උදයංග වීරතුංග (ඉංග්‍රීසි: Udayanga Weeratunga) රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයායි. ඔහු හිටපු ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය, ශ්‍රී ලංකා ගුවන් තොටුපල හා ගුවන් ගමන් සේවා හිටපු සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය යන අයගේ ඥාති සොහොයුරා වෙයි.
උදයංග වීරතුංග | |
|---|---|
![]() | |
| උපත | |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| සංගණ්‍ය වන්නේ | හිටපු ශ්‍රී ලංකා තානාපති රුසියාව |
| ඥාතීන් | හිටපු ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චමල් රාජපක්ෂ මහතා බැසිල් රාජපක්ෂ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා ජාලිය වික්‍රමසූරිය මහතා ප්‍රසන්න වික්‍රමසූරිය මහතා |
උදයංග වීරතුංග කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. යුක්‍රේන ත්‍රස්තවාදී කණ්ඩායමකට ඔහු විසින් අවි සපයා ඇති බවට චෝදනා එල්ල වී ඇත. එම චෝදනාව මත ඔහු සේවයෙන් පහ කර යළි මෙරටට කැඳවා ඇති මුත් ආ ගිය අතක් නැත. උදයංග වීරතුංග යුක්රේන ත්‍රස්තවාදීනට අවි සපයන ලදැයි යුක්රේනයේ නවදිල්ලි තානාපති කාර්යාලය තෙවැනි පාර්ශවයක් මගින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පැමිණිලි කිරීමෙන් පසුව, ශ්‍රී ලංකා රජය විසින් ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංගු කරන ලදි.
