සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

පංච ද්‍රවිඩ ලෙස සාමාන්‍යෙයන් හැඳින්වෙන්නේ , ක්‍රි.පූ.  103 සිට ක්‍රි.පූ. 88 දක්වා වසර 14 ක් එකිනෙකා මරා රජවෙමින් අනුරාධපුර සිට ලක්දිව රජරට රාජධානිය පාලනය කල බොහ

පංච ද්‍රවිඩ

  • මුල් පිටුව
  • පංච ද්‍රවිඩ


පංච ද්‍රවිඩ ලෙස සාමාන්‍යෙයන් හැඳින්වෙන්නේ , ක්‍රි.පූ.  103 සිට ක්‍රි.පූ. 88 දක්වා වසර 14 ක් එකිනෙකා මරා රජවෙමින් අනුරාධපුර සිට ලක්දිව රජරට රාජධානිය පාලනය කල බොහෝවිට පාණ්ඩ්‍ය රාජවංශයට අයත් වියහැකි ද්‍රවිඩ නායකයන් පස් දෙනෙකි.

ද්‍රවිඩයන් පස් දෙනා
ර‍ටරජරට රාජධානිය
අභිධානරජරට රජ
මුල්ම රජපුලහත්ථ
අවසන් රජදාඨික
ජනවර්ගයද්‍රවිඩ

පටුන

පසුබිම

ප්‍රධාන ලිපිය: රජරට රාජධානිය

ද්‍රවිඩයන් පස් දෙන විසින් දිවයින ආක්‍රමණය කිරීමට පෙර, රජරට පාලනය කලේ, වට්ටගාමිණී අභය ලෙසින්ද හැඳින්වුනු, වළගම්බා රජ (ක්‍රිපූ 104–103, ක්‍රිපූ 89–76) විසිනි. දකුණු ඉන්දියාවෙන් පැමිණි ආක්‍රමණිකයන් පස් දෙන විසින්, ක්‍රිපූ 103 දී, වළගම්බා රජ බලයෙන් පහකොට, ක්‍රිපූ 89 වන තුරු රට පාලනය කරන ලද අතර, එවිට වළගම්බා රජ විසින් ඔවුන් පරාජය කොට, යළි සිහසුන හිමි කර ගත්තේය.

පාලකයෝ

පුලහත්ථ

පුලහත්ථ
අනුරාධපුරයේ රජ
රාජ්‍ය සමයක්‍රිපූ 103– ක්‍රිපූ 100
පූර්වප්‍රාප්තිකයාවළගම්බා රජ
අනුප්‍රාප්තිකයාබාහිය
මරණයක්‍රිපූ 100

පුලහත්ථ යනු ද්‍රවිඩයන් පස් දෙනගෙන් පළමුවැන්නා විය. පස් මසකට පෙර සිහසුනට පත් පාලක රජතුමාවූ වළගම්බා රජ බලයෙන් පහ කල ඔහු, දකුණු ඉන්දියාවෙන් පැමිණි, පාණ්ඩ්‍ය රාජවංශයේ දෙමළ නායකයෙකි. ඔහුගේ ප්‍රධාන අමාත්‍ය ලෙසින් බාහිය පත් තල හෙතෙම, වසර තුනක් රාජ්‍යය පාලනය කලේ, ක්‍රිපූ 100 දී බාහිය විසින් ඔහු මරා දමන තෙක්ය.

බාහිය

බාහිය
අනුරාධපුරයේ රජ
රාජ්‍ය සමයක්‍රිපූ 100– ක්‍රිපූ 98
පූර්වප්‍රාප්තිකයාපුලහත්ථ
අනුප්‍රාප්තිකයාපණය මාර
මරණයක්‍රිපූ 98

බාහිය යනු ද්‍රවිඩයන් පස් දෙනාගෙන් දෙවැන්නා වූ අතර, හෙතෙම ක්‍රිපූ 100 සිට ක්‍රිපූ 98 දක්වා රාජ්‍ය පාලනය කලේය. පුලහත්ථගේ පාලන සමයේදී ප්‍රධාන අමාත්‍ය වූ හෙතෙම, ඔහු මරා රජකම පැහැර ගති. බාහියගේ පාලන සමය කෙලවර වූයේ, ඔහු සිහසුනට පත්ව වසර දෙකක් ගත වත්ම, ඔහුගේ අග්‍රාමාත්‍ය වූ පණය මාර විසින් ඔහු මරා දැමීමත් සමගය.

පණය මාර

පණය මාර
අනුරාධපුරයේ රජ
රාජ්‍ය සමයක්‍රිපූ 98– ක්‍රිපූ 91
පූර්වප්‍රාප්තිකයාබාහිය
අනුප්‍රාප්තිකයාපිලිය මාර
මරණයක්‍රිපූ 91

ක්‍රිපූ 98 සිට ක්‍රිපූ 91 දක්වා රාජ්‍යය පාලනය කල පණය මාර , ද්‍රවිඩයන් පස් දෙන ගෙන් තෙවැන්නාවූ අතර, ද්‍රවිඩයන් පස් දෙනා අතුරින් වැඩිම කලක් රාජ්‍යය පාලනය කල තැනැත්තා විය. සිහසුනට පත් වීමට පෙර, හෙතෙම බාහිය යටතේ අග්‍රාමාත්‍යය තනතුර දැරූ අතර, පණය මාර විසින් බාහිය මරා රාජ්‍යය පැහැරගෙන සිහසුනට පත්වූයේ ඔහුගේ අග්‍රාමාත්‍යය ලෙසින් පිලිය මාර පත් කරමිනි.

පිලිය මාර

පිලිය මාර
අනුරාධපුරයේ රජ
රාජ්‍ය සමයක්‍රිපූ 91– ක්‍රිපූ 90
පූර්වප්‍රාප්තිකයාපණය මාර
අනුප්‍රාප්තිකයාදාඨික
මරණයක්‍රිපූ 90

අනුරාධපුරයේ රජ ලෙසින් පිලිය මාර රාජ්‍ය පාලනය සිදු කලේ ක්‍රිපූ 91 සිට ක්‍රිපූ 90 දක්වා වෙයි. ඔහුගේ පූර්වප්‍රාප්තිකයන් කල අයුරින්ම සිහසුන ඩැහැගත් හෙතෙම, පණය මාර ඝාතනය කලේ ඔහුගේ ප්‍රධාන අමාත්‍ය ලෙසින් කටයුතු කරමින් සිටියදීය. ද්‍රවිඩයන් පස් දෙන අතුරින්, අඩුම පාලන කාලය සහිත වූයේ පිලිය මාර වන අතර, ඔහුගේ ප්‍රධාන අමාත්‍ය දාඨික විසින් ඔහු මරා රජකම පැහැර ගැනුමට පෙර එය පැවැතියේ සත් මසක් පමණි.

දාඨික

දාඨික
අනුරාධපුරයේ රජ
රාජ්‍ය සමයක්‍රිපූ 90– ක්‍රිපූ 88
පූර්වප්‍රාප්තිකයාපිලිය මාර
අනුප්‍රාප්තිකයාවළගම්බා රජ
මරණයක්‍රිපූ 88

දාඨික යනු ද්‍රවිඩයන් පස් දෙනාගෙන් අවසන් තැනැත්තේ වූ අතර ක්‍රිපූ සිට ක්‍රිපූ 88 දක්වා රාජ්‍ය පාලනය කලේය. දාඨික සිහසුනට පත් වූයේ ඔහුගේ රජු පිලිය මාර ඝාතනය කිරීමෙන් වන අතර, එවිට හෙතෙම ඔහුගේ ප්‍රධාන අමාත්‍ය විය. ක්‍රිපූ 88 දී වළගම්බා රජ විසින් ඔහු මරා දමා සිහසුන පැහැර ගනිමින් විජය රාජ වංශය යළි ස්ථාපිත කලේය. ඊළඟ වසර 12 තුල වළගම්බා රජු විසින් අනුරාධපුර රාජධානිය පාලනය කෙරිණි.

ආශ්‍රිත

  1. "චැප්ටර් II දුට්ට් ගාමිණී ටු කස්ස්ප ඔෆ් සීගිරිය තර්ඩ් සෙන්චරි බී.සී.- සික්ස්ත් සෙන්චරි ඒ.ඩී". http://lakdiva.org. සම්ප්‍රවේශය 12 දෙසැම්බර් 2011. {{cite web}}: External link in |publisher= (help)
  2. "කිං වට්ටගාමිණී: වලගම්බාහු (104 බීසි – 104 බීසී)". Mahavamsa.org. සම්ප්‍රවේශය 12 දෙසැම්බර් 2011.
  3. "c.33: ද ටෙන් කිංස්". Mahavamsa.org. සම්ප්‍රවේශය 12 දෙසැම්බර් 2011.
  4. "ශ්‍රී ලංකා සිංහල රෝයල් ෆැමිලි ජීනියාලජි". රූට්ස්වෙබ්. සම්ප්‍රවේශය 12 දෙසැම්බර් 2011.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    කළුතර දිස්ත්‍රික්කය

  • මාර්තු 23, 2026

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

  • මාර්තු 23, 2026

    ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය

  • අප්‍රේල් 05, 2026

    උමා (දෙවඟන)

  • මාර්තු 17, 2026

    දේවානම්පිය තිස්ස රජ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට