ජ්‍යෝතිෂයට අනුව සූර්ය දවසක් තුල අළුතින් යම් කාර්යයක් ආරම්භකිරීමට අසුබ කාලසීමාව රාහු කාලයයි.
| දවස (සූර්ය දවස) | රාහු කාලය ආරම්භය | රාහු කාලය අවසානය |
|---|---|---|
| සඳුදා | 7:30 | 9:00 |
| කුජදා | 3:00 | 4:30 |
| බුදදා | 12:00 | 1:30 |
| ගුරුදා | 1:30 | 3:00 |
| සිකුරාදා | 10:30 | 12:00 |
| ශනිදා | 9:00 | 10:30 |
| රිවිදා | 4:30 | 6:00 |
ඉර උදාව උදෑසන 6 ලෙස සලකා මෙමෙ වේලාවන් දී ඇත. යම් දවසක නිවැරදිම රාහු කාලය දැනගැනීම සඳහා එම දවසේ ඉර උදාවට අනුව මෙම වේලාවන් සකසාගත යුතුය.
රාහු කාලය සෑම විටෙකම හෝරා (= ඔරලෝසු පැය) 1:30 ක් පවතී.
මෙය දිවා රාත්‍රී 2ටම පොදුය.
ආශ්‍රිත ලිපි
- හිරු උදාව
- දවස
බාහිර යොමු
- දිනපතා නිවැරදි රාහු කාලය