සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

උත්තර ධ්‍රැවය යනු පෘථිවියේ උතුරින්ම පිහිටි ලක්ෂ්‍යයයි. දක්ෂිණ ධ්‍රැවයට අත්‍යන්තයෙන්ම විරුද්ධව මෙම ධ්‍රැවය පිහිටා ඇත. උතුරු අක්ෂාංශ 90 සැබෑ උතුරු දිශාව ලෙස අර්ථ

උත්තර ධ්‍රැවය

  • මුල් පිටුව
  • උත්තර ධ්‍රැවය

උත්තර ධ්‍රැවය යනු පෘථිවියේ උතුරින්ම පිහිටි ලක්ෂ්‍යයයි. දක්ෂිණ ධ්‍රැවයට අත්‍යන්තයෙන්ම විරුද්ධව මෙම ධ්‍රැවය පිහිටා ඇත. උතුරු අක්ෂාංශ 90 සැබෑ උතුරු දිශාව ලෙස අර්ථ දැක්වේ. උත්තර ධ්‍රැවයේදී සියලු දිශාවන් දකුණට යොමු වී ඇත.එය උතුරු චුම්භක ධ්‍රැවය සමග පටලවා ගත යුතු නොවේ.

ආක්ටික් සමුද්‍රය සහ උත්තර ධ්‍රැවය දක්වන උද්ධිගංශ ප්‍රක්ෂේපණයක්.
උත්තර ධ්‍රැව භූමි දර්ශනයක්

දක්ෂිණ ධ්‍රැවය (දක්ෂිණ ධෘවය) මහාද්වීපික භූමි ස්කන්ධයක පිහිටන අතර උත්තර ධ්‍රැවය ආක්ටික් සමුද්‍රය මධ්‍යයේ පිහිටා ඇත. එය මුහුදු අයිස් තැටිවලින් ස්ථිරව වට වූ ජලතටාක මධ්‍යයේ පිහිටා ඇත. එබැවින් දක්ෂිණ ධ්‍රැවය මෙන් නොව උත්තර ධ්‍රැවය සඳහා ස්ථිර පිහිටීමක් ඇති කිරීම අසීරුය. කෙසේ නමුත් සෝවියට් සමුහාණ්ඩුව හා පසුව රුසියාව උත්තර ධ්‍රැවයට ඉතා ආසන්නයෙන් ඇදී ගිය පිරිස් බල ප්ලවිත නැවතුම් රාශියක් ඉදිකරන ලදී.

උත්තර ධ්‍රැවය අසල මුහුදේ ගැඹුර මීටර 4261 ක් (අඩි 13980) ලෙස ගණන් බලා ඇත. ආසන්නතම භූමිය සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ Kaffekluben දුපත ලෙසයි. එය ග්‍රීන්ලන්ත උතුරු මුහුදෙන් සැතපුම් 440 ක් (700 km) දුරින් පිහිටා ඇත. එසේ වුවද ඇතැම් අස්ථිර බොරලු ඉවුරුවලින් මදක් උතුරට වන්නට ඇත.

කාලය

පාථිවියේ බොහෝ ස්ථානවල ප්‍රාදේශීය වේලාවන් අහසේ හිරුගේ පිහිටීම සමග දළ වශයෙන් සමාවයවික වේ. එබැවින් දිනය මධ්‍යයේදී හිරු දළ වශයෙන් එහි උච්ඡයේ පවතී. හිරු නොකඩවා අහසේ සිටින මාස 6 ක් ඇති උත්තර ධ්‍රැවයේ මෙම ක්‍රමය වලංගු නොවේ. මෙහි මානව වාසයක් නැති නිසා කාල කලාපයක් නිර්ණය කොට නැත. ධ්‍රැව ගවේෂණයන්ට ඔවුන්ගේ රටේ හෝ GMT වැනි ඕනෑම ගැලපෙන කාලකලාපයක් යොදා ගත හැකිය.

භූ විද්‍යාව හා දේශගුණය

උත්තර ධ්‍රැවය දක්ෂිණ ධ්‍රැවයට වඩා ලාක්ෂණිකව උණුසුම් වේ. ශීත සෘතුවේ (ජනවාරි) උත්තර ධ්‍රැව උෂ්ණත්වය -430 සිට -260 දක්වා වෙනස් වේ. දල උෂ්ණත්වය සාමාන්‍යයෙන් -34 0 පමණ වේ. ගිම්හාන උෂ්ණත්වයන් (ජුනි, ජූලි, අගොස්තු) දළ වශයෙන් හිම මිදෙන ලක්ෂ්‍යය (00) පමණ වේ. මීටර දෙකක හෝ තුනක ඝනකමට උත්තර ධ්‍රැවයේ මුහුදු අයිස් ඇත. එසේ නමුත් පාවෙන අයිස් හා පැහැදිලි ජලය චලනයන්ගේ සැලකිය යුතු වෙනසක් පවතී. ගෝලීය උණුසුම් වීම නිසා මධ්‍යන්‍ය අයිස් ඝනකම මෑත අවුරුදුවල අඩු වී ඇති බව විද්‍යාඥයින් පවසයි. නමුත් මෙය මතභේදාත්මකය. වාර්තා කරන අන්දමට දශක කිහිපයක් තුළදී ගිම්හාන මාසවල ආක්ටික් මුහුද මුළුමණින්ම අයිස් රහිත වනු ඇත. මෙය සුවිශේෂී වාණිජ භාවිතයක් සහිතය. ; “භෞමික හිමිකම” බලන්න.

අමතර

  • දක්ෂිණ ධ්‍රැවය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 22, 2026

    නෙප්චූන්

  • මාර්තු 24, 2026

    ගොංගාලේගොඩ බණ්ඩා

  • අප්‍රේල් 07, 2026

    මොණරවිල කැප්පෙටිපොළ

  • අප්‍රේල් 08, 2026

    මඩකලපුව නගරය

  • මාර්තු 31, 2026

    පසළොස්වක පොහොය දොළහ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට