සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ආර්ට් ටීවී යනු ශ්‍රී ලංකාව තුල, පැය 24 පුරාම විකාශය වන පුද්ගලික අංශයට අයත් ඉංග්‍රීසි රූපවාහිනී නාලිකාවකි. නාලිකාවේ ප්‍රධාන මූලස්ථානය කොළඹ පිහිටුවා තිබෙන අතර, හි

ආර්ට් ටීවී

විකිපීඩියා වෙතින්
ආර්ට් ටීවී
ART TELEVISION BROADCASTING CO.
දියත්කල දිනය 1995
අයිතිකරුවෝ IWS Holdings (Private) Limited
රූප ආකෘතිය PAL, Analogue
ප්‍රචාරණ උද්‍යෝග පාඨය Media that's Beyond
රට  ශ්‍රී ලංකාව
භෘෂාව ඉංග්‍රීසි
විකාශන සරිය කොළඹ
මූලස්ථානය කොළඹ, ශ්‍රී ලංකාව
පෙරදී හැඳින්වුනේ Dynavision Broadcasting Corporation
උපයෝජ්‍යතාව
භෞමික
කොළඹ UHF 28

ආර්ට් ටීවී යනු ශ්‍රී ලංකාව තුල, පැය 24 පුරාම විකාශය වන පුද්ගලික අංශයට අයත් ඉංග්‍රීසි රූපවාහිනී නාලිකාවකි. නාලිකාවේ ප්‍රධාන මූලස්ථානය කොළඹ පිහිටුවා තිබෙන අතර, හිමිකාරීත්වය IWS Holdings පුද්ගලික සමාගම සතු වෙයි.

විකාශනයන්

1995 වර්ෂයේ පටන්, ආර්ට් ටීවී නාලිකාව තුල දිනකට පැය 15 ක් සීඑන්එන් රූපවාහිනී නාලිකාව විකාශනය කරන අතර, 2009 වසරේ පටන්, කාටූන් නෙට්වර්ක් රූපවාහිනී නාලිකාවේ පැයක ළමා කාටූන් වැඩසටහන්, ART Toons යන නමින් විකාශය කරයි. ආර්ට් ටීවී නාලිකාව 2009 වසරේදී කාටූන් නෙට්වර්ක් සමග එක්ව, පරිසරය පිළිබඳ ප්‍රජාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මහනුවරදී සංවිධානය කල අතර, එය ශ්‍රී ලංකාව තුලදී ජාත්‍යන්තර ළමා නාලිකාවක් විසින් සහයෝගය දක්වන ලද පලමු, ආයතනික සමාජ වගකීම CSR පිළිබඳ වැඩසටහනද විය.

ද ස්ටේට් ඔෆ් බිස්නස් (the State of Business), මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රධානතම හා දිනපතා විකාශය කරන ව්‍යාපාරික වැඩසටහනකි. මීට අමතරව The Model Network, Sri Lanka and Ford Models සහ New York for the Ford Supermodel of Sri Lanka search වැනි වැඩසටහන්ද ඔවුන් විසින් මෙහෙයවනු ලබයි.

අතීතය

1995 වර්ෂයේදී මෙම නාලිකාවේ මෙහෙයුම්, ඩයිනවිෂන් බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් (Dynavision Broadcasting Corporation) සමාගම විසින් ආරම්භ කල අතර, ශ්‍රී ලංකාවේ පලමු ත්‍රිමාණ (stereo) විදැහුම්පලද ඔවුහූ සතුවිය.

පසුව 2003 වර්ෂයේ ජුලි මසදී සමාගමේ නම ආර්ට් ටෙලිවිෂන් බ්‍රෝඩ්කාස්ටින් කම්පණි (Art Television Broadcasting Company) ලෙස වෙනස් කරන ලදී.

මේවාද බලන්න

  • ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා ලැයිස්තුව
  1. http://www.asiawaves.net/sri-lanka-tv.htm
  2. සංරක්ෂිත පිටපත, http://www.thesundayleader.lk/archive/20081019/bus-suppliment.htm, ප්‍රතිෂ්ඨාපනය 2014-02-20 
  3. http://www.iwsholdings.com/
  4. සංරක්ෂිත පිටපත, http://www.iwsholdings.com/art-television.html, ප්‍රතිෂ්ඨාපනය 2014-02-20 
  5. සංරක්ෂිත පිටපත, http://www.exchange4media.com/e4m/news/fullstory_industrybrief.asp?section_id=35&news_id=35641&tag=31391, ප්‍රතිෂ්ඨාපනය 2014-02-20 
  6. http://cityofkandy.com/index.php?limitstart=30[permanent dead link]
  7. http://www.news.lk/index.php?option=com_content&task=view&id=8834&Itemid=44
  8. http://www.news.lk/index.php?option=com_content&task=view&id=3258&Itemid=44
  9. http://www.pressreference.com/Sa-Sw/Sri-Lanka.html
  10. List of television networks in Sri Lanka#cite note-art1-8

භාහිර සබැදි

ඉහළට