සුමිත‍්‍රආරච්චිගේ දොන් බන්දුල චන්ද්‍රසිරි ගුණවර්ධන, පා.ම (දෙමළ:பந்துல குணவர்தன, ඉංග්‍රීසි: Bandula Gunawardane), (උපත 1953 මාර්තු 15) යනු ශ්‍රී ලංකික දේශපාලකයෙක්, ගුරුවරයෙක් සහ චිත්‍රපට නිෂ්පාදකයෙක් වන අතර වත්මන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වේ. ගුණවර්ධන කොළඹ දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්.
ගරු බන්දුල ගුණවර්ධන | |
|---|---|
| பந்துல குணவர்தன Bandula Gunawardane | |
![]() | |
| ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 23 මැයි 2022 | |
| ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |
| අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ දිනේෂ් ගුණවර්ධන |
| පූර්වප්‍රාප්තිකයා | දිලුම් අමුණුගම කනක හේරත් |
| ජනමාධ්‍ය අමාත්‍ය | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 23 මැයි 2022 | |
| ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |
| අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ දිනේෂ් ගුණවර්ධන |
| පූර්වප්‍රාප්තිකයා | නාලක ගොඩහේවා |
| තනතුර දරමින් 17 ජනවාරි 2020 – 12 අගෝස්තු 2020 | |
| ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
| අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
| පූර්වප්‍රාප්තිකයා | මංගල සමරවීර |
| අනුප්‍රාප්තිකයා | කෙහෙළිය රඹුක්වැල්ල |
| වෙළඳ අමාත්‍ය | |
| තනතුර දරමින් 12 අගෝස්තු 2020 – 3 අප්‍රේල් 2022 | |
| ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
| අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
| පූර්වප්‍රාප්තිකයා | ඩලස් අලහප්පෙරුම |
| අනුප්‍රාප්තිකයා | ෂෙහාන් සේමසිංහ |
| තනතුර දරමින් 28 ජනවාරි 2007 – 23 අප්‍රේල් 2010 | |
| ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
| අග්‍රාමාත්‍යවරයා | රත්නසිරි වික්‍රමනායක |
| පූර්වප්‍රාප්තිකයා | ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ |
| උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය | |
| තනතුර දරමින් 22 නොවැම්බර් 2019 – 12 අගෝස්තු 2020 | |
| ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
| අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
| පූර්වප්‍රාප්තිකයා | රවුෆ් හකීම් |
| අනුප්‍රාප්තිකයා | ගෝඨාභය රාජපක්ෂ |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය | |
| තනතුර දරමින් 22 නොවැම්බර් 2019 – 17 ජනවාරි 2020 | |
| ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
| අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
| අධ්‍යාපන අමාත්‍ය | |
| තනතුර දරමින් 23 අප්‍රේල් 2010 – 12 ජනවාරි 2015 | |
| ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
| අග්‍රාමාත්‍යවරයා | දි.මු. ජයරත්න |
| ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය | |
| තනතුර දරමින් 12 දෙසැම්බර් 2001 – 2 අප්‍රේල් 2004 | |
| ජනාධිපතිවරයා | චන්ද්‍රිකා කුමාරතුංග |
| අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
| නියෝජ්‍ය මුදල් අමාත්‍ය | |
| තනතුර දරමින් 2001–2004 | |
| ජනාධිපතිවරයා | චන්ද්‍රිකා කුමාරතුංග |
| අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
| කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 2000 | |
| තනතුර දරමින් 1989–1994 | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | සුමිත‍්‍රආරච්චිගේ දොන් බන්දුල චන්ද්‍රසිරි ගුණවර්ධන මාර්තු 15, 1953 |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (2018 - වර්තමානය) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (2007 - 2018) එක්සත් ජාතික පක්ෂය (2001- 2007) මහජන එක්සත් පෙරමුණ (1989 - 2001) |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය (2019 - වර්තමානය) එක්සත් ජනතා නිදහස් සන්ධානය (2007 - 2019) එක්සත් ජාතික පෙරමුණ (2001- 2007) පොදු ජන එක්සත් පෙරමුණ (2000 - 2001) |
| පදිංචිය(s) | 142 ජවුගස්මුල්ල මාවත, නුගේගොඩ, ශ්‍රී ලංකාව. |
මුල් ජීවිතය
ඔහු උපන්නේ ශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයේ අවිසාසල්වැල්ල මැතිවරණ කොට්ඨාශයේ මාබුල ග්‍රාමයේ ය. ඔහුගේ ප්‍රාථමික අධ්‍යාපනය මාබුල රෝමානු කතෝලික පාසලෙන් වූ අතර ද්විතීයික අධ්‍යාපනය සඳහා ඔහු රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් විය. ඔහු උසස් පෙළ අධ්‍යාපනය සඳහා ලුම්බිණි විද්‍යාලය ඇතුළු වූ අතර වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ සමත්ව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් විය.
වෘත්තීය
ඔහු විශ්වවිද්‍යාලයේ සිටියදීම විනෝදාංශයක් ලෙස ආරම්භ කළ නගරයේ උපකාරක පන්ති ගුරුවරයෙකි. ඔහු 1989 පාර්ලිමේන්තු මැතිවරණය මහජන එක්සත් පෙරමුණ පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස සාර්ථකව තරඟ කර පාර්ලිමේන්තුවට පිවිසියේය. පසුව පැවති 1994 පාර්ලිමේන්තු මැතිවරණය ඔහු පරාජයට පත් විය.
ගුණවර්ධන සරසවිය සම්මාන දිනාගත් සුද්දිලාගේ කතාව චිත්‍රපටයේ නිෂ්පාදකයා විය.
පෞද්ගලික ජීවිතය
ඔහු විවාහක සහ දරුවන් හතර දෙනෙකු සිටී: පුතෙක්, සහන් සහ දියණියන් තිදෙනෙක්. 2021 දී ඔහුගේ දියණිය රන්දුලා නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ තුන්වන ලේකම්වරිය ලෙස පත් කරන ලදී.
ආශ්‍රිත ලිපි
- ශ්‍රී ලංකාවෙහි කැබිනට් මණ්ඩලය
