සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

චමල් ජයන්ත රාජපක්ෂ (දෙමළ: சமல் ராஜபக்ஷ; ඉංග්‍රීසි: Chamal Rajapaksa; උපත 1942 ඔක්තෝබර් 30) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක්, හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංක

චමල් රාජපක්ෂ

  • මුල් පිටුව
  • චමල් රාජපක්ෂ

චමල් ජයන්ත රාජපක්ෂ (දෙමළ: சமல் ராஜபக்ஷ; ඉංග්‍රීසි: Chamal Rajapaksa; උපත 1942 ඔක්තෝබර් 30) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක්, හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වත්මන් මන්ත්‍රීවරයෙකි වන අතර 2010 සිට 2015 දක්වා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කථානායක.

ගරු
චමල් රාජපක්ෂ
පා.ම.
சமல் ராஜபக்ஷ
Chamal Rajapaksa
රාජපක්ෂ 2015 මාර්තු මාසයේදීය
වාරිමාර්ග අමාත්‍ය
තනතුර දරමින්
12 අගෝස්තු 2020 – 3 අප්‍රේල් 2022
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
තනතුර දරමින්
28 ජනවාරි 2007 – 23 අප්‍රේල් 2010
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාරත්නසිරි වික්‍රමනායක
අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාව සහ පාරිභෝගික සුබසාධන, මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාම සංවර්ධන අමාත්‍ය
තනතුර දරමින්
22 නොවැම්බර් 2019 – 12 අගෝස්තු 2020
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි 19 වන කථානායකවරයා
තනතුර දරමින්
22 අප්‍රේල් 2010 – 26 ජූනි 2015
පූර්වප්‍රාප්තිකයාවි.ජ.මු. ලොකුබණ්ඩාර
අනුප්‍රාප්තිකයාකරු ජයසූරිය
හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුරුධාරී
තනතුර දරමින්
1989
පුද්ගලික තොරතුරු
උපත30 ඔක්තෝබර් 1942 (1942-10-30) (වයස 83)
පාලටුව,දකුණු පළාත, බ්‍රිතාන්‍ය ලංකාව
(දැන් ශ්‍රී ලංකාව)
ජාතිකත්වයශ්‍රී ලංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
කලත්‍රයා(s)චන්ද්‍රා මාලිනී රාජපක්ෂ
(විවාහයට පෙර විජේවර්ධන)
ළමයිශෂීන්ද්‍ර, ශමීන්ද්‍ර
උගත් ශාස්ත්‍රාලයරිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල
වෘත්තියපොලිස් නිලධාරියා, දේශපාලඥ

පටුන

මුල් ජීවිතය සහ අධ්‍යාපනය

ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමාට සහ දන්දිනා සමරසිංහ මැතිනියගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා ලෙසින් චමල් රාජපක්ෂයන් උපත ලැබුවේ 1942 ඔක්තෝබර් 30 වැනිදා ය.ගාල්ල රිච්මන්ඩ් මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ චමල් පියා සමඟ සමාජ සේවයට ද පිවිසියේ ය.

මුල් වෘත්තීය

ඔහුගේ පාසල් අධ්‍යාපනයෙන් පසු ඔහු 1964 වර්ෂයේදී ලංකා පොලිස් බලකායට සම්බන්ධ විය. එහි ඔහු චමල් රාජපක්ෂ උප පොලිස් පරීක්ෂකයවරයකු ලෙස සේවාය කළේය. අවුරුදු 8 ක් පොලිස් සේවයේ කටයුතු කළ චමල් රාජපක්ෂ පසුව රජයේ වාණිජ හා විවිධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරි ධූරයට ද පත් විය.

දේශපාලන ජීවිතය

1975 දී හත්තටුව ගමගේ විජේවර්ධන චන්ද්‍රා මාලනී මෙනවිය සමඟ විවාහ දිවිය අරඹන චමල් රාජපක්ෂ මහතා ක්‍රියාකාරී දේශපාලන දිවියට සම්ප්‍රාප්ත වන්නේ 1985 මුල්කිරිගල අතුරු මැතිවරණයේදී. යළිත් 1989 දී මහ මැතිවරණයට ඉදිරිපත් වන චමල් රාජපක්ෂ මහතා ඉන් ජයගත්තේ මැර බලයට ඡන්ද බලයෙන් පිළිතුරු දෙමින් ය. 1989 සිට අද දක්වා ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කරයි. කෘෂිකර්ම හා ඉඩම් නියෝජ්‍ය ඇමැති වරයා ලෙසත් පසුව 2000 දී වරාය හා දක්ෂිණ සංවර්ධන නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසත් 2009 දී වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමැති වරයා ලෙසත් කටයුතු කළේ ය. ඊට පසුව 2005 දී චමල් රාජපක්ෂ මහතා කෘෂිකර්ම සංවර්ධන ඇමැතිවරයා වූ අතර පසුගිය කාලයේ එතුමා වරාය ගුවන් සේවා ඇමති, ජල කළමනාකරණ හා වාරිමාර්ග ඇමති ආදී තනතුරු රැසක් හෙබවීය. මව්ආර, වෙහෙරගල, වේලිඔය, මැණික් ගඟ වෙහෙරගල, උමා ඔය, දැදුරු ඔය, කැකිරිඕබඩ, රඹුක්කන්ඔය, යාන්ඔය යන වාරි ව්‍යාපෘති ආරම්භ කර ක්‍රියාවට නැංවීමට චමල් රාජපක්ෂ මහතා පෙරමුණ ගෙන ක්‍රියා කළේ ය. 22 අප්‍රේල් 2010 වන දිනේ එතුමා ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි 19 වන කථානායකවරයා ලෙස දීවුරම් දුන්නා, 5 වසරක් තල එතුමා ඒ තනතුර සේවය කළේය.

දරන ලද තනතුරු

 * 1985 මුල්ගිරිගල අතුරු මැතිවරණයට ඉදිරිපත් වී දේශපාලනයට පිවිසීම * 1989 මහ මැතිවරණයෙන් ජය ලබා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීම * 1994 පැවැති මහ මැතිවරණයට තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාසයෙන් ඉදිරිපත් වී විශිෂ්ට ජයක් ලබා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නැවත පත්වීම * 1998 කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ බාරගැනීම * 2000 වර්ෂයේදී දක්ෂිණ හා වරාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීම * 2001 නොවැම්බර් මහ මැතිවරණයේ නැවතත් විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීම * 2004 මහ මැතිවරණයේ පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුවේ වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ බාරගැනීම * 2005 ජනාධිපතිවරණයෙන් පසු කෘෂිකර්ම සංවර්ධන අමාත්‍ය ධූරයේ දිවුරුම්දීම * 2005 හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ලෙස පත්වීම * 2006 වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය ධූරයේ දිවුරුම් දීම * 2007 වරාය හා ගුවන් සේවා අමාත්‍ය ධූරයේ දිවුරුම් දීම * 2010 කථානායක පදවියේ දිවුරුම් දීම 
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    කහ උණ

  • මාර්තු 23, 2026

    හෙන්රි ජයසේන

  • අප්‍රේල් 08, 2026

    නැගෙනහිර පළාතේ

  • අප්‍රේල් 06, 2026

    ලජ්ජිතිස්ස රජ

  • අප්‍රේල් 05, 2026

    ඉරාක ජනරජය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට