් සමාන තත්වයන්හි සලකමින් මෙම ව්‍යාපාර ව්‍යුහයන්ට බලපාන නීති අර්ථ දක්වනු ලැබේ.

ආශ්‍රිත ලිපි

  • සංස්ථා
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    ආක්ෂක ආනතිය

  • අප්‍රේල් 06, 2026

    ශුද්ධවූ ත්‍රීත්වය

  • අප්‍රේල් 06, 2026

    Chemical compound

  • මාර්තු 31, 2026

    පටිච්චසමුප්පාදය

  • අප්‍රේල් 08, 2026

    ඊඩ්ස් ඊජිට්යි

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට