සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

සංකීර්ණ විශ්ලේෂණය යනු සංකීර්ණ සංඛ්‍යා ශ්‍රිත අන්වේෂණයට අදාල ගණිත විෂයෙහි ශාඛාව වේ. මෙය අතීතයේ දී සංකීර්ණ විචලතා ශ්‍රිතවාදය ලෙස ද හඳුන්වන ලදී. මෙය භෞතික විද්‍යාව

Complex analysis

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
f(x) = (x2-1) (x-2-i)2 / (x2 + 2 +2i) ශ්‍රිතයේ ප්‍රස්ථාරය පහත දැක්වේ. එහි පැහැය මගින් ශ්‍රිත විස්ථාරය සහ පැහැයේ තද හෝ ලා බව මගින් ශ්‍රිතයේ විශාලත්වය නිරූපිතයි.

සංකීර්ණ විශ්ලේෂණය යනු සංකීර්ණ සංඛ්‍යා ශ්‍රිත අන්වේෂණයට අදාල ගණිත විෂයෙහි ශාඛාව වේ. මෙය අතීතයේ දී සංකීර්ණ විචලතා ශ්‍රිතවාදය ලෙස ද හඳුන්වන ලදී. මෙය භෞතික විද්‍යාව , ව්‍යවහාරික ගණිතය සහ සංඛ්‍යාවාදය වැනි විවිධ ගණිතමය විෂය පථයන්හිදී යොදා ගැනේ.

සංකීර්ණ විෂ්ලෙෂණය , සංකීර්ණ විචල්‍යයන්හි විශ්ලේෂ ශ්‍රිතයන්ට අදාලව වඩාත් වැදගත් වේ. මෙවැනි ශ්‍රිත ප්‍රධාන කාණ්ඩ 2කි. එනම් සවිධි ශ්‍රිත හා භාග රූප ශ්‍රිත වේ. ඕනෑම විශ්ලේෂ ශ්‍රිතය තාත්වික හා අතාත්වික කොටස් ලප්ලාස් සමීකරණය සපුරාලිය යුතු බැවින් භෞතික විද්‍යාත්මක ද්විමාන ගැටළු සදහා සංකීර්ණ විශ්ලේෂණය බහුලව යොද‍ාගැනේ.

ඉහළට