සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ප්‍රජාපතී ගෝතමී (මහා ප්‍රජාපතී ගෝතමී) දේවිය යනු සිද්ධාර්ථ කුමාරයාගේ සුලු මව විය. ඇයගේ මව කච්චානා දේවිය වූ අතර පියා අංජන රජු විය. ඇයට මහාමායා (මයා) නම් එක් සහෝදර

ප්‍රජාපතී ගෝතමී

  • මුල් පිටුව
  • ප්‍රජාපතී ගෝතමී
මහා ප්‍රජාපතී ගෝතමී වෙතින්, මෙම ලිපිය වෙතට ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) 2020 නොවැම්බර් සිට යෝජිතය.


ප්‍රජාපතී ගෝතමී (මහා ප්‍රජාපතී ගෝතමී) දේවිය යනු සිද්ධාර්ථ කුමාරයාගේ සුලු මව විය. ඇයගේ මව කච්චානා දේවිය වූ අතර පියා අංජන රජු විය. ඇයට මහාමායා (මයා) නම් එක් සහෝදරියක් විය.

මහා ප්‍රජාපති ගෝතමිය
සිද්ධාර්ථ කුමරු සහ මහාප්‍රජාපතී ගෝතමී දේවිය
ආගමබුද්ධාගම
පෞද්ගලික තොරතුරු
උපතදෙව්දහ නුවර කෝලිය ජනපදය
ආගමික වෘත්තිය
ගුරුවරයාගෞතම බුදුන් වහන්සේ
පවුල
කලත්‍රයාසුද්ධෝදන
දරුවෝසුන්දරී නන්දා කුමරිය, නන්ද කුමරු
මෙම ලිපිය බුදු දහම
හා සබැඳි ලිපි පෙළකට අයත් වේ

බුදු දහම
ධර්ම චක්‍රය

බුදුරජාණන් වහන්සේ
අට විසි බුදුවරු
ශ්‍රී සද්ධර්මය
ආර්ය සංඝයා වහන්සේ

මූලික සංකල්ප
තිසරණය
චතුරාර්ය සත්‍යය
පටිච්ච සමුප්පාදය
නිර්වාණය
ආර්ය අෂ්ටාංගික මාර්ගය
වෙනත්

බුදු දහමේ ඉතිහාසය
(කාල රේඛාව)

ප්‍රකට බෞද්ධයින්

බුදු දහම, කලාපය අනුව

ත්‍රිපිටකය
ධර්ම සංගායනා
බෞද්ධ සංස්කෘතිය

නිකාය
මහායානය
වජ්‍රයානය

මෙම කොටුව:
  • නරඹන්න
  • සාකච්ඡාව
  • සංස්කරණය

සිද්ධාර්ථ කුමාරයා ඉපිද දින කීපයකින් මව වූ මහාමායා දේවිය කලුරිය කල අතර ඉන් පසු මහා ප්‍රජාපතී ගෝතමී දේවිය සුද්ධෝදන රජුතුමාගේ අග මෙහෙසිය බවට පත්විය. ඇයට නන්ද නම් පුතෙකු හා සුන්දරී නන්දා නම් දියණියක වූවාය.සිද්ධාර්ථ ,නන්ද ,සුන්දරී නන්දා ,රාහුල සහ යශෝධරා මේ සියලු දෙනාට මහ ප්‍රජාපතී ගෝතමීය එකසේ ආදර සැලකිලි දැක්විය.

බුදුන් වහන්සේ බුදුවී පළමු වරට කිඹුල්වත් පුරයට පැමිණ සුද්ධෝදන රජුට කල දේශනා අසා මහා ප්‍රජාපතී ගෝතමී දේවිය සෝවාන් වූවාය. බුදු සසුනේ මෙහෙණි සසුන ආරම්භ කිරිම සඳහා ඇය මූලික වී ක්‍රියා කල අතර පසුව ආනන්ද හිමියන්ගේ සහයෙන් භික්ෂුණි සාසනය ආරම්භ කරන ලදී. ඒ සමඟම ඇයද පැවිදි වී රහත් බව ලැබුවාය. බුදුන් වහන්සේ පසුව මහ ප්‍රජාපතී ගෝතමී රහත් මෙහෙණින් වහන්සේ හට අත්දැකීම් බහුල භික්ෂුණියන් අතර අග්‍රස්ථානය පිරිනමන ලදී.

බුදු හිමියන්ට ප්‍රථම මහ ප්‍රජාපතී ගෝතමී රහත් මෙහෙණින් වහන්සේ පිරිනිවන් පෑ අතර බුදු හිමියන් තම සුලුමව දක්වන්නා වූ ගෞරවයක් ලෙස එතුමියගේ අවමංගල්‍ය පෙරහැරේ පිටු පසින් ගමන් ගත්හ.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    මායා රට

  • මාර්තු 31, 2026

    ශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුව

  • මාර්තු 28, 2026

    ශ්‍රී ලංකාවේ කම්කරු නීතිය

  • අප්‍රේල් 09, 2026

    South India

  • අප්‍රේල් 09, 2026

    සරත් චන්ද්‍රසිරි

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට