සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

භූකාරක තැටි වාදයට අනුව පෘථිවියේ පිටතම කොටස තැනි ඇත්තේ ස්ථාර දෙකකිනි. ශිලාගෝලය තැනී ඇත්තේ ‍කබොල්ලෙන් සහ ප්‍රාවරණය හි සනීභවනය වු ඉහළ කොටසයි. ශිලාගෝලයට පහළින් ඇති

Plate tectonics

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
පෘථිවියේ ප්‍රධාන භූකාරක තැටි දහසයෙහි (16) සිතියම
Divergent:
  Spreading center
  Extension zone
Convergent:
  Subduction zone
  Collision zone
Transform:
  Dextral transform
  Sinistral transform
Diagram of the internal layering of Earth showing the lithosphere above the asthenosphere (not to scale)

භූකාරක තැටි වාදයට අනුව පෘථිවියේ පිටතම කොටස තැනි ඇත්තේ ස්ථාර දෙකකිනි. ශිලාගෝලය තැනී ඇත්තේ ‍කබොල්ලෙන් සහ ප්‍රාවරණය හි සනීභවනය වු ඉහළ කොටසයි. ශිලාගෝලයට පහළින් ඇති අධෝගෝලය සෑදී ඇත්තේ ඉහළ ප්‍රාවර්ණයේ ඇතුල් කොටසිනි. අධෝ‍ගෝලය සුපිරි තාපනය ද්‍රව්‍යයක් මෙන් අර්ධ ද්‍රවීය ප්ලාස්ටික් වැනි තත්ත්වයක පවතී. ශිලාගෝලය අධෝ ගෝලය මත පාවෙමින් පවතින අතර එය භූකාරක තල වශයෙන් කොටස් වලට බෙදේ. මෙම තල දැඩි වන අතර එකිනෙකට සාපේක්ෂව කාල සිමා තුන් ආකාරයකින් චලනය වේ. ඒවා නම්

අපසාරී (නිර්මාණ තැටි මායිම්)

උදාහරණ: මධ්‍ය සාගරික වැටිය. තැටි දෙකක් එකිනෙකාට විරැද්ධ දිශා වලට ගමන් කිරීම නිසා ඈත් වේ. මෙම ඈත් වීම හේතු කොට ගෙන මැදින් සෑදෙන හිඩසට ප්‍රාවණයේ පිහිටි ද්‍රවීභූත පාෂාණ වන ලාවා මතුපිටට විදාරණය වේ. මතු පිට උෂ්ණත්වය අඩු බැවින් එවා සිසිල් වේ. මෙම ක්‍රියාවලිය අඛණ්ඩව සිදු වන බැවින් අපසාරි චලන සිදු වන තැටි මායිම් වල පෘථිවි කබොල නැවත නැවතත් නිර්මාණය වේ. මධ්‍ය සාගරික වැටිය වාර්ෂිකව සෙන්ටි මීටර 2.5 ක් පමණ වර්ධනය වන අතර වසර මිලියනයක දී එය කිලෝ මීටර 25 ක් පමණ වර්ධනය වන බව සොයා ගෙන ඇත. එමෙන් ම පසුගිය වසර මිලියනය100-200 පමණ කාලයක් තුළ ඇමරිකාව, යුරෝපය හා අප්‍රිකාවෙන් වෙන් වී නූතන තත්ත්වයට පත්වී ඇති බව ඇති බව විද්වතුන් ගේ අදහසයි.මේවා නිර්මාණාත්මක තැටි මායිම් ලෙසද හැදින්වේ.හේතුව,එම තැටි දෙපසට යනවිට පෘථිවි ප්‍රාවරණයේ ඉහළ කොටසේ සිට මැග්මා මතුපිටට පැමිණ අලුත් සාගරික පත්ල නිර්මාණය කිරීමයි.

 උදා; මධ්‍ය සාගරික කදු වැටිය 

අභීසාරී (කිඳා බහින විනාශකාරී මායිම්)

උදාහරණ: දකුණු ඇමරිකානු තැටියේ බටහිර වෙරළ හා නැස්කා තැටිය අතර මායිම. මේ වර්ගයේ චලනයකදී තැටි දෙක එකම දිශාව ගමන් කරනු ලැබේ. මේ නිසා ඒවාඑකිනෙක හා ගැටේ. මෙසේ ගැටීමෙන් ඉතා විනාශකාරී දේ සිදු විය හැක. භූමි කම්පා ඇතිවීම, ගිනිකඳු විදාරණය වීම, දුපත් චාප ඇතිවීම, සාගරික ආගාධ ඇති වීම, නැමි කඳු ඇති වීම, ආදිය සිදු වේ. මෙම තැටි මායිම් ආශ්රීයතව සිදුවන තවත් විශේෂ සිදු වීමක් වන්නේ එක් තැටියක් යටින් තවත් තැටියක් ගිලා බැසීම ය. ඉහත උදාහරණයක් ලෙස දී ඇති නස්කා සාගරික තැටි මායිම දකුණු ඇමරිකානු තැටි මායිම ඉදිරියේ මෙසේ මෙසේ කිඳා බසිනු ලැබේ. මෙවැනි තැටි මායිමක සිදු විය හැකි තවත් සිදු වීමක් වන්නේ මහද්වීපික තැටියක් තවත් මහද්වීපික තැටියක් හා ගැටිය හැක. මෙවැනි ගැටිමක් හේතුවෙන් හිමාලය කඳු වැටිය නිර්මාණය වී ඇත. මෙවැනි මායිම් නිසා ඇති වු සුප්‍රකට නැමි කඳු රාශියක් ලොව පුරා ඇත.

පරිණාමන (පරිවර්තන මායිම්)

උදාහරණ: පැසිෆික් තැටිය හා උතුරු ඇමරිකානු තැටිය හේතුවෙන් සැන් ඇන්ඩ්‍රියාස් විභේදය ඇති වීම. මෙහිදි තැටි දෙක ආංශිකව චලනය වේ. මේවා බොහොමයක් පිහිටා ඇත්තේ සාගර පතුල් වල ය.මෙමගින් තැටි දෙකක් අතර විභේදයක් හටගනී. මෙම විභේදය නිසා ශිලා ගෝලයට අලුත් ද්‍රව්‍ය එකතු වීමක් හෝ ශිලා ගෝලය විනාශ වී යාමක් සිදු නොවේ.

ප්‍රධාන තල වන්නේ

තල නාමය වර්ග ප්‍රදේශය වාරණය කරන ප්‍රදේශය
අප්‍රිකානු තැටිය 61.3 අප්‍රිකාව
ඇන්ටාර්ටික් තැටිය 60.9 ඇන්ටාර්ටිකාව
ඔස්ටේලියානු තැටිය 47.2 ඔස්ට්‍රලියාව
යුරේඩියානු තැටිය 67.8 ආසියාව හා යුරෝපය
උතුරැ ඇමරිකානු තැ‍ටිය 75.9 උතුරැ ඇමරිකාව හා ඊසාන දිග සම්බීරියාව
දකුණු ඇමෙරිකානු තැටිය 43.6 දකුණු ඇමරිකාව
පැසිෆික් තලය 103.3 පැසිෆික් සාගරය

අප්‍රධාන තැටි 7කි.

අරාබියානු තැටිය

ජුවාන් ඩි ෆැකා තැටිය

නස්කා තැටිය

ස්කොටියා තැටිය

කැරිබියානු තැටිය

කොකොස් තැටිය

පිලීපින සාගරික තැටිය

වසර මිලියන 50-55 අතර කාලයකදී ඔස්ට්‍රේලියානු හා ඉන්දියානු තල එකිනෙක සම්බන්ධ විය. වඩාත්ම වේගයෙන් චලනය වන්නේ සාගර තල වනඅතර Cocos තලය වර්ෂයකට 52-69mmවේගයෙන්ද, පැසිෆික් තලය වර්ෂයකට ප්‍රමාණයකින්ද චලනය වේ. අනෙක් අත්තල සලකා බැලුව විට යුරේසියානු තලය අවම වේගයකින් චලනය වන තලය වන තඅර එය වර්ෂයකට 21mm කින් චලනය වේ.

ආශ්‍රිත ලිපි

  • Atmospheric circulation
  • Conservation of angular momentum
  • Geological history of Earth
  • Geodynamics
  • Geosyncline
  • GPlates
  • Outline of plate tectonics
  • List of submarine topographical features
  • Supercontinent cycle
  • Tectonics

උපහරණ

ප්‍රභව

බ්ලොග්

  • http://mahapolawa.blogspot.com/2012/07/blog-post.html. {{cite book}}: Missing or empty |title= (help)

පොත්

  • එපිටවත්ත, සෙනවි (2006). භූ රූප විද්‍යාව. ස්ටැම්ෆඩ් ලේක් ප්‍රකාශන.
  • පාරිසරික භූ ගෝල විද්‍යාව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව. 1996.
  • ඛනිජ පාෂාණ හා පරිසරය. භූ විද්‍යා සංගමයේ ප්‍රකාශන. 1997.
  • This Dynamic Earth: The Story of Plate Tectonics. USGS.
  • Understanding Plate Tectonics සංරක්ෂණය කළ පිටපත 2006-02-07 at the Wayback Machine. USGS.
  • An explanation of tectonic forces සංරක්ෂණය කළ පිටපත 2017-09-12 at the Wayback Machine. Example of calculations to show that Earth Rotation could be a driving force.
  • Bird, P. (2003); An updated digital model of plate boundaries.
  • Map of tectonic plates සංරක්ෂණය කළ පිටපත 2017-01-12 at the Wayback Machine.
  • MORVEL plate velocity estimates and information. C. DeMets, D. Argus, & R. Gordon.
  • Plate Model of Bird 2003 in Google Maps
  • Plate Tectonics on In Our Time at the BBC

වීඩියෝ

  • Khan Academy Explanation of evidence
  • 750 million years of global tectonic activity. Movie.
  • Multiple videos of plate tectonic movements Quartz December 31, 2015
ඉහළට