සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අක්‍ෂරයක් සම්මත පිළිවෙලට පෙල ගැස්වීමෙන් අක්‍ෂර මාලාව නිර්මාණය වේ. සිංහල බසෙහි කාලින පරිණාමයත් සමග ඇතිවූ වෙනස්කම් නිසා සිංහල හෝඩිය හෝඩි කිහිපයකට බෙදා දැක්විය හැක

සිංහල හෝඩි

  • මුල් පිටුව
  • සිංහල හෝඩි

අක්‍ෂරයක් සම්මත පිළිවෙලට පෙල ගැස්වීමෙන් අක්‍ෂර මාලාව නිර්මාණය වේ. සිංහල බසෙහි කාලින පරිණාමයත් සමග ඇතිවූ වෙනස්කම් නිසා සිංහල හෝඩිය හෝඩි කිහිපයකට බෙදා දැක්විය හැක. නමුත් මේ සියලු හෝඩි වල හරයේ විශාල වෙනසක් වී නැති බව පැහැදිලිය.

සිංහල අකුරු
Typeඅබුගිඩා
Spoken languagesසිංහල
Time periodc. 700–present
Parent systems
Proto-Sinaitic alphabet
  • Phoenician alphabet
    • Aramaic alphabet
      • බ්‍රාහ්මී
        • Southern branch
          • සිංහල අකුරු
Child systemsDhives Akuru
Sister systemsතෙලිඟු අකුරු
කන්නඩ අකුරු
මලයාලම් අකුරු
දෙමළ අකුරු
Tulu script
Unicode rangeU+0D80–U+0DFF
ISO 15924Sinh
Note: This page may contain IPA phonetic symbols.

පළමු වරට ලිඛිතව හමුවන නිශ්චිත සිංහල අක්‍ෂර මාලාව වන්නේ “සිදත් සඟරා හෝඩිය” යි. එය මෙසේ සඳහන් කරයි;

"පණකුරු පසෙක් එද - ලුහු ගුරු බෙයින් දසවේ
ගතකුරු ද වේ විස්සෙක් - වහරය යුහු සිය බසැ"

මෙම ගද්‍ය ඛණ්ඩය අනුව, ලුහුගුරු (කෙටි දීර්ඝ) ප්‍රාණාක්‍ෂර 10 ක් ද, ගාත්‍රාක්‍ෂර 20 ක් ද සහිත වූ සිදත් සඟරා හෝඩියෙහි අක්‍ෂර මාලාව 30 කි. (පහත "සිදත් සඟරා හෝඩිය" බලන්න.)

මෙම හෝඩියේ ‘ඇ, ඈ සහ අඃ’ නැත. මෙහි ඉහත අක්‍ෂර අන්තර්ගත නොවූව ද සාමාන්‍ය ව්‍යවහාරයේ පැවති බැවින් විවිධ තර්ක විතර්ක පැන නැගුණි. ඒ මත ‘ඇ, ඈ’ අක්‍ෂර දෙක සහිතව ශුද්ධ සිංහල අක්‍ෂර මාලාව නිර්මාණය විය. මින් අනතුරුව සංස්කෘත භාෂාවේ බලපෑම මත ප්‍රාථමික විස්තෘත සිංහල හෝඩිය නිර්මාණය වේ. වදන් කවි පොතෙහි අන්තර්ගත වන මෙහි සම්පූර්ණ අක්‍ෂර 50 කි. තවද ස්වර 14 ක් හා ව්‍යංජන 36 ක් එහි ඇත. ඉන් අනතුරුව නිර්මාණය වූ විස්තෘත සිංහල හෝඩිය (මිශ්‍ර සිංහල හෝඩිය) අක්‍ෂර 54 න් යුක්ත වේ. මෙහි අන්තර්ගත “ඇ, ඈ, ඒ, ඕ” අක්‍ෂර 04 මිශ්‍ර සිංහල හෝඩියේ අන්තර්ගත නොවේ.

ලේඛණ වියවුල් හා විවිධ ගැටළු පැනනැගීම හේතුවෙන් 80 දශකයේ අගභාගයේ ජාතික අධ්‍යාපන ආයතනය මගින් සිංහල ලේඛණ රීතිය නමින් පොතක් එලි දක්‍වමින්, නූතන සිංහල අක්‍ෂර මාලාව හදුන්වා දුනි. මෙහි සම්පූර්ණ අක්‍ෂර 60 කි. මිශ්‍ර සිංහල හෝඩියට සඤ්ඤක අක්‍ෂර 5ක් සහ "ෆ" අක්‍ෂරය එකතු වීමෙන් නූතන සිංහල අක්‍ෂර මාලාව නිර්මාණය වී ඇත. මෙහි ස්වර 18 ක් හා ව්‍යංජන 42 ක් අන්තර්ගත වේ.

පටුන

සිංහල හෝඩිය යොදාගන්නා භාෂා

සිංහල හෝඩිය භාෂා කිහිපයක භාවිතා වේ.

  1. සිංහල භාෂාව
  2. පාලි භාෂාව (මූලික බෞද්ධ ග්‍රන්‍ථවල)
  3. සංස්කෘත භාෂාව (කලාතුරකින්)
  4. මැලේ භාෂාව (ලාංකේය මැලේ පුද්ගලයන් විසින්)

මූලික සිංහල හෝඩි

ඉහත සඳහන් පරිදි සිංහල හෝඩියේ පරිණාමය අවස්ථා කිහිපයකට වෙනකොට දැක්‍විය හැකිය. මෙම වගු වල දක්‍වා ඇති "පණකුරු" "ස්වර" ලෙසද, "ගතකුරු" "ව්‍යංජන" ලෙසද වටහාගත හැක. සිදත් සඟරා හෝඩිය සහ ඊට පසු බිහිවූ හෝඩි පිලිවෙලින් මෙසේය.

  1. සිදත් සඟරා හෝඩිය
  2. ශුද්ධ සිංහල හෝඩිය/ අමිශ්‍ර සිංහල හෝඩිය / එළු හෝඩිය / නුමුසු සිංහල හෝඩිය / හෙළ හෝඩිය
  3. මිශ්‍ර සිංහල හෝඩිය
  4. ජාතික අධ්‍යාපන ආයතන සිංහල හෝඩිය / සිංහල වර්ණ මාලාව / නූතන සිංහල අක්ෂර මාලාව
  5. සමකාලීන සිංහල හෝඩිය
  6. ජාත්‍යන්තර ප්‍රමිති ආයතන සිංහල හෝඩිය
  7. නවීන සිංහල හෝඩිය / යුනිකේත සිංහල හෝඩිය

1. සිදත් සඟරා හෝඩිය

ප්‍රධාන ලිපිය: සිදත් සඟරා හෝඩිය

දඹදෙණි යුගයේ සකසන ලද්දකි. පළමු වරට ලිඛිතව හමුවන නිශ්චිත සිංහල අක්‍ෂර මාලාව වන්නේ මෙයයි. කව් ලැකියට අවැසි අකුරු පමණක් දක්වා ඇත. හෙළ හෝඩියට සාපේක්‍ෂව මෙම හෝඩියේ 'ඇ, ඈ' අකුරු අඩංගු වීමක් දක්නට නොලැබේ.

පණකුරු (10)
අ ආ ඉ ඊ
උ ඌ
එ ඒ ඔ ඕ
ගතකුරු (20)
ක ග
ජ
ට ඩ ණ
ත ද න
ප බ ම
ය ර ල ව
ස හ ළ අං

2. ශුද්ධ සිංහල හෝඩිය / අමිශ්‍ර සිංහල හෝඩිය/ එළු හෝඩිය / නුමුසු සිංහල හෝඩිය / හෙළ හෝඩිය

ප්‍රධාන ලිපිය: හෙල හෝඩිය

මෙම හෝඩියේ අඩංගු වන අක්ෂර හෙළ බසෙහි සියළුම වචන ලිවීමට ප්‍රමාණවත්ය.

පණකුරු (12)
අ ආ ඇ ඈ ඉ ඊ
උ ඌ
එ ඒ ඔ ඕ
ගතකුරු (20)
ක ග
ජ
ට ඩ ණ
ත ද න
ප බ ම
ය ර ල ව
ස හ ළ අං

3. මිශ්‍ර සිංහල හෝඩිය

ප්‍රධාන ලිපිය: මිශ්‍ර සිංහල හෝඩිය

ශුද්ධ සිංහල හෝඩිය, පාලි සහ සංස්කෘත වචන නිවැරදිව ලිවීමට ප්‍රමාණවත් නොවුනු බැවින් අළුතින් අකුරු යොදාගැනීමට සිදුවිය. මෙම හෝඩිය මුලින්ම දක්නට ලැබෙන්නේ 1891දී පලකළ ඒබ්‍රහැම් මෙන්ඩිස් ගුණසේකරගේ A Comprehensive Grammar of the Sinhalese Language නම් ව්‍යාකරණ පොතෙහි ය.

ස්වර (18)
අ ආ ඇ ඈ ඉ ඊ
උ ඌ ඍ ඎ ඏ ඐ
එ ඒ ඓ ඔ ඕ ඖ
ව්‍යංජන (36)
ක ඛ ග ඝ ඞ
ච ඡ ජ ඣ ඤ
ට ඨ ඩ ඪ ණ
ත ථ ද ධ න
ප ඵ බ භ ම
ය ර ල ව අඃ
ශ ෂ ස හ ළ අං

4. ජාතික අධ්‍යාපන ආයතන හෝඩිය / සිංහල වර්ණ මාලාව / නූතන සිංහල අක්ෂර මාලාව

ප්‍රධාන ලිපිය: සිංහල වර්ණ මාලාව

ජාතික අධ්‍යාපන ආයතනය විසින් 1989දී සම්මත කළ හෝඩියයි. පෙර හෝඩි වලට සාපේක්‍ෂව මෙහි ප්‍රධාන වෙනස්කම් 3කි.

  1. "ෆ" අකුර ඇතුළත්‍ වීම.
  2. සඤ්ඤක අකුරු 5 ඇතුළත්‍ වීම.
  3. "අං" සහ "අඃ" අක්ෂර වෙනත් ස්ථානයක (පණකුරු යටතේ) තැබීම.

මෙය හෝඩියකට වඩා වර්ණ මාලාවක් ලෙස වටහාගැනීම යෝග්‍ය වේ. නුමුසු අකුරු සමග "අං" ශබ්දය බැඳීමෙන් සඤ්ඤක අකුරු සදාගැනෙන නිසා මේවා හෝඩියක ඇති මුලික අකුරු ලෙස සමහරෙක් පිළිනොගනී. නමුත් භාවිතය සඳහා යොදාගැනෙන සියලු අකුරු වල සංක්‍ෂිප්ත වගුවක් ලෙස මෙය ඉතා ප්‍රයෝජනවත් වේ.

ස්වර (18)
අ ආ ඇ ඈ ඉ ඊ
උ ඌ ඍ ඎ ඏ ඐ
එ ඒ ඓ ඔ ඕ ඖ
ව්‍යංජන (42)
අං අඃ
ක ඛ ග ඝ ඞ ඟ
ච ඡ ජ ඣ ඤ ඦ
ට ඨ ඩ ඪ ණ ඬ
ත ථ ද ධ න ඳ
ප ඵ බ භ ම ඹ
ය ර ල ව
ශ ෂ ස හ ළ ෆ

5. සමකාලීන සිංහල හෝඩිය

1990 වසරේදී ජේ.බී. දිසානායක විසින් මුලින්ම පලකරන ලදී. මෙහි වැදගත්ම අංගය වන්නේ දැනට ඇති විවෘත "අ" "ආ" වලට (" වි " ලෙස පෙන්වා ඇත) අමතරව සංවෘත "අ" "ආ" (" ස " ලෙස පෙන්වා ඇත) අකුරු දෙක හඳුන්වා දීමයි. සංවෘත "අ" "ආ" සඳහා පිලිද ඔහු විසින් යෝජනා කෙරිනි. එයට අමතර වෙනස්කම් වන්නේ "ඦ" අකුර ඉවත් කිරිම, "ඥ" අකුර ඇතුලත් කිරීම හා "අං" සහ "අඃ" යන අකුරු ගතකුරු ලෙස හැඳින්වීමයි. 

ස්වර (18)
අ (වි) ආ(වි) ඇ ඈ ඉ ඊ
උ ඌ ඍ ඎ
එ ඒ ඓ ඔ ඕ ඖ
අ (සං) ආ(සං)
ව්‍යංජන (42)
ක ඛ ග ඝ ඞ ඟ
ච ඡ ජ ඣ ඤ ඥ
ට ඨ ඩ ඪ ණ ඬ
ත ථ ද ධ න ඳ
ප ඵ බ භ ම ඹ
ය ර ල ව
ශ ෂ ස හ ළ ෆ
අං අඃ

6. ජාත්‍යන්තර ප්‍රමිති ආයතන සිංහල හෝඩිය

ස්වර (18)
අ ආ ඇ ඈ ඉ ඊ
උ ඌ ඍ ඎ ඏ ඐ
එ ඒ ඓ ඔ ඕ ඖ
ව්‍යංජන (43)
ක ඛ ග ඝ ඞ ඟ
ච ඡ ජ ඣ ඤ ඦ ඥ
ට ඨ ඩ ඪ ණ ඬ
ත ථ ද ධ න ඳ
ප ඵ බ භ ම ඹ
ය ර ල ව
ශ ෂ ස හ ළ ෆ
අං අඃ

7. නවීන සිංහල හෝඩිය / යුනිකේත සිංහල හෝඩිය

ස්වර (18)
අ ආ ඇ ඈ ඉ ඊ
උ ඌ ඍ ඎ ඏ ඐ
එ ඒ ඓ ඔ ඕ ඖ
ව්‍යංජන (45)
ක ඛ ග ඝ ඞ ඟ
ච ඡ ජ ඣ ඤ ඦ
ට ඨ ඩ ඪ ණ ඬ
ත ථ ද ධ න ඳ
ප ඵ බ භ ම ඹ
ය ර ල ව
ශ ෂ ස හ ළ ෆ
අං අඃ
ක්‍ෂ ඥ ළු

භාෂා ලිවීමට යොදැගැනීම

 
ඉංග්‍රීසි භාෂාව ලිවීමට සිංහල අකුරු යොදා ඇති අයුරු

සිංහල භාෂාව පරිහරණය කරන්නන් විසින් පාලි සහ සංස්කෘත භාෂාව ලිවීමටද සිංහල අකුරු භාවිතා කරයි. 21 වන සියවසේ සිට ශ්‍රි ලංකාව තුල ඉංග්‍රීසී බස ලිවීමටද ඉඳහිට සිංහල අකුරු යොදාගැනේ. විශේෂයෙන් පාලි භාෂාව සඳහා ආවේනික වූ අකුරු මාලාවක් නොමැති බැවින් සිංහල බස මේ සඳහා බෙහෙවින් යෙදේ.

උදාහරණ:

  • Apple - ඇපල්
  • Adobe Photoshop - ඇඩෝබි ෆොටෝෂොප්

සිංහල යුනිකේත

සිංහල යුනිකෝඩ් පරාසය U+0D80 ... U+0DFF වෙයි.

    0 1 2 3 4 5 6 7 8 9 A B C D E F
D80   ඀ ඁ ං ඃ ඄ අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ ඍ ඎ ඏ
D90   ඐ එ ඒ ඓ ඔ ඕ ඖ ඗ ඘ ඙ ක ඛ ග ඝ ඞ ඟ
DA0   ච ඡ ජ ඣ ඤ ඥ ඦ ට ඨ ඩ ඪ ණ ඬ ත ථ ද
DB0   ධ න ඲ ඳ ප ඵ බ භ ම ඹ ය ර ඼ ල ඾ ඿
DC0   ව ශ ෂ ස හ ළ ෆ ෇ ෈ ෉ ් ෋ ෌ ෍ ෎ ා
DD0   ැ ෑ ි ී ු ෕ ූ ෗ ෘ ෙ ේ ෛ ො ෝ ෞ ෟ
DE0   ෠ ෡ ෢ ෣ ෤ ෥ ෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
DF0   ෰ ෱ ෲ ෳ ෴ ෵ ෶ ෷ ෸ ෹ ෺ ෻ ෼ ෽ ෾ ෿

බැඳි අකුරු හා වෙනත් විශේෂිත අකුරු හා පිලි යෙදීම් සඳහා යෙදෙන යුනිකේත පහත දැක්වේ.(බැඳි අකුරු ප්‍රවර්ධනයට දායක වෙමු. මන්‍ද බොහෝ ආර්‍ය්‍ය භාෂාවල ඇති පොදු ලක්‍ෂණය සිංහල භාෂාව තුළ නැවත ප්‍රතිස්ථාපනය කළ යුතු නිසාවෙනි.)

ආශ්‍රිත ලිපි

IPA Letters Unicode Combined Unicode Type
/kja/ ක්ය U+0D9A U+0DCA U+0DBA ක්‍ය U+0D9A U+0DCA U+200D U+0DBA yansaya
/kjo/ ක්යො U+0D9A U+0DCA U+0DBA U+0DCC ක‍්‍යො U+0D9A U+0DCA U+200D U+0DBA U+0DCC yansaya
/ɡja/ ග්ය U+0D9C U+0DCA U+0DBA ග්‍ය U+0D9C U+0DCA U+200D U+0DBA yansaya
/kra/ ක්ර U+0D9A U+0DCA U+0DBB ක්‍ර U+0D9A U+0DCA U+200D U+0DBB rakāransaya
/ɡra/ ග්ර U+0D9C U+0DCA U+0DBB ග්‍ර U+0D9C U+0DCA U+200D U+0DBB rakāransaya
/rka/ ර්ක U+0DBB U+0DCA U+0D9A ර්‍ක U+0DBB U+0DCA U+200D U+0D9A rēpaya
/rɡa/ ර්ග U+0DBB U+0DCA U+0D9C ර්‍ග U+0DBB U+0DCA U+200D U+0D9C rēpaya
/kjra/ ක්ය්ර U+0D9A U+0DCA U+0DBA U+0DCA U+0DBB ක්‍ය්‍ර U+0D9A U+0DCA U+200D U+0DBA U+0DCA U+200D U+0DBB yansaya + rakāransaya
/ɡjra/ ග්ය්ර U+0D9C U+0DCA U+0DBA U+0DCA U+0DBB ග්‍ය්‍ර U+0D9C U+0DCA U+200D U+0DBA U+0DCA U+200D U+0DBB yansaya + rakāransaya
/rkja/ ර්ක්ය U+0DBB U+0DCA U+0D9A U+0DCA U+0DBA ර්‍ක්‍ය U+0DBB U+0DCA U+200D U+0D9A U+0DCA U+200D U+0DBA rēpaya + yansaya
/rɡja/ ර්ග්ය U+0DBB U+0DCA U+0D9C U+0DCA U+0DBA ර්‍ග්‍ය U+0DBB U+0DCA U+200D U+0D9C U+0DCA U+200D U+0DBA rēpaya + yansaya
/kva/ ක්ව U+0D9A U+0DCA U+0DC0 ක්‍ව U+0D9A U+0DCA U+200D U+0DC0 conjunct
/kʃa/ ක්ෂ U+0D9A U+0DCA U+0DC2 ක්‍ෂ U+0D9A U+0DCA U+200D U+0DC2 conjunct
/t̪t̪ʰa/ ත්ථ U+0DAD U+0DCA U+0DAE ත්‍ථ U+0DAD U+0DCA U+200D U+0DAE conjunct
/t̪va/ ත්ව U+0DAD U+0DCA U+0DC0 ත්‍ව U+0DAD U+0DCA U+200D U+0DC0 conjunct
/nd̪a/ න්ද U+0DB1 U+0DCA U+0DAF න්‍ද U+0DB1 U+0DCA U+200D U+0DAF conjunct
/nd̪ʰa/ න්ධ U+0DB1 U+0DCA U+0DB0 න්‍ධ U+0DB1 U+0DCA U+200D U+0DB0 conjunct
/ⁿd̪t̪ʰa/ ඳ්ඨ U+0DB3 U+0DCA U+0DA8 ඳ්‍ඨ U+0DB3 U+0DCA U+200D U+0DA8 conjunct
/ⁿd̪d̪ʰa/ ඳ්ධ U+0DB3 U+0DCA U+0DB0 ඳ්‍ධ U+0DB3 U+0DCA U+200D U+0DB0 conjunct
/ⁿd̪va/ ඳ්ව U+0DB3 U+0DCA U+0DC0 ඳ්‍ව U+0DB3 U+0DCA U+200D U+0DC0 conjunct
/mma/ ම්ම U+0DB8 U+0DCA U+0DB8 ම්ම U+0DB8 U+200D U+0DCA U+0DB8 touching

ආශ්‍රිත ලිපි

  • සිංහල අකුරු
  • සිංහල අක්‍ෂර
  • මිශ්‍ර සිංහල හෝඩිය
  • විකිපීඩියා:සිංහල අකුරු මාර්ගෝපදේශකය
  • සිංහල ඉලක්කම්
  • යෝජිත සිංහල අක්ෂර මාලාව
  • මධුර ඉංග්‍රීසි–සිංහල ශබ්දකෝෂය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 13, 2026

    අමරදේව

  • අප්‍රේල් 04, 2026

    පරමාණුක ක්‍රමාංකය

  • මාර්තු 13, 2026

    ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක

  • මාර්තු 12, 2026

    ජපානය

  • අප්‍රේල් 04, 2026

    දළදා මාලිගාව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට