![]() | |
| කර්තෘ | කර්තෘ අඥාත |
|---|---|
| මුල් මාතෘකාව | மட்டக்களப்பு மான்மியம் |
| රට | ලංකාව |
| භාෂාව | දෙමළ |
| ප්‍රභේදය | ඉතිහාසමය |
| ප්‍රකාශකයා | මඩකලපු දිස්ත්‍රික් සංස්කෘතික මණ්ඩලය |
ප්‍රකාශිත දිනය | 1962 |
| පිටු | XII + 128 + 9 |
මට්ටක්කලප්පු මාන්මියම් (மட்டக்களப்பு மான்மியம்; මඩකළපු මහිමය) යනු දෙමළ ඉතිහාසමය ග්රන්ථයකි. මඩකලපුවේ ඉතිහාසය සම්බන්ධ තොරතුරු එහි අන්තර්ගත වේ.
පුස්කොළ පොත්, තඹ සන්නස් හා ශිලා ලේඛන තොරතුරු අනුසාරයෙන් මට්ටක්කලප්පු මාන්මියම් ග්‍රන්ථය, එෆ්.එක්ස්. නටරාජා විසින් සම්පාදනය කොට 1962 වර්ෂයේදී ප්‍රකාශ ගත කරන ලදී. ග්‍රන්ථයේ සත්‍ය කතුවරයා අඥාත වේ. ග්‍රන්ථය මගින් අතීත මඩකළපු හා ලන්දේසි යටත් විජිත සමය තෙක් විස්තර ගෙනහැර දක්වයි. ඉතිහාසඥයින්ට අනූව ග්රන්ථයෙහි වූ තොරතුරු, සැක දනවන හා මිත්‍යා අාදියෙන් සමන්විත වන අතර, විවිධ කාලයන් තුල විවිධ කතුවරුන් විසින් ග්‍රන්ථය රචනා කොට තිබේ. කෙසේ නමුදු එය මඩකළපු ඉතිහාසය සම්බන්ධ වැදගත් හා දුලභ ග්රන්ථයක් සේ සැළකේ.
මූලික අන්තර්ගතයන්

මඩකළපු ඉතිහාසය, කුලයන්, සිද්ධස්ථාන සහ අනෙකුත් විවධ තොරතුරු පිළිබඳව.
මේවාද බලන්න
ආශ්රිත
- "ඊස්ටර්න් ටැමිල්ස් - හිස්ට්‍රි". ලංකානිව්ස්පේපර්ස්. සම්ප්‍රවේශය 2015-01-16.
- "மட்டக்களப்பு வரலாறு எழுதப்பட்ட முறையும் சிக்கல்களும்". සම්ප්‍රවේශය 2015-01-16.
- මට්ටක්කලප්පු මාන්මියම්, http://www.batticaloaonline.com/index.php?option=com_content&view=category&id=25&Itemid=2, ප්‍රතිෂ්ඨාපනය 2015-01-16
- ඊ බුක් ඔෆ් මට්ටක්කලප්පු මාන්මියම් (දමිළ)
- තොරතුරුකොටුව පොත රූපය param සඳහා යාවත්කාලය අවශ්‍යය