සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

නව වසර යනු නව ලිත් වර්ෂයක් ඇරඹීම සනිටුහන් කරන දිනය වන අතර, කිසියම් විශේෂිත දින දසුනක භාවිත වන වර්ෂ ගණනය වර්ධනය වන දිනයද වෙයි. බොහෝ සංස්කෘතීන්හී, මෙම අවස්ථාව කිස

නව වසර

  • මුල් පිටුව
  • නව වසර

නව වසර යනු නව ලිත් වර්ෂයක් ඇරඹීම සනිටුහන් කරන දිනය වන අතර, කිසියම් විශේෂිත දින දසුනක භාවිත වන වර්ෂ ගණනය වර්ධනය වන දිනයද වෙයි. බොහෝ සංස්කෘතීන්හී, මෙම අවස්ථාව කිසියම් ආකාරයකට උත්සවශ්‍රීයෙන් සැමරෙයි.

වත්මන ලොව පුරා භාවිත වන්නාවූ ග්‍රෙගෝරියානු දින දසුනෙහි නව වසර, රෝමානු දින දසුනෙහි පරිචයම අනුගමනය කරමින් ජනවාරි 1 දින සැමරෙයි. නව වසරෙහි ආගමනය ස්වීය අයුරින් ගණනය කරන්නාවූ හා ප්‍රාදේශීය ලෙසින් භාවිතා වන්නාවූ විවිධ දින දසුන් බොහෝමයක් පවතියි.

ග්‍රෙගෝරියානු දින දසුන

මූලික ලිපියන්: නව වසරෙහි උදාව සහ නව වසර දිනය

ග්‍රෙගෝරියානු දින දසුන භාවිතා කරන රටවල, සාමාන්‍ය වශයෙන් නව වසර දිනය සමරනු ලබන්නේ ජනවාරි 1 දිනදීය.

ප්ලුටාච් සහ මක්‍රොබියස් ට අනුව ක්‍රිපූ 700 දී පමණ නුමා පොම්පිලියස් රජගේ කාලයේදී සිට රෝමානු දින දසුනේ මාස පිළිවෙල ජනවාරි සිට දෙසැම්බර දක්වා විය. ක්‍රිස්තියානි චාරිත්‍රය අනුව, ජනවාරි 1 දින වන්නේ ජේසුස්වහන්සේගේ චර්මඡේදනය (උපතින් දින අටක් ගෙවුනු දින) දිනය වන අතර, එදිනදී එතුමාට ජේසුස් යන නම දෙන ලදි (ලූක් 2: 21). එතැන් පටන්, ජනවාරි1 දින වසරෙහි පළමු දිනය වූ අතර, මෙයින් බැහැර වුනේ මධ්‍යතන යුගවලදී වෙනත් දින කිහිපයක් පළමු දින වූ විට (මාර්තු1, මාර්තු 25, පාස්කු, සැප්තැම්බර් 1, දෙසැම්බර් 25) පමණි.[උපහරණ ඇවැසිය]

විසිවන සියවසෙහිදී බටහිර සංස්කෘතිය ලොව අනෙකුත් ප්‍රදේශයන්ට පැතිරීමත් සමගම, ජනවාරි 1 දින භාවිතය ගෝලීය සම්මතයක් බවට පත්වුනේ, වෙනත් දිනවලදී ස්වීය නව වසර උත්සව පවත්නා රටවල පවා (නිද., චීනය සහ ඉන්දියාව) භාවිතයට පත්වෙමිනි.

වර්තමානයේදී, නව වසර සැමරීම ලොව පුරා ප්‍රධාන උත්සවාංගයකි. නව වසරෙහි උදාව (දෙසැම්බර් 31) සමගම බොහෝ විශාල ගිණිකෙලි උත්සව හා සමගින් බොහෝ මහා-පරිමාණ උත්සවාංග ලොව පුරා ප්‍රධාන නගරයන්හී පැවැත්වෙයි.

 
ග්‍රෙගෝරියානු නව වසර උත්සව 2006දී නිව්-යෝර්ක් නගරයෙහි පැවැත්වුනු අයුරු.

මධයම රාත්‍රියේදී, මිලියන එකහමාරකට වැඩි ජනකායක් ඉදිරිපිට, 80,000 කට වැඩි ගිණිකෙලි ප්‍රමාණයක් සිඩ්නි නගරයෙහිදී දල්වනලදි; 2009දී ලොව පුරා ‍රූපවාහිනී නාලිකා ඔස්සේ වඩාත්-නැරඹුනු ප්‍රචලිත උත්සවාංගයද වූයේ මෙයයි. වල්පරයිසෝ හිදී ස්වභාවික පසුතලයක සිට එළිදැක්වුනු විශාලතම ගිණිකෙලි සන්දර්ශනය නැරඹීමට දෙමිලියනයකට අධික ආගන්තුක පිරිසක් වරම් ලැබූහ; මෙය සමන්විත වූයේ වල්පරයිසෝ වාණිජ වරාය නගරයෙහි සිට කොන්කොන්, චිලි දක්වා මුහුදුබොක්කේ, මුළුමනින් කිලෝමීටර 21 කට වඩා වැඩි දුර ප්‍රමාණයක් තුල, විනාඩි 25 ක් තුල පැවැති ගිණිකෙලි සංදර්ශන වලිනි.

ආශ්‍රිත

  1. ඇන්තනී ඇවෙනි, ද බුක් ඔෆ් ද ඉයර්: අ බ්‍රීෆ් හිස්ට්‍රි ඔෆ් අව සීසනල් හොලිඩේස් හි "හැපි නිව් ඉයර්! බට් වයි නවු?" (ඔක්ස්ෆර්ඩ්: ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය, 2003), 11-28.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 24, 2026

    සිංහල පිල්ලම්

  • මාර්තු 12, 2026

    ප්‍රස්ථා පිරුළු (සිංහල භාෂාව)

  • මාර්තු 25, 2026

    සුනාමි

  • අප්‍රේල් 03, 2026

    සංරක්ෂණ තත්ත්වය

  • මාර්තු 15, 2026

    කතරගම

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට