සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

අග්‍රාමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලයෙහි සාමාජිකයෙකු වන අතර එහි නාමාත්‍ර ප්‍රධානියා වේ. කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා හා ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන

ලංකාවේ අග්‍රාමාත්‍යය

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය
இலங்கை பிரதமர்
Prime Minister of Sri Lanka
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නිල ලාංඡනය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික ධජය
ආචාර්ය හරිනි අමරසූරිය
තනතුර ධාරී
හරිනි අමරසූරිය

24 සැප්තැම්බර් 2024 සිට
ශෛලීයගරු අග්‍රාමාත්‍ය
මෙහි සාමාජිකයෙකි
  • අමාත්‍ය මණ්ඩලය
  • ජාතික ආරක්ෂක මණ්ඩලය
  • පාර්ලිමේන්තුව
මොහුට වාර්තා කරයිපාර්ලිමේන්තුව
නිවහනඅරලියගහ මන්දිරය
ආසනයකොළඹ
පත් කරන්නාජනාධිපති අනුර කුමාර දිසානායක
ධූර කාල ප්‍රමාණයවසර 5
සංස්ථාපන ලිඛිතයශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාව
පූර්වගයාසභානායක, ජාතික රාජ්‍ය සභාව
සමාරම්භක දරන්නාදොන් ස්ටීවන් සේනානායක
සංස්ථාපනය1947, ඔක්තෝබර් 14
සන්තතියපළමු
වැටුපරුපියල් 858,000 වාර්ශිකව (2016)
වෙබ් අඩවියpmoffice.gov.lk

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා යනු ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලයේ කෘත්‍යාත්මක ප්‍රධානියා වේ.

සමාලෝචනය

අග්‍රාමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලයෙහි සාමාජිකයෙකු වන අතර එහි නාමාත්‍ර ප්‍රධානියා වේ. කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා හා ශ්‍රී ලංකා රජයේ ප්‍රධානියා යන තනතුරු ද්වයම හොබවන්නේ ජනාධිපති විසිනි. ජනාධිපතිගේ නියෝජ්‍යයා ලෙස ක්‍රියාකරමින් ඔහු/ඇය‍‍ නොමැති තන්හී හෝ අශක්නුකෘත අවස්ථාවන්හී එම පදවියෙහි වැඩබලන්නාවූ අග්‍රාමාත්‍ය වරයා, අනුප්‍රාප්තික පිළිවෙලෙහි පළමුවැන්නා ද වෙයි.

ඉතිහාසය

ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා ඔහුගේ කැබිනට් මණ්ඩලය සමග

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරය නිර්මාණය කරනු ලැබුවේ 1947 දී වන අතර එය එසේ වූයේ 1948 දී බ්‍රිතාන්‍යය වෙතින් නිදහස ලැබීමට හා ඩොමීනියන් ලංකාව පිහිටුවීමට පෙරය. 1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් වූ කල්හී මෙම ධූරයේ නම ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලෙසින් වෙනස් විය. වෙස්මිනිස්ටර්-පදනමෙහි දේශපාලන ක්‍රමය අනුව අග්‍රාමාත්‍යවරයා රජයේ ප්‍රධානියා වූ අතර එම නිසාම එම සමයෙහිදී රටේ බලවත්ම දේශපාලන තනතුර හෙබවීය. 1978 දී , ව්‍යවස්ථාදායකමය වෙනස්වීම් වලින් අනතුරුව, විධායක ජනාධිපති ධූරය ස්ථාපනය කිරීමත් සමගින්, ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා සහ රජයේ ප්‍රධානියා යන තනතුරු ද්වයම හොබවන්නා බවට පත්වූ විට, මෙම සියල්ල වෙනස් විය. 1978 වන තුරු අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යවරයාද විය. කැබිනට් අමාත්‍ය මණ්ඩලයෙහි ප්‍රධානියා ලෙසින් අග්‍රාමාත්‍යවරයා පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. ධුරය හොබවද්දීම, ජනාධිපතිවරයා මිය ගිය හොත්, අනු‍ප්‍රාප්තිකයෙකු පත්කරගැනුමට පාර්ලිමේන්තුව රැස්වනතුරු හෝ නව ජනාධිපතිවරයෙකු තොරාගැනුමට නව මැතිවරණයක් පවත්වනතුරු, වැඩබලන ජනාධිපතිවරයා ලෙසින් අග්‍රාමාත්‍යවරයා පත්වේ. ජනාධිපති ඩිංගිරි බණ්ඩා විජේතුංග පදවි ප්‍රාප්ත වූයේ එලෙසිනි.

ශ්‍රී ලංකාවේ වර්තමාන අග්‍රමාත්‍යවරයා වන්නේ හරිනි අමරසූරිය මහත්මිය වන අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2024 සැප්තැම්බර් 24 දිනදි ඔහු එම නිලයට පත් කරන ලදි .

ශ්‍රී ලාංකික අග්‍රාමාත්‍යවරුන්ගේ ලැයිස්තුව

මෙහි පහත දැක්වෙන්නේ ශ්‍රී ලාංකික අග්‍රාමාත්‍යවරුන්ගේ ලැයිස්තුවකි:

ලංකාවෙහි අග්‍රාමාත්‍යවරුන් (1948 - 1972)

  • දොන් ස්ටීවන් සේනානායක (1947 ඔක්තොබර් 14 - 1952 මාර්තු 22)
  • ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක (1952 මාර්තු 26 - 1953 ඔක්තෝබර් 12)
  • ජෝන් ලයනල් කොතලාවල (1953 ඔක්තෝබර් 12 - 1956 අප්‍රේල් 12)
  • සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක (1956 අප්‍රේල් 12 - 1959 සැප්තැම්බර 26)
  • විජයානන්ද දහනායක (1959 සැප්තැම්බර 26 - 1960 මාර්තු 21)
  • ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක (1960 මාර්තු 21 - 1960 ජූලි 21)
  • සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක (1960 ජූලි 21 - 1965 මාර්තු 27)
  • ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක (1965 මාර්තු 27 - 1970 මැයි 29)
  • සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක (1970 මැයි 29 - 1972 මාර්තු 22)

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරුන් (1972 - මේ දක්වා)

වෙනත් තොරතුරු

අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන්නේ අග්‍රාමාත්‍ය මන්දිරය වන අතර එයට සාමාන්‍ය වශයෙන් ව්‍යවහාර කරනුයේ අරලියගහ මන්දිරය යනුවෙනි. අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයය පිහිටා ඇත්තේ කොළඹ 7, මල් පාරේය.

මෙයද බලන්න

  • ශ්‍රී ලංකාවේ ජනාධිපති
  • අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයය
ඉහළට