| කොරියාවේ ඉතිහාසය | ||||||||
|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||
| ප්‍රාග්ඓතිහාසික | ||||||||
| ||||||||
| ඓතිහාසික | ||||||||
| ||||||||
| ප්‍රාක්-තුන් රාජධානි | ||||||||
| ||||||||
| තුන් රාජධානි | ||||||||
| ||||||||
| උතුරු-දකුණු රාජ්‍ය | ||||||||
| ||||||||
| පසුකාලීන තුන් රාජධානි | ||||||||
| ||||||||
| ඒකීය රාජවංශ සමය | ||||||||
| ||||||||
| යටත්විජිත යුගය | ||||||||
| ||||||||
| කොරියාව බෙදීම | ||||||||
| ||||||||
| මාතෘකා අනුව | ||||||||
| ||||||||
| කාලරේඛාව | ||||||||
| | ||||||||
කොරියානු අර්ධද්වීපයේ පහළ පේලියොලිතික යුගය දළ වශයෙන් වසර මිලියන බාගයකට ප්‍රථම ඇරඹෙන්නට ඇතැයි සැලකේ. කොරියාවෙන් හමුවන පැරණිතම කුඹල් නිර්මාණ ක්‍රි.පූ. 8000 අවට කාලනිර්ණය කර ඇත. එහි නියෝලිතික යුගය ක්‍රි.පූ. 6000න් පසුව ඇරඹුණු අතර අනතුරුව ක්‍රි.පූ. 800දී ලෝකඩ යුගයත්, සහ යකඩ යුගය ක්‍රි.පූ. 400 අවටත් පවතින්නට ඇතැයි විශ්වාස කෙරේ.
සම්ගුක් යුසා මූලාශ්‍රයේ සඳහන් පුරාවෘත්ත කථා අනුව, ගෝජොසොන් (පැරණි ජොසොන්) රාජධානිය ක්‍රි.පූ. 2333දී උතුරු කොරියාවේ සහ මැංචූරියාවේ පිහිටුවන ලද්දකි.ගිජා ජොසොන් රාජධානිය ක්‍රි.පූ. 12වන සියවසේ ඇරඹුණු බවට සැලකෙන අතර එහි පැවැත්ම පිළිබඳ අදටත් වාද විවාද පවතී. ගෝජොසොන් පිළිබඳ ලිඛිත ඓතිහාසික මූලාශ්‍ර හමුවන්නේ ක්‍රි.පූ. 7වන සියවසේ මුල් භාගයේ ය.ක්‍රි.පූ. 3වන සියවසේ දී දකුණුදිග කොරියාවේ ජින් රාජ්‍යය ආරම්භ විය. ක්‍රි.පූ. 2වන සියවසේදී, ගිජා ජොසොන් ප්‍රතිස්ථාපනය කරමින් විමන් ජොසොන් රාජධානිය ඇරඹුණු අතර එය එම සියවසේ අගභාගයේ දී, හන් චීනය විසින් එය අයත් කරගන්නා ලදී. මෙය ගෝජොසොන්හි බිඳවැටීමට හේතු වූ අතර මෙය පසුකාලීන යකඩ යුගය පුරා විහිදි සතුරු රාජ්‍ය වූ, ප්‍රාක්–තුන් රාජධානි යුගය ඇරඹීමට හේතු විය.
1වන සියවසේ සිට ගොගුර්යෝ, බෙක්ජේ, සහ සිල්ලා යන රාජ්‍ය අර්ධද්වීපය සහ මැංචූරියාවේ බලය සියතට ගෙන තුන් රාජධානි (ක්‍රි.පූ. 57 – ක්‍රි.ව. 668) ලෙස වර්ධනය වූ අතර පසුව 676දී සිල්ලාව විසින් එය එක්සත් කරන තෙක්ම පැවතිණි. 698දී, ගොගුර්යෝහි පැරණි භූමිභාගයේ දේ ජෝ-යොං විසින් බල්හේ රාජ්‍යය ස්ථාපනය කරන ලදී. මෙය උතුරු දකුණු රාජ්‍ය යුගයේ (698–926) ආරම්භය ලෙස සැලකෙයි. 9වන සියවසේ දී, සිල්ලාව පසුකාලීන තුන් රාජධානිවලට (892–936) කැඩීගියේ ය. මෙම යුගය අවසන් කරමින් වං ගොන් විසින් රාජ්‍ය එක්සත් කර ගෝර්යෝ රාජවංශය ආරම්භ කරන ලදී. මේ අතර, ඛිටන් ලියාඕ රාජවංශය විසින් ආක්‍රමණය කිරීම නිසා බල්හේ රාජ්‍යය බිඳවැටුණු අතර එහි අවසන් කිරුළහිමි කුමරු ඇතුළු අවතැන්වූවෝ ගෝර්යෝව වෙත සංක්‍රමණය වූහ. එහිදී කිරුළහිමි කුමරුන් උණුසුම්ව පිළිගැනුණු අතර වං ගොන් විසින් ඔහුව සිය පවුලට එකතු කරගන්නා ලදී. මෙලෙසින් ගොගුර්යෝහි අනුප්‍රාප්තික රාජධානි දෙකක් එක්සත් විය. ගෝර්යෝ යුගයේ දී, නීති ප්‍රතිසම්පාදනය කෙරුණු අතර, සංස්කෘතිය බුදුදහමින් ස්වයංපෝෂිත විය. කෙසේනමුත්, 13වන සියවසේ මොංගෝලියානු ආක්‍රමණ නිසා එය යුවාන් රාජ්‍යයේ ගැත්තකු බවට පත් විය. මෙය 14වන සියවසේ මැද කාලයේ යුවාන් රාජවංශය බිඳවැටෙන තෙක්ම පැවතිණි.
1388දී සිදු කළ කුමන්ත්‍රණයකින් පසු 1392දී, යි සොං-ග්යේ විසින් ජොසොන් රාජවංශය (1392–1910) ආරම්භ කරන ලදී. මහා සේජොං රජු (1418–1450) විසින් විවිධ පරිපාලන, සමාජයීය, සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකරන ලදී. ඔහු විසින් රාජවංශයේ මුල් කාලයේ රාජකීය අධිකාරය ස්ථාපනය කළ අතර කොරියානු වර්ණමාලාව වූ හංගුල් ප්‍රචලිත කරවන ලදී.
සියවස් දෙකකට ආසන්න සතුටුදායක කාලපරිච්ඡේදයකින් පසු, ජොසොන් රාජවංශයට 1592න් ඇරඹී 1637 තෙක් පැවති ජපන් සහ මැංචු ආක්‍රමණවලට මුහුණ දීමට සිදු විය. ජපන් ආක්‍රමණ සමයේ චීනයේ යුධ සහාය රාජ්‍යයට බෙහෙවින් වැදගත් විය. නමුත් මිං මෙන්ම ජොසොන් රාජ්‍ය ද පරාජයට පත් කළ මැංචුවරු මුළු චීනයේම සිය ආධිපත්‍යය පතුරුවා ක්විං රාජවංශය ස්ථාපනය කළහ. මේ හේතුව නිසා ජොසොන් රාජ්‍යය ක්‍රමක්‍රමයෙන් හුදකලා සහ ව්‍යාකූල තත්ත්වයට පත් විය. 19වන සියවසේ මැද භාගය වන විට රාජ්‍යය නූතනකරණය වීමට අකමැති වීම සහ යුරෝපීය බලය නිසා චීනය පිරිහීම හේතුවෙන් කොරියාව විදේශීය බලඅධිකාරයයන්ගේ අවධානයට යොමු විය. ජපානය විසින් චීනය පරාජය කිරීමෙන් පසු කෙටි කාලයක් නිදහස භුක්ති විඳීමට සහ ප්‍රතිසංස්කරණ සිදු කිරීමට රාජ්‍යයට හැකි විය. මෙය කොරියානු අධිරාජ්‍යය (1897–1910) ලෙස හඳුන්වයි. කෙසේනමුත් කෙටිකලකින්ම මෙම රාජ්‍යය රුසියාව විසින් අභිබවනය කළ අතර, ජපානය රුසියාව පරාජය කිරීමෙන් පසු ඔවුන් විසින් කොරියාවට ආරක්ෂිත රාජ්‍ය ගිවිසුමක් අත්සන් කරන ලෙස බලකෙරුණු අතර 1910දී ජපානය විසින් කොරියානු අධිරාජ්‍යය ඈඳාගන්නා ලදී. එවිට ගිවිසුම් සියල්ල අවලංගු තත්ත්වයට පත් විය.
1919 පුළුල්ව ව්‍යාප්ත වූ යුධනොවන මාර්තු 1 ව්‍යාපාරය මගින් කොරියානු ප්‍රතිරෝධය නිරූපණය විය. අනතුරුව පිටුවහල් කළ කොරියානු සමූහාණ්ඩුවේ ප්‍රාදේශීය රජයේ සහාය ලබා ඇති වූ ප්‍රතිරෝධී ව්‍යාපාර අසල්වාසී මැංචූරියාව, චීනය සහ සයිබීරියාවේ ක්‍රියාකාරී විය. මෙම පිටුවහල් කරන ලද සංවිධානවල පුද්ගලයන් කොරියාවේ දෙවන ලෝක යුද්ධයේ දී වැදගත් කාර්යභාරයක් ඉටුකළේ ය.
1945දී ජපානයේ පරාජයෙන් පසු, රාජ්‍යය සෝවියට්වරුන්ගේ ආරක්ෂාව ලද උතුරු ප්‍රදේශය සහ ප්‍රධාන වශයෙන් එක්සත් ජනපදයේ ආරක්ෂාව ලද දකුණු ප්‍රදේශය ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදිනි. 1948දී තනි රාජ්‍යයක් ගොඩනැගීමට දෙපාර්ශ්වය අකමැති වීම නිසා, මෙම ප්‍රදේශ නූතන උතුරු කොරියාව සහ දකුණු කොරියාව බවට පත් විය. කොරියානු අර්ධද්වීපය 38වන සමාන්තරානිකයේ දී බෙදා: දකුණු කොටස එක්සත් ජනපදයේ සහ බටහිර යුරෝපයේ සහාය ලබා "කොරියානු සමූහාණ්ඩුව" ද, උතුරු කොටස සොවියට් රුසියාවේ සහ සමාජවාදී මහජන චීන සමූහාණ්ඩුවේ සහාය ලබා "ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියානු සමූහාණ්ඩුව" ද පිහිටුවන ලදී. 1950දී ස්ටාලින් සහ කිම් ඉල්-සුං විසින් කොමියුනිස්ට් පාලනය යටතේ රට නැවත එක්සත් කිරීමේ අරමුණින් කොරියානු යුද්ධය දියත් කරන ලදී. විශාල ජීවිත සහ දේපල හානියකින් පසු, 1953දී සටන් විරාමයක් ප්‍රකාශයට පත් කෙරිණි. නමුත් සාම ගිවිසුමක් අත්සන් නොකෙරුණු නිසා රටවල් දෙකම නිල වශයෙන් යුද්ධයේ පැවතිණි. 1991දී මෙම රාජ්‍ය දෙකම එක්සත් ජාතීන්ට අතුළත් කෙරිණි.
යුද්ධයෙන් පසු රටවල් දෙකම හමුදා පාලනයක් යටතේ පැවතිය ද, දකුණු කොරියාව ක්‍රමයෙන් ලිහිල් වූ අතර 1987 සිට, එම රට සතුව තරගකාරී මැතිවරණ ක්‍රමයක් පැවතිණි. දකුණු කොරියානු ආර්ථිකය සමෘද්ධිමත් වූ අතර බටහිර යුරෝපය, ජපානය සහ එක්සත් ජනපදය මෙන් එය ද පූර්ණ සංවර්ධිත රාජ්‍යයක් ලෙස සැලකෙයි.
උතුරු කොරියාව යුධමය කොමියුනිස්ට් ආඥාදායක පාලන ක්‍රමයක් ගෙනගිය අතර, කිම් පවුලේ සාමාජිකයන් අතර රටේ නායකත්වය හුවමාරු වූ නිසා මෙය තරමක රාජාණ්ඩු පාලන ස්වභාවයක් ගත්තේ ය. පුද්ගලාභිවාදනය පැවතුණු අතර රටේ නායකයාට යම් තරමක දිව්‍යමය ස්වභාවයක් ආරූඪ කෙරිණි. ආර්ථිකව, උතුරු කොරියාව විදේශ ආධාර මත දැඩිව යැපුණු අතර සෝවියට් සංගමයේ බිඳවැටීමෙන් පසු එහි ආර්ථිකය සීමාකාරී තත්ත්වයට පත්ව ඇත.
ප්‍රාග්ඓතිහාසික සහ පුරාතන යුගය
පේලියොලිතික

අපේක්ෂකයකු විසින් වාර්තාකොට තිබුණ ද,හෝමෝ ඉරෙක්ටස් මානවයාට අයත් කිසිදු ෆොසිලයක් කොරියානු අර්ධද්වීපයෙන් හමු වී නැත.පේලියොලිතික යුගයට අයත් මෙවලම් තැනීමේ උපකරණ නූතන කොරියාවේ උතුරු හම්ග්යොං, දකුණු ප්’යොංගන්, ග්යොංගි, සහ උතුරු හා දකුණු චුංචොං පළාත්වලින් හමු වේ. මෙම මෙවලම් පේලියොලිතික යුගයේ සිට මිලියන අර්ධයකට පෙර දක්වා කාලනිර්ණය කර තිබුණ ද, මෙය පසුකාලීනව එනම් වසර 400,000කට පෙර හෝ වසර 600,000-700,000 පමණ පැරණි යැයි විශ්වාස කෙරේ.
නියෝලිතික
දැනට හඳුනාගත් කොරියානු මැටි නිර්මාණ ක්‍රි.පූ. 8000 අවට කාලනිර්ණය කර ඇත. එමෙන්ම මෙසෝලිතික පනා-සීරුම් මැටි භාණ්ඩ සංස්කෘතිය හෙවත් යුංගිමුන් කුඹල් කර්මාන්තය පිළිබඳ සාධක අර්ධද්ළුීපය පුරාම හමු වේ. යුංගිමුන් යුගයේ භූමියක් සඳහා උදාහරණයක් ලෙස ජේජු-දෝ දැක්විය හැකි ය. ජ්‍යුල්මුන් හෙවත් පනා-මෝස්තර කුඹල් නිර්මාණ ක්‍රි.පූ. 7000න් පසු හමු වේ. මුළු බඳුන පුරාම මෝස්තරය සහිත මැටි බඳුන් වැඩි වශයෙන් බටහිර-මධ්‍යම කොරියාවෙන් හමුවේ. ඒ අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් අම්සා-දොං ප්‍රදේශයෙන් හමු වී ඇත. ජ්‍යුල්මුන් මැටිබඳුන්වල මෝස්තර, මොංගෝලියාව, සහ මැංචූරියාවේ අමුර් සහ සුංගරි ගංගා නිම්න සහ ජපානයේ ජෝමොන් සංස්කෘතීන්වලින් හමු වූ නිර්මාණවලට සමානත්වයක් දක්වයි.
පුරාවිද්‍යාත්මක සාධක අනුව ලෙනී යන්නේ මුමුන් කුඹල් යුගයට (ක්‍රි.පූ. 1500–300) අයත් සංස්කෘතීන්හි සංකීර්ණ කෘෂිකාර්මික සමාජ සහ පැරණිතම සමාජ-දේශපාලන සමාජ පැවතී ඇති බවයි.
පැරණි මුමුන් යුගයේ දී (ක්‍රි.පූ. 1500-850) දකුණු කොරියාවේ ජනයා සතුව කුඹුරු වගාබිම් සහ විවිධ බෝග සහිත වියළි බිම් කෘෂිකර්මාන්තය පැවතී ඇත. ප්‍රධානීන් විසින් මෙහෙයවනු ලැබූ මුල්ම සමාජ මධ්‍ය මුමුන් (ක්‍රි.පූ. 850–550) සංස්කෘතියෙන් හමුවන අතර පළමු අලංකෘත ප්‍රභූ සොහොන් පසුකාලීන මුමුන් (ක්‍රි.පූ. 550–300 පමණ) යුගයට අයත් යැයි ද සැලකේ. මධ්‍ය මුමුන් යුගයේ දී ලෝකඩ නිෂ්පාදනය ඇරඹුණු අතර එය ක්‍රි.ව. 700දී උත්සව සහ දේශපාලන සමාජයේ බෙහෙවින් වැදගත් ස්ථානයක් ඉසිලී ය. මුමුන් යුගයට අයත් පුරාවිද්‍යාත්මක සාක්ෂි සොංගුක්-රි, දේප්යොං, ඉගුම්-දොං වැනි විවිධ ස්ථානවලින් එහි ආරම්භය, ව්‍යාප්තිය සහ බිඳවැටීම පෙන්නුම් කරයි. දිගු දුර වෙළඳාම ව්‍යාප්ත වීම, දේශීය ගැටුම් වැඩිවීම සහ ලෝකඩ සහ ලෝහ විද්‍යාව හඳුන්වා දීම වැනි වැදගත් සිදුවීම් ක්‍රි.පූ. 300දී මුමුන් යුගයේ අවසානයේ සිදු වී යැයි සැලකේ.
ගෝජොසොන් සහ ජින් රාජ්‍යය


ගෝජොසොන් ප්‍රථම කොරියානු රාජධානියලෙස සැලකෙයි. එය පිහිටියේ අර්ධද්වීපයේ උතුරු කොටසේ සහ මැංචූරියාවේ ය. පසුව ජින් රාජ්‍යය දිගේ අර්ධද්වීපයේ දකුණට ද ව්‍යාප්ත විය.
සම්ගුක් යුසා (1281) සහ අනෙකුත් මධ්‍යතන කොරියානු ග්‍රන්ථ අනුව පුරාවෘත්තමය ගෝජොසොන් රාජ්‍යය පිහිටුවන ලද්දේ ක්‍රි.පූ. 2333දී දෙව්ලොවෙන් බට දංගුන් විසිනි. මෙය සනාථ කෙරෙන කිසිදු සාක්ෂියක් හමු වී නොමැති නිසා මෙය අසත්‍යයකැයි සැලකේ. නමුත් මෙම මූලාශ්‍ර කොරියානු ජාතික අනන්‍යතාව ගොඩනැගීමට බෙහෙවින් දායක වී ඇත. ක්‍රි.පූ. 12වන සියවසේ දී චීනයේ ෂෑං රාජවංශයයේ කුමරකු වූ ගිජා විසින් ගිජා ජොසොන් රාජ්‍යය පිහිටුවන්නට ඇතැයි සැලකේ. කෙසේනමුත්, පරස්පර ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක සාක්ෂි නිසා මෙහි පැවැත්ම 20වන සියවසේ දී මතභේදයට තුඩු දිණි. එමනිසා අදවන විට මෙම යුගය පිළිබඳ තවදුරටත් හැදෑරීම සිදු නොවේ.
ඓතිහාසික ගෝජොසොන් රාජ්‍යය පිළිබඳ පළමුවරට සඳහන් වන්නේ ක්‍රි.පූ. 7වන සියවසේ මුල්කාලයේ චීන වාර්තාවලිනි. ක්‍රි.පූ. 4වන සියවස වන විට, ගෝජොසොන් රාජ්‍යය වර්ධනය වූ එහි පැවැත්ම පිළිබඳ චීනයේ ප්‍රචලිත විය. මෙම කාලය අවට එහි අගනුවර ප්යොංග්යෑං වෙත ගෙනයන ලදී.
ක්‍රි.පූ. 194දී, විමන් විසින් කුමන්ත්‍රණයක් දියත් කර විමන් ජොසොන් රාජ්‍යය පිහිටුවීමත් සමග ගෝජොසොන්හි ජුන් රජු ජින් රාජ්‍යය වෙත පලාගියේ ය. පසුව හන් රාජවංශය විසින් විමන් ජොසොන් පරාජය කොට ක්‍රි.පූ. 108දී සතර හන් ආඥාදායකත්වය ස්ථාපනය කරන ලදී. මෙය ඊළඟ සියවසේ කොරියානු අර්ධද්වීපයේ උතුරු පෙදෙස්වල පැවති වැදගත් චීන බලපෑමක් ලෙස සැලකේ. මේ අතරින් ලෙලෑං ආඥාදායකත්වය ගොගුර්යෝ දේශය විසින් ආක්‍රමණය කරන තෙක්ම වසර 400ක් පමණ පැවතිණි.
ක්‍රි.පූ. 300 අවට කොරියානු අර්ධද්වීපයේ දකුණු කොටසේ ජින් නැමැති රාජ්‍යයක් නැගී ආවේ ය. ජින් පිළිබඳ ඇත්තේ තොරතුරු ස්වල්පයකි. නමුත් එය හන් චීනය සමග සම්බන්ධතා පවත්වා ඇති අතර එය ජපානයේ යයොයි වෙත නිෂ්පාදන අපනයනය කර ඇත. ක්‍රි.පූ. 100 අවට කාලයේ ජින් රාජ්‍යය සම්හන් සංයුක්තයට සම්බන්ධ විය.
පැරණි ගෝජොසොන් පැවති භූමියෙන් කුඩා රාජ්‍ය කිහිපයක්ම බිහි විය. ඒ අතර බුයෝ, ඔක්ජෝ, දොංග්යේ, ගොගුර්යෝ සහ බෙක්ජේ ප්‍රධාන වේ. බුයෝ සහ ගයා සංයුක්තය 5වන සහ 6වන සියවස් තෙක්ම පැවතුණ ද, තුන් රාජධානි යටතට ගැනෙන්නේ ගොගුර්යෝ, බෙක්ජේ, සහ සිල්ලා රාජ්‍යයි.

ලෝහවිද්‍යාව
කොරියාවේ ලෝකඩ යුගය ක්‍රි.පූ. 900-800 අතර කාලයේ ඇරඹෙන්නට ඇතැයි සැලකෙන නමුත්, ලෝකඩ යුගයේ සංක්‍රාන්තිය ක්‍රි.පූ. 23000දී පමණ ඈතදී සිදුවන්නට ඇත. ලෝකඩ සිරි, දර්පණ, ආභරණ, සහ ආයුධ මෙන්ම තාප්ප සහිත නගරවල නටබුන්ද හමු වී ඇත. සහල්, රතු බෝංචි, සෝයාබෝංචි, සහ මෙනේරි වගා කෙරිණි. අර්ධද්වීපය පුරා සෘජුකෝණාස්‍රාකාර ආවාට-නිවෙස් සහ විශාල ශෛලමය සුසානභූමි හමු වී ඇත. සමකාලීන වාර්තා යෝජනා කරන්නේ ක්‍රි.පූ. 4වන සියවසට පෙර ගෝජොසොන් රාජ්‍යය පවතින්නට ඇත්තේ ප්‍රාකාර නගරවලින් යුත් වැඩවසම් මධ්‍යගත රාජ්‍යයක් ලෙස බවයි. ක්‍රි.පූ. 4වන සියවස වන විට චීනයේ සතුරු රාජ්‍ය නිසා අවතැන්වූවන් නැගෙනහිරට සහ දකුණට යොමු වීම නිසා කොරියාවේ යකඩ සංස්කෘතිය වර්ධනය වන්නට ඇතැයි විශ්වාස කෙරේ.
ප්‍රාක්-තුන් රාජධානි


ප්‍රාක්-තුන් රාජධානි යුගය, හෙවත් රාජධානි කිහිපයේ යුගය (열국시대), යනු ගොගුර්යෝ, සිල්ලා, සහ බෙක්ජේ යන කොරියාවේ තුන් රාජධානිවල පිබිදීමට පෙර සහ ගෝජොසොන්හි බිඳවැටීමෙන් පසු කාලයයි. මෙම යුගය පැරණි ගෝජොසොන් රාජ්‍යයට අයත් භූමිවලින් පැනනැගුණු විවිධ රාජ්‍යවලින් සමන්විත විය. මේ අතරින් වඩාත් විශාලතම සහ වැදගත්ම රාජ්‍ය වූයේ දොංබුයෝ සහ බුක්බුයෝ රාජ්‍යයි.
බුයෝ සහ අනෙක් උතුරු රාජ්‍ය
ගෝජොසොන්හි බිඳවැටීමෙන් පසු, නූතන උතුරු කොරියාවට සහ දකුණු මැංචූරියාවට අයත් භූමිභාගයේ ආරම්භ වූ බුයෝ රාජ්‍යය ක්‍රි.පූ. 2වන සියවසේ පමණ සිට 494 දක්වා පැවතිණි. 494දී එහි ශේෂයන් ගොගුර්යෝව විසින් අවශෝෂණය කරගන්නා ලදී. කොරියාවේ තුන් රාජධානි අතුරින් දෙකක් වූ ගොගුර්යෝ සහ බෙක්ජේ යන රාජ්‍ය දෙකම තමන් එම රාජ්‍යයේ අනුපාප්තිකයන් ලෙස හඳුන්වා න්නා ලදී.
මූලාශ්‍ර අතර පරතර මෙන්ම පරස්පරතා පැවතිය ද, ක්‍රි.පූ. 86දී දොංබුයෝ (නැගෙනහිර බුයෝ) පැනනැගි බව පැවසේ. ඇතැම්විට නියම බුයෝව ලෙස බුක්බුයෝ (උතුරු බුයෝ) සලකනු ලබයි. ජොල්බොන් බුයෝ රාජ්‍යය ගොගුර්යෝවේ පූර්වජය විය. 538දී බෙක්ජේ රාජ්‍යය සිය නාමය නම්බුයෝ (දකුණු බුයෝ) ලෙස වෙනස් කළේ ය.
ඔක්ජෝ යනු උතුරු කොරියානු අර්ධද්වීපයේ පිහිටි ගෝත්‍රික රාජ්‍යයකි. එය ද ගෝජොසොන් රාජ්‍යයේ බිඳවැටීමෙන් පසු බිහිවූවකි. ඔක්ජෝව බිඳවැටීමට ප්‍රථම ගෝජොසොන් රාජ්‍යයේ කොටසක්ව පැවතිණි. අසල්වැසි රාජ්‍යවල මැදිහත්වීම් නිසා එයට කිසිදිනෙක පූර්ණ වර්ධිත රාජ්‍යයක් බවට පත්වීමට හැකියාව ලැබුණේ නැත. ඔක්ජෝව ගොගුර්යෝවේ යටහත් රාජ්‍යයක් බවට පත් විය. අනතුරුව 5වන සියවසේදී ග්වංගෙටෝ තේවං විසින් එය ගොගුර්යෝව වෙත ඈඳාගන්නා ලදී.
දොංග්යේ යනු උතුරු උතුරු කොරියානු අර්ධද්වීපයේ පිහිටි තවත් කුඩා රාජධානියකි. දොංග්යේ ඔක්ජෝ රාජ්‍යයෙන් සීමා වූ අතර පසුව එම රාජ්‍ය දෙකම ගොගුර්යෝහි වර්ධනය වෙමින් පැවති අධිරාජ්‍යයේ යටහත් රාජ්‍ය බවට පත් විය. දොංග්යේ රාජ්‍යය ද පැරණි ගෝජොසොන් රාජ්‍යයේ කොටසකි.
සම්හන්
සම්හන් (삼한, 三韓) යන්න මහන්, ජින්හන්, සහ බ්යොන්හන් යන රාජ්‍ය හවුල් තුනෙහි එකතුටයි. සම්හන් පිහිටියේ කොරියානු අර්ධද්වීපයේ දකුණු කොටසේ ය. සම්හන් රටවල් නීතිය මගින් දැඩිව පාලනය වූ අතර මේ සඳහා ආගම ද වැදගත් කාර්යභාරයක් ඉටුකළේ ය. මේ අතරින් විශාලතම වූ මහන් සංයුක්තය ජනපද 54කින් සමන්විත වූ අතර එය දේශපාලන, ආර්ථික, සහ සංස්කෘතික අංගයන්හි ප්‍රමුඛත්වය ලබාගත්තේ ය. බ්යොන්හන් සහ ජින්හන් යන සංයුක්ත ජනපද 12 බැගින් සමන්විත වූ අතර සම්හන් තුළ පැවති සම්පූර්ණ ජනපද සංඛ්‍යාව 78කි. 4වන සියවසේ දී ක්‍රමයෙන් බෙක්ජේ, සිල්ලා, සහ ගයා රාජ්‍ය විසින් මෙම සම්හන් ආක්‍රමණය කරන ලදී.
කොරියාවේ තුන් රාජධානි
ගොගුර්යෝ


ගොගුර්යෝව පිහිටුවන ලද්දේ ක්‍රි.පූ. 37දී ජුමොං (මරණාපර නාමය දොංම්යොංසොං ය. එය රාජකීයයකු විසින් ලබා දෙන ලදී). පසුව, තේජෝ රජු විසින් රාජ්‍ය සංකේන්ද්‍රගත කරන ලදී. බුදුදහම රාජ්‍ය ආගම ලෙස වැළඳගත් ප්‍රථම කොරියානු රාජ්‍යය වන්නේ ද ගොගුර්යෝව යි. එය සිදු වූයේ 372දී සොසුරිම් රජ සමයේ ය.
ගොගුර්යෝව, ගෝර්යෝ ලෙස ද හඳුන්වයි. එය ක්‍රමයෙන් කොරියාවේ නූතන නාමය සඳහා ප්‍රභවය විණි.
5වන සියවස වන විට ගොගුර්යෝව එහි උච්චස්ථානයට එළඹි අතර එය නැගෙනහිර ආසියාවේ බලවත් අධිරාජ්‍යයක් බවට පත් විය.මහා ග්වංගෙටෝ සහ ඔහුගේ පුත් ජංසු විසින් සිය රාජ්‍යය මැංචූරියාවේ බොහෝ ප්‍රදේශ, ඇතුළු මොංගෝලියාවේ කොටසක් සහ රුසියාවේ කොටසක් දක්වා ව්‍යාප්ත කළ අතර බෙක්ජේවරුන්ගෙන් නූතන සෝල් නගරය අත්පත් කරගත්තේ ය. Goguryeo experienced a golden age under Gwanggaeto and Jangsu, ඔවුහු සිය රාජ්‍ය සමයේ සිල්ලාව මෙන්ම බෙක්ජේ රාජ්‍ය ද යටත් කරගනිමින් කොරියාවේ තුන් රාජධානි කෙටි එක්සත් කාලසීමාවක් කරා ගෙනයමින් කොරියානු අර්ධද්වීපයේ ප්‍රමුඛතම රාජ්‍යය බවට ගොගුර්යෝව පත්කළහ. ජුංසුගේ වසර 79ක දීර්ඝ පාලන සමය තුළ ගොගුර්යෝවේ දේශපාලන, ආර්ථික සහ අනෙකුත් ආයතනික ප්‍රතිසංස්කරණ සිදු විය.
ගොගුර්යෝව පසුකලෙක ගොගුර්යෝ-සුයි යුද්ධයේ දී දැවැන්ත චීන ආක්‍රමණ ද පරාජයට පත් කළ අතර මෙය සුයි හි බිඳවැටීමට ද හේතු විය.
642දී, බලවත් ජනරාල්වරයකු වූ යොන් ගේසොමුන් විසින් කුමන්ත්‍රණයක් දියත් කොට ගොගුර්යෝවේ සම්පූර්ණ පාලනය අතට ගත්තේ ය. එයට ප්‍රතිචාර ලෙස, චීනයේ ටෑං ටයිෂොං අධිරාජයා විසින් ගොගුර්යෝව ආක්‍රමණය කළ ද, ඔවුනට පරාජය වී පසුබැසීමට සිදු විය. (බලන්න ගොගුර්යෝ-ටෑං යුද්ධයේ ප්‍රථම යුධ ව්‍යාපාරය). ටෑං ටයිෂොංගේ මරණින් පසු, ඔහුගේ ප්‍රත් ටෑං ගඔෂොං අධිරාජයා කොරියානු රාජධානියක් වූ සිල්ලාවේ සහාය ලබා ගොගුර්යෝව නැවත ආක්‍රමණය කළේ ය. නමුත් ඔවුනට ගොගුර්යෝවේ බලසම්පන්න හමුදා පරාජය කළ නොහැකි ළුූ අතර 662දී පරාජයට පත් විය. කෙසේ නමුත්, 666දී ස්වභාවික හේතුවක් නිසා යොන් ගේසොමුන් මියගිය අතර, ඔහුගේ පුතුන් සහ බාලසොයුරා අතර සිහසුන උදෙසා පැවති අරගලය හේතුවෙන් ගොගුර්යෝ රාජ්‍යය ව්‍යාකූලත්වයට පත්ව ක්‍රමයෙන් දුර්වල විය. මෙහි දී ඔහුගේ වැඩිමහල් පුත්‍රයා ටෑං දේශයට පලා ගිය ද, ඔහුගේ බාල සොයුරා පලාගියේ සිල්ලාවටයි. 667දී, ටෑං-සිල්ලා සන්ධානය විසින් නැවුම් ස්වරූපයෙන් ආක්‍රමණයක් මෙහෙයවන ලදී.මේ සඳහා පලාගිය යොන් නම්සෙංගේ සහාය ද හිමි විය. අවසානයේ 668දී, ඔවුනට ගොගුර්යෝව ආක්‍රමණය කිරීමට හැකි විය.
ගොගුර්යෝවේ බිඳවැටීමත් සමග, ටෑං සහ සිල්ලා මිත්‍රත්වය අවසන් වූ අතර ඔවුහු කොරියානු අර්ධද්වීපයේ පාලනය සඳහා එකිනෙකා සමග සටන් වැදුණහ. එහි දී, කොරියානු අර්ධද්වීපයේ වැඩි ප්‍රදේශයක් සිය පාලනයට නතු කරගැනීමට සිල්ලාව සමත් වූ අතර, ටෑංවරුනට හිමි වූයේ ගොගුර්යෝවේ උතුරුබිම් පමණකි. කෙසේනමුත්, ගොගුර්යෝවේ බිඳවැටීමෙන් වසර 30කට පසු ගොගුර්යෝ සෙන්පතියකු වූ දේ ජෝයොං විසින් කොරියානු-මොහේ රාජ්‍යයක් වූ බල්හේ පිහිටුවූ අතර පැරණි ගොගුර්යෝ භූමිවලින් සාර්ථකව ටෑං ආක්‍රමණිකයන් පලවා හැරීමට සමත් විය.

බෙක්ජේ
ක්‍රි.පූ. 18දී, ගොගුර්යෝවේ ආරම්භකයාගේ තෙවන පුත්‍රයා වූ ඔන්ජෝ නම් වූ ගොගුර්යෝ කුමාරයකු විසින් බෙක්ජේ රාජ්‍යය පිහිටුවන ලදී.
සංගුඕ ෂි සඳහන් කරන්නේ බෙක්ජේ යනු හන් ගංගා ද්‍රෝණියේ (වර්තමාන සෝල් ප්‍රදේශය අසල) පිහිටි මහන් සංයුක්තයේ පිහිටි රාජ්‍යයක් බවයි. එය අර්ධද්වීපයේ නිරිතදිග පෙදෙස් (චුංචොං සහ ජොල්ලා පළාත්) දක්වා ව්‍යාප්ත වී දේශපාලන සහ යුධ බලය අතින් ප්‍රමුඛත්වය ගැනීමට සමත් විය. එහි දී, බෙක්ජේ රාජ්‍යයට, ගොගුර්යෝව සහ අසල්වැසි චීන හමුදා සමග දරුණ සටන්වල නියැලීමට සිදු විය.
4වන සියවසේ දී, ග්‍යුන්චොගෝ රජ සමයේ දී බෙක්ජේ රාජ්‍යය සිය උච්චස්ථානයට පත් වූ අතර, එය සියලු මහන් ජනපද සිය රාජ්‍යයට අවශෝෂණය කරගත්තේ ය. එසේම එය බටහිර කොරියානු අර්ධද්වීපයේ බොහෝ පෙදෙස් (මේ අතරට නූතන ග්යොංගි, චුංචොං, සහ ජොල්ලා යන පළාත් මෙන්ම, හ්වංහේ සහ ගංග්වොන්හි කොටසක් ද අයත් විය) සිය පාලනයට නතුකොටගෙන මධ්‍යගත රජයක් පිහිටුවී ය. බෙක්ජේ රාජ්‍යය සිය ව්‍යාප්ති සමයේ දී, චීනයේ දකුණු රාජවංශ සමග මුහුදු සබඳතා පැවැත් වූ අතර එය චීන සංස්කෘතිය සහ තාක්ෂණය ද උගත්තේ ය. බෙක්ජේහි නාවික හැකියාව, එය නැගෙනහිර ආසියාවේ ෆීනීෂයාව බවට පත්කළේ ය. බුදු දහම නැගෙනහිර ආසියාවේ ව්‍යාප්ත කිරීමට ද එය වැදගත් කාර්යභාරයක් ඉටුකළේ ය.
බෙක්ජේ රාජ්‍යය සංස්කෘතිය ව්‍යාප්තිය සඳහා බෙහෙවින් වැදගත් කාර්යභාරයක් ඉටුකළේ ය. ඒ අතර චීන අක්ෂර, බුදුදහම, යකඩ තැනීම, සංකීර්ණ කුඹල් කර්මාන්තය, සහ පැරණි ජපානයට අවමංගල්‍ය උත්සව සහිත් භූමදාන ක්‍රමය හඳුන්වා දීම ප්‍රධාන වේ. මෙහි වෙනත් සංස්කෘතික සම්බන්ධතා ලෙස බෙක්ජේ ආක්‍රමණය කළ විට බෙක්ජේ රාජකීයයන් ජපානය වෙත පලා යාම දැක්විය හැක. 660දී සිල්ලා සහ ටෑං රාජවංශ හමුදා සන්ධානයක් මගින් බෙක්ජේ රාජ්‍යය පරාජයට පත්කෙරිණි.
සිල්ලා

පුරාවෘත්ත අනුව, ක්‍රි.පූ. 57දී බක් හ්යොක්ගොසේගේ නායකත්වය යටතේ සිල්ලා රාජධානිය ගිනිකොනදිග කොරියාවේ ජින්හන් සංයුක්තයේ පිහිටි ප්‍රධාන ප්‍රදේශ හය එක්සත් කිරීම අරඹන ලදී. එහි භූමි ප්‍රදේශයට නූතන බුසන් වරාය නගරය ද අයත් වූ අතර, පසුකලෙක, විශේෂයෙන්ම එක්සත් සිල්ලා යුගයේ දී, සිල්ලාව ජපන් මුහුදු කොල්කරුවන් පරාජය කරමින් සිය නාවික බලය වැඩිකරගත්තේ ය.
සිල්ලවෙන් හමු වූ නිර්මාණ, විශේෂයෙන්ම ඔවුනටම අනන්‍ය වූ රන් ලෝහ කර්මාන්තය උතුරු සංචාරක ස්ටෙප්ස් ආභාසය පෙන්වන අතර ගොගුර්යෝ සහ බෙක්ජේවලට වඩා අඩු චීන ආභාසයක් පෙන්වයි. සිල්ලාව නක්දොං ගංගා නිම්නය අල්ලා ගනිමින් සිය රාජ්‍යය ශීඝ්‍රයෙන් පුළුල් කළ අතර නාගරික රාජ්‍ය එක්සත් කරන ලදී.
2වන සියවස වන විට යාබද නගර අත්පත් කරගනිමින් සහ සිය බලය පතුරුවමින් සිල්ලාව විශාල රාජ්‍යයක් බවට පත්ව තිබිණි. සිල්ලාව තවදුරටත් බලවත් වූ අතර 562දී ගයා සංයුක්තය ඈඳාගන්නා ලදී. සිල්ලාව නිතරම ගොගුර්යෝ, බෙක්ජේ සහ ජපන් රාජ්‍යයන්ගේ පීඩනයට ලක් විය. එසේම තවත් සමහර අවස්ථාවන්හි දී, එය බෙක්ජේ සහ ගොගුර්යෝ රාජ්‍ය සමග මිත්‍ර සම්බන්ධතා මෙන්ම යුද්ධ ද සිදු කර ඇත.
660දී, සිල්ලාහි මුයොල් රජු සිය හමුදාවන්ට බෙක්ජේ වෙත පහරදීමට අණකළේ ය. ටෑං දේශයේ සහාය ලත් සෙන්පති කිම් යු-ෂින් බෙක්ජේ ආක්‍රමණය කළේ ය. 661දී සිල්ලාව සහ ටෑං එක්ව ගොගුර්යෝ රාජ්‍යයට එරෙහිව යුධ ව්‍යාපාරයක් දියත් කළ ද, ඔවුන් අතර විරසක ඇති විය. මුයොල්ගේ පුත්‍රයා සහ කිම්ගේ බෑනා වූ මුන්මු රජු, 667දී නැවත ආක්‍රමණයක් මෙහෙයවා ගොගුර්යෝව බිඳ හෙලන ලදී.
ගයා
ගයා යනු දකුණුදිග කොරියාවේ නක්දොං ගංගා නිම්නයේ පිහිටා තිබූ කුඩා රාජධානිවලින් සමන්විත වූ සංයුක්ත රාජ්‍යයකි. එය සම්හන් යුගයේ බ්යොන්හන් සංයුක්තයෙන් බැහැරව පැනනැගුණකි. ගයාහි තැනිතලා යකඩවලින් පොහොසත් වූ නිසා ඔවුනට යකඩ උපකරණ අපනයනය කළ හැකි වූ අතර කෘෂිකර්මාන්තය ද දියුණු විය. මුල් සියවස්වල දී, මෙම සංයුකත් රාජ්‍යයට නායකත්වය සැපයුවේ ගිම්හේ ප්‍රදේශයේ ගුම්ග්වන් ගයා රාජ්‍යය විසිනි. කෙසේනමුත් 5වන සියවස වන විට එහි ප්‍රමුඛත්වය ගැනීමට ගොර්යොං ප්‍රදේශයේ දේගයා රාජ්‍යය සමත් විය.
අවට පිහිටි තුන් රාජධානි සමග නිරන්තර යුද්ධයක පැටලීම නිසා ගයාවට එක්සත් රාජ්‍යයක් ලෙස වර්ධනය විය නොහැකි විය. 562දී එය සිල්ලා රාජ්‍යයට ඈඳාගැනිණි.
උතුරු සහ දකුණු රාජ්‍ය
උතුරු-දකුණු රාජ්‍ය යන වදන පසුකාලීන සිල්ලා සහ බල්හේ රාජ්‍ය සඳහා භාවිත වන්නකි. මෙකල කොරියානු අර්ධද්වීපයේ වැඩි ප්‍රමාණයක් සිල්ලාව විසින් පාලනය කළ අතර, බල්හේ රාජ්‍යය මැංචූරියාව තෙක් විහිදිණි. මේ කාලයේ, විශේෂයෙන්ම පසුකාලීන සිල්ලා යුගයේ දී සංස්කෘතිය, සහ තාක්ෂණය යන අංශවල සංවර්ධනය කැපී පෙනිණි.
පසුකාලීන සිල්ලා

එක්සත් කිරීමේ යුද්ධ මාලාවෙන් පසු, ටෑං රාජවංශය විසින් පැරණි ගොගුර්යෝවේ මුරපොලවල් ස්ථාපනය කළ අතර බෙක්ජේහි පාලන ප්‍රජාවන් ස්ථාපනයට උත්සාහ දරන ලදී. 671දී බෙක්ජේ සහ උතුරුදිග කොරියානු ප්‍රදේශවල දී, සිල්ලාව ටෑං හමුදාවලට පහර දුන්නේ ය. අනතුරුව 674දී ටෑං රාජ්‍යය සිල්ලාව ආක්‍රමණය කළ ද, 676වන විට ටෑං හමුදා අර්ධද්වීපයෙන් ඉවතට පලවා හැර කොරියානු අර්ධද්වීපය සම්පූර්ණයෙන්ම වාගේ එක්සත් කිරීමට සිල්ලාව සමත් විය.
පසුකාලීන සිල්ලාව කලාවේ සහ සංස්කෘතියේ ස්වර්ණමය යුගයක් ලෙස සැලකෙයි. මෙම යුගයේ දී, පසුකාලීන සිල්ලාව සහ අබ්බාසිද් කාලිෆේට් අතර දුරබැහැර වෙළඳාම පැවති බව පර්සියානු භූගෝල විද්‍යාඥයකු වූ ඉබ්න් ඛොර්දාද්බෙහ් සිය මාවත් සහ රාජධානි ග්‍රන්ථයේ සඳහන් කරයි.බුල්ගුක්සා විහාරය සහ සොක්ගුරාම් ගුහාව වැනි ලෝක උරුම බෞද්ධ සිද්ධස්ථාන, සංකීර්ණ කොරියානු ගෘහනිර්මාණ ශිල්පය සහ බුදු දහමේ ආභාසය පිළිබඳ වැදගත් උදාහරණ ලෙස සැලකිය හැක. මෙම යුගයේ වෙනත් රාජ්‍ය අනුග්‍රහය ලත්, කලා සහ ගෘහනිර්මාණ ලෙස හ්වංන්‍යොංසා විහාරය සහ බුන්හ්වංසා විහාරය ද දැක්විය හැක.
පසුකාලීන සිල්ලාව, මධ්‍යකාලීන නැගෙනහිර ආසියාවේ ෆීනීෂියාවක් බඳු වූ බෙක්ජේහි නාවික පරාක්‍රමය අත්පත්කරගෙන 8වන සහ 9වන සියවස්වල නැගෙනහිර ආසියානු මුහුදුවල ප්‍රමුඛත්වය ගත්තේ ය. එසේම ජං බොගෝ කාලයේ චීනය, කොරියාව සහ ජපානය අතර වෙළඳාමේ ප්‍රමුඛත්වය හිමිකරගත්තේ ය. මීට අමතරව, සිල්ලා ජනයා මුහුදෙන් එහා චීනයේ ෂැන්ඩොං අර්ධද්වීපයේ සහ යැංසි ගංගා මුවදොරේ ජනාවාස පිහිටුවූහ.
මෙකල බුදුදහම ප්‍රචලිත විය. චීන බෞද්ධයන් අතර කොරියානු බෞද්ධයන්ට විශේෂ ගෞරවයක් හිමි විය. එසේම ඔවුහු චීන බුදුදහම සඳහා ද දායක වූහ. මේ අතරින්: වොන්ච්‍යුක්, වොන්හ්යෝ, උයිසං, මුසං, සහ සිල්ලා කුමාරයකු වූ කිම් ග්යෝ-ගක් යන පිරිස ජියුහුවා කන්ද චීන බුදු දහමේ පූජනීය කඳු සතරෙන් එකක් බවට පත්කිරීමට මූලික වූහ.
8වන සියවස අගභාගය වන විට සිල්ලාව තුළ දේශපාලන අර්බුද හටගැනිණි. මෙය සිල්ලාව ඉන් අනතුරුවට බෙහෙවින් දුර්වල කළේ ය. පැරණි බෙක්ජේවලින් පැවතෙන්නන් විසින් හුබෙක්ජේ ස්ථාපනය කරන ලදී. උතුරින්, ගොගුර්යෝව ප්‍රාණවත් කරමින් කැරලි ඇති විය. මෙය පසුකාලීන තුන් රාජධානි සමයේ ආරම්භය ලෙස සැලකේ.
935දී ග්යොංසුන් රජු ගෝර්යෝවට යටත් වන තෙක් තවත් අවුරුදු 267ක් පසුකාලීන සිල්ලාව පැවතිණි. ඉන් අනතුරුව වසර 992ක් පුරාවට රජවරුන් 56ක් විසින් පාලනය ගෙන ගිය සිල්ලා යුගය අවසන් විය.
බල්හේ

බල්හේ රාජ්‍යය පිහිටුවන ලද්දේ 698දී, එනම් ගොගුර්යෝ බිඳ වැටී වසර තිහකට පසුව ය. මෙය පැරණි ගොගුර්යෝහි උතුරු පෙදෙසේ පිහිටුවන ලද්දේ පැරණි ගොගුර්යෝ සෙන්පතියකු වූ දේ ජෝයොං විසිනි. බල්හේ රාජ්‍යය විසින් කොරියානු අර්ධද්වීපයේ උතුරු පෙදෙස්, මැංචූරියාවේ කොටසක් (එයට ඉතිහාසයේ වැඩි කලක් ලියාඕදොං අර්ධද්වීපය අයත් නොවී ය) අයත් වූ අතර, එය නූතන රුසියානු ප්‍රිමෝර්ස්කි ක්‍රේ දක්වා ව්‍යාප්ත විය. බල්හේ තමන් ගොගුර්යෝහි අනුප්‍රාප්තික රාජ්‍යයක් ලෙස හඳුන්වා ගත්තේ ය. එය ටෑං රාජවංශයේ සංස්කෘතිය වැළඳගත්තේ ය. විශේෂයෙන්ම රාජ්‍ය ව්‍යුහය, සහ භූ දේශපාලන පද්ධතිය අනුගමනය කරන ලදී.
සාපේක්ෂව සාමකාමී, ස්ථාවර රාජ්‍ය සමයක බල්හේ දියුණුවට පත් විය. විශේෂයෙන්ම මෙය සිදු වූයේ තුන්වන මුන් (737–793) සහ සොන් යන රජවරුන්ගේ සමයේ ය. කෙසේනමුත්, 10වන සියවස වන විට බල්හේ රාජ්‍යය බෙහෙවින් දුර්වල වූ අතර 926දී ඛිටන් ලියාඕ රාජවංශය විසින් බල්හේ ආක්‍රමණය කරන ලදී. බල්හේ හි අවසන් කිරුළහිමි කුමරු වූ දේ ග්වං-හ්යොන් ඇතුළු දසදහස් ගණන් අවතැන්වූවෝ ගෝර්යෝ වෙත සංක්‍රමණය වූහ. ගොගුර්යෝහි අනුප්‍රාප්තික රාජ්‍ය දෙක අතර ජාතික ඒකාබද්ධතාවක් ඇති කරමින් දේ ග්වං-හ්යොන්ව, වං ගොන් විසින් සිය රාජකීය පවුලට ඇතුළත් කරගන්නා ලදී.
බල්හේ රාජ්‍යයෙන් ඓතිහාසික වාර්තා කිසිවක් හමු නොවේ. එසේම ලියාඕවරුන් බල්හේහි ඉතිහාසය පිළිබඳ කිසිදු වාර්තාවක් ඉතිරි කර නැත. ගෝර්යෝ රාජ්‍යය විසින් ඇතැම් බල්හේ බිම් අවශෝෂණය කරගෙන එහි අවතැන්වූවන් පිළිගත්ත ද, එහි බල්හේහි ඉතිහාසය පිළිබඳ කිසිදු වාර්තාවක් නැත. සම්ගුක් සගි ("රාජධානි තුනේ ඉතිහාසය"), නැමැති ග්‍රන්ථයේ බල්හේ පිළිබඳ ඡේදයක් අන්තර්ගත වේ. නමුත් එහි බල්හේ රාජවංශ ඉතිහාසය පිළිබඳ සඳහන් නොවේ. 18වන සියවසේ ජොසොන් රාජවංශ ඉතිහාසඥයකු වූ යු ද්‍යුක්ගොං කොරියානු ඉතිහාසයේ කොටසක් ලෙස බල්හේ රාජ්‍යය පිළිබඳ ක්‍රමවත් අධ්‍යයනයක් කර, මෙම යුගය සඳහා "උතුරු සහ දකුණු රාජ්‍ය යුගය" යන නාමය යෙදී ය.
පසුකාලීන තුන් රාජධානි
පසුකාලීන තුන් රාජධානි යටතට (ක්‍රිව. 900 – 936) සිල්ලා, හුබෙක්ජේ ("පසුකාලීන බෙක්ජේ"), සහ තේබොං (හුගොගුර්යෝ ලෙස ද හඳුන්වයි, "පසුකාලීන ගොගුර්යෝ") යන රාජ්‍යයි. මෙහි පසුව සඳහන් රාජධානි ද්විත්වය, පසුකාලීන සිල්ලාවේ බලය පරිහානියට යමින් පැවති අවධියේ බිහි විය. ඒවා බෙක්ජේ සහ ගොගුර්යෝහි අනුප්‍රාප්තිකයන් ලෙස හඳුන්වයි.
තේබොං (පසුකාලීන ගොගුර්යෝ) පිහිටුවන ලද්දේ බෞද්ධ භික්ෂුවක් වූ ගුං යේ විසිනි. සත්‍ය වශයෙන්ම ගුං යේ යනු සිල්ලාහි ග්යොංමුන් රජුගේ පුත්‍රයෙකි. ගුං යේ ඉපදුණු විට, ඔහු සිල්ලාවේ බිඳවැටීමට හේතු වන බවට අනාවැකියක් ප්‍රකාශ වූ නිසා ග්යොංමුන් අළුත උපන් බිළිඳාව මරා දැමීමට අණකළේ ය. නමුත් ගුං යේගේ පාලිකාව ඔහුව රැගෙන පලාගොස් හදාවඩා ගත්තා ය. එතරම් ජනප්‍රිය නොවූ ගුං යේව, 918දී වං ගොන් විසින් බලයෙන් පහකරන ලදී. සිය ජනතාව අතර ජනප්‍රිය වූ වං ගොන් මුළු අර්ධද්වීපයම එක් රජයක් යටතේ එක්සත් කිරීමට තීරණය කළේ ය. 934දී ඔහු පසුකාලීන බෙක්ජේ රාජ්‍යයට පහර දුන් අතර එයට පසු වර්ෂයේ සිල්ලාව ද යටත් විය. 936දී, ගොර්යෝ රාජ්‍යය විසින් හුබෙක්ජේ ආක්‍රමණය කරන ලදී..
කොරියාවේ ගෝර්යෝ රාජවංශය

ගෝර්යෝ රාජවංශය පිහිටුවන ලද්දේ ක්‍රි.ව. 918දී වන අතර එය 936වන විට කොරියාවේ පාලක රාජවංශය බවට පත් විය. "ගෝර්යෝ" යන්න නම් කරන ලද්දේ, වං ගොන් විසින් ගොගුර්යෝවෙන් පැවත එන්නක් ලෙස ය. එය ගොගුර්යෝවේ අනුප්‍රාප්තිකයා ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. වං ගොන් සිය නිවහන වූ ගේසොං නගරය, නව රාජවංශයේ අගනුවර ටලස නම්කරන ලදී. මෙම රාජවංශය විසින් 1392 තෙක් පාලනය ගෙන යන ලදී. මෙය "කොරියාව" යන ඉංග්‍රීසි නාමයේප්‍රභවය ලෙස ද සැලකෙයි. 1170 සහ 1270 අතර කාලයේ රජය පාලනය කරන ලද්දේ හමුදා නායකයන් විසිනි.
මෙම යුගයේ නීති සම්පාදනය සිදු වූ අතර සිවිල් සේවා පද්ධතියක් හඳුන්වා දුණි. බුදුදහම වැජඹුණු අතර අර්ධද්වීපය පුරාම එය ප්‍රචලිත විය. 12වන සහ 13වන සියවස් තුළ සෙලඩොන් කුඹල් කර්මාන්තය ප්‍රචලිත විය. මෙකල ගෝර්යෝවේ සංස්කෘතික ජයග්‍රහණයන් ලෙස ත්‍රිපිටක කොරියානා ලී අච්චු 81,258ක් තුළට නිර්මාණය කිරීම, ලෝහ චල මුද්‍රණ ක්‍රමය හැඳින්විය හැක.
1018දී, ඛිටන් අධිරාජ්‍යය විසින් ගෝර්යෝව ආක්‍රමණය කරන ලදී. නමුත් කුජු හි සටනේ දී එය පරාජය කිරීමට ගං ගම්-චන් සෙන්පතියා සමත් විය. ඛිටන් අධිරාජ්‍යය පරාජයට පත් කිරීමෙන් පසු, සියවසක් පමණ පැවති ස්වර්ණමය යුගයක් ගෝර්යෝව කරා එළැඹියේ ය. මෙම සමයේ දී මුද්‍රණ සහ ප්‍රකාශන කර්මාන්තය වර්ධනය වීම, අධ්‍යාපනය දියුණු වීම සහ දර්ශනය, සාහිත්‍යය, ආගම, සහ විද්‍යාව පිළිබඳ දැනුම ව්‍යාප්ත වීම වැනි විශිෂ්ට සංවර්ධනයන් රැසක්ම සිදු විය; 1100 වන විට, ප්‍රසිද්ධ විද්වතුන් සහ විද්‍යාඥයන් බිහි කළ විශ්වවිද්‍යාල 12ක් පැවතිණි.
1231දී, මොංගෝලියානුවන් සිය කොරියානු ආක්‍රමණ මෙහෙයවන ලදී. වසර 39ක් තුළ, ප්‍රධාන යුධ ව්‍යාපාර හතක් මෙහෙයවූ නමුත් කොරියාව ආක්‍රමණය කිරීමට අපොහොසත් විය. දශක ගණනක සටන් අවසන් කරමින්, කොන්දේසි සහිතව යටත් වීම සඳහා ගෝර්යෝව සිය කිරුළහිමි කුමරුන්ව යුවාන් අගනුවර මොංගෝලියානුවන් වෙත පිටත් කළේ ය; මෙය පිළිගත් කුබ්ලයි ඛාන් සිය දියණියන්ගෙන් කෙනෙක් කොරියානු කිරුළහිමි කුමරුට සරණපාවා දුන්නේ ය. අනතුරුව ඉදිරි වසර 80ක කාලය තුළ ගෝර්යෝව පැවතියේ මොංගෝලියානුවන් පාලනය කළ චීනයේ යුවාන් රාජවංශයේ යටත් රාජ්‍යයක් ලෙසයි. වසර 80 තුළ මෙම ජාතීන් අතර සම්බන්ධතා ශක්තිමත් වූ අතර කොරියාවේ ඉන්පසු රජ වූ සියලු රජවරුන් විවාහ වූයේ මොංගෝලියානු කුමරියන් සමගයි. යුවාන් රාජවංශයේ අවසාන අධිරාජිනිය ද කොරියානු කුමරියකි.
1350දී, අභ්‍යන්තර බල අරගල නිසා යුවාන් රාජවංශය ශීඝ්‍රයෙන් පරිහානියට පත් විය. මේ නිසා ගොංමින් රජුට ගෝර්යෝ රජයේ නොයෙකුත් ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අවස්ථාව හිමි විය. ගොංමින් හට නොයෙකුත් ගැටලු විසඳීමට සිදු විය. ඒ අතර ප්‍ර-මොංගෝලියානු වංශවතුන් සහ යුධ නිලධාරීන් ඉවත් කිරීම, ඉඩම් අයිතිය පිළිබඳ ගැටලුව, බෞද්ධ සහ කොන්ෆියුසියානු විද්වතුන් අතර මතභේද දුරලීම ආදිය ඒ අතර විය. මෙම කලබලකාරී සමය තුළ, ගෝර්යෝව අවස්ථානුකූලව 1356දී ලියාඕයෑං ආක්‍රමණය කරන ලදී. එසේම 1356 සහ 1360දී විශාල රතු ජටාකරුව්නගේ ආක්‍රමණ ද්විත්වයක් මැඬලන ලදී. 1364දී, චෝ යොං සෙන්පතියා විසින් ආක්‍රමණික මොංගෝලියානු ටුමෙනය පරදවා ගෝර්යෝව පාලනයට මොංගෝලියානුවන් දැරූ අවසාන උත්සාහය ද ව්‍යර්ථ කරන ලදී. 1380 දශකයේ ගෝර්යෝව සිය අවධානය වොකෝවු තර්ජනය වෙත යොමු කළ අතර චෝ මුසොන් විසින් මුහුදු කොල්ලකාර නැව් සියගණනක් විනාශ කිරීම සඳහා නාවික කාලතුවක්කු හමුදාව නිර්මාණය කරන ලදී.
1392 වන තෙක් ගෝර්යෝ රාජවංශය පැවතිණි. 1388දී කුමන්ත්‍රණයක් මගින් ජොසොන් රාජවංශයේ ආරම්භකයා වූ ජෝසොන්හි තේජෝ බලය සියතට ගත් අතර, රජවරුන් දෙදෙනකු පසුපස හිඳ රාජ්‍යය මෙහෙයවීමෙන් පසු ඔහු විසින් 1392දී ජෝසොන් රාජවංශය පිහිටුවන ලදී.
කොරියාවේ ජොසොන් රාජවංශය



දේශපාලන ඉතිහාසය
1392දී, පසුකලෙක තේජෝ යනුවෙන් හැඳින්වුණු යි සොං-ග්යේ සෙන්පතියා විසින් ජොසොන් රාජවංශය (1392–1897) පිහිටුවන ලදී. එය පැරණි රාජධානියක් වූ ගෝජොසොන් සඳහා ගෞරවයක් ලෙස නම්කෙරිණි. මෙය කොන්ෆියුසියානුවාදය පදනම් කරගත් චින්තනය ආශ්‍රයෙන් ගොඩනැගුණි. ජොසොන් රාජවංශය පුරා පැතිර තිබූ දර්ශනය නව කොන්ෆියුසියානුවාදය නම් වූ අතර, එය ධනවත්, සහ බලවත් තනතුරු හෙබ වූ විද්වතුන් වූ සොන්බි පාන්තිකයන් සඳහා එය පරමාදර්ශය විය.
තේජෝ විසින් අගනුවර හන්යං (වර්තමාන සෝල්) වෙත ගෙනගිය අතර ග්යොංබොක්ගුං මාලිගය ඉදිකරන ලදී. 1394දී ඔහු විසින් නව කොන්ෆියුසියානුවාදය රටේ නිල ආගම ලෙස ප්‍රකාශ කරන ලදී. එසේම ශක්තිමත් වංශවතුන්ගෙන් සැදුම්ලත් රාජ්‍යයක් බිහිකරන ලදී. ඔහුගේ පුත්‍රයා සහ මුණුපුරා වූ, තේජොං රජු සහ මහා සේජොං රජු යන රජවරු, රාජවංශයේ මුල්කාලයේ නොයෙකුත් පරිපාලන, සමාජයීය, සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කර රාජකීය අධිකාරය ස්ථාපනය කරන ලදී.
15වන සහ 16වන සියවස්වල, සහ විද්‍යාව දියුණු කරන ලදී. ඒ අතරින් වඩාත් වැදගත් පාලකයකු වූ මහා සේජොං රජු (රාජ්‍ය සමය.1418–50), විසින් කොරියානු මර්ණමාලාව වූ හංගුල් ප්‍රකාශයට පත්කළේ ය. මෙම ස්වර්ණමය යුගය තුළ සංස්කෘතික, සහ විද්‍යාත්මක ක්ෂේත්‍රයන්හි වැදගත් සංවර්ධනයන් සිදු විය. එහි දී මුද්‍රණය, කාලගුණ විද්‍යාත්මක නිරීක්ෂණ, තාරකා විද්‍යාව, දින දර්ශන විද්‍යාව, සිරිමැටි කලාව, යුධ තාක්ෂණය, භූගෝල විද්‍යාව, සිතියම් විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ කෘෂිකර්ම විද්‍යාව යන ක්ෂේත්‍රයන්හි අසමසම නිර්මාණ බිහි විය.
මාලිගයේ අභ්‍යන්තර අරගල, ජනතා අසහනය සහ වෙනත් දේශපාලන අරගල නිසා රාජ්‍යය ව්‍යාකූලත්වයට පත් වූ අතර 1592 සහ 1598 වර්ෂවල සිදු වූ ජපන් ආක්‍රමණ මෙම තත්ත්වය තීවුකළේ ය. ටොයොටොමි හිදෙයොෂි සිය හමුදා මෙහෙයවමින් කොරියාව ඇතුළු ආසියානු මහාද්වීපය ආක්‍රමණයට උත්සාහ දැරූ නමුත්, මිං චීනයේ ආධාර ලබා කොරියානු හමුදා ඔවුන්ව පරාජයට පත් කළහ. මෙම යුද්ධයේ දී, නාවික සෙන්පති යි සුන්-සින්ගේ නැගී ඒම සහ කැස්බෑ නැව්වල දායකත්වය කැපීපෙනිණි.
යුද්ධයෙන් පසු කොරියාව නැවත යථා තත්ත්වයට පත්වීමට උත්සාහ දරන විට 1627දී සහ 1636දී මැංචු ආක්‍රමණ එල්ල විය. එකිනෙකට වෙනස් විදේශ ප්‍රතිපත්තීන් නිසා රාජසභාව බෙදීමට ලක් වූ අතර සිහසුනට උරුමකරු නම්කිරීම ද බොහෝ දේශපාලන අරගලවලින් පසුව සිදු විය.
18වන සියවසේ යොංජෝ සහ ජොංජෝ යන රජවරුන්ගේ සමය සාමාකාමී යුගයක් වූ අතර ඔවුහු ජොසොන් රාජවංශයේ පුනරුදයක් ඇතිකරමින් ඉහළ නිලතල දැරූ කොන්ෆියුසියානු විද්වතුන්ගේ බලතල ලිහිල් කිරීමට දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කළහ.
කෙසේනමුත්, රජයේ දූෂණ සහ සමාජයීය අසහනය ඉන්පසු වර්ෂවල රජයන්නට විය. මෙය නොයෙකුත් සිවිල් පිබිදීම් සහ කැරැලි සඳහා හේතු විය. 19වන සියවසේ අගභාගයේ රජය විසින් විවිධ ප්‍රතිසංස්කරණ ඉවත් කරන ලදී. නමුත් දැඩි හුදකලා ප්‍රතිපත්තියක් අනුගමනය කෙරිණි. මෙය කොරියාව සඳහා "තවුස් රාජධානිය" යන අන්වර්ථ නාමය පටබැඳීමට හේතු විය. මෙම ප්‍රතිපත්තිය ප්‍රධාන වශයෙන්ම බටහිර අධිරාජ්‍යවාදයෙන් බේරීම සඳහා වුවත්, මෙය දිගු ජොසොන් රාජවංශය විවෘත වෙළඳාම සඳහා විවෘත වීමට පෙර ජපන් පාලන යුගයක් සඳහා හේතු විය.
සංස්කෘතිය සහ සමාජය

කොරියාවේ සංස්කෘතිය නව-කොන්ෆියුසියානුවාදී දර්ශනය මත පදනම් වූ, සදාචාරය, ධාර්මිකතාව, සහ ප්‍රායෝගික සදාචාර ප්‍රතිපත්ති අනුව හැඩගැසුණකි. විද්වත් අධ්‍යාපනය කෙරෙහි පැවති පුළුල් ප්‍රතිචාර නිසා පෞද්ගලික ශාස්ත්‍රාල සහ අධ්‍යාපන ආයතන බිහි විය. ඉතිහාසය, භූගෝල විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, සහ කොන්ෆියුසියානු මූලධර්ම පිළිබඳ නොයෙකුත් ග්‍රන්ථ ලියැවිණි. සිතුවම් ශිල්පය, විචිත්‍ර අක්ෂර කලාව, සංගීතය, නර්තනය, සහ සිරිමැටි කලාව වැනි කලාවන් දියුණු විය.
මෙම යුගයේ සිදු වූ වඩාත් වැදගත්ම සංස්කෘතික සිදුවීම ලෙස 1446දී මහා සේජොං රජු විසින් කොරියානු වර්ණමාලාව වූ හුන්මින් ජොංගොම් (පසුකලෙක හංගුල් ලෙස හඳුන්වන ලදී) ප්‍රකාශයට පත්කිරීම දැක්විය හැක. මෙම යුගය තුළ වෙනත් විවිධ සංස්කෘතික, විද්‍යාත්මක, සහ තාක්ෂණික සංවර්ධනයන් ද සිදු විය.
ජොසොන් රාජවංශ සමයේ, පැවති සමාජ ධූරාවලිය කොරියාවේ සමාජ සංවර්ධනයට හේතු විය. එම ධූරාවලිය තුළ රජු සහ රාජකීය පවුල මුලසුන හෙබවූහ. එහි ඊළඟට සිවිල් හෝ යුධ නිලධාරී කණ්ඩායම් සහ කුලී ගොවීන්ගේ හා වහලුන්ගේ සේවය ලබා ගෙන රජය වෙනුවෙන් සේවය කළ යැංබැන් නැමැති ඉඩම් හිමියන් ද වූහ.
මධ්‍යම පාන්තිකයන් වූ ජුංගින් ජනයා, ලිපිකරුවන්, වෛද්‍ය නිලධාරීන්, විද්‍යාවට අදාළ ක්ෂේත්‍රයේ කාර්මිකයන්, සිත්තරුන් සහ සංගීතඥයන් වැනි විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයන් වූහ. ගොවීන් වැනි සාමාන්‍ය ජනයා කොරියාවේ වැඩිම පිරිසක් සිටි පන්තිය ලෙස සැලකෙයි. ඔවුනට බදු ගෙවීම, ශ්‍රමය සැපයීම, සහ යුධහමුදාවේ සේවය කිරීම වැනි වගකීම් පැවතිණි. රජයට බදු ගෙවීමෙන් පසු, ඔවුනට බිම් අස්වැද්දීමට සහ වගාකිරීමට අවසර හිමි විය. සමාජයේ පහළම පන්තියට කුලී ගොවීන්, වහලුන්, විනෝදය ගෙනදෙන්නන්, කම්කරුවන්, කාර්මිකයන්, වෛශ්‍යාවන්, යකැදුරුවරුන්, රස්තියාදුකාරයන්, වසලයන්, සහ අපරාධකරුවන් අයත් වූහ. වහල් තත්ත්වය ප්‍රවේණික උරුමයක් වුව ද, ඔවුන්ව නිල වශයෙන් ප්‍රකාශිත මිල ගණන් අනුව විකිණීමට හෝ නිදහස් කිරීමට හැකි විය. නමුත් ඔවුනට අයහපත් ලෙස සැලකීම තහනම් විය.
17වන සියවසේ අගභාගයේ දේශපාලන, ආර්ථික, සහ සමාජයීය වෙනස්කම් සිදුවීමත් සමග මෙම යැංබැන් මූලික කරගත් පද්ධතිය වෙනස් වන්නට විය. 19වන සියවසවන විට, නව වෙළඳ කණ්ඩායම් බිහි වූ අතර සමාජ සචලතාව හේතුවෙන් යැංබැන් පන්තිය ව්‍යාප්ත විය. මෙලෙසින් පැරණි පන්ති පද්ධතිය දුර්වල වන්නට විය. 1801දී කොරියානු රජය විසින් රජයේ වහලුන්ට නිදහස ප්‍රදානය කරන ලදී. 1894 වනවිට මෙම සමාජ පන්ති ක්‍රමය කොරියාවෙන් අතුගා දැමිණි.
විදේශීය ආක්‍රමණ

කොරියාවට 1592 සිට 1598 දක්වා ජපන් ආක්‍රමණ ද්විත්වයකට මුහුණදීමට සිදු විය. (ඉම්ජින් යුද්ධය හෙවත් සත් වාර්ෂික යුද්ධය) යුද්ධයට පෙර කොරියාව විසින් ජපානයේ කොරියාව ආක්‍රමණය පිළිබඳ සොයා බැලීමට රාජ දූතයන් කණ්ඩායම් දෙකක් පිටත්කර හරින ලදී. කෙසේනමුත් ඔවුන්ගෙන් ලැබුණේ එකිනෙකට වෙනස් වාර්තා 2කි. මේ හේතුවෙන් දේශපාලඥයින් කණ්ඩායම්වලට බෙදෙන විට පූර්ව ආරක්ෂක පියවර පිළිබඳ යොමු වූයේ අඩු අවධානයකි.
මෙම තත්ත්වය නිසා නාවික සෙන්පති යි සුන්-සින්ට ප්‍රමුඛත්වය හිමි විය. ඔහු පසුකලෙක ජපන් ආක්‍රමණවල දී, ඔහු විසින් සිය යකඩ උල් සහ කාලතුවක්කු සවිකරන ලද, කැස්බෑ නැව් ආධාරයෙන් ජපන් හමුදා පහසුවෙන් පරාජය කරන ලදී). එසේම හ්වාචා භාවිතය නිසා ජපනුන්ගේ ගොඩබිම් ආක්‍රමණ වැළැක්වීම පහසු විය.
අනතුරුව, 1627දී සහ නැවත 1636දී මැංචු ආක්‍රමණ එල්ල විය. ඉන් අනතුරුව කොරියාවට ක්විං අධිරාජ්‍යයේ අධිශ්වරභාවය පිළිගැනීමට සිදු විය. කොරියානුවන් චීනය වෙත යටහත්ව කටයුතු කළ ද, මිංවරුනට මෙන් නොව මැංචුවරුන්ට ඔවුන් සැලකූයේ අවඥාසහගතව ය.
19වන සියවසේ දී, ජොසොන් රාජ්‍යය චීනය හැර සෙසු ජාතීන්ට දේශසීමා වසා දැමීමෙන් විදේශ බලපෑම් අවම කිරීමට උත්සාහ ගත්තේ ය. 1853දී USS සවුත් ඇමරිකා නම් වූ ඇමරිකානු කාලතුවක්කු නැව, දින 10ක් සඳහා බුසන් වෙත ළඟා වූ අතර, දේශීය නිලධාරීන් සමග සබඳතා පැවැත්වීඹ ඔවුන්ගේ අරමුණ විය. 1855දී සහ 1865දී ඇමරිකන් නැව් කිහිපයක්ම කොරියාවේ දී කැඩුණු අතර, එහි දී ඔවුනට හොඳින් සලකා මව්බිම් බලා යාම පිණිස චීනය වෙත පිටත්කර හරින ලදී. ක්විං චීනය සහ පළමු හා දෙවන අබිං යුද්ධ ඇතුළු විදේශ ආක්‍රමණ සහ ගිවිසුම් පිළිබඳ ජොසොන් රාජසභාව දැඩි අවධානයක් යොමුකළහ. මේ හේතුවෙන් බටහිර සමග ඔවුන් පැවැත් වූ විනිමය සබඳතා සෙමින් සිදුවීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කෙරිණි.
1866දී, නොයෙකුත් වධහිංසා පැමිණුන ද, කොරියානුවන් විශාල ප්‍රමාණයක් කතෝලික ආගම වැළඳගත් අතර, ජොසොන් රාජසභාව විසින් ප්‍රංශ කතෝලික මිෂනාරිවරුන් සහ ආගම වැළඳගත් කොරියානුවන්ව සමූලඝාතනය කරන ලදී. එම වර්ෂයේ අවසාන කාලයේ, ප්‍රංශ ජතිකයින් විසින් ගංග්හ්වා දිවයින ආක්‍රමණය කර එහි භූමිය අත්පත් කරගන්නා ලදී. කොරියානු හමුදාව දැඩි පරාජයට ලක් වූ නමුත්, ප්‍රංශ ජාතිකයෝ එම දූපත අත්හලහ.
1866දී, ජනරාල් ෂර්මන් නම් වූ ඇමරිකාවට අයත් සන්නාහ වෙළඳ රුවල් නැව කොරියාව වෙළඳාමට විවෘත කිරීමට උත්සාහ ගත්තේ ය. වැරදි නිවේදනයකින් පසු, නැව ගඟ දිගේ ඉහළට යාත්‍රා කොට ප්යොංග්යෑං අසල නැංගුරම් ලන ලදී. කොරියානු නිලධාරීන් විසින් ඔවුනට පිටවීමට නියෝග කරනු ලැබූ විට, ඇමරිකන් නැවියන් කොරියානු ස්වදේශිකයන් සිව්දෙනකු මරා දැමූ අතර, යුධ නිලධාරියකුව පැහැරගෙන දින හතරක් පුරා පැවති සටනකට මඟපෑදී ය. නැව විනාශ කිරීමට ගත් අසාර්ථක උත්සාහයන් දෙකකින් පසු, අවසානයේ කොරියානු ගිනි නැව් විසින් එම නැව ගිනිතබා පුපුරුවා හරින ලදී.
මෙම සිදුවීම පසුකාලීනව සිදු වූ USS පුවෙබ්ලෝ සිදුවීමට හේතුපාදක වී යැයි DPRK සලකනු ලබයි.
මෙයට ප්‍රතිචාරයක් ලෙස, එක්සත් ජනපදය යුධමය ක්‍රියාමාර්ගයක් වශයෙන්, 1871දී පසුබැසීමට ප්‍රථම ගංග්හ්වා දිවයිනේ කොරියානුවන් 243 දෙනකු ඝාතනය කළේ ය. මෙම සිද්ධිය කොරියාවේ සින්මියැංග්යෝ ලෙස හඳුන්වයි. වසර පහකට පසු, සිය හුදකලා ප්‍රතිපත්තිය අවසන් කරමින් කොරියාව, ජපානය සමග වෙළඳ ගිවිසුමක් අත්සන් කරන ලද අතර, 1882දී එක්සත් ජනපදය සමග ද ගිවිසුමක් අත්සන් කරන ලදී.
1885දී, එක්සත් රාජධානිය විසින් ගොමුන් දූපත අල්ලාගත් අතර, 1887දී ඔවුන් පසුබසින ලදී.
ගතානුගතික රාජසභාව සහ ප්‍රතිසංස්කරණ පාර්ශ්වය අතර පැවති ඝට්ටනය 1884දී ගස්පින් කුමන්ත්‍රණයට හේතු විය. ප්‍රතිසංස්කරණකරුවන් අපේක්ෂා කළේ කොරියානුවන්ගේ සමාජ අසමානතාවය ප්‍රතිසංස්කරණය කොට සමාජ සමානාත්මතාව ඇති කර, යැංබැන් පාන්තිකයන්ගේ වරප්‍රසාද අහෝසි කිරීමටයි. පතිසංස්කරණවාදීන්ට ජපානයේ සහාය ද හිමි විය. නමුත් මින් අගබිසවගේ ආරාධනය පරිදි පැමිණි ක්විං හමුදා ඔවුනට බාධා සිදුකළහ. මෙම චීන හමුදා පිටව ගිය ද, එහි ජනරාල්වරයා වූ යුවාන් ෂිකායි 1885-1894 අතරකාලයේ කොරියාවේ නතර වී එහි කොරියානු සබඳතා මෙහෙයවී ය. 1885දී චීනය විසින් පාලනය කළ, ටෙලිග්‍රාෆ් සබඳතාව කොරියාවට ලබා දී කොරියාව සහ චීනය යා කරන ලදී. චීනයේ අවසරය පරිදි කොරියාව තුළ රුසියානු (1884), ඉතාලි (1885), ප්‍රංශ (1886), එක්සත් ජනපද, ජපන් තානාපති කාර්යාල පිහිටුවන ලදී. චීනය ටෝකියොවෙන් හැර බටහිර රටවලින් තානාපති කාර්යාල වෙත ලැබුණු හුවමාරු අවහිර කිරීමට උත්සාහ ගත්තේ ය. ක්විං රජය විසින් ණය ලබාදෙන ලදී. ජපන් වෙළඳුන්ව අවහිර කරමින් චීනය සිය වෙළඳාම දියුණු කොට කොරියාවේ වෙළඳාමේ මූලිකත්වය ගත්තේ ය. 1888 සහ 1889 වර්ෂවල චීන ප්‍රතිරෝධී කැරලි ඇති විය. මෙහි දී චීන වෙළඳසැල් ගිනිතබන ලදී. ජපානය ක්‍රමයෙන් විශාලතම විදේශ ප්‍රජාව සහ විශාලතම වෙළඳ සහකරු බවට පත් විය.
ශීඝ්‍ර නවීකරණයට ලක් වූ ජපානය 1876දී කොරියාවට එහි වරායයන් විවෘත කරන ලෙස නියෝගකළේ ය. චීන-ජපන් යුද්ධයේ දී (1894–1895) මෙය ක්විං අධිරාජ්‍යයට සිදුකළ මහත් පහරක් විය. 1895දී, ජපනුන් විසින් රුසියානු සහාය ලබාගැනීමට තැත්කළ මියොංසොං අධිරාජිනියගේ ඝාතනය සිදු කළ අතර, ඔවුහු රුසියානුවන්ට කොරියාවෙන් පසුබැසීමට නියෝග කළහ.
නූතන ඉතිහාසය
කොරියානු අධිරාජ්‍යය (1897–1910)
චීන-ජපන් යුද්ධයේ දී (1894–1895), චීනය සහ ජපානය අතර 1895දී ෂිමොනොසෙකි ගිවිසුම ඇති විය. එමගින් කොරියාව සහ චීනය අතර පැවති සම්ප්‍රදායික සබඳතා අහෝසි කිරීමට නියම විණි. මෙහි ප්‍රතිඵලවක් ලෙස ජොසොන් රාජ්‍යයට සම්පූර්ණ නිදහස හිමි වූ අතර, මෙම යුගය පුරා පැවති පැරණි දේශපාලන බලපෑම් අවසන් විය.
1897දී, ජොසොන් රාජ්‍යය කොරියානු අධිරාජ්‍යය ලෙස නම්කෙරුණු අතර, ගෝජොං රජු, ගෝජොං අධිරාජයා ලෙස හැඳින්විණි. ගෘහස්ථ ප්‍රතිසංස්කරණ, යුධ හමුදා ශක්තිමත් කිරීම, වානිජ්‍යය සහ කර්මාන්ත සංවර්ධනය, සහ ඉඩම් හිමිකම් සමීක්ෂණය මගින් අධිරාජ්‍යයේ රජය ශක්තිමත් කිරීමට අරමුණු කෙරිණි. නිදහස් සමාජය වැනි සංවිධාන ජොසොන් ජනයාගේ අයිතිවාසිකම් ඉල්ලා සිටීමට නොයෙකුත් පෙළපාලි සංවිධානය කළ අතර, නමුත් රජයේ ඒකාධිකාර බලය හමුවේ ඒවා විසිරුවා හැරිණි.
රුසියානු-ජපන් යුද්ධයේ දී (1904–1905) ජපානය විසින් පරාජය කරන තෙක්ම, අධිරාජ්‍යය තුළ රුසියානු බලපෑම ශක්තිමත් විය. ගෝජොං අධිරාජයාගේ නියමය හෝ මුද්‍රාව නොමැතිව ඇති වූ 1905 ආරක්ෂක ගිවිසුම මගින් 1905 නොවැම්බර් 17වන දින කොරියාව, ජපානයේ ආරක්ෂක රාජ්‍යයක් බවට පත් විය.
මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු, නොයෙකුත් විද්වත්හු නිදහස් ව්‍යාපාර ලෙස විවිධ සංවිධාන ගොඩනැගූහ. 1907දී, ආරක්ෂක ගිවිසුමට එරෙහිව කටයුතු කිරීම සඳහා දෙවන හේග් සම්මුතිය වෙත රහස් දූතයින් පිටත්කර හැරි බව හෙළිවීමෙන් පසු ජපනුන් විසින් ගෝජොංහට සිහසුන අත්හැරීමට නියෝග කරන ලදී. මෙමගින් සිහසුන ගෝජොංගේ පුත්‍රයා වූ සුන්ජොං අධිරාජයාට හිමි විය. 1909දී, නිදහස් ක්‍රියාකාරියකු වූ අන් ජුං-ග්‍යුන් විසින් කොරියාවේ හිටපු නේවාසික-ජනරාල්වරයා වූ ඉටෝ හිරොබුමි ඝාතනය කරන ලද්දේ, ඉටෝ කොරියානු දේශපාලනයට ඇඟිලි ගැසීම නිසායි. මේ හේතුවෙන් ජපන්නු සියලු දේහපාලන සංවිධාන තහනම් කර කොරියාව ඈඳාගැනීමට සැලසුම් කළහ.
ජපන් පාලනය (1910–1945)

1910දී ජපානය විසින් ජපන්-කොරියා ඈඳාගැනීමේ ගිවිසුම, මගින් කොරියාව උපක්‍රමශීලීව ඈඳාගන්නා ලදී. එමගින් 1965දී මීට පෙර කොරියාව, ජපානය සමග ඇතිකරගත් සියලු ගිවිසුම් නිෂ්ප්‍රභ කෙරිණි. එම ගිවිසුම් කොරියාවේ දී අනුමත නොවීම සහ කොරියානු අධිරාජයා එය මුද්‍රාව තබා සනාථ නොකිරීම ආදී සාධක එයට හේතු වශයෙන් ජපනුන් විසින් ප්‍රකාශ කරන ලදී. කොරියාව, ජපානය විසින් පාලනය කරන ලද්දේ අග්‍රාණ්ඩුකාරයකු විසිනි. මෙය 1945 අගෝස්තු 15, ජපානය මිත්‍ර පාර්ශ්ව හමුදාවලට යටත්වන තෙක්ම පැවති අතර, ඉන් අනතුරුව ජොසොන් රාජවංශයේ සිට පරමාධිපත්‍ය බලය කොරියානු සමූහාණ්ඩුවේ ප්‍රාදේශීය රජය වෙත පැවරිණි.
ඈඳාගැනීමෙන් පසු, ජපානය කොරියානු සම්ප්‍රදායයන් සහ සංස්කෘතිය යටපත් කරමින්, ජපනුන්ගේ වාසිය සඳහා නීති සම්පාදනය කළේ ය. යුරෝපීය-ආරේ ප්‍රවාහන සහ සන්නිවේදන ජාල දේශය පුරා ස්ථාපනය කරමින් ශ්‍රමය සහ සම්පත් උරාගන්නා ලදී. මෙම ජාලයන් බොහෝමයක් කොරියානු යුද්ධයේ දී විනාශ විය. බැංකු පද්ධතිය ශක්තිමත් කළ අතර කොරියානු මුදල් භාවිතය තහනම් කරන ලදී. ජපනුන් විසින් ජොසොන් ධුරාවලිය ඉවත් කරන ලද අතර ග්යොංබොක්ගුං මාලිගයෙන් වැඩි ප්‍රමාණයක් විනාශ කර එහි රජයේ කාර්යාල ගොඩනැගිල්ලක් ස්ථාපනය කරන ලදී.
1919 ජනවාරි මස, ගෝජොං අධිරාජයා මියයාමත් සමග (වසදීමෙන් සිදු වූ බවට කටකතා පැතිරිණි), 1919 මාර්තු 1වන දා සිට ජපන් ආක්‍රමණිකයන්ට එරෙහි පෙළපාලි රටපුරා පැනැගිණි. (මාර්තු 1 ව්‍යාපාරය). හමුදාව මගින් මෙම ව්‍යාපාරය යටපත් කෙරුණු අතර, එහිදී ජපන් සොල්දාදුවන් විසින් 7,000ක් පමණ ජනයා මරාදමන ලදී. ජපන් වාර්තාවල ජනසහභාගීත්වය මිලියන බාගයකට වඩා අඩු ලෙස සඳහන් වුව ද, මිලියන 2ක පමණ ජනයා සාමකාමී, ප්‍ර-විමුක්ති පෙළපාලිවලට සහභාගී වන්නට ඇතැයි අනුමාන කෙරේ. මෙම ව්‍යාපාරයට, 1919 එක්සත් ජනපද ජනපති වුඩ්රෝ විල්සන් විසින් යුරෝපීයයන්ගේ යටත් විජිත පාලනය අවසන් කර ස්වෛරී රාජ්‍ය ලෙස නැගී සිටීමට තමන් සහාය දෙන බවට සිදු කළ ප්‍රකාශය ද පෙළඹවීමක් ඇතිකළේ ය. විල්සන් කොරියානු නිදහස පිළිබඳ කිසිදු ප්‍රකාශයක් රක නොමැත. නමුත් සමහරවිට ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍ර-ජපන් පාර්ශ්ව, කොරියානු අර්ධද්වීපය හරහා චීනය වෙත වෙළඳ ආක්‍රමණ සිදු කිරීමට අපේක්ෂා කරන්නට ඇත.
මාර්තු 1 ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස චීනයේ ෂැංහයි නුවර, කොරියානු සමූහාණ්ඩුවේ ප්‍රාදේශීය රජය ස්ථාපනය කෙරිණි. මෙමගින් විමුක්ති ප්‍රයත්න සහ ජපන් පාලනයට එරෙහි ප්‍රතිරෝධීන් මෙහෙයවන ලදී. ප්‍රාදේශීය රජයේ ඇතැම් ජයග්‍රහණ ලෙස, 1920 චිංෂැන්ලිහි සටන සහ 1932 චීනයේ ජපන් යුධ නායකත්වයට පහර දීම ආදිය දැක්විය හැක. 1919 සහ 1948 අතර කාලයේ ප්‍රාදේශීය රජයට, කොරියානු ජනයා අතර නීත්‍යානුකූල රජය ලෙසට පිළිගැනීම හිමි විය. මෙහි නීත්‍යානුකූලභාවය කොරියානු සමූහාණ්ඩුව බිහිවීමට පූර්විකාව සැපයී ය.
1929 නොවැම්බර් සිට සිදු වූ දීපව්‍යාප්ත ශිෂ්‍ය පිබිදීම් වැනි ජපන්-විරෝධී පිබිදීම් නිසා, 1931දී හමුදා පාලනය තවදුරටත් ශක්තිමත් කෙරිණි. 1937දී චීන-ජපන් යුද්ධය ව්‍යාප්ත වීමේ දී සහ දෙවන ලෝක යුද්ධයේ දී ජපානය විසින් කොරියාව ජාතියක් ලෙස මූලෝත්පාටනයට උත්සාහ ගත්තේ ය. තවදුරටත් පැවති කොරියානු සංස්කෘතිය නීතිවිරෝධී වන්නට විය. ජපන් ෂින්ටෝ විහාර වන්දනාව අනිවාර්ය කෙරිණි. කොරියානු භාෂාව සහ ඉතිහාසය ඉගැන්වීම වැළැක්වීමට පාසල් විෂයමාලා අන්තගාමී ලෙස වෙනස් කෙරිණි. කොරියානු භාෂාව තහනම් කෙරුණු අතර, කොරියානුවන්හට ජපන් නම් වැළඳ ගැනීමට බලකෙරිණි. කොරියානු බසින් පුවත්පත් මුද්‍රණය තහනම් කෙරිණි. නොයෙකුත් කොරියානු සංස්කෘතික නිර්මාණ විනාශ කිරීම හෝ ජපානයට ගෙන යාම සිදු විය. දකුණු කොරියානු රජයේ විමර්ශනයකට අනුව, සංස්කෘතික වස්තූන් 75,311ක් කොරියාවෙන් ගෙනගොස් ඇත.
ඇතැම් කොරියානුවෝ කොරියානු අර්ධද්වීපය අත්හැර මැංචූරියාව සහ ප්‍රිමෝර්ස්කි ක්‍රේ වෙත පලාගියහ. මැංචූරියාවේ කොරියානුවෝ දොංනිප්ගුන් (විමුක්ති හමුදාව) නම් වූ ප්‍රතිරෝධී කණ්ඩායම් නිර්මාණය කළ අතර, ඔවුන් ගරිල්ලා සටන්ක්‍රම උපයෝගී කරගනිමින් ජපන් හමුදාවන්ට පහර දෙමින් චීන-කොරියා දේශසීමාව අවට සැරිසැරූහ. 1940 දශකයේ දී, ඔවුන්ගෙන් සමහරක් ප්‍රතිසංවිධානය වී කොරියානු විමුක්ති හමුදාව ගොඩනගන ලදී. මෙය චීනය සහ අග්නිදිග ආසියාවේ ප්‍රදේශ සමග පක්ෂව කටයුතු කරන ලදී. කොරියානුවෝ දසදහස් ගණනින් ජනතා විමුක්ති හමුදාව සහ ජාතික විප්ලවවාදී හමුදාව සමග සම්බන්ධ වූහ.
දෙවන ලෝක යුද්ධයේ දී, නිවෙස්වල සිටි කොරියානුවන්ට ජපන් හමුදාවන්ට සහාය වීමට සිදු විය. පිරිමින් දසදහස් ගණනින් ජපන් හමුදාවට බලෙන් බඳවා ගැනිණි. චීන සහ කොරියානු කාන්තාවන් හා ගැහැනු ළමුන් 200,000ක් පමණ ජපන් සෙබලුන්ගේ විනෝදය ගෙනදෙන්නියන් සහ ලිංගික වහලියන් ලෙස යොදාගන්නා ලදී. පැරණි කොරියානු "විනෝදය ගෙනදෙන්නියන්" තවමත් තමන්ට වූ පීඩා වෙනුවෙන් ජපන් රජයෙන් වන්දි ඉල්ලා සිටිති.
ආගම සහ දර්ශනය
මින්ජොක් වටා මධ්‍යගත වූ, ජනවාර්ගිකව හෝ ජාතිය අනුව අර්ථ දැක්වූ කොරියානු ජාතිය පිළිබඳ වූ, කොරියානු දේශාභිමානී කථාලේඛනය (Korean nationalist historiography) ඉස්මතු වූයේ විසිවන සියවසේ මුල්භාගයේ ජපන් පාලනයෙන් කොරියානු නිදහස දිනාගැනීමට අවශ්‍ය වූ විද්වතුන් අතරයි. එමගින් ජාතික උපඥානය ජනිත කරවීම අරමුණු කෙරිණි. එහි පළමු යෝජකයා වූයේ, පත්‍ර කලාවේදියකු සහ නිදහස් ක්‍රියාකාරියකු වූ ෂින් චේහෝ (1880-1936) ය. ඔහුගේ විවාදාත්මක ඉතිහාසය නව කියැවීම (දොක්සා සිලොන්) ප්‍රකාශයට පත්කෙරුණේ 1908දී, එනම් කොරියාව ජපානයේ ආරක්ෂක ආරජ්‍යයක් බවට පත්ව වසර තුනකට පසු ය. එමගින් ෂින් අර්ථ දැක්වූයේ කොරියානු ඉතිහාසය යනු කොරියානු අර්ධද්වීපය පමණක් නොව මැංචූරියාවේ විශාල කොටසක් පාලනය කළ දංගුන් දෙවිඳුන්ගෙන් පැවත එන මින්ජොක් නම් වූ ජනවර්ගයේ ඉතිහාසය බවයි. ෂින් සහ පාක් ඉයුන්-සික් (1859–1925) සහ චෝයි නම්-සොන් (1890–1957) වැනි කොරියානු විද්වත්හු, 1910 සහ 1920 දශකවල මෙම තේමාවන් සංවර්ධනයට උරදුන්හ. ඔවුහු අතීතයේ පැවති ක්‍රම දෙකක් වූ: චීනයේ යටත් වැසියකු ලෙස ලෝකය දුටු ජොසොන් කොරියාවේ විද්වත් වංශවතුන්ගේ, නව-කොන්ෆියුසියානුවාදී ඉතිහාසලේඛය සහ කොරියාව පරාධීන සහ සංස්කෘතිකව පසුගාමී රාජ්‍යයක් ලෙස නිරූපිත ජපන් යටත්විජිත ඉතිහාස වාර්තා දෝෂදර්ශනයට ලක්කළහ. මෙම පූර්වයුධ ජාතිකවාදී ඉතිහාසඥයන්ගේ නිර්මාණ, උතුරු මෙන්ම දකුණු කොරියානු පශ්චාත් යුධ ඉතිහාස වාර්තාකරණය හැඩගැස්වීමට බෙහෙවින් ඉවහල් විය. මෙම රාජ්‍ය තන්ත්‍රයන් දෙකෙහිම චින්තනයේ වෙනස්කම් තිබුණ ද, 1960 දශකයේ සිට මෙම රටවල් දෙකෙහිම ඉතිහාසලේඛන ජාතිකවාදී මුහුණුවරක් ගත්තේ ය.
ආසියාවේ රෙපරමාදු (එවැන්ජලිකවාදී) ක්‍රිස්තියානි මිෂනාරි ව්‍යාපාරය වෙනත් කිසිදු ප්‍රදේශයකට වඩා කොරියාව තුළ බෙහෙවින් සාර්ථකව සිදු විය. ඇමරිකන් ප්‍රෙස්බිටීරියානුවන් සහ මෙතෝදිස්තවාදීන් 1880 දශකයේ පැමිණි අතර ඔවුන්ව හොඳින් පිළිගනු ලැබිණි. මේ කාලයේ කොරියාව පැවතියේ ජපන් පාලනය යටතේයි. ජපන් භාෂාව සහ ෂින්ටෝ ආගම ව්‍යාප්ත වීමට විරුද්ධව, කිතුදහම ජාතිකවාදීන්ගේ මූලධර්මයක් ලෙස සැලකිණි. 1914දී මිලියන 16ක ජනයා අතුරින්, 86,000ක් ප්‍රොතෙස්තන්ත ආගමිකයන් වූ අතර, 79,000ක් කතෝලිකයන් විය. 1934වන විට, එම සංඛ්‍යාව 168,000 සහ 147,000ක් විය. මේ අතුරින් ප්‍රෙස්බිටීරියන් මිෂනාරිවරුන් විශේෂයෙන් සාර්ථක විය. ප්‍රොතෙස්තන්තවරු කොන්ෆියුසියානු පාරම්පරික චාරිත්‍ර සඳහා ආදේශක ලෙස කොන්ෆියුසියානු-පදනම් වූ ක්‍රිස්තියානි අවමංගල චාරිත්‍ර හඳුන්වා දුන්හ.
බෙදීම සහ කොරියානු යුද්ධය (1945–1953)


1943 නොවැම්බර් 22, කයිරෝ සම්මුතිය අනුව, "යථා කාලයේ දී කොරියාව නිදහස් සහ ස්වෛරී රාජ්‍යයක් බවට පත්වනු ඇත” යනුවෙන් එකඟ විය; 1945 පෙබරවාරි මස යාල්ටාහි පැවති රැස්වීමක දී, කොරියාව වෙනුවෙන් සිව්-බල භාරකාරීත්වයක් ස්ථාපනයට එකඟත්වය පල විය. 1945 අගෝස්තු 9, සෝවියට් යුධටැංකි සයිබීරියාවේ සිට උතුරු කොරියාව වෙත ඇතුළු විය. 1945 අගෝස්තු 15, ජපානය මිත්‍ර හමුදාවන්ට යටත් විය.
කොන්දේසි විරහිතව ජපානයේ යටත් වීම, ලෝක දේශපාලන, සහ චිව්තන ක්ෂේත්‍රයේ විපර්යාසයක් සඳහා හේතු විය. මෙය කොරියාව කලාප දෙකකට බෙදීමට හේතු විය. 1945 සැප්තැම්බර් 8සිට එම බෙදීම සිදු වූ අතර, අර්ධද්වීපයේ දකුණු කොටස එක්සත් ජනපද සහාය ලද අතර සෝවියට් සංගමය උතුරු කොටසට සහාය දැක්වී ය. සමාජවාදී ස්වරූපයක් ඇති බවට වූ ඇමරිකානු මතය නිසා ප්‍රාදේශීය රජය නොසලකා හැරිණි. මෙම බෙදීම තාවකාලික එකක් ලෙස සැලකුණු අතර, එහි ජනයා එක්සත් කර එක්සත් කොරියාවක් ගොඩනැගීමට පළමු උත්සාහය, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, සෝවියට් සංගමය, සහ චීන සමූහාණ්ඩුව විසින් දරන ලදී.
1945 දෙසැම්බර් මස, කොරියාවේ අනාගතය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සමුළුවක් මොස්කව් නුවර පැවැත්විණි. පස් අවුරුදු භාරකාරීත්වයක් පිළිබඳ සාකච්ඡා වූ අතර, ඒකාබද්ධ සෝවියට්-ඇමරිකන් කොමිසමක් ස්ථාපිත කෙරිණි. කොමිසම සෝල්හි පැවැත්වුණ ද, ජාතික රජයක් ස්ථාපනය පිළිබඳ නොයෙකුත් අවහිරතාවන් ඇති විය. 1947 සැප්තැම්බර් මස, විසඳුමක් නොවූ හෙයින්, එක්සත් ජනපදය විසින් මෙම කොරියානු ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය වෙත ඉදිරිපත් කළේ ය.
සීතල යුද්ධයේ දේශපාලන පසුබිමත් සමග, ඒකාබද්ධ, නිදහස් කොරියාවක් සඳහා වූ අවශ්‍යතාව වියැකී ගියේ ය. ප්‍රති-කොමියුනිස්ට්වාදීන් භාරකාරීත්ව සැලසුමට දැක්වූ විරෝධය, 1948දී ආර්ථික, දේශපාලන සහ සමාජ අංශවලින් එකිනෙකින් වෙනස් වූ නව රාජ්‍ය දෙකක් බිහිවීමට හේතු විය. 1948 දෙසැම්බර් මස 12වන දින, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී, කොරියානු සමූහාණ්ඩුව කොරියාවේ එකම නීත්‍යානුකූල රජය ලෙස ප්‍රකාශ කෙරිණි.
1950 ජූනි 25දින, රක්සත් රාජ්‍යයක් බිහිකිරීමේ අරමුණින් උතුරු කොරියාව දකුණ ආක්‍රමණය කිරීම සඳහා 38වන සමාන්තර රේඛාව කඩකිරීම නිසා කොරියානු යුද්ධය ඇති විය. යුද්ධයෙන් පසු 1954 ජිනීවා සමුළුව එක්සත් කොරියාවක් සඳහා විසඳුමක් ලබාදීමට අපොහොසත් විය.
බෙදුණු කොරියාව (1953–වර්තමානය)
ඇමරිකානු සහාය සහ බලපෑම ඇතිව සිංමන් රීගෙන් ඇරඹී පීඩාකාරී රජයන් මාලාවක් දකුණු කොරියාවේ බලයට පත් විය. 1987දී මෙම රට ක්‍රමයෙන් වෙළඳපොල දිශාගත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවට පත් විය. ප්‍රතිසංස්කරණ සඳහා පැවති ජනප්‍රිය ඉල්ලීම නිසා, එහි ආර්ථිකය ශීඝ්‍රයෙන් වර්ධනය වී 2000 දශකය වන විට සංවර්ධිත ආර්ථිකයක් බවට පත් විය. සෝවියට් බලපෑම නිසා, උතුරු කොරියාව ප්‍රවේණික නායකත්වයක් සහිත සමාජවාදී රජයක් ස්ථාපනය කළේ ය. මෙය චීනය සහ සෝවියට් සංගමය සමග බැඳී පැවතිණි. 1994 සිය මරණය තෙක්ම, කිම් ඉල්-සුං රටේ අසහාය නායකයා බවට පත් වූ අතර ඔහුගෙන් පසුව ඔහුගේ පුත් කිම් ජොං-ඉල් බලයට පත් විය. 2011දී සිය පියා වූ කිම් ජොං-ඉල්ගේ මරණින් පසු, ඔහුගේ පුත් කිම් ජොං-උන් රටේ නායකත්වයට පත් විය. 1991දී සෝවියට් සංගමය බිඳවැටීමත් සමග, උතුරු කොරියානු ආර්ථිකය බෙහෙවින් පරිහානියට පත් විය. එම රට අදටත් අන්තර්ජාතික ආහාර ආධාර, සහ චීනය සමග වෙළඳාම මත දැඩිව රඳාපවතියි.[තහවුරු කර නොමැත]
පශ්චාත්-යුධ සමය සඳහා උතුරු කොරියාවේ ඉතිහාසය සහ දකුණු කොරියාවේ ඉතිහාසය බලන්න.
මේවාත් බලන්න
- කොරියානු රජවරුන්ගේ පවුල් ගස්: සිල්ලා; ගෝර්යෝ; ජොසොන්
- ජපන් සංස්කෘතිය කෙරෙහි කොරියානු ආභාසය
- කොරියාවේ රජවරුන්ගේ ලැයිස්තුව
- කොරියාවේ යුධ ඉතිහාසය
- දකුණු කොරියාවේ ජාතික වස්තුව
- ප්‍රාග්-ඓතිහාසික කොරියාව
ග්‍රන්ථ නාමාවලිය
පොත් පෙළගස්වා ඇත්තේ කතුවරයාගේ පවුල් නාමය, එනම් ඉංග්‍රීසි බසින් කියැවෙන අවසන් නාමය... අනුපිළීවෙලට වන අතර කොරියානු නමක නම් මුලින් කියැවෙන කොටස අනවයි.
සමීක්ෂණ
- Association of Korean History Teachers (2005a). Korea through the Ages, Vol 1 Ancient. Seoul: Academy of Korean Studies. ISBN 9788-9710-5545-8.
{{cite book}}: Invalid|ref=harv(help) - Association of Korean History Teachers (2005b). Korea through the Ages, Vol. 2 Modern. Seoul: Academy of Korean Studies. ISBN 9788-9710-5546-5.
{{cite book}}: Invalid|ref=harv(help) - Buzo, Adrian. The Making of Modern Korea (Routledge, 2002) online
- Cha M. S.; Kim N. N. "Korea's first industrial revolution, 1911–1940," Explorations in Economic History (2012) 49#1 pp 60–74
- Connor, Mary E. (2002). The Koreas, A global studies handbook. ABC-CLIO. p. 307. ISBN 9781-5760-7277-6.
{{cite book}}: Invalid|ref=harv(help) - Eckert, Carter J.; Lee, Ki-Baik (1990). Korea, old and new: a history. Korea Institute Series. Published for the Korea Institute, Harvard University by Ilchokak. p. 454. ISBN 9780-9627-7130-9.
{{cite book}}: Invalid|ref=harv(help) - Hoare, James; Pares, Susan (1988). Korea: an introduction. New York: Routledge. ISBN 9780-7103-0299-1.
{{cite book}}: Invalid|ref=harv(help) - Hwang, Kyung-moon (2010). A History of Korea, An Episodic Narrative. Palgrave Macmillan. p. 328. ISBN 9780230364530.
{{cite book}}: Invalid|ref=harv(help) - Lee Ki-baik (1984). A new history of Korea. Cambridge: Harvard University Press. ISBN 9780-6746-1576-2.
{{cite book}}: Invalid|ref=harv(help) - Lee, Kenneth B. (1997). Korea and East Asia: the story of a Phoenix. Santa Barbara: Greenwood Publishing Group. ISBN 9780-2759-5823-7.
{{cite book}}: Invalid|ref=harv(help) - Lee, Yur-Bok and Wayne Patterson. One Hundred Years of Korean-American Relations, 1882-1982 (1986) online
- Lee, Hyun-hee; Park, Sung-soo; Yoon, Nae-hyun (2005). New History of Korea. Paju: Jimoondang. ISBN 9788-9880-9585-0.
- Lee, Hong-yung; Ha, Yong-Chool; Sorensen, Clark W., eds. (2013). Colonial Rule and Social Change in Korea, 1910-1945. University of Washington Press. p. 379. ISBN 9780-2959-9216-7.
{{cite book}}: Invalid|ref=harv(help) - Nahm, Andrew C.; Hoare, James (2004). Historical dictionary of the Republic of Korea. Lanham: Scarecrow Press. ISBN 9780-8108-4949-5.
{{cite book}}: Invalid|ref=harv(help) - Nelson, Sarah M. (1993). The archaeology of Korea. Cambridge: Cambridge University Press. p. 1013. ISBN 9780-5214-0783-0.
{{cite book}}: Invalid|ref=harv(help) - Pratt, Keith (2007). Everlasting Flower: A History of Korea. Reaktion Books. p. 320. ISBN 9781861893352.
{{cite book}}: Invalid|ref=harv(help) - Robinson, Michael Edson (2007). Korea's twentieth-century odyssey. Honolulu: University of Hawaii Press. ISBN 9780-8248-3174-5.
{{cite book}}: Invalid|ref=harv(help) - Schmid, Andre (2002). Korea Between Empires, 1895–1919. New York: Columbia University Press. ISBN 9780-2311-2538-3.
{{cite book}}: Invalid|ref=harv(help) - Seth, Michael J. (2006). A Concise History of Korea. Lanham: Rowman & Littlefield. ISBN 9780-7425-4005-7.
{{cite book}}: Invalid|ref=harv(help) - Seth, Michael J. (2010). A History of Korea: From Antiquity to the Present. Lanham: Rowman & Littlefield. p. 520. ISBN 9780-7425-6716-0.
{{cite book}}: Invalid|ref=harv(help) - Sin, Hyong-sik (2005). A Brief History of Korea. The Spirit of Korean Cultural Roots. Vol. 1 (2nd ed.). Seoul: Ewha Woman's University Press. ISBN 9788-9730-0619-9.
{{cite book}}: Invalid|ref=harv(help) - Yang, Sung-chul (1999). The North and South Korean political systems: A comparative analysis. Seoul: Hollym. ISBN 9781-5659-1105-5.
{{cite book}}: Invalid|ref=harv(help)
ඉතිහාසලේඛය
- Em, Henry H. (2013). The Great Enterprise: Sovereignty and Historiography in Modern Korea. Duke University Press. p. 272. ISBN 9780-8223-5372-0.
{{cite book}}: Invalid|ref=harv(help)
Examines how Korean national ambitions have shaped the work of the country's historians. - Hong Sung-gi. "Trends in Western historiography on Korea," Korea Journal (1999) 39#3 pp 377
- Kim, Duol, and Ki-Joo Park. "A Cliometric Revolution in the Economic History of Korea: A Critical Review," Australian Economic History Review (2012) 52#1 pp 85–95
- Yuh, Leighanne (2010). "The Historiography of Korea in the United States". International Journal of Korean History. 15#2: 127–144.
{{cite journal}}: Invalid|ref=harv(help)
ප්‍රධාන මූලාශ්‍ර
- Lee, Peter H. and Wm. Theodore De Bary, eds. Sources of Korean Tradition (1997) පිටු 472 online
මෙම පිටුවෙහි භාවිත වෙනත් පොත්
- Cwiertka, Katarzyna J. (2012). Cuisine, Colonialism, and Cold War: Food in Twentieth-Century Korea. Reaktion Books and University of Chicago Press. p. 237. ISBN 9781-7802-3025-2.
{{cite book}}: Invalid|ref=harv(help)
Scholarly study of how food reflects Korea's history
- Hawley, Samuel (2005). The Imjin War. Japan's Sixteenth-Century Invasion of Korea and Attempt to Conquer China. The Royal Asiatic Society, Korea Branch, Seoul. ISBN 89-954424-2-5.
{{cite book}}: Invalid|ref=harv(help)
- Kim, Byung-Kook; Vogel, Ezra F. (2011). The Park Chung Hee Era: The Transformation of South Korea. Harvard University Press. p. 744. ISBN 9780-6740-5820-0.
{{cite book}}: Invalid|ref=harv(help)
Studies of on modernization under Park, 1961–1979.
- Peterson, Mark; Margulies, Phillip (2009). A Brief History of Korea. Infobase Publishing. p. 328. ISBN 9781-4381-2738-5.
{{cite book}}: Invalid|ref=harv(help)
- Stark, Miriam T. (2005). Archaeology Of Asia. Boston: Blackwell Publishing. ISBN 1-4051-0212-8.
{{cite book}}: Invalid|ref=harv(help)
- Turnbull, Stephen (2002). Samurai Invasion. Japan’s Korean War 1592–98. London: Cassell & Co. ISBN 0-304-35948-3.
{{cite book}}: Invalid|ref=harv(help)
චීන/ජපන්/කොරියානු පොත්
- Byeon Tae-seop (변태섭) (1999). 韓國史通論 (Hanguksa tongnon) (Outline of Korean history), 4th ed (කොරියානු බසින්). Seoul: Samyeongsa. ISBN 89-445-9101-6.
{{cite book}}: Invalid|ref=harv(help)
- Yamawaki, Keizo (1994). Japan and Foreign Laborers: Chinese and Korean Laborers in the late 1890s and early 1920s (近代日本と外国人労働者―1890年代後半と1920年代前半における中国人・朝鮮人労働者問題) (ජපන් බසින්). Tokyo: Akashi-shoten (明石書店). ISBN 4-7503-0568-5.
{{cite book}}: Invalid|ref=harv(help)
- Miyata, Setsuko (1992). Creating Surnames and Changing Given Names (創氏改名). Tokyo: Akashi-shoten (明石書店). ISBN 4-7503-0406-9.
{{cite book}}: Invalid|ref=harv(help)
- කොරියාවේ ඉතිහාසය
- ඉතිහාසය - ලෝක