සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අරහත් (සංස්කෘත: अर्हत्) අරහං (පාලි: अरहन्त्, 𑀅𑀭𑀳𑀦𑁆𑀢𑁆) හෝ රහත් යනු බුදුදහමේ දී පැවැත්මේ සැබෑ ස්වභාවය පිළිබඳ අවබෝධයක් ලබා ගෙන නිවන සාක්ෂාත් කර, නැවත ඉපදීමේ නිමක්

රහතන් වහන්සේ

  • මුල් පිටුව
  • රහතන් වහන්සේ
චීනයේ පිහිටි ගෞතම බුදුන්ගේ සහ රහතන් වහන්සේලා 500 දෙනෙකුගේ පිලිම

අරහත් (සංස්කෘත: अर्हत्) අරහං (පාලි: अरहन्त्, 𑀅𑀭𑀳𑀦𑁆𑀢𑁆) හෝ රහත් යනු බුදුදහමේ දී පැවැත්මේ සැබෑ ස්වභාවය පිළිබඳ අවබෝධයක් ලබා ගෙන නිවන සාක්ෂාත් කර, නැවත ඉපදීමේ නිමක් නැති චක්‍රයෙන් නිදහස් වූ අයෙකි.

අරහත් (රහත්)
පරිවර්තන
පාලිअरहन्त
සංස්කෘතअर्हत्
බෙංගාලිঅর্হৎ
චීන阿罗汉, 罗汉
(පින්යින්: āluóhàn, luóhàn)
ජපන්あらかん
(rōmaji: arakan, rakan)
කොරියානු아라한, 나한
(ප්‍ර.රෝ.: arahan, nahan)
බුදු දහම ශබ්ද මාලාව

බුදුන් පාලි ත්‍රිපිටකයේ දක්වා ඇති ආකාරයට අරහත් යන වචනයේ සාහිත්‍යාත්මක අර්ථය වන්නේ ගරුකළයුතු තැනැත්තා යන්න සහ උසස් මනුෂ්‍යයකුට ළගාවිය හැකි ඉහල ස්ථානය කරා ළඟාවූ තැනැත්තා (අරිය පුද්ගල) යන්නය. මෙම යෙදුම බුදුන්ට මෙන්ම ඔහුගේ නිර්වාණාවබෝධය ලත් අනුගාමිකයන් සඳහාද විශේෂණයක් ලෙසින් යොදා ගැනුනි. ඉතාම සුලභව යොදාගනු ලබන බෞද්ධ පාඨය වන ‘නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස’ යන්නෙහිද එය යෙදෙන්නේ අරහත් තත්වයට පත් බුදුන් වහන්සේට නමස්තාර කරමි යන අර්ථයෙනි.

රහතන් වහන්සේ නමින් හඳුන්වන සියලූ ලෞකික බැඳීම් වලින් මිදී නිර්වාණය අවබෝධ කරගත් උතුමන්ය. පිරනිවන් පාන බැවින් අනතුරුව භවයක් අවශ්‍ය නම් ලබයි නැති නම් නොලබයි.

පටුන

සම්භවය

 
ලියු සොංග්නියන් විසින් නිර්මිත ලෝහෝන් වරයෙක්, 12 වන සියවස අවසන් කාළය සහ 13 වන සියවස මුල් කාළයේ, සොංග් රාජවංශය.

බුදුන් පාලි ත්‍රිපිටකයේ දක්වා ඇති ආකාරයට අරහත් යන වචනයේ සාහිත්‍යාත්මක අර්ථය වන්නේ ගරුකළයුතු තැනැත්තා යන්න සහ උසස් මනුෂ්‍යයකුට ළගාවිය හැකි ඉහල ස්ථානය කරා ළඟාවූ තැනැත්තා (අරිය පුද්ගල) යන්නය. මෙම යෙදුම බුදුන්ට මෙන්ම ඔහුගේ නිර්වාණාවබෝධය ලත් අනුගාමිකයන් සඳහාද විශේෂණයක් ලෙසින් යොදා ගැනුනි. ඉතාම සුලභව යොදාගනු ලබන බෞද්ධ පාඨය වන ‘නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස’ යන්නෙහිද එය යෙදෙන්නේ අරහත් තත්වයට පත් බුදුන් වහන්සේට නමස්තාර කරමි යන අර්ථයෙනි.

ථේරවාද බුදුදහම

ථේරවාද බුදුදහම තුල බුදුහු ප්‍රථමයෙන්ම තමන්ව අරහත් යන නමින් හඳුන්වාගත් අතර එයින් අදහස් කරනු ලැබූයේ සියලූ කෙලෙසුන්ගෙන් මිදුනු තණ්හාව, වෛරය සහ මෝහයෙන් නිදහස් වූ මෝහාන්ධකාරය සහ තෘෂ්ණාව දුරුකළ අනාගත උත්පත්තියට හේතුකාරක වන්නාවූ කිසිවකින් තොර සබෑව ඒ ලෙසින්ම දැකිය හැකි තැනැත්තා යන අර්ථයෙනි. එනම් මෙම ගුණාංගය කියාපාන්නේ පූර්ණ පාරිශුද්ධත්වය සැබෑ වටිනාකම සහ නිරිවාණය ළගාකර ගැනීමයි.

පාලි සාහිත්‍යයේ ආනන්ද හිමියන් කියා සිටින්නේ ආකාර හතරකින් ඕනෑම එක් මාර්ගයක් අනුගමනය කළහැකි බවයි.

  • සංවරය පෙරටුව ගමන්කරන විදර්ශනාවක් ඇතිකරගැනීම (සමථා පුබ්බංගමා විපස්සනා)
  • විදර්ශනාව පෙරටුව ගමන්කරන සංවරයක් ඇතිකරගැනීම (විපස්සනා පුබුබංගමා සමථා)
  • සංවරය හා විදර්ශනාව අනුපිලිවෙලින් ඇතිකරගැනීම (සමථා විපස්සනා යුගන්ධා)
  • කෙනෙකුගේ මනස ධර්මයෙන් උද්දීපනයව එහි ප්‍රතිඵලයක් ලෙස බාධකයන් අත්හැර දමමින් සංවරභාවය ඇතිකරගැනීම (ධම්මා උද්දකා විගාහිතා මනසා හෝති)

ථේරවාද බුදුදහමේදී අරහත් තත්වයට පත්වූවන් බුදුන්ට සමාන ඵලයක් සාක්‍ෂාත් කරගත් අය වූවද ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය අනුව ඔවුන් හා බුදුන් අතර යම් වෙනසක් පවතී.

මහායාන බුදුදහම

මහායාන බෞද්ධයෝ යමෙකුගේ අධ්‍යාත්මික අපේක්‍ෂාවන්හි අවසාන අරමුණ ලෙස බුදුන් සැලකිය යුතු බව විශ්වාස කරති. අරහත් බුදුන්ගේ නිර්වාණාබෝධය ලත් අනුගාමිකයකු වුවද බෝධිසත්වයන්ට ඊට වඩා වැදගත් ස්ථානයක් හිමිවේ. ථේරවාද බුදුදහමට වඩා වෙනස් මහායාන බුදුදහම තුල බෝධිසත්ව යන්නට වෙනස් අර්ථයක් අඩංගු වේ. පාලි සාහිත්‍යය තුල සිය ආධ්‍යාත්මික සංවර්ධනය පිලිබඳව තථාගතයන් වහන්සේ සඳහන් කරන අවස්ථාවන්හිදී ‘මා සත්‍යාවබෝධය නොලත් බෝධිසත්වයකු ලෙස සිටින කල්හි’ යනුවෙන් සඳහන් වේ. එනම් මෙහිදී බෝධිසත්ව යන්නේ අදහස් වන්නේ නිර්වාණාවබෝධය නොලත් ඒ වෙනුවෙන් පරිශ්‍රම දරන අයෙකි. මහායාන බුදුදහම තුල බෝධිසත්ව යනුවෙන් හැඳින්වෙන්නේ අන්‍යයන්ගේ යහපත වෙනුවෙන් සිය අභිමතාර්ථය කැපකර සියලූම පෘතග්ජනයින් සත්‍යාවබෝධය ලබනතුරු සිය නිර්වාණ මාර්ගය අතහැර සිටින තැනැත්තෙකි. එවැනි තැනැත්තකු නිර්වාණාවබෝධයේ මූල අවස්ථාවක් ලෙස නම් කරනු ලබන බෝධිචිත්ත නම් තත්වයකට පත්වූ අයකු ලෙස සැලකේ.

ජෛන ආගම

ජෛන ආගමේ ‘අරහත්’ හෝ ‘අරහන්ත්’ යන්න ජින යන්නට සමාන වචනයක් ලෙස සැලකෙන අතර ඔහු සියලූ අගති කර්මයන් නැතිකරදැමූ ජීවතුන් අතර සිටින තැනැත්තෙකි. විශේෂිත කර්මයක් දරා සිටීම හේතුකොටගෙන ජෛන ආගමික ගුරුවරයකු වීමේ අවස්ථාව ලබන්නන් සැලකෙන තීර්ථංකර යන තත්වයට මෙය සමාන නොවේ. ජෛන නවාකර් මන්ත්‍රය ආරම්භවන්නේ ‘නමෝ අර්හත් නාම්’ යනුවෙනි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 09, 2026

    Indian subcontinent

  • අප්‍රේල් 09, 2026

    සීනායි අර්ධද්වීපය

  • අප්‍රේල් 10, 2026

    ශුද්ධවූ මතෙව් තුමාගේ සුභාරංචිය

  • අප්‍රේල් 09, 2026

    ඩබ්ලිව්. ඒ. සිල්වා

  • මාර්තු 31, 2026

    සිංහල බස

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට