සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අනුරාධපුර රාජධානිය ශ්‍රී ලංකාව තුළ පළමුවන රාජධානිය යි.මෙය අතීත සිංහල රජදරුවන් විසින් ගොඩනගන ලදි. පණ්ඩුකාභය රජ විසින් රාජධානියක් ලෙස ක්‍රි.පු. 377 ගොඩනඟන ලදි. අන

අනුරාධපුර රාජධානිය

  • මුල් පිටුව
  • අනුරාධපුර රාජධානිය

අනුරාධපුර රාජධානිය ශ්‍රී ලංකාව තුළ පළමුවන රාජධානිය යි.මෙය අතීත සිංහල රජදරුවන් විසින් ගොඩනගන ලදි. පණ්ඩුකාභය රජ විසින් රාජධානියක් ලෙස ක්‍රි.පු. 377 ගොඩනඟන ලදි. අනුරාධපුර රාජධානිය ශ්‍රී ලංකා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම යුගයකි. බුදු දහම මඟින් අනුරාධපුර රාජධානිය කාලාව, සංස්කෘතික, දේශපාලන පෞඩ ඉතිහාසය කරා ලඟා කරන ලදි. බුදු දහම අනුරාධපුර රාජධානිය තුළ ආරම්භ වන්නේ දේවානම්පියතිස්ස රජතුමා විසිනි. අනුරාධපුර යුගයේ ශ්‍රේෂ්ඨ රජු ලෙස දුටුගැමුණු රජතුමා නම් කළ හැක. මිට අමතරව වළඟම්භා රජතුමා, ධාතුසේන රජතුමා ද ශ්‍රේෂ්ඨ රජවරු වේ. මෙම රජවරු රට පාලනය කරන සමය අනුරාධපුර රාජධානියේ ශ්‍රේෂ්ඨතම යුගයයි. රාජධානිය මුලික වශයෙන් කෘෂිකර්මය මත පදනම් විය.මල්වතු ඔය ආශ්‍රිතව බිහිවි පසුව වැව් තැනිම මඟින් වියලි කලාපය පුරා ව්‍යාප්ත විය.වසභ සහ මහසෙන් රජවරු විසින් කෘෂිකර්ම කටයුතු සඳහා මහගු මෙහෙවරක් ඉටු කරන ලදි. වර්තමාන වන විටද නඩත්තු රහිතව වී ගොවිතැන සඳහා ප්‍රධාන වශයෙන් ජලය සපයන්නේ එකල තනන ලද වැව් විසිනි. ලංකාව තුල ඇති වැව් වැඩි ප්‍රමාණයක් පිහිටන්නේ ද අනුරාධපුර රාජධානිය පිහිටි ප්‍රදේශය ආශ්‍රිතව ය."රජරට" ලෙස ව්‍යවහාර කරන්නේ ද මේ නිසා ය. කෘෂිකර්මයට අමතර ගෘහ නිර්මාණ ශිල්පයේ ශ්‍රේෂ්ඨත්වය විඳහා පාමින් වර්තමාන තුළ රටේ සංචාරක කර්මාන්තයට මහඟු ආශීර්වාද වෙමින් සිගිරිය, රුවන්වැලි මහා සෑය, චෙතවනාරාමය අග්‍රගන්‍ය නිර්මාණ බිහි කළේ ද මෙම යුගය තුළ යි. එකල පැරණි ලෝකයේ විශාලතම ගොඩනැගිල්ලක් ලෙස පිළිගැනෙන ලොවාමහාපය අනුරාධපුර යුගයේ ඉංජිනේරු ශිල්පයේ ශ්‍රේෂ්ඨත්වය විඳහාපායි. වර්තමානය වන විට මෙම නිර්මාණ බොහොමයක් ගල්කණු වලට සීමා වී ඇත. දකුණු ඉන්දීය ආක්‍රමණ සහ රටේ දේශපාලන අස්ථාවරත්වය වැනි හේතු මත අනුරාධපුර රාජධානිය ක්‍රි.ව. 11වන සියවස වනවිට පරිහානියට පත් විය.

අනුරාධපුර රාජධානිය

අනුරාධපුර රාජධානිය
ක්‍රි.පු. 377–ක්‍රි.ව. 1017
හී කොඩිය
දුටුගැමුණු රජුගේ රාජධානිය තුල භාවිතා කළ ධජයයි.
අනුරාධපුර රාජධානිය තුළ ස්වාධීන ප්‍රදේශ ඇතුළත් සිතියමකි. මෙහි රජරට ලෙස නම් කළ ප්‍රදේශය අනුරාධපුර රාජධානියේ මුලික පාලනය ප්‍රදේශයයි.
අනුරාධපුර රාජධානිය තුළ ස්වාධීන ප්‍රදේශ ඇතුළත් සිතියමකි. මෙහි රජරට ලෙස නම් කළ ප්‍රදේශය අනුරාධපුර රාජධානියේ මුලික පාලනය ප්‍රදේශයයි.
අගනුවරඅනුරාධපුර නගරය
නිල භාෂා(ව)සිංහල, දෙමළ(දකුණු ඉන්දීය පාලන සමයේ)
ආගම
බුදු දහම, හින්දු දහම(දකුණු ඉන්දීය පාලන සමයේ), වෙනත් සුළුතර ආගම්
රජයරාජ්‍ය
• ක්‍රි.පු. 377 සිට ක්‍රි.පු. 367 දක්වා
පණ්ඩුකාභය රජු
• ක්‍රි.ව. 982 සිට ක්‍රි.ව. 1017 දක්වා
පස්වන මහින්ද රජු
ඉතිහාසය 
• ස්ථාපිත කළේ
ක්‍රි.පු. 377
• අහෝසි කළේ
ක්‍රි.ව. 1017
වර්ග ප්‍රමාණය
65,610 km2 (25,330 sq mi)
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
උපතිස්ස නගරය
පොළොන්නරු රාජධානිය
වර්තමානයේ මෙය අයත් වන්නේ ශ්‍රී ලංකාව
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 13, 2026

    එක්සත් ජාතීන්ගේ සංවිධානය

  • මාර්තු 29, 2026

    ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම්

  • අප්‍රේල් 03, 2026

    ප්ලාස්ටික් සැත්කම්

  • මාර්තු 18, 2026

    රාවණා රජ

  • මාර්තු 24, 2026

    සිංහල නාම පද

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට