සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

සම්ගුක් යුසා (කොරියානු උච්චාරණය: [sʰamɡuŋ njusʰa]) හෙවත් තුන් රාජධානිවල සිහිවටන යනුවෙන් හැඳින්වෙන්නේ කොරියාවේ තුන් රාජධානි (ගොගුර්යෝ, බෙක්ජේ සහ සිල්ලා) සහ තුන්

සම්ගුක් යුසා

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
සම්ගුංන්‍යුසා
කොරියානු නම
හංගුල්삼국유사
හන්ජා三國遺事
ප්‍රතිශෝධිත රෝමානුකරණයSamgungnyusa
මැකූන්–‍රයිෂවර්Samgungnyusa

සම්ගුක් යුසා (කොරියානු උච්චාරණය: [sʰamɡuŋ njusʰa]) හෙවත් තුන් රාජධානිවල සිහිවටන යනුවෙන් හැඳින්වෙන්නේ කොරියාවේ තුන් රාජධානි (ගොගුර්යෝ, බෙක්ජේ සහ සිල්ලා) සහ තුන් රාජධානි යුගයට පෙර සහ පසු පැවති යුගයන් සහ රාජ්‍ය පිළිබඳජනප්‍රවාද, ජනකථා සහ ඓතිහාසික වාර්තා ඇතුළත් එකතුවකි. පළමු කොරියානු ජාතිය ලෙස ගෝජොසොන් ස්ථාපනය වූ අයුරු පැවසෙන දන්ගුන් පුරාවෘත්තය ඇතුළත් පැරණිතම විද්‍යාමාන වාර්තාව වේ.

කර්තෘත්වය සහ දිනය

මෙම ‍ග්‍රන්ථය රචනා කොට ඇත්තේ සම්භාව්‍ය චීන බසිනි. එකල උගත් කොරියානුවන් විසින් සිය ලේඛන කටයුතු සඳභාවිතා කරන ලද්දේ මෙම අක්ෂර මාලාවයි. මෙම ග්‍රන්ථයේ මුල්ම ප්‍රභේදය 1280 දශකයේ සම්පාදනය කරන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර, මෙම ග්‍රන්ථ‍යේ පවත්නා පැරණිතම ප්‍රකාශනය ක්‍රි.ව. 1512ට අයත් ය.

20වන සියවසේ ‍චෝයි නම්-සොන් වැනි කොරියානු විද්වතුන් විසින් මෙම ග්‍රන්ථයේ ප්‍රධාන සම්පාදකයා ලෙස බෞද්ධ භික්ෂුවක වූ ඉර්යොන් (1206–1289) හඳුනාගෙන ඇත. මේ සඳහා ඔවුන් පාදක කොටගෙන ඇත්තේ ග්‍රන්ථයේ පස්වන කාණ්ඩයේ අන්තර්ගත ඔහුගේ නාමය (සහ සම්පූර්ණ නිල පදවි නාමය) පිළිබඳ සටහනයි. මෙම මතය නූතන විද්වතුන්ගේ ද පුළුල් පිළිගැනීමට භාජනය වී ඇත. 1512 අවසන් වරට සංශෝධනයට පෙර මෙම ග්‍රන්ථය ඉර්යොන්ගේ ශිෂ්‍යයකු වූ මුගුක් (1250-1322) සහ තවත් කිහිප දෙනකු විසින් මෙම ග්‍රන්ථය පුළුල් කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.

1997දී හා චොංන්‍යොං සහ යි කුන්ජික් විසින් සංම්ගුංන්‍යුසාහි විචාර සංස්කරණයක් එළිදක්වන ලදී. හා චොංන්‍යොං අනුව, ඉර්යොන් විසින් රචනා කොට ඇත්තේ මෙහි පස්වන කාණ්ඩය පමණි. එයට හේතුව ඔහු‍ගේ නාමය ග්‍රන්ථයේ එම අංශයේ පමණක් අන්තර්ගත වීමයි.

ග්‍රන්ථයේ 1512 සංස්කරණයේ ආරම්භයේ රාජවංශික කාලානුක්‍රමයක් සඳහන් කොට ඇත. මෙය පාඨ ග්‍රන්ථයේ පසු භාගයේ හමුවන තොරතුරු සමග කිසියම් විසංගතතාවක් පෙන්වයි. කනිෂ්ඨ රොබට් බස්වෙල් සහ කනිෂ්ඨ ඩොනල්ඩ් ජේ. ලෝපේස් අනුව මෙම කාලානුක්‍රම සඳහන ඉර්යොන්ගේ රචනයට දාහතරවන සියවසේ දී ඇතුළත් කෙරුණකි.

ඓතිහාසික විශ්වසනීයත්වය

කොරියානු ඉතිහාසයේ විවිධ රාජධානිවල පදනම් පුරාවෘත්ත ගණනාවක් සම්ගුංන්‍යුසාහි ඇතුළත් කොට ඇත. මෙම පාඨ ග්‍රන්ථය මගින් කොරියානු රාජධානි ගණනාවක පුරාවෘත්ත ආවරණය වන අතර, ඒ අතරට දන්ගුන් ජොසොන්, ගිජා ජොසොන්, විමන් ජොසොන්, බුයෝ, ගොගුර්යෝ, බෙක්ජේ, සිල්ලා, සහ ගයා වැනි රාජධානි ඇතුළත් වේ.

ඓතිහාසික සිදුවීම් ආශ්‍රය කරගත් සම්ගුක් සගි මූලාශ්‍රය මෙන් නොව මෙම සම්ගුංන්‍යුසා ග්‍රන්ථය එහි අවධානය යොමුකොය ඇත්තේ මුල්කාලීන කොරියානු ඉතිහාසයේ සිට විවිධ ජනකථා, පුරාවෘත්ත සහ චරිතාපදාන කෙරෙහි ය. පුරාණෝක්තිමය වෘත්තාන්ත රැගත් හෙයින් සම්ගුංන්‍යුසාහි විශ්වසනීයත්වය ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇත.

සංස්කරණ

  • ඉල්යොන් (2006) Overlooked Historical Records of the Three Korean Kingdoms, පරිවර්තනය කිම් දල්-යොං. ජිමූන්දං: සෝල්, කොරියාව. ISBN 89-88095-94-4
  • ඉල්යොන් (1972; 2006) Samguk Yusa: Legends and History of the Three Kingdoms of Ancient Korea, පරිවර්තනය තේ-හුං හා සහ ග්‍රැෆ්ටන් කේ. මින්ට්ස්. යොන්සෙයි විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය: සෝල්, කොරියාව. ISBN 1-59654-348-5
  • 일연 (1996) 삼국유사. සෝමුන් සුන්හ්වාසා: සෝල්. ISBN 89-7004-002-1.
  • 일연 (2002) 삼국유사. පරිවර්තනය කිම් වොන්-ජුං. යුල්යු මුන්හ්වාසා: සෝල්. ISBN 89-324-6083-3.
  1. Daniel R. Woolf; Sarah Foot; Chase F. Robinson (25 October 2012). The Oxford History of Historical Writing: Volume 2: 400-1400. Oxford University Press. pp. 136–. ISBN 978-0-19-923642-8.
  2. Sarah Foot; Chase F. Robinson (25 October 2012). The Oxford History of Historical Writing: Volume 2: 400-1400. OUP Oxford. pp. 125–126. ISBN 978-0-19-163693-6.
  3. John Duncan; Gi-Wook Shin (28 December 2006). The Journal of Korean Studies Vol 11, Number 1 (Fall 2006). Rowman & Littlefield Publishers. pp. 165–185. ISBN 978-1-4422-3484-0.
  4. Robert E. Buswell, Jr.; Donald S. Lopez, Jr. (24 November 2013). The Princeton Dictionary of Buddhism. Princeton University Press. p. 754. ISBN 978-1-4008-4805-8.

මේවාත් බලන්න

  • සම්ගුක් යුසා - පුරාතන ඉතිහාසය විශ්වකෝෂය සංරක්ෂණය කළ පිටපත 2019-09-28 at the Wayback Machine
  • 三國遺事 සංරක්ෂණය කළ පිටපත 2007-03-08 at the Wayback Machine (ශාස්ත්‍රීය චීන බසින් සම්ගුංන්‍යුසාහි සම්පූර්ණ පෙළ සඳහා සබැඳිය)
ඉහළට