මෙම ලිපිය හෝ ලිපි කොටස සිංහල හෝඩි සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) |
සිංහල භාෂාව ලිවීමට යොදාගන්නා අකුරු සිංහල අකුරු නම්වේ. සිංහල බ්‍රාහ්මීය අක්ෂර අබුගිඩා වලින් පැවත එන නමුත්, වෙනත් බ්‍රාහ්මීය අක්ෂර සමග සසඳන විට විශාල වෙනස්කම් දක්වයි. මෙම හේතුව නිසා සිංහල යුනිකෝඩ් පිටුව අනෙක් අක්ෂර වල යුනිකෝඩ් පිටු වලට වෙනස් වෙයි.[තහවුරු කර නොමැත]
| සිංහල අකුරු | |
|---|---|
| වර්ගය | අබුගිඩා |
| භාෂා | සිංහල |
| කාල වකවානුව | c. 700–present |
මාතෘ ක්‍රම | Proto-Sinaitic alphabet
|
දූහිතෲ ක්‍රම | දිවෙස් අකුරු |
සහෝදර ක්‍රම | තෙලිඟු අකුරු කන්නඩ අකුරු මලයාලම් අකුරු දමිළ අකුරු Tulu script |
| දිශානතිය | Left-to-right |
| ISO 15924 | Sinh, 348 |
යුනිකේත අන්වර්ථ | Sinhala |
යුනිකේත පරාසය | U+0D80–U+0DFF |
ඉතිහාසය සිංහල හෝඩිය ලොව පරිණාමයෙන් ඉහලම ඇති භාෂාවයි එය කියවීමට ලිවීමට හා කථා කිරීමට හැති පැරණිම භාෂා අතරින් එකකි ක්ශබදයක් වරනැගීමට මෙම භාෂාවෙහි ස්වර සහ ව්‍යංජන අක්ෂර පරිණාමය වී ඇත වසර 50්00 කටත් වැඩි ලෙන් ලිපි වල හමුවන පැරණි බූාහ්මීය අක්ෂර සිංහල භාෂාවෙහි විකාශණයෙහි මුල්ම අක්ෂර ලෙස සැලකේ
ශබ්ද කිරීම
සිංහල භාෂණයෙහි ස්වර ශබ්ද
පූර්ව මධ්‍ය අපර හ්‍රස්ව දීර්ඝ හ්‍රස්ව දීර්ඝ
- සංවෘත ඉ ඊ උ ඌ
- මධ්‍ය එ ඒ අ ඔ ඕ
- විවෘත ඇ ඈ අ ආ
සිංහල භාෂණයේ ව්‍යංජන ශබ්ද
- ඔෂඨජ
- දන්තජ
- මූර්ධන්‍ය
- තාලුජ
- කණ්ඨජ
- අපරකණඨජ
- නාසික්‍ය ම් න් ණ් ඤ් ඞ්
- ස්පර්ශ ප් බ් ඹ් ත් ද් ඳ් ට් ඩ් ඬ් ච් ජ් ඥ් ක් ග් ඟ්
- උෂ්ම ෆ් ස් ශ් හ්
- රේඵ ර්
- පාර්ශවීය ව් ල් ය්
ගැට ඇලපිල්ල එය සිදු
පිල්ලම්
ව්‍යංජන ස්වර හා මුසුවීම පෙන්වීමට යොදාගන්නා ස්වර ලකුණු පිල්ලම් හෙවත් පිලි නම්වේ.ච්
සිංහල යුනිකෝඩ්
සිංහල යුනිකෝඩ් පරාසය U+0D80 ... U+0DFF වෙයි.
| 0 | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | A | B | C | D | E | F | ||
| D80 | | ඁ | ං | ඃ | | අ | ආ | ඇ | ඈ | ඉ | ඊ | උ | ඌ | ඍ | ඎ | ඏ | |
| D90 | ඐ | එ | ඒ | ඓ | ඔ | ඕ | ඖ | | | | ක | ඛ | ග | ඝ | ඞ | ඟ | |
| DA0 | ච | ඡ | ජ | ඣ | ඤ | ඥ | ඦ | ට | ඨ | ඩ | ඪ | ණ | ඬ | ත | ථ | ද | |
| DB0 | ධ | න | | ඳ | ප | ඵ | බ | භ | ම | ඹ | ය | ර | | ල | | | |
| DC0 | ව | ශ | ෂ | ස | හ | ළ | ෆ | | | | ් | | | | | ා | |
| DD0 | ැ | ෑ | ි | ී | ු | | ූ | | ෘ | ෙ | ේ | ෛ | ො | ෝ | ෞ | ෟ | |
| DE0 | | | | | | | ෦ | ෧ | ෨ | ෩ | ෪ | ෫ | ෬ | ෭ | ෮ | ෯ | |
| DF0 | | | ෲ | ෳ | ෴ | | | | | | | | | | | |
වෙනත් භාෂා ලිවීමට යොදැගැනීම
- සිංහල භාෂාව පරිහරණය කරන්නන් විසින් පාලි සහ සංස්කෘත භාෂාව ලිවීමටද සිංහල අකුරු භාවිතා කරයි. 21 වන සිංයවසේ සිට ශ්‍රි ලංකාව තුල ඉංග්‍රීසී බස ලිවීමටද ඉඳහිට සිංහල අකුරු යොදාගැනේ.
උදාහරණ:
- Apple -ඇපල්
පාලි සහ සංස්කෘත භාෂා සිංහල භාෂාවට බලපෑ ප්‍රබල මව් භාෂා දෙකකි. මෙම මවු භාෂාවල වචන එදිනෙද සිංහල භාෂක පිරිස අතර භාවිත වන අතර එම වචන සිංහල අයුරින් සිංහල අක්ෂර භාවිත කොට සන්නිවේදනයේදී භාවිත කෙරෙයි. එසේම සිංහල විද්‍යාර්ථයින් පාලි භාෂාවටම වෙනම අක්ෂර ක්‍රමයක් නොමැති නිසා පාලි භාෂාව ඉගැනීමේදී ඒවා පාලි වචන සිංහල අකුරින් ලියන අතර සංස්කෘත භාෂාව ඉගෙනීමේ පහසුව හෝ දේවනගරි අක්ෂර නොදැනුවත්කම නිසා නැතහොත් සන්නිවේදන පහසුව සඳහාද සිංහල භාෂක පිරිස් සංස්කෘත භාෂාවේ වචන සිංහල අකුරින් ලියති.
උදා :-
සිංහල අකුරින් ලියූ පාලි පාලි වචන
සජ්ඣායනා
අට්ඨකතා
විපස්සනා
සිංහල අකුරින් ලියූ සංස්කෘත වචන
නෛසර්ගික
දුඃඛ
නයති
සිංහල ඉලක්කම්
නවතම අධ්‍යයනයන් තුළින සිංහලයට ආවේණික වූ ඉලක්කම් සොයාගෙන ඇත. ඈත අතීතයේ සිට ම මෙම ඉලක්කම් භාවිතා කොට ඇත.මහනුවර යුගය තෙක්ම මෙම ඉලක්කම් භාවිතා කොට ඇති බවට සාක්ෂි ලැබේ.පසුකාලීනව පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි බලපෑමෙන් හින්දු-අරාබි ඉලක්කම් හදුන්වා දීමත් සමග සිංහල ඉලක්කම් අභාවයට ගොස් ඇත. නමුත් සිංහල යුනිකොඩ් මගින් නැවත සිංහල ඉලක්කම් කරලියට පැමිණ ඇත.