සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

‍බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු බෞද්ධ දේශනා සහ සිද්ධාන්තයන් ඒ අයුරින්ම පවත්වාගෙන යාම සඳහාත්, බුද්ධ ශාසනය තුල විනය නියමයන් ඒ ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහාත් වර

බෞද්ධ ධර්ම සංගායනා

  • මුල් පිටුව
  • බෞද්ධ ධර්ම සංගායනා
මෙම ලිපිය හෝ ලිපි කොටස ධර්ම සංගායනා සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය)

‍බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු බෞද්ධ දේශනා සහ සිද්ධාන්තයන් ඒ අයුරින්ම පවත්වාගෙන යාම සඳහාත්, බුද්ධ ශාසනය තුල විනය නියමයන් ඒ ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහාත් වරින් වර ධර්ම සංගායනා පවත්වා තිබේ.

පටුන

‍ප්‍රථම සංගායනාව

ධර්මය හා විනය දැනට තිබෙන පරිදි ත්‍රිපිටකයට බෙදා කට පාඩමින් පවත්වාගෙන ඒමට හැකි ලෙස සකස් කරන ලද්දේ මෙම ප්‍රථම සංගායනාවේදී ය. මෙහිදී ප්‍රථමයෙන් විනය සංගායනා කරන ලදී. දෙවනුව සූත්‍ර පිටකය සංගායනා කරන ලද අතර තෙවණුව අභිධර්ම පිටකය සියලු ම රහතන් වහන්සේ විසින් සංගායනා කරන ලදී.

නිදානය

‍බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් සත් දින කට පසු පෘථග්ජන භික්ෂූන් ශෝක වන විට, එය දුටු සුභද්‍ර නම් මහලු කල පැවිදි වූ භික්ෂුවක විසින් කල අභද්‍ර ප්‍රකාශය (නොමනා ප්‍රකාශය)

 අලං ආවුසෝ මා සෝචිත්ත මා පරිදෙවිත්ත සුමුත්තාතේන මහා සමනේන උප්පද්දතාච හෝම ඉදං වෝ කප්පති ඉදං වෝන කප්පති 

"ඇවැත්නි-‍ශෝක නොකරනු. නො වැළැපෙනු. ඒ මහ මහණහු ගෙන් අප මිදුණෝ වම්හ. ‘මෙය තොපට කැපය. මෙය නො කැපය’ යී කියනු ලැබ අපි වෙහෙසුණෝ වම්හ. දැන් අපි කැමැත්තක් කරම් හ, නො කැමැත්තක් නොකරම් හ"

කාලය

‍ආරම්භය : බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් තුන් මසකට පසුව, අජාසත් රජුගේ රාජාභිෂේකයෙන් 8වන වසර දී සංගායනාව පැවති කාලය : මාස 7

ස්ථානය

රජගහ නුවර ‍‍වේහාර පර්වත ප්‍රාන්තයේ පිහිටි සප්තපර්ණී ගල්ගුහා ද්වාරයෙහි.

ප්‍රධානත්වය

තෘතිය ශ්‍රාවක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දායකත්වය අජාසත් රජතුමා

ප්‍රතිඵල

පළමුවන ධර්ම සංඝායනාවේ ප්‍රතිඵලයක් ලෙස සූත්‍ර දේශනාවන් සමූහය හෙවත් ධර්මය නිකාය වශයෙන් පහකට වෙන් කරන ලදී.

 1.දීඝ නිකාය 2.මජ්ඣිම නිකාය 3.අංගුත්තර නිකාය 4.සංයුක්ත නිකාය 5.ඛුද්දක නිකාය 

එමෙන්ම ධර්ම විනය මුඛ පරපුරෙන් රැකගෙන යාමට භාණක පරම්පරාවට නියම විය.ඒ අනුව

 *ආනන්ද මහරහතන් වහන්සේ ප්‍රධාන ශිෂ්‍ය පරම්පරාවට දීඝ නිකාය මුඛ පරපුරෙන් රැකගෙන යාමටද *සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රධාන ශිෂ්‍ය පරම්පරාවට මජ්ඣිම නිකාය මුඛ පරපුරෙන් රැකගෙන යාමටද *අනුරුද්ධ මහරහතන් වහන්සේ ප්‍රධාන ශිෂ්‍ය පරම්පරාවට අංගුත්තර නිකාය මුඛ පරපුරෙන් රැකගෙන යාමටද *කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන ශිෂ්‍ය පරම්පරාවට සංයුක්ත නිකාය මුඛ පරපුරෙන් රැකගෙන යාමටද *ඛුද්දක නිකාය සියලු භික්ෂූන්ට වහන්සේලාට ද පැවරිණි. 

පළමුවන ධර්ම සංඝායනාවේ තවත් ප්‍රතිඵලයක් ලෙස විනය පිටකය පස් ආකාරයෙන් සංග්‍රහ කරන ලදී.

 1.පාරාජික පාලි 2.චුල්ලවග්ග පාලි 3.පාචිත්තිය පාලි 4.මහාවග්ග පාලි 5.පරිවාර පාලි 

එමෙන්ම විනය පිටකය උපාලි හිමියන් ඇතුලු උන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසට මුඛ පරපුරෙන් රැකගෙන යාමට පැවරිණි.

සබැදි පිටු

  • ධර්ම සංගායනා
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 31, 2026

    කොස්

  • අප්‍රේල් 04, 2026

    East-West Schism

  • අප්‍රේල් 04, 2026

    මයික් පෙන්ස්

  • මාර්තු 22, 2026

    ශ්‍රී ලංකාවේ ජනාධිපති

  • මාර්තු 11, 2026

    සොළොස්මස්ථාන

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට