සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඩලස් දහම් කුමාර අලහප්පෙරුම (උපත මැයි 14, 1959) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක්, හිටපු කැබිනට් ඇමැතිවරයෙක් සහ මාතර දිස්ත්‍රික්කය සඳහා වත්මන් ශ්‍රී ලංකා පාර්ලිමේන්ත

ඩලස් අලහප්පෙරුම

  • මුල් පිටුව
  • ඩලස් අලහප්පෙරුම

ඩලස් දහම් කුමාර අලහප්පෙරුම (උපත මැයි 14, 1959) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක්, හිටපු කැබිනට් ඇමැතිවරයෙක් සහ මාතර දිස්ත්‍රික්කය සඳහා වත්මන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකි.

ගරු
ඩලස් අලහප්පෙරුම
පා.ම.
டலஸ் அழகப்பெரும
Dullas Alahapperuma
ජනමාධ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
16 අගෝස්තු 2021 – 3 අප්‍රේල් 2022
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාකෙහෙලිය රඹුක්වැල්ල
අනුප්‍රාප්තිකයානාලක ගොඩහේවා
විදුලිබල හා බලශක්ති අමාත්‍ය
තනතුර දරමින්
12 අගෝස්තු 2020 – 16 අගෝස්තු 2021
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාමහින්ද අමරවීර
අනුප්‍රාප්තිකයාගාමිණී ලොකුගේ
ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය
තනතුර දරමින්
22 නොවැම්බර් 2019 – 12 අගෝස්තු 2020
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාහරීන් ප්‍රනාන්දු
අනුප්‍රාප්තිකයානාමල් රාජපක්ෂ
මාතර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුරුධාරී
තනතුර දරමින්
2015
තනතුර දරමින්
1994–2001
ජාතික ලැයිස්තුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
2005–2015
පුද්ගලික තොරතුරු
උපත
ඩලස් දහම් කුමාර අලහප්පෙරුම

14 මැයි 1959 (1959-05-14) (වයස 66)
ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා නිදහස් පක්ෂය (1994-2018) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (2019 -වර්තමානය)
කලත්‍රයාප්‍රදීපා ධර්මදාස
ළමයිමහිම ඉඳුවර
කෞශික නාලන්ද
උගත් ශාස්ත්‍රාලයSt. Servatius' College
Ananda College
රැකියාවදේශපාලඥ
වෘත්තියමාධ්‍යවේදියා

පටුන

ජීවිතයේ මුල් අවධිය

අලහප්පෙරුම 1959 මැයි 14 දින මාතර දික්වැල්ලේදී උපත ලැබුවේ ප්‍රාදේශීය පාසල්වල විදුහල්පතිවරුන් ලෙස කටයුතු කළ කරෝලිස් අලහප්පෙරුම සහ ඇස්ලින් අලහප්පෙරුම යුවළට දාව ය. අලහප්පෙරුම ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ ශාන්ත සර්වේෂස් විද්‍යාලයෙන් සහ ආනන්ද විද්‍යාලයෙනි. ඇමෙරිකාවේ අයෝවා විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව වසර එකහමාරක් හැදෑරූ නමුත් දේශපාලන විද්‍යා උපාධිය සම්පූර්ණ කර නැත

දේශපාලන ජීවිතය

මාධ්‍යවේදියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අලහප්පෙරුම දිවයිනට කතුවරයෙකු ලෙස එක්වීමට පෙර ලක්මිණ පුවත්පතේ සේවය කළේය. 1994 දී පොදු ජන පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස මාතර මනාපයෙන් ඡන්ද 76,678ක් ලබා ගනිමින් ඔහු පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසියේය.

2015 මහ මැතිවරණයට එජනිස අපේක්ෂකයෙකු ලෙස මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ කළ ඔහු ඡන්ද 105,406ක් ලබා පාර්ලිමේන්තුවට පිවිසියේය. 2016 අගෝස්තු මාසයේදී ඔහු මාතර දිස්ත්‍රික් ශ්‍රීලනිප නායක ධුරයෙන් ඉල්ලා අස්විය. 2019 දී ඔහු අධ්‍යාපන හා යෞවන කටයුතු අමාත්‍යාංශවල තවත් අමාත්‍යාංශ දෙකක් සමඟ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී.

ඔහු 2020 මහ මැතිවරණයට මාතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස තරඟ කළ අතර පාර්ලිමේන්තුවට පිවිසීමට ඡන්ද 103,534 ක් ලබා ගත්තේය. විධායක ජනාධිපතිවරයාට තවත් බලතල නැවත ලබාදිය හැකි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ විසිවැනි සංශෝධනයට පක්ෂව ඔහු ඡන්දය දුන්නේය. 2020 අගෝස්තු මාසයේදී ඔහු විදුලිබල ඇමති ලෙස පත් කරන ලදී. 2021 අගෝස්තු කැබිනට් සංශෝධනයේදී ඔහු ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී. . සිවිල් විරෝධතා මධ්‍යයේ 2022 ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය ගැඹුරු වීමත් සමඟ ඔහු 2022 අප්‍රේල් මාසයේදී සිය කැබිනට් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය

2022 ජූලි මාසයේදී ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පසු අනුප්‍රාප්තික ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ප්‍රකාශ කළේය. ජුලි 19 වන දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔහු නිල වශයෙන් නම් කරන ලද අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් විසින් ඔහුව ස්ථිර කරන ලදී.

පවුලේ

ඔහු ගාල්ලේ පීකේ සහ හේමා ධර්මදාසගේ දියණිය ජනප්‍රිය ගායිකා ප්‍රදීපා ධර්මදාස සමඟ විවාහ වී සිටින අතර ඔහුට දරුවන් දෙදෙනකු සිටී.

මේකත් බලන්න

  • ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 07, 2026

    තනි තරුව

  • මාර්තු 22, 2026

    මුනිදාස කුමාරතුංග

  • මාර්තු 16, 2026

    ආනන්ද කුමාරස්වාමි

  • අප්‍රේල් 08, 2026

    කෙහෙලිය රඹුක්වැල්ල

  • අප්‍රේල් 08, 2026

    චන්ද්‍ර වර්ෂ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට