සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මහගමගේ සේකර - මහගම සේකර (1929 අප්‍රියෙල් මස 7 – 1976 ජනවාරි මස 14) ශ්‍රී ලංකාවෙන් බිහිවුණු අග්‍රගණ්‍ය කලාකරුවෙකු වශයෙන් සැලකේ. ඔහු කවියකු, ගීත රචකයකු, නවකතා කරු

මහගම සේකර

  • මුල් පිටුව
  • මහගම සේකර

මහගමගේ සේකර - මහගම සේකර (1929 අප්‍රියෙල් මස 7 – 1976 ජනවාරි මස 14) ශ්‍රී ලංකාවෙන් බිහිවුණු අග්‍රගණ්‍ය කලාකරුවෙකු වශයෙන් සැලකේ. ඔහු කවියකු, ගීත රචකයකු, නවකතා කරුවෙකු, කෙටි කතා කරුවෙකු, නාට්‍ය රචකයකු සහ චිත‍්‍රපට අධ්‍යක්ෂකයෙකු වශයෙන් සුපතළ විය. ඔහු වැඩි වශයෙන්ම ප්‍රසිද්ධ වූයේ සිංහල ගීත රචකයෙකු වශයෙනි. සිංහල නිසඳැස් පද්‍ය කලාවේ ඔහු සුවිශේෂී සලකුණක් තැබුවේය.

මහගම සේකර මහතා
උපත
සේකර

අප්‍රේල් 7, 1929(1929-04-07)
රදාවාන, ශ්‍රී ලංකාව
මරණයජනවාරි 14, 1976(1976-01-14) (වයස 46)
ගම්පහ
වෘත්තියරජයේ ලලිත කලා ආයතනයේ විදුහල්පති
සංගණ්‍ය වන්නේගීත රචක, නවකතා, කෙටිකතාකරුවකු, නාට්‍ය රචකයකු සහචිත‍්‍රපට අධ්‍යක්ෂක
මව්පියන්(s)මහගමගේ ජෝන් සිංඤෝ, රණවක ආරච්චිගේ රොස්ලින්

පටුන

ළමා කාලය

මහගම සේකර 1929 අප්‍රේල් මස 7වන දින ගම්පහ, රදාවානේ දී උපත ලබන ලදී.ඔහු ඉගෙනුම ලැබුවේ රදාවාන රජයේ පිරිමි පාසලේය.ඔහුගේ බොහෝ නිර්මාණ සඳහා තම කුඩා කාලය තුළ ලැබූ අත්දැකීම් වස්තු විෂය කරගනු ලැබීය. උදා: තුංමංහන්දිය නවකතාව

මහගම සේකර ගේ චිත‍්‍ර නිර්මාණ

මහගම සේකර ගේ චිත‍්‍ර නිර්මාණ විග‍්‍රහයේ පහසුව තකා කොටස් කීපයකට බෙදා දැක්විය හැකි ය. ඒ

  • (1) ප‍්‍රදර්ශන සඳහා ඉදිරිපත් කළ චිත‍්‍ර
  • (2) තුංමං හංදිය සඳහා නිර්මාණය කළ චිත‍්‍ර
  • (3) පුවත්පත් කාටුන්
  • (4) පොත් කංචුක නිර්මාණ
  • (5) ඉලස්ටේ‍්‍රෂන් (සන්නිදර්ශන)
  • (6) බතික් නිර්මාණ
  • (7) එම්බ්‍රොයිඩර් නිර්මාණ
  • (8) පෝස්ටර් යනාදි වශයෙනි..

ප්‍රකාශන

අනුවාද

  • ධවල සේනාංකය - (1956)

ශ්‍රීමත් ආතර් කොනන් ‍ඩොයිල්ගේ "ද වයිට් ‍කම්පනි" නම් කෘතියේ අනුවාදයකි

ළමා සාහිත්‍ය

  • පුංචි අයට කයි කතන්දර - (1958)
  • සරු පොළවක් අපට ඇතේ - (1973)
  • කොටි වලිගය - (1990)

කාව්‍ය

  • ව්‍යංගා (‍කේ. ජයතිලක සමඟ) - (1960)
  • සක්වා ලිහිණී - (1962)
  • හෙට ඉරක් පායයි - (1963)
  • මක්නිසාද යත් - (1964)
  • රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත - (1967)
  • බෝඩිම - (1970)
  • නොමියෙමි - (1973)
  • ප්‍රබුද්ධ - (1977)

නාට්‍ය

  • සද්දන්ත සහ තවත් නාටක - (1961)
  • මූදු පුත්තු (ගුණසේන ගලප්පත්ති සමඟ) - (1964)
  • හංස ගීතය සහ වෙනත් නිර්මාණ - (1985)

නවකතා

  • තුංමංහංදිය - (1967)
  • මනෝමන්දිර - (1972)

කෙටිකතා

  • මහගම සේකරගේ කතා සහ චිත්‍ර - (1981) මන් තනන්නෝ
  • පීතර
  • පුතාට කාර් එකක්

ගීත රචනා

  • ඈත ගව් ගණන් දුරින්
  • මා මළ පසු සොහොන් කොතේ
  • ඔබේ නමින් සෑය බදිමි
  • පාළු අදුරු ලිය අහස මමයි
  • මේ සිංහල අපගේ රටයි
  • රත්න දීප ජන්ම භූමි

චිත්‍රපට තිර රචනා

  • තුංමං හංදිය තිර රචනය - (1993)

ශාස්ත්‍රීය

  • සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණයන්හී රිද්ම ලක්ණhg - (2001)

සම්මාන

  • 1966 සරසවි චිත්‍රපටි සම්මාන උළෙල‍ - හොඳම ගීත පද රචක සම්මානය, "සාර විට" චිත්‍රපටිය වෙනුවෙන් "මේ සිංහල අපගෙ රටයි" ගීතය
  • 1968 - සරසවි චිත්‍රපටි සම්මාන උළෙල‍ - හොඳම ගීත පද රචක සම්මානය, "සත් සමුදුර" චිත්‍රපටිය වෙනුවෙන් "සිනිඳු සුදු මුදු තලාවේ" ගීතය
  • 1970 - සරසවි චිත්‍රපටි සම්මාන උළෙල‍ - හොඳම ගීත පද රචක සම්මානය, "බිනරමලී" චිත්‍රපටිය වෙනුවෙන් "රටකින් රටකට පාර අසාගෙන" ගීතය

මේවාද බලන්න

  • සත්‍යකාම නම් වෙමි
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 31, 2026

    පසළොස්වක පොහොය දොළහ

  • මාර්තු 23, 2026

    ජැක්සන් ඇන්තනී

  • මාර්තු 31, 2026

    රතු දත්ත පොත

  • අප්‍රේල් 03, 2026

    Infectious disease

  • මාර්තු 14, 2026

    ආනන්ද සමරකෝන්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට