සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රුද්‍රමාදේවි යනුවෙන් හැඳින්වෙන්නේ 2015දී මුදාහරුණු ඉන්දියානු තෙලිඟු 3D වීරකථා ඓතිහාසික ප්‍රබන්ධ චිත්‍රපටයකි. මේ සඳහා පාදක වී ඇත්තේ ඩෙකෑනයේ කාකතීය රාජවංශයේ විසූ

රුද්‍රමාදේවි (චිත්‍රපටය)

  • මුල් පිටුව
  • රුද්‍රමාදේවි (චිත්‍රපටය)

රුද්‍රමාදේවි යනුවෙන් හැඳින්වෙන්නේ 2015දී මුදාහරුණු ඉන්දියානු තෙලිඟු 3D වීරකථා ඓතිහාසික ප්‍රබන්ධ චිත්‍රපටයකි. මේ සඳහා පාදක වී ඇත්තේ ඩෙකෑනයේ කාකතීය රාජවංශයේ විසූ ප්‍රමුඛ රැජිනියක වූ රුද්‍රමා දේවියගේ ජීවන පුවතයි. ඇය ඉන්දියානු ඉතිහාසයේ විසූ අතලොස්සක් වූ රාජ්‍ය කරන රැජිනියන් අතුරින් අයෙකි. මෙම චිත්‍රපටය රචනාකරණය සහ අධ්‍යක්ෂණය සිදුකරන ලද්දේ ගුණසේඛර් විසිනි. මෙහි ප්‍රධාන චරිතය වන රුද්‍රමා දේවීගේ චරිතය අනුෂ්කා ෂෙට්ටි විසින් නිරූපණය කරනු ලබයි. මෙහි සෙසු චරිත අල්ලු අර්ජුන්, රානා දග්ගුබාති, වික්‍රම්ජීත් විර්ක්, ක්‍රිෂ්ණම් රාජු, ප්‍රකාශ් රාජ්, සුමන්, නිත්‍යා මෙනන්, බාබා සේගාල් සහ කැතරින් ට්‍රේසා විසින් නිරූපණය කරන ලදී. මෙම චිත්‍රපටයේ කථානය සිදුකරන්නේ චිරන්ජීවි විසිනි. චිත්‍රපටයේ නාදපථය සහ පසුබිම් සංගීතය ඉලෛයරාජා විසින් නිර්මාණය කරන ලදී.

රුද්‍රමාදේවි
මුදාහැරීමේ ප්‍රවර්ධනයක්
අධ්‍යක්‍ෂණයගුණසේඛර්
රචනයගුණසේඛර්
නිශ්පාදනයගුණසේඛර්
රාගිනී ගුණා
නීලිමා ගුණා
යුක්තමුඛී
රංගන ශිල්පීන්අනුෂ්කා ෂෙට්ටි
අල්ලු අර්ජුන්
රානා දග්ගුබාති
වික්‍රම්ජීත් විර්ක්
ක්‍රිෂ්ණම් රාජු
ප්‍රකාශ් රාජ්
කථනයචිරන්ජීවි
සිනෙමාරූපණයඅජයන් වින්සන්ට්
සංස්කරණයශ්‍රීකර් ප්‍රසාද්
සංගීතයඉලෛයරාජා
නිෂ්පාදන
company
ගුණා ටීම් වර්ක්ස්
බෙදාහැරීමගුණා ටීම් වර්ක්ස්
(තෙලිඟු)
ශ්‍රී තේනන්දල් ෆිල්ම්ස්
(දෙමළ)
නිකුත්වූ දිනය
  • 9 ඔක්තෝබර් 2015 (2015-10-09)
තිර කාලය
මිනිත්තු 157
රටඉන්දියාව
භාෂාවතෙලිඟු
පිරිවැයINR48 කෝටි (US$7.5 මිලියන)
ආදායමඇස්ත. INR86.92 කෝටි (US$14 මිලියන)

රුද්‍රමාදේවී චිත්‍රපටය ‍ලොව පුරා මුදාහැරුණේ 2015 ඔක්තෝබර් 9 වන දින ය. ඒ හා සමගාමීව චිත්‍රපටයේ හින්දි සහ මලයාලම් බසින් හඬකැවූ ප්‍රභේද ද ප්‍රදර්ශනය කෙරිණි. දෙමළ බසින් හඬකැවූ ප්‍රභේදය මුදාහරින ලද්දේ ඔක්තෝබර් 16 දින ශ්‍රී තේනන්දල් ෆිල්ම්ස් ආයතනය විසිනි. මුදාහැරීමෙන් පසු, මෙම චිත්‍රපටය ධනාත්මක ප්‍රතිචාර හිමිකරගත් අතර, චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, කථන ශෛලිය, පසුබිම් සංගීතය සහ අනුෂ්කාගේ රංගන ප්‍රතිභාව විචාරක පැසසුමට ලක් විය. මෙම චිත්‍රපටය 2015 වර්ෂයේ මුල්ම ප්‍රදර්ශන දින‍යේ පස්වන වැඩිම ආදායම හිමි කරගත් ඉන්දියානු චිත්‍රපටය බවට පත් විය‍. මුල් ප්‍රදර්ශන සතිය තුළ එය ලොව පුරා ඉන්දියානු රුපියල් කෝටි 32ක ආදායමක් හිමිකරගත්තේ ය.

පටුන

කථාපුවත

ගණපතිදේව යනු කාකතීය රාජවංශයේ කාකතීය අධිරාජ්‍යය පාලනය කළ අධිරාජයා වේ. ඔහු සිය අධිරාජ්‍යය පාලනය කළේ ඔරුගල්ලු (වර්තමාන වරංගල්, තෙලංගානා) සිය අගනුවර කොටගෙන ය. පුරාතන පුත්‍රිකා මංගල්‍යය අනුව ඔහු සිය දියණිය වූ රුද්‍රමා, නිල වශයෙන් පුත්‍රයා ලෙස නම් කොට රුද්‍රදේව නැමැති පුරුෂ නාමයක් ද තැබී ය. 1250-60 දක්වා කාලය තුළ රුද්‍රමා දේවී සිය පියාගේ සම-අනුරාජයා ලෙස හවුල් රාජ්‍ය පාලනයක් ගෙනගියේ රුද්‍රදේව ‍මහාරාජ යන නාමයෙනි.

ඔවුන්ගේ හවුල් පාලන සමයේ පළමු වර්ෂ ද්විත්වය හෝ ත්‍රිත්වය තුළ රාජධානිය මතභේදාත්මක සහ අවුල් සහගත තත්ත්වයකට පත්වන්නේ Iවන ජයවර්මන් සුන්දර් පාණ්ඩ්‍යන් විසින් රාජ්‍’ය ආක්‍රමණය කිරීමත්, නෙල්ලෝරය අසල මුත්තුකූර් යුධ භූමිවේ දී කාකතීයවරුන් සහ ඔවුන්ගේ මිත්‍ර පාක්ෂිකයන් දැඩි පරාජයකට ලක්වීමත් සමගයි. කෙසේ හෝ ගණපතිදේව ආක්‍රමණය යළි හරවා යැවීමට සමත් වුව ද, ඒ වනවිට ඔහුගේ රාජධානියේ බිම් බොහෝ ප්‍රමාණයක් අහිමි වී තිබූ අතර, ඔහුගේ ගෞරවය ද හීන වී තිබිණි. එසේම ඔහුගේ වැඩවසම් බිම් සහ වංශවතුන් ද වෙනස් වී සිටියේ ය. මෙම තත්ත්ව යටතේ ඔහු ක්‍රියාකාරී දේශපාලනයෙන් විශ්‍රාම ගත්තේ ය. රුද්‍රමාදේවියව නිදාදවෝලුහි වෙංගි චාලුක්‍ය (බදාමියේ චාලුක්‍යවරුන්ගේ ශාඛාවකි) කුමරකු වූ වීරභද්‍ර හට විවාහ කරදෙන ලදී.

චරිත නිරූපණය

  • අනුෂ්කා ෂෙට්ටි, රුද්‍රමා දේවි ලෙස
  • අල්ලු අර්ජුන්, ගෝන ගණ්ණ රෙඩ්ඩි ලෙස
  • රානා දග්ගුබාති, චාලුක්‍ය වීරභද්‍ර ලෙස
  • වික්‍රම්ජීත් විර්ක්, මහාදේව නායකුදු ලෙස
  • ක්‍රිෂ්ණම් රාජු, ගණපති දේවුදු ලෙස
  • ප්‍රකාශ් රාජ්, ශිවා දේවයියා ලෙස
  • සුමන්, හරි හර දේවුදු ලෙස
  • නිත්‍යා මෙනන්, මුක්තම්බා ලෙස
  • කැතරින් ට්‍රේසා, අනම්බිකා ලෙස
  • ආදිත්‍ය මෙනන්, මුරාරි දේවුදු ලෙස
  • ප්‍රභා, සෝමම්බා ලෙස; ගණපති දේවුදුගේ භාර්යාවයි.
  • විනෝද් කුමාර්, ගණ්ණ රෙඩ්ඩිගේ පීතෘපාර්ශ්වීය මාමණ්ඩිය ලෙස
  • රාජා රවීන්ද්‍රා, අනම්බිකාගේ පියා ලෙස
  • රෝෂන් මේකා, ලාබාල චාලුක්‍ය වීරභද්‍ර ලෙස
  • උල්කා ගුප්තා, ලාබාල රුද්‍රමා දේවි ලෙස
  • ආදිති චෙංගප්පා, ගණපම්බා ලෙස
  • හම්ස නන්දිනි, මදනිකා ලෙස
  • අජේ, ප්‍රසාදාදිත්‍ය ලෙස
  • බාබා සේගාල්, නාග දේවුදු ලෙස
  • රාසා මුරාද්, සිංගන්නා ලෙස
  • ජය ප්‍රකාශ් රෙඩ්ඩි, අම්බා දේවුදු ලෙස
  • රවි ප්‍රකාශ්
  • අශෝක් කුමාර්, පූජකයා ලෙස
  • සිවාජි රාජා
  • උත්තේජ්
  • බ්‍රහ්මාජි
  • ධර්මවරාපු සුබ්‍රමණියනම්
  • ආහුති ප්‍රසාද්
  • වේණු මාධව්, තිත්තිබි ලෙස
  • වෙන්නේලා කිෂෝර්
  • අර්පිත් රන්කා, වරද රෙඩ්ඩි ලෙස
  • අක්ෂරා මණ්ඩපති, අක්ෂරා දේවී ලෙස

නිෂ්පාදනය

 
රූගත කිරීම් ඇරඹුණු කුළුණු දහසේ දේවාලය.

අධ්‍යක්ෂක ගුණසේඛර් රාණි රැද්‍රමාදේවීගේ චරිතය ඇසුරෙන් පිටපතක් සූදානම් කළේ ය. මෙහි රුද්‍රමාදේවීගේ චරිතය සඳහා අනුෂ්කා, නයනතාරා සහ ප්‍රියංකා‍ චොප්රාගේ නම් යෝජනා වූ අතර, අරුන්දතී චිත්‍රපටයේ රංගන ප්‍රතිභාව සලකා අනුෂ්කාව මෙම චරිතය සඳහා යොදාගැනිණි. ගුණසේඛර් විසින් මෙහි සංගීත නිර්මාණය සඳහා ඉලෛයරාජාව තෝරාගැනුණු අතර, කලා අධ්‍යක්ෂණය සඳහා තෝට්ට තාරණි තෝරාගැනිණි. චිත්‍රපටය නිෂ්පාදනය කෙරුණේ ඉන්දියානු රුපියල් කෝටි 80ක අයවැයක් යටතේ ය.මහේෂ් බාබු සහ කනිෂ්ඨ NTR යන දෙදෙනාගේ නම් මුලින් ගෝන ගණ්ණ රෙඩ්ඩි සඳහා යෝජනා වුවත්, ඔවුන් දෙදෙනා විසින්ම එම යෝජනාව ප්‍රතික්ෂේප කොට තිබිණි. පසුව ක්‍රමයෙන් අල්ලු අර්ජුන් මෙම චරිතය සඳහා තෝරාගැනිණි.නීතා ලල්ලා විසින් වස්ත්‍ර නිර්මාණය සිදුකරන ලදී.බාබා සේගාල්ව ද අධ්‍යක්ෂක ගුණසේඛර් විසින් චරිතයක් සඳහා යොදාගන්නා ලදී.අශුතෝෂ් ගෝවාරිකර්ගේ ඛේලෙඉන් හම් ජී ජාන් සේ (2010) සහ පූරි ජගන්නාධ්ගේ 2014 චිත්‍රපටයක් වූ Heart Attack යන චිත්‍රපටවල ඍණාත්මක චරිත නිරූපණය කළ වික්‍රම්ජීත් විර්ක් නැමැති නළුවා, මෙම චිත්‍රපටයේ ද ඍණාත්මක චිත්‍රපටයක් වන මහාදේව නායකාදුගේ චරිතය නිරූපණය කරයි.

චිත්‍රපටයේ රූගත කිරීම් 2013 පෙබරවාරි 14 දින වරංගල්හි දී ය. එහි පළමු දසුන රූගත කෙරුණේ වරංගල්හි කුළුණු දහසේ දේවාලයේ දී ය. අවසන් රූගත කිරීම් 2014 ජූලි මස සිදු විය.

මුදාහැරීම

චිත්‍රපටයේ නිල ප්‍රචාරක පටය 2015 මාර්තුවේ මුදාහැරිණි. චිත්‍රපටය මුදාහැරීම 2015 ජූනි 26 දින සිදු කිරීමට සැලසුම් කොට තිබුණ ද, තාක්ෂණික ගැටලු හේතුවෙන් එය ඔක්තෝබර් 9 තෙක් කල්දැමිණි.තෙලංගානා ප්‍රාන්තය විසින් මෙම චිත්‍රපටය සඳහා රසවින්දන බදු නිදහසක් ලබා දී තිබිණි.

නීත්‍යානුකූල මාර්ගස්ථ මුදාහැරීම

හීරෝටෝකීස් විසින් නීත්‍යානුකූලව රුද්‍රමාදේවී චිත්‍රපටය 2D සහ 3D රූප ආකෘතිවලින් මුදාහරින ලද්දේ ලොවපුරා 3D රූපවාහිනී පාරිභෝගිකයන් හට ලබා ගැනීම සඳහායි.

පිළිගැනීම

විචාරක ප්‍රතිචාරය

මුදාහැරීමත් සමග, චිත්‍රපටය යහපත් ප්‍රතිචාර හිමි කරගත් අතර, අධ්‍යක්ෂණය, ඉදිරිපත් කිරීම සහ අනුෂ්කාගේ රංගනය පැසසුමට ලක් විය. බෙල්වොයර් ඊගල් විසින් මෙම චිත්‍රපටයට 3.5/5 ක ඇගයුමක් ලබා දී තිබූ අතර,The Hans Indiaහි කියාරා සින්දු විසින් එයට 4/5ක ප්‍රමාණනයක් ලබා දෙන ලදී.

බොක්ස් ඔෆිස්

මෙම චිත්‍රපටය 2015 වර්ෂයේ පළමු ප්‍රදර්ශන දිනයේම පස්වන ඉහළම ආදායම හිමිකරගත් ඉන්දියානු චිත්‍රපටය බවට පත් විය. දේශීය ප්‍රවේශපත් කාර්යාල තුළ පළමු සති අන්තයේ දී මෙය ඉන්දියානු රුපියල් කෝටි 32ක ආදායමක් හිමි කරගත් අතර, පළමු සතිය තුළ ඉන්දියානු රුපියල් කෝටි 57.62ක ආදායමක් හිමි කරගත්තේ ය. ලෝකය පුරා ප්‍රදර්ශනය මගින් දින 17ක් ඇතුළත ඉන්දියානු රුපියල් කෝටි 81.77ක සහ දින 21ක් තුළ ඉන්දියානු රුපියල් කෝටි 83ක ආදායමක් ලබා ගැනීමට මෙම චිත්‍රපටය සමත් විය. දින 35ක් ඇතුළත් මෙහි ලෝකය පුරා උපයාගත් ආදායම ඉන්දියානු රුපියල් කෝටි 86.92ක් විය.

මෙහි හින්දි හඬකැවූ ප්‍රභේදය මුදාහැර පළමු සති දෙක ඇතුළත ඉන්දීය රුපියල් කෝටි 15ක ආදායමක් හිමි කරගන්නා ලදී. දින 24ක් ඇතුළත විදේශ ප්‍රදර්ශන මගින් චිත්‍රපටය ඇ.ඩො. 990,772ක දින 31ක් ඇතුළත ඇ.ඩො. 993,837ක ආදායමක් හිමි කරග්නනා ලදී.

සම්මාන සහ නිර්දේශ

වර්ෂය ප්‍රවර්ගය සම්මානය චිත්‍රපටය ප්‍රතිඵල ජයග්‍රාහකයා
2015 හොඳම නිළිය සඳහා උගාඩි සම්මානය උගාඩි සම්මාන 2016 රුද්‍රමාදේවී දිනාගති අනුෂ්කා ෂෙට්ටි
හොඳම නිළිය අප්සරා සම්මාන 2016 දිනාගති
වසරේ රසවින්දකයා අප්සරා සම්මාන 2016 දිනාගති
හොඳම නිළිය සඳහා සිනේමා සම්මානය සිනේමා සම්මානය දිනාගති
හොඳම නිළිය භරතමුණි සම්මාන දිනාගති
හොඳම නිළිය - විචාරක තේරීම SIIMA (දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මාන) 2016 දිනාගති
හොඳම නිළිය SIIMA (දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මාන) 2016 නිර්දේශිත
හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය – තෙලිඟු ෆිල්ම්ෆෙයාර් සම්මාන දකුණ දිනාගති
සන්තෝෂම් හොඳම නිළිය සම්මානය සන්තෝෂම් චිත්‍රපට සම්මාන දිනාගති
සහායක චරිතයක හොඳම නළුවා සඳහා වන ෆිල්ම්ෆෙයාර් සම්මානය – තෙලිඟු ෆිල්ම්ෆෙයාර් සම්මාන දකුණ දිනාගති අල්ලු අර්ජුන්
හොඳම නළුවා - විචාරක තේරීම SIIMA (දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මාන) 2016 දිනාගති
හොඳම නළුවා SIIMA (දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මාන) 2016 නිර්දේශිත
හොඳම නළුවා සඳහා සිනේමා සම්මානය - ජූරියේ සිනේමා සම්මාන දිනාගති
අගය කිරීම සඳහා සිනේමා සම්මානය සිනේමා සම්මාන දිනාගති ගුණසේඛර්
සන්තෝෂම් හොඳම චිත්‍රපටය සම්මානය සන්තෝෂම් චිත්‍රපට සම්මාන දිනාගති
හොඳම අධ්‍යක්ෂක - තෙලිඟු SIIMA (දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මාන) 2016 නිර්දේශිත
හොඳම චිත්‍රපටය - තෙලිඟු SIIMA (දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මාන) 2016 නිර්දේශිත
සහායක චරිතයක හොඳම නිළිය - තෙලිඟු SIIMA (දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මාන) 2016 නිර්දේශිත නිත්‍යා මෙනන්

නාදපථය

ප්‍රධාන ලිපිය: රුද්‍රමාදේවි (නාදපථය)

මෙහි ගීත තෙලංගානා සහ ආන්ධ්‍රා ප්‍රදේශ්වල වෙනවෙනම ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් මුදාහැරීමට සැලසුම් කොට තිබිණි. ඇල්බමයේ ඇති ගීත හයෙන්, තුනක් විසාඛපට්නම්හි උගාඩි උත්ස‍වයේ දී නිකුත් කෙරිණි. ඉතිරි ගීත තුන මුදාහැරුණේ ඊළඟ දිනයේ වරංගල්හි දී ය. ඩෙකෑන් මියුසික් විසින් 2015 මාර්තු මස මෙය හොඳම තෙලිඟු ඇල්බමය ලෙස නම්කෙරිණි. දෙමළ සහ මලයාලම් නාදපථ ප්‍රභේද පසුව නිකුත් කෙරිණි.

උරුමය

එක්සත් රාජධානියේ ලන්ඩන්හි පටිගතකිරීම් සිදුකළ පළමු තෙලිඟු චිත්‍රපටය රුද්‍රමාදේවි ය. මෙහි ප්‍රධාන චරිත සඳහා නිර්මාණය කරන ලද වස්ත්‍ර සහ ආභරණ චෙන්නායිහි NAC ආභරණ වෙළෙන්දන් විසින් රුද්‍රමාදේවී එකතුව ලෙස ප්‍රදර්ශනයට තබා ඇත.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    අරාබි භාෂාව

  • අප්‍රේල් 15, 2026

    සූම් (චිත්‍රපටය)

  • අප්‍රේල් 09, 2026

    හුක්ගේ නියමය

  • අප්‍රේල් 15, 2026

    Brahmi script

  • අප්‍රේල් 05, 2026

    පෘථිවිය උණුසුම්වීම

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට