සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සරසවිය සම්මාන උළෙල යනු ශ්‍රී ලංකාවේ සිනමාව උදෙසා සතිපතා පුවත්පතක් වන සරසවිය පුවත්පත මඟින් පිරිණමන සම්මානයකි. සිනමාවේ අභිවෘද්ධිය සඳ්හා මෙම ක්‍රියාව 1964 සිට ආරම්

සරසවිය සම්මාන

  • මුල් පිටුව
  • සරසවිය සම්මාන

සරසවිය සම්මාන උළෙල යනු ශ්‍රී ලංකාවේ සිනමාව උදෙසා සතිපතා පුවත්පතක් වන සරසවිය පුවත්පත මඟින් පිරිණමන සම්මානයකි. සිනමාවේ අභිවෘද්ධිය සඳ්හා මෙම ක්‍රියාව 1964 සිට ආරම්භ කළේය. සරසවිය ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක් හවුස්) විසින් ප්‍රකාශයට පත්කරන පුවත්පතකි.

සරසවි සම්මාන උළෙල
33 වරක්
සම්මාන ලබාදෙන්නේසිනමාවේ අභිවෘද්ධිය සඳහා
ප්‍රථම සම්මාන උළෙල1964
අවසාන සම්මාන උළෙල2016 දෙසැම්බර් 05
අන්තර්ජාල ලිපිනයhttp://www.sarasaviya.lk

පටුන

ඉතිහාසය

The Sarasaviya film awards ceremony began in 1964 at a time when the local cinema was trying to shed its South Indian orientation and establish an indigenous identity. There was no need to go to India to make films any more and the era of Indian artistes too had ended. ප්‍රථම සරසවිය සිනමා උළෙල පැවැත්වූයේ 1964 මැයි 9 දින කොළඹ අශෝක සිනමා ශාලාවදීයි. අවුරුදු 17කට පසුව ශ්‍රී ලංකා සිනමාවහි තිරයට පොඩි පුතා, රේඛාව, සන්දේශය, රන්මුතුදූව, කුරුළුබැද්ද, සිකුරුතරුව සහ ගම්පෙරළිය වැනි නිර්මාණාත්මක සිනමාපට ලංකවේ රිදී තිරයට එනු ලැබුවා. මන්ද ඉන් පෙර තිබූ බොහෝමයක් චිත්‍රපට ඉන්දියානු නිෂ්පාදන බැවිනි.

කෙටියෙන්ම කිව හොත් 1960 අවුරුද්ද සිංහල සිනමා රන් රේඛාවේ ආරම්භයයි. ප්‍රථම සරසවිය සිනමා සම්මාන උළෙලට ඇතුළු වූ සිනමාපට 1963ම ඒවා නොවීය 1960 සිට 1963 දක්වා තීර ගතවූ සිනමාපටයන් මේ සඳහ තෝරා ගනු ලැබීය. හොඳම සිනමාපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචකයනය, හොඳම නළුවා සහ නිළිය එ දවසෙහි තෝරනු ලැබුවා. ගම්පෙරළිය හොඳම සිනමාපටය ලෙසට එහි නිෂ්පාදක ඇන්ටන් වික්‍රමසිංහ සම්මාන ලැබූවා. එම චිත්‍රපටියටම සර්.ලෙස්ටර් ජෙම්ස් පීරිස් හොඳම අධ්‍යක්ෂණට සහ රෙජී සිරිවර්ධන හොඳම තිර රචනයට සම්මාන ලැබුවා. ඩී.ආර්. නානායක්කාර හොඳම නළුවා ලෙස සිකුරු තරුවෙහි දක්ෂතාවයට සම්මාන ලැබූවා, ඒ 1964 සම්මානීය අනෙක් සිනමාපටයයි. පුන්‍යා හීන්දෙණිය හොඳම නිළිය සම්මානය ලබා ගනු ලැබූයේද ගම්පෙරළිය සිනමාපටයෙන්මය. මුල්ම සරසවි සම්මාන උළෙල පැවැතියේ කොළඹ අශෝකා සිනමා හලදීයි. ‘සිළුමිණ’ පුවත්පතේ උප කතුවරයකු වූ විමලසිරි පෙරේරා මහතා විසින් 1964 දී ප්‍රථම සරසවි සම්මාන උළෙල පවත්වන ලදී. සරසවිය සම්මාන උළෙලට ජනප්‍රිය හින්දි නිළි මීනා කුමාරි සහභාගී විය.

සම්මානය නිර්මාණය

සම්මානය නිර්මාණය කරන ලද්දේ ප්‍රවීණ මූර්ති කලා ශිල්පී තිස්ස රණසිංහයන් විසිනි. ‘සරස්වතී’ අභිනන්දන ගීතය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ කවීන්ද්‍රයාණෝ රචනා කළහ.

දෙනු ලබන තිළිණ

මෙහි ආරම්භය 1964 දී වුවත් අතීතයේ ක්‍රමය වෙනස් කරමින් 2004 දී ස්ම්මාන 33 ක් පිරිනැමීය. එහි හඳුන්වා දෙනු ලැබූ විශිෂ්ට සම්මාන 12ක් සහිතය.

විශිෂ්ට සම්මාන

  • හොඳම චිත්‍රපටිය
  • හොඳම අධ්‍යක්ෂ
  • හොඳම නළුවා
  • හොඳම නිළිය
  • හොඳම සහය නළුවා
  • හොඳම සහය නිළිය
  • හොඳම නැගී එන නළුවා
  • හොඳම නැගී එන නිළිය
  • හොඳම සංගීත අධ්‍යක්ෂක
  • හොඳම පසුබිම් ගායකයා
  • හොඳම පසුබිම් ගායිකාව
  • හොඳම ගී පද රචනය
  • හොඳම ජනප්‍රිය නළුවා
  • හොඳම ජනප්‍රිය නිළිය
  • හොඳම ජනප්‍රිය චිත්‍රපටිය

ජනප්‍රිය ප්‍රදානය ඡන්දය පදනම

  • අතිශය ජනප්‍රිය නළුවා
  • අතිශය ජනප්‍රිය නිළිය
  • අතිශය ජනප්‍රිය විත්‍රපට

ශිල්පීය සම්මාන

  • හොඳම කලා අධ්‍යක්ෂණය
  • හොඳම සිනමා යාන්ත්‍රිකයා
  • හොඳම සංස්කාරක
  • හොඳම පිටපත රචකයා
  • හොඳම ශබ්ද ප්‍රයෝග
  • හොඳම වේශනිරූපන කලාකරු

යාවජීව කර්තව්‍යය සඳහා තිළිණය

  • රණතිසර සම්මානය

විශිෂ්ට සම්මාන

  • රණපාල බෝධිනාගොඩ සම්මානය
  • විශේෂ ජූරිය සම්මානය
  • වෙනත් විශේෂ සම්මාන

කුසලතා සම්මාන

  • කුසලතා සම්මාන හයකි (සම්මානයෙන් පිදුම් ලබයි, ත්‍යාග මුදල් නොමැත)
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 19, 2026

    ඉසුරුමුණිය

  • අප්‍රේල් 05, 2026

    උපත් අනුපාතිකය

  • මාර්තු 10, 2026

    සිංහල හෝඩි

  • අප්‍රේල් 04, 2026

    මයික් පෙන්ස්

  • මාර්තු 22, 2026

    නෙළුම් කුළුණ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට