| කේසරියා ස්තූපය | |
|---|---|
![]() කේසරියා ස්තූපය | |
![]() ඉන්දියාව තුල පිහිටීම | |
| මූලික තොරතුරු | |
| පිහිටීම | |
| භූගෝලීය ඛණ්ඩාංක | 26°20′03″N 84°51′17″E / 26.334140°N 84.854762°E |
| අනුබැඳියාව | බුද්ධාගම |
| ජනපදය | බිහාරය |
| උස (උපරිම) | 104ft |
කේසරියා ස්තූපය වනාහි ඉන්දියාවේ බිහාර් හි චම්පාරන් (නැගෙනහිර) දිස්ත්‍රික්කයේ පැට්නා සිට 110 km[convert: unknown unit] දුරින් කේසරියා නම් ප්‍රදේශයේ පිහිටි බෞද්ධ ස්තූපයකි. මෙම ස්තූපයේ මුල්ම ඉදිකිරීම ක්‍රි.පූ. 3වන සියවසට අයත් යැයි සැලකේ. කේසරියා ස්තූපයේ විෂ්කම්භය 400 feet ([convert: unknown unit]) පමණ වන අතර එය 104 feet ([convert: unknown unit]) පමණ උසකට විහිද පවතියි.
ඉතිහාසය

මෙම ස්ථානය පිළිබඳ ගවේෂණ 19වන සියවසේ මුල් කාලයේ ආරම්භ වූ අතර 1814 දී කර්නල් මැකෙන්සීගේ මූලිකත්වයෙන් සොයාගත් මෙම ස්ථානයේ විධිමත් කැනීම් කටයුතු 1861-62 අතර කාලයේ ජනරාල් කනිංහැම්ගේ මූලිකත්වයෙන් සිදුකරන ලදී. 1998 දී ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ (ASI) පුරාවිද්‍යාඥ කේකේ මොහොමඩ්ගේ මූලිකත්වයෙන් ද මෙහි කැනීම් සිදුකරන ලදී.අශෝක ස්තම්භ ශීර්ෂයක නටබුන් හමුවීම හේතුවෙන් මුල් කේසරියා ස්තූපය අශෝක (ක්‍රි.පූ. 250 පමණ) රජ සමයට අයත් යැයි සැලකේ.
වෛශාලියෙහි ලිච්ඡවීන් විසින් බුදුන් වහන්සේගේ පාත්‍රා ධාතුව නිදන් කර තැනූ ස්තූපය පිළිබඳ වන විස්තරය හා මෙම ස්ථානය සැසඳෙන බැවින් ස්තූප ගොඩැල්ලේ මුල්ම ඉදිකිරීම් බුද්ධ කාලයට අයත් විය හැක.
වර්තමානයේ දක්නට ඇති ස්තූපය ක්‍රි.ව. 200 සහ 750 අතර කාලයේ ගුප්ත රාජවංශ යුගයට අයත් ය. ප්‍රදේශයේ ජනයා මෙම ස්තූපයට "දේවාලය" යැයි වහරති.
ඉන්දීය පුරාවිද්‍යා අධිකාරිය විසින් මෙම ස්තූපය ජාතික වැදගත්කමක් ඇති ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත්කොට ඇත. සංචාරක ආකර්ෂණයට ලක් වූ ස්ථානයක් වුවද, කේසරියාව තවදුරටත් සංවර්ධනය කළ යුතුව ඇති අතර, ස්තූපයේ විශාල පෙදෙසක් තවමත් වනගහනයෙන් වැසී ඇත.

| දඹදිව |
| බෞද්ධ වන්දනා ස්ථාන |
|---|
![]() |
| ධර්ම සංවේගය උපදවාගත යුතු ස්ථාන |
|
| අමතර ස්ථාන සතරක් |
|
| වෙනත් ස්ථාන |
|
| පසුකාලීන ස්ථාන |
|
මේවාත් බලන්න
- ධමෙක් ස්තූපය
- චෞඛණ්ඩි ස්තූපය
- සාරානාත්
- බෞද්ධ විහාරස්ථාන ලැයිස්තුව
- 2017 අප්‍රේල් සිට ගැනෙන දිනය-මාසය-වසර ආකාරයේ දාතම භාවිතා
- ඉන්දියාවේ ස්තූප
- ඉන්දියාවේ බෞද්ධ වන්දනා ස්ථාන
- බිහාරයේ පුරාවිද්‍යා ස්ථාන
- බිහාරයේ සංචාරක කර්මාන්තය
- බෞද්ධ විහාර පිළිබඳ අංකුර ලිපි