සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

‍බොහෝ ථේරවාදී බෞද්ධ රටවල අටවිසි බුදුවරුන්ට ගෞරව කිරීම සඳහා අලංකාර උත්සව පැවැත්වීම බෞද්ධයන්ගේ චාරිත්‍රයකි. උදාහරණයක් වශයෙන් මියන්මාරයේ නොයෙක් පළාත්වල, විශේෂයෙන්

අට විසි බුදුවරු

  • මුල් පිටුව
  • අට විසි බුදුවරු

‍බොහෝ ථේරවාදී බෞද්ධ රටවල අටවිසි බුදුවරුන්ට ගෞරව කිරීම සඳහා අලංකාර උත්සව පැවැත්වීම බෞද්ධයන්ගේ චාරිත්‍රයකි. උදාහරණයක් වශයෙන් මියන්මාරයේ නොයෙක් පළාත්වල, විශේෂයෙන් කාලගුණය හොඳින් පවතින කාලවලදී බුදුවරු විසි අට නමට ගරු කිරීම සඳහා උත්සව පැවැත්වේ. බොහෝ බෞද්ධ සම්ප්‍රදායයන්ට අනුව 29 වෙනි බුදුරජාණන් වහන්සේ වන්නේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ය.

තායිලන්තයේ වට් සුහත් විහාරයේ සැතපෙන බුදු පිළිමය - මෙයින් දැක්වෙන්නේ පිරිනිවන් පෑමට ආසන්නව සිටින බුදුන් වහන්සේ දැක්වෙන පිළිමයකි.
හිටි පිළිමය - ගාන්ධාර පැරණි ප්‍රදේශය - උතුරු පකිස්ථානය - කි.ව. 1 වැනි සියවස.

.දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් පසු කල්ප අසංඛෙයක් බුදුවරැ පහළ නොවුනි. කල්ප අසංඛෙය්යකට පසු කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේද, තවත් කල්ප අසංඛෙය්යකට පසු මංගල බුදුරජාණන් වහන්සේද, තවත් කල්ප අසංඛෙය්යකට පසු සුමන බුදුරජාණන් වහන්සේද, තවත් කල්ප අසංඛෙය්යකට පසු රේවත බුදුරජාණන් වහන්සේද, ලොව පහළ විය.

ඉතිරි බුදුවරැ දහනම දෙනාම කල්ප ලක්ෂයක් තුල ලොවපහළවිය. සාරාසංක්‍ය කල්ප ලක්ෂය හෙවත් අසංඛෙය හතරකුත් කල්ප ලක්ෂය ගෙවීගියේය...

මහා කල්ප එකකට අන්තර් කල්ප දෙසිය පනස් හයකි(256). දැනට මෙම කල්පයේ අප ඉන්නේ හතරවන අන්තර් කල්පයේය..මීළඟ පස්වන අන්තර් කල්පයේ මිනිසුන්ගේ ආයුෂ අවුරැදු දහයේ සිට අවුරැදු අසංඛෙයියට වැඩිවී  නැවත අසූ දහසකට අඩුඋන විට මෛත්‍රී බුදු රජාණන් වහන්සේ ලොව පහලවන්නේය..

එක අන්තර් කල්පයක් යනු, මිනිසුන්ගේ ආයුෂ අවුරැදු දහයේ සිට අවුරැදු අසංඛෙයියට වැඩිවී  නැවත අවුරැදු දහයට අඩුවන  කාලයටය.....අසංඛෙයිය යනු, එකයි බින්දු එකසිහ හතලිහකි..

පාලි නම

  1. තණ්හංකර
  2. මේධංකර
  3. සරණංකර
  4. දීපංකර
  5. කොණ්ඩඤ්ඤ
  6. මංගල
  7. සුමන
  8. රේවත
  9. සෝභිත
  10. අනෝමදස්සී
  11. පදුම
  12. නාරද
  13. පදුමුත්තර
  14. සුමේධ
  15. සුජාත
  16. පියදස්සි
  17. අත්ථදස්සි
  18. ධම්මදස්සි
  19. සිද්ධත්ථ
  20. තිස්ස
  21. ඵුස්ස
  22. විපස්සි
  23. සිඛි
  24. වෙස්සභු
  25. කකුසඳ
  26. කෝණාගම
  27. කස්සප
  28. ගෞතම

අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ එදා සුමේධ තාපස ව ඉපදී දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබීමේ සිට බුදු වීම දක්වා නියත විවරණ ලද බුදුරජාණන් වහන්සේලා 24 නමකි.

ගෞතම බුදුරජාණන් වහන්සේ පළමු නියත විවරණය ලැබූ කල්පයේ අනෙකුත් බුදුරජාණන් වහන්සේලා (තණ්හංකර, මේධංකර, සරණංකර බුදුරජාණන් වහන්සේලා) සහ තමන් වහන්සේ ඇතුළු බුදු බව ලැබූ කල්පයේ උපත ලබන සියලුම බුදුරජාණන් වහන්සේලා සමඟ (මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ඇතුළුව) නියත විවරණ ලැබූ කල්පයේ සිට බුද්ධත්වයට පත් වූ කල්පය දක්වා මුළු බුදුරජානන් වහන්සේලා 29 ක් වේ.


මෙම බුදුවරුන් ගේ විස්තර කීපයක් පහත දැක්වේ.

තණ්හංකර බුදු රජාණන් වහන්සේ

පිය රජු  : සුනන්ද රජු
මව් දේවිය  : මනෝනඤ දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : දින 07
බෝධිය  : රුක් අත්තන බෝධිය

මේධංකර බුදු රජාණන් වහන්සේ

පිය රජු  : සුදේව රජු
මව් දේවිය  : යසෝධරා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : දින 14
බෝධිය  : කෑල නැමති බෝධිය

සරණංකර බුදු රජාණන් වහන්සේ

පිය රජු  : සුමංගල රජු
මව් දේවිය  : යසවතී දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 01
බෝධිය  : පුලිල නැමති බෝධිය

දීපංකර බුදු රජාණන් වහන්සේ

පිය රජු  : සුදේව රජු
මව් දේවිය  : සුමේධා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 10
බෝධිය  : පුලිල නැමති බෝධිය

කොණ්ඩඤ්ඤ බුදු රජාණන් වහන්සේ

පිය රජු  : සුනන්ද රජු
මව් දේවිය  : රම්යාවති දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 10
බෝධිය  : සල් බෝධිය

මංගල බුදු රජාණන් වහන්සේ

පිය රජු  : උත්තර රජු
මව් දේවිය  : උත්තර දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 08
බෝධිය  : නා බෝධිය

සුමන බුදු රජාණන් වහන්සේ

පිය රජු  : සුදත්ත රජු
මව් දේවිය  : සිරිමා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 10
බෝධිය  : නා බෝධිය

රේවත බුදු රජාණන් වහන්සේ

පිය රජු  : විපුල රජු
මව් දේවිය  : විපුල දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 07
බෝධිය  : නා බෝධිය

සෝභිත බුදු රජාණන් වහන්සේ

පිය රජු  : සුධම්ම රජු
මව් දේවිය  : සුධම්ම දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : දින 07
බෝධිය  : නා බෝධිය

අනෝමදස්සී බුදු රජාණන් වහන්සේ

පිය රජු  : යසවන්න රජු
මව් දේවිය  : යශෝධරා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 01
බෝධිය  : කුඹුක් බෝධිය

පදුම බුදු රජාණන් වහන්සේ

පිය රජු  : සුදේව රජු
මව් දේවිය  : අනෝමා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : දින 07
බෝධිය  : මුරුත බෝධිය

නාරද බුදු රජාණන් වහන්සේ

පිය රජු  :
මව් දේවිය  :
දුෂ්කර ක්‍රියා කාලය :
බෝධිය  : මුරුත බෝධිය

පදුමුත්තර බුදු රජාණන් වහන්සේ

පිය රජු  : ආනන්ද රජු
මව් දේවිය  : සුජාතා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : දින 07
බෝධිය  : කිරිපලුබෝධිය

සුමේධ බුදු රජාණන් වහන්සේ

පිය රජු  : සුදත්ත රජු
මව් දේවිය  : සුමනා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 08
බෝධිය  : බක්මී බෝධිය

සුජාත බුදු රජාණන් වහන්සේ

පිය රජු  : උද්ගත රජු
මව් දේවිය  : ප්‍රභාවතී දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 10
බෝධිය  : හුණ බෝධිය

පියදස්සි බුදු රජාණන් වහන්සේ

පිය රජු  : සුදත්ත රජු
මව් දේවිය  : සුවේන්ද්‍ර දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 01
බෝධිය  : කුඹුක් බෝධිය

අත්ථදස්සි බුදු රජාණන් වහන්සේ

පිය රජු  : සාගර රජු
මව් දේවිය  : සුදර්ශණා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 08
බෝධිය  : සපු බෝධිය

ධම්මදස්සි බුදු රජාණන් වහන්සේ

පිය රජු  : සරණ රජු
මව් දේවිය  : සුනන්ද දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : දින 07
බෝධිය  : කරවි බෝධිය

සිද්ධත්ථ බුදු රජාණන් වහන්සේ

පිය රජු  : උදේනි රජු
මව් දේවිය  : සුප්පා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 10
බෝධිය  : කිණිහිර බෝධිය

තිස්ස බුදු රජාණන් වහන්සේ

පිය රජු  : ජනසන්ධ රජු
මව් දේවිය  : පදුමා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 08
බෝධිය  : කොහොඹ බෝධිය

ඵුස්ස බුදු රජාණන් වහන්සේ

පිය රජු  : ජයසේන රජු
මව් දේවිය  : සිරිමා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 06
බෝධිය  : නෙල්ලි බෝධිය

විපස්සි බුදු රජාණන් වහන්සේ

පිය රජු  : බන්දුන්තු රජු
මව් දේවිය  : මදුමති දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 08
බෝධිය  : පලොල් බෝධිය

සිඛි බුදු රජාණන් වහන්සේ

පිය රජු  : අරුණවන්තු රජු
මව් දේවිය  : ප්‍රභාවතී දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 08
බෝධිය  : අඹ බෝධිය

වෙස්සභු බුදු රජාණන් වහන්සේ

පිය රජු  : සුප්පාසික රජු
මව් දේවිය  : යසවති දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 06
බෝධිය  : සල් බෝධිය

කකුසඳ බුදු රජාණන් වහන්සේ

පිය රජු  : ඛේම රජු
මව් දේවිය  : විශාකා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 10
බෝධිය  : බක් බෝධිය

කෝණාගම බුදු රජාණන් වහන්සේ

පිය රජු  : යඤ්ඤදත්ත රජු
මව් දේවිය  : උත්තරා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 06
බෝධිය  : දිඹුල් බෝධිය

කස්සප බුදු රජාණන් වහන්සේ

පිය රජු  : බ්‍රහ්මදත්ත රජු
මව් දේවිය  : ධනවති දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : දින 07
බෝධිය  : නුග බෝධිය

ගෞතම බුදු රජාණන් වහන්සේ

පිය රජු  : සුද්ධෝදන රජු
මව් දේවිය  : මහාමායා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : වසර 06
බෝධිය  : ඇසතු බෝධිය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 22, 2026

    ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2024

  • මාර්තු 25, 2026

    විශ්වය

  • අප්‍රේල් 04, 2026

    හෙබ්‍රෙව් භාෂාව

  • අප්‍රේල් 04, 2026

    Andhra Pradesh

  • අප්‍රේල් 03, 2026

    සත්මහල් ප්‍රාසාදය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට