සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

බෞද්ධයා නාලිකාව (The Buddhist) ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධාගමික රූපවාහිනී නාලිකාව නාලිකාව වේ. නාලිකාවේ ප්‍රධාන මැදිරි කොළඹ, ශ්‍රී සම්බෝධි විහාරයේ ස්ථාපනය කොට තිබෙ

බෞද්ධයා නාලිකාව

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
බෞද්ධයා නාලිකාව
The Buddhist
දියත්කල දිනය 2007 ජුනි 29
රට  ශ්‍රී ලංකාව
භෘෂාව ඉංග්‍රීසි, සිංහල, දෙමළ
විකාශන සරිය ශ්‍රී ලංකාව
මූලස්ථානය කොළඹ
පෙරදී හැඳින්වුනේ
වෙබ් අඩවිය thebuddhist.tv
උපයෝජ්‍යතාව
චන්ද්‍රිකා
ඩයලොග් ටීවී චැනල් අංක 68

බෞද්ධයා නාලිකාව (The Buddhist) ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධාගමික රූපවාහිනී නාලිකාව නාලිකාව වේ. නාලිකාවේ ප්‍රධාන මැදිරි කොළඹ, ශ්‍රී සම්බෝධි විහාරයේ ස්ථාපනය කොට තිබෙ. නාලිකාවේ විකාශන කටයුතු, 2007 ජුනි 29 වන දිනදී අස්ගිරිය පාර්ශවයේ මහ නායක හිමි ඇතුළු, ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ සහ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා ආදීන්ගේ සහභාගීත්වය සහිතව, ආරම්භ කරන ලදී.

බෞද්ධයා නාලිකාවේ වැඩසටහන්, ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ යන භාෂා ත්‍රිත්වයෙන්ම විකාශනය කෙරේ. ශ්‍රී ලංකාවේ සැටලයිට් සේවා සපයන්නෙකු වන ඩයලොග් ටීවී හී චැනල් අංක 68 යටතේ මෙම නාලිකාව නැරඹිය හැකියි. .

බෞද්ධයා ගුවන් විදුලිය

බෞද්ධයා ගුවන් විදුලිය FM 101.3, FM 101.5 මෙගාහර්ට්ස් සංඛ්‍යාත ඔස්සේ විසිරුවා හරියි.

ස්ථාපනය කිරීම

ඩයලොග් ටීවී හී හිටපු ප්‍රධාන විධායක නිලධාරියෙකු (CEO) වූ Muhunthan Canagey මහතාගේ පරිත්‍යාග සහිතව නාලිකාව ස්ථාපනය කරන ලදී.

මේවාද බලන්න

  • ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා ලැයිස්තුව

බාහිර සබැදි

The Buddhist Official website

  1. "Sri Lanka gets its first Buddhist TV channel", The Sunday Times, 2007-07-01. Retrieved on 2007-07-01.
  2. the first being DMC.TV
ඉහළට